DocMed

DocMed Family health care

14/11/2023
31/08/2023

මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් (Meningococcal meningitis) පිලිබද ඔබ දැනුවත් ද?

මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් (Meningococcal meningitis) යනු බරපතල බැක්ටීරියා ආසාදනයක් වන අතර එය මොළය හා සුෂුම්නාව අවට ආරක්ෂිත පටල (meninges) ආසාදනය කරයි. එය ඇතිවන්නේ Neisseria meningitidis නම් බැක්ටීරියාව නිසා වන අතර එය දරුණු රෝගාබාධවලට තුඩු දිය හැකි ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකි රෝගයකි.

🛑රෝගය පැතිරීම

🤧කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හෝ සමීප සම්බන්ධතා වලින් කෙල බිදිති (respiratory droplets) හරහා පැතිරීම සිදුවේ.

🦠බැක්ටීරියාව (Neisseria meningitidis) වාහකයන්ගේ සහ ආසාදිත පුද්ගලයන්ගේ උගුරේ සහ නාසයේ සිටිය හැක.

😷විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල දිගු කාලයක් සිටීමෙන් සම්ප්‍රේෂණ අවදානම වැඩි කරයි.

💋සිපගැනීම, භාජන ආදිය බෙදා ගැනීම සහ respiratory droplets වලට නිරාවරණය වීම වැනි ක්‍රියාකාරකම් වලින් පැතිරීම සිදුවිය හැක.

• නිරාවරණය වූ සෑම කෙනෙකුම අසනීප නොවේ. සමහර අය රෝග ලක්ෂණ නොමැතිව වාහකයන් ලෙස ද සිටිය හැකි අතර, තවත් කෙනෙක්ට එය මාරාන්තික විය හැක.

🩺පොදු රෝග ලක්ෂණ

👉🏻අධික උණ: හදිසියේ ඇතිවන අධික උණ බොහෝ විට මුල්ම රෝග ලක්ෂණයයි. 🤒

👉🏻දැඩි හිසේ කැක්කුම: දැඩි සහ නොනැසී පවතින හිසරදය යනු කැපී පෙනෙන රෝග ලක්ෂණයකි. 🤕

👉🏻බෙල්ලෙ තද ගතිය සහ අපහසුතාවය: විශේෂයෙන්ම නිකට පපුවට ස්පර්ශ කිරීමට උත්සාහ කරන විට ඇති වේ

👉🏻Photophobia: ආලෝකයට අධිකව සංවේදී වීම

👉🏻අගේ පලු මතු වීම ( Rash): කුඩා, රතු-දම් පැහැති ලප සමේ ඇති වීම. මෙය මෙනින්ගොකොකල් ආසාදනයේ තීරණාත්මක ලකුණක් විය හැකි නමුත්, සෑම අවස්ථාවකදීම ඇති නොවේ.

👉🏻ඔක්කාරය සහ වමනය:ඔක්කාරය හා වමනය පොදු රෝග ලක්ෂණ වේ.🤢

👉🏻ව්‍යාකූලත්වය / මානසික තත්වයේ වෙනස්කම් ඇති වීම :මානසික තත්ත්වය වෙනස් වීම, ව්‍යාකූලත්වය, කේන්ති යාම සහ අවදියෙන් සිටීමට අපහසු වීම වැනි තත්ත්ව 😖

👉🏻සමහර අවස්ථාවලදී වලිප්පුව රෝග වැනි ලක්ෂණ ද ඇති විය හැක.

මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් යනු හදිසි අවස්ථාවක් (medical emergency) වන අතර, ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත්, septicemia (රුධිරය ආසාදනය වීම), මොළයට හානි වීම, ශ්‍රවණාබාධ හෝ මරණය ඇතුළු බරපතල සංකූලතා ඇති විය හැක.

ඔබට වයස 40 නම් මේ කරුණු 10 ගැන  සැලකිලිමත් වන්න වයස 40 සීමාවේ ඔබ ඔබේ වෛද්‍යවරයා කී පරිදි සීනි ,කොලෙස්ටරෝල් පරීක්ෂා කලා ව...
27/08/2023

ඔබට වයස 40 නම් මේ කරුණු 10 ගැන සැලකිලිමත් වන්න
වයස 40 සීමාවේ ඔබ ඔබේ වෛද්‍යවරයා කී පරිදි සීනි ,කොලෙස්ටරෝල් පරීක්ෂා කලා විය හැකියි, බර අඩු කරගැනීමට ව්‍යායාම ආරම්භ කලා විය හැකියි ඒත් මේ වයසේ දී බහුලව දකින්න ලැබෙන මේ දේවල් 10 ගැන සැලකිල්ලට ගන්න

1. මුත්‍රා පහවීම පාලනය අපහසුතා
මුත්‍රාශය ආශ්‍රිත ස්නායු වල වෙනස්කම් නිසා මෙය ඇති වන අතර නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාර ,මුත්‍රාශය ආශ්‍රිත මාංශ පේශී ව්‍යායාම වලින් මෙය වලක්වා ගත හැකිය.

2. ආර්තවහරණ ආසන්න (Perimenapausal) ලක්ෂණ
වයස 40 දී මාස් ශුද්ධිය නතර නොවූවත් ඒ ආශ්‍රිත කායික හා මානසික වෙනස්කම් මද වශයෙන් ආරම්භ විය හැකිය .මෙය රෝගයක් නොවන අතර හෝමෝන වෙනස්කම් නිසා සිදු වන්නකි .ඕසප් අක්‍රමිකතා ,අධික රුධිර වහනය ,ලිංගික කටයුතු සදහා උදාසීන බව මීට අයත්ය.හෝමෝන ප්‍රතිකාර මේ සදහා යොදා ගත හැකිය .

