18/01/2026
ශරීරයේ වු විවිධ හන්දි ඉදිමිමෙන් දරාගත නොහැකි වේදනාවන් සමග පීඩා විදිමින් කොතෙකුත් ප්‍රතිකාර කලත් නොවිසඳුණු රෝග තත්වයන් සමග කල් ගෙවන හැමෝටම තමන්ගේ රෝග අවස්ථාව සම්බන්ධව වැටහිමක් එකතු කරන්නට මෙම ලිපිය එකතුකරන්නට සිත්විය.
අපේ ශරීරයේ අස්ථි දෙකක් හෝ කිහිපයක් එකතුවෙලා ඇඟ එහා මෙහා නැමිය හැකි අයුරින් සැකසුන ලොකු හා පොඩි හන්දි ගණනාවකි. ඒවා නමින් දණහිස් හන්දිය , වලලුකර හන්දිය , මැණික් කටුව හන්දිය , වැලමිටි හන්දිය , ඇඟිලි පුරුක් හන්දිය ආදි වශයෙන් හන්දි ගණනාවකි.
යම් වාතරෝගයක් ඉහත සන්ධින් ඇසුරුකරමින් වරින්වර අනින්නාක් බඳු වේදනාවක් ඇති කරයිද ඉදිමුම් ඇති කරයිද එය සන්ධිවාත රෝගයකි.
එම සන්ධිවාත රෝගීන් ප්‍රභේද කිහිපයකට අයත් අතර විවිධ හේතු නිසා විවිධ දේ නිතර කල්පනා කරන්නන් , නිතර උගුරේ ඇතිවන සෙම් ගෙඩි පැසවා නොදැනුවත්වම සැරව අභ්‍යන්තරයට ගැලීම , නිතර පවතින බඩේ අජීර්ණ ඇතිවිම වැනි හේතු නිසා ආහාර ජීරණ පද්ධතිය දුර්වලවි ආහාරමය රසය නිසිලෙස රක්තගත නොවිමෙන් උපදින ආමය නමින් වෙදකම තුල හදුනාගන්නා විෂ තත්වයක් රුධිරය සමග ශරීරය පුරා සංසරණය වෙමින් නිතර ක්‍රියාකාරී සන්ධින් අතරින් දුර්වලම සන්ධිය වටා ඒකරාශි වි එම හන්දිය නමන්න බැරි තරමට ඉදිමුවක් ඇති කරයි. ඒවාගේම සමහරවිට උණ ගතියකුත් දැනෙන අතර කල්යත්ම හන්දියෙන් හන්දියට මෙම ඉදිමුව මාරුවෙනවා.
කල පුරුද්ද - දැක පුරුද්ද - පල පුරුද්ද තුලින් පාරම්පරික වෙදකමේ නිරත සර්වාංග වෛද්‍යවරු ආමවාතික සන්ධිවාත රෝගයනට ගැලපෙන පත්තු හා මැල්ලුම් ගැලපෙන අයුරින් යොදමින් අභ්‍යන්තරික ලෙස විවිධ තැම්බූම් මගින් ගුලි කල්ක යොදමින් කසාය වර්ග රෝගියාගේ රෝග රෝගී තත්වය අනුව යොදනු ලබයි
තවත් සමහරෙකුගේ රක්තවාත ලක්ෂණ මුල් කරගනිමින් අත්පා වල හටගන්නා හිරියත් වේදනාවත් මලබද්ධ ලක්ෂණත් පහල කරමින් මැඳගිල්ලේ සිට ඉහලට එන වේදනාවක් දක්නට ලැබේ. කල්ගිය හන්දි රෝගින්ගේ පාදවල ඇඟිලි ඇදවිමි , වකුටුවිම් , ශරීරයේ බර දෙපාවලින් උසුලාගෙන සිටිමෙන් දණහිස් වලට දරාගත නොහැකි අන්දමේ බරක් දරා සිටිම වැනි විවිධ හේතු නිසා රක්තවාතික සන්ධිවාත තත්ව ඇතිවන අතර එහිදි ප්‍රබල වු වාතරක්තය ප්‍රධාන වු චිකිත්සාවක් වෙදමහතුන් විසින් අරඹයි.
ඊට අමතරව පොතුකබර වැනි කුෂ්ඨ රෝග දිර්ඝකාලිනව පැවතිමත් විවිධ විෂ වර්ග ශරීර ගතවිමත් නිසා කලෙකදී හන්දි ඉදිමුම් ඇතිවිය හැක. එවිට රක්තශෝධනයක් සමග ශරීර ගතවු විෂ ඉවත්කරමින් විෂට නිසි සන්ධිවාත චිකිත්සාව අරඹයි. විශේෂයෙන් නව්‍යමතානුකූලව පොතුකබර රෝගින්ට වැලඳෙන සොරායිටික් ආතරයිටිස් රෝගීන් මේ වර්ගයට යටත්වේ.
තවද වයසත් සමග අපිව ආක්‍රමණය කරන සන්ධිවාත තත්ව හදුනාගෙන ජිර්ණවාත සන්ධිවාත රෝගීන් උදෙසාම වු චිකිත්සාවක් අරඹයි.
තවද සමාජයේ වැඩිහරියක් සන්ධිවාත රෝගය දකින්නේ වැඩිහිටි කාන්තාවන් අතරය.
විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්තවහරණයත් සමඟ ශරීරයෙන් මාසිකව පිටවු රක්තය ආවරණය විමෙන් හටගන්නා ආවරණ දෝෂ සමගින් උපදින ජරාවාතික සන්ධිරෝග තත්ව මැනවින් හදුනාගෙන ප්‍රතිකාර කල යුතුය.
විවිධ සන්ධිවාත ඉදිමුම් සඳහා ප්‍රතිකාර කරද්දී කෝකටත් තෛලය වගේ වේදනා නාශකයකින් පමණක් සිමාවන වෙදකමක් නොව ඉන් ඔබ්බට ගිය රෝගයේ නිධානමය පසුබිම් සොයා කරනු ලබන චිකිත්සාවක් දේශිය චිකිත්සාව තුල පවතින බව අප සිහියේ තබාගත යුතුය.
අපිටම කියලා ආවේණිකවු ගහේ කොලේ උදව්වෙන් තම දෑතින්ම නිපදවා ගන්නා පත්තු මැල්ලුම් තැවිලි තැම්බුම් හිඟ නැති අපේ වෙදකම සමග රෝගින්ගේ රෝග රෝගි බව අනුව දෙනු ලබන පත්‍ය අපත්‍ය ආහාර විහරණමය උපදෙස් ගොනුවත් සමග මානසික සුවතාවයට සුහදමය හමුවීම අන් කිසි චිකිත්සාවකට නොදෙවෙනිව ඉදිරියෙන් සිටි.
වෛද්‍ය රුවන්සාගර දහනායක