3. වකුගඩු ගල්
වයසත් සමග ශරීරයේ විජලනය වැඩිපුර සිදුවන නිසා වකුගඩු වල ගල් සෑදීමට වැඩි ප්‍රවනතාවක් ඇත.හොද ආහාර රටා මගින් ,ප්‍රමාණවත් ලෙස ජලය පානය (පිරිමි -ලීටර 3.7, ගැහැනු -ලීටර 2.7 පමණ ) මගින් මෙම තත්ත්වය වලක්වා ගත හැක.

4. මුත්‍රා ආසාදන
ස්ත්‍රී ,පුරුෂ දෙපිරිසටම 40 පසු මේ තත්ත්වය වැඩි විය හැක. මුත්‍රා පද්ධතියේ වෙනස්කම් ,මුත්‍රා pH අගයේ වෙනස්කම් මීට හේතු වේ.හොදින් ජලය පානය කිරීම මෙහිදී ද වැදගත් අතර ලිංගික කටයුතු වලට පෙර හා පසු මුත්‍රා කිරීමට ද අමතක නොකළ යුතුය.
තවද ව්‍යායාම මගින් ද ,පිරිමින් හට සතියකට වැඩි වාර ගනනක් ශුක්‍රානු මෝචන අවස්ථා ඇති කරගැනීම මගින් ද මෙම ආසාදන වලක්වා ගත හැකි බව සොයාගෙන ඇත.

5. ආහාර අසාත්මිකතා
40 න් පසු පෙර නොතිබුණු ආහාර අසාත්මිකතා ඇති විය හැක.සමහර බෙහෙත් වර්ග නිසා , සමහර කෘමි දශ්ඨන නිසා මෙසේ සිදු විය හැකි බවට මත ප්‍රකාශ වේ.මේවායින් වැලකීම අපහසු වූවද අසාත්මිකතාවයක් ඇති වූ විට කලින්ම එය හදුනා ගැනීමට දැන සිටීම වැදගත් වේ.

6.ඔස්ටියෝආතරයිටිස්
වයස 40 න් පසු ඇතිවීමේ හැකියාව වැඩි ය.සමබල ආහාර ,තමන්ට ගැලපෙන බර උසුලන ව්‍යායාම මගින් මේවායින් වැලකිය හැක.

7.අධික රුධිර පීඩනය
මේ ගැන හොදින් සැලකිලිමත් විය යුතුය ,නැත්නම් ආඝාත තත්ත්ව, හ්‍රර්ද්‍යාබාධ වලට මෙය හේතු වේ.
හොද ආහාර රටා ,ව්‍යායාම ,ලුණු භාවිතය අඩු කිරීම මගින් මෙය අඩු කරගත හැක.

8. ලිංගික අප්‍රාණිකත්වය
වයසත් සමග පුරුෂ ලිංගය ප්‍රාණවත් බාවය ආරම්භය හා පවත්වාගෙන යාම අපහසු විය හැක .ස්තූලතාවය,අධික රුධිර පීඩනය ,metabolic syndrome වැනි සමහර තත්ත්ව නිසා ලිංගේන්ද්‍රයට රුධිර සැපයුම අඩු වීම මීට හේතු විය හැක .මෙයට වෛද්‍ය ප්‍රතිකාර ඇති අතර තවද සහකරු ,සහකාරිය සමග විවිධත්වයක් ඇතිව ලිංගිකත්වය රස විදීමට ද පුරුදු විය යුතුය.

9. සමේ පිළිකා
වයසත් සමග මෙම ප්‍රවනතාවය වැඩි අතර අධිකව හිරු එළියට නිරාවරණය වීම ප්‍රධාන හේතුවකි.
සමේ ඇති කුඩා ලප,කැලැල් ගැන අවධානයෙන් සිටිය යුතු අතර ඒවා ප්‍රමාණයෙන් වැඩි වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු‍ය.අධික හිරු රශ්මියෙන් වැලකීමට සුදුසු ඇදුම් ,sun cream භාවිතා කල හැක.

10.විශාදිය හා anxiety තත්ත්ව
මෙම කාලයේදී ඇතිවන ආර්ථික ප්‍රශ්න ,දෙමාපියන් වයෝවෘධ වීම නිසා ඇති වන ගැටලු ,දරුවන් සිටීනම් ඔවුන්ගේ ප්‍රශ්න , වයස සමග කායික ස්වරූපයේ වෙනස්වීම මෙවන් මානසික ගැටලු වලට හේතු වේ.නිතර හොද මිතුරන් සමග දුක සැප බෙදාහදා ගැනීම අවශ්‍ය විට මනෝ චිකිත්සකවරයෙකුගේ සහය ලබා ගැනීම සිදු කල යුතුය.

DocMed medical centerFor all your family health care needsOPDAdult and child health careDiabetes hypertension hyperchole...
20/08/2023

DocMed medical center
For all your family health care needs
OPD
Adult and child health care
Diabetes hypertension hypercholeterolaemia clinics
Wound care
Home visits
Contact 0718211529

Address

Colombo Road
Bokundara

Website

Alerts

Be the first to know and let us send you an email when DocMed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram