27/10/2023
දණහිස් කැක්කුම ඉවසන්නම බැරිද?
වර්තමානය වන විට අප වෙත බහුලවම රෝගීන් ප්‍රතිකාර සදහා පැමිණෙන ගැටළුවක් තමයි දණහිස් වේදනාව .මේ අතරිනුත් කාන්තාවන් ප්‍රමාණය වැඩියි.. මෙහෙම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් " ආ මේක එන්නේ වයසට ගියාමනේ "එහෙම නැත්නම් මහලු වෙනකොට කියල .නෑ ගැටලුව තමා බොහොමයක් තරුණ පිරිස් ඇවිදීමේ අපහසුව ,දණහිස් වේදනාව,දණහිස් සන්ධිය තද වීම ,වැනි නොයෙකුත් රෝග ලක්ෂන වලින් යුතුව අප වෙත පැමිණීම.
ඒ නිසාම අපි අද ඒ ගැන දැනුවත් වෙමු ..
-දණහිස් සන්ධිය-
දේහයේ බර දරා ගන්නා ප්‍රධානම සන්ධි වලින් එකක් තමයි දණහිස් සන්ධිය කියන්නේ.
ඌර්වස්ථිය (Femur)
ජංඝාස්ථිය (Tibia)
දනිස් ඇටය/කටාහය ( Patella) කියන අස්ථි 03 ත්,
කාටිලේජ
කණ්ඩරා(Tendons) හා බන්ධනී(Ligaments) වලින් තමයි හැදිලා තියෙන්නේ,
මේ දණහිස් වේදනාව සදහා
1)සන්ධිය අවට ඇති මාංශ පේශි වල ආබාධ(මාංශ පේශි තද වීම,ඉරී යාම ..)
2)කණ්ඩරා ඇදීම ,ඉරී යාම වැනි ආබාධ.
3)කාටිලේජ වලට හානිවීම.(Maniscus Damages)
4)සන්ධි ප්‍රදාහ තත්ත්ව (සන්ධි ගත වාත ,ආම වාත/Osteo Arthritis ..)
5)වාත රක්ත වැනි රෝග තත්ව
6)සන්ධි අවසන්ධි විම මෙන්ම දණහිස් ඇටය කැඩිම බිදීම වැනි තත්ත්ව මෙන්ම
7)පිළිකා තත්ත්ව ද හේතු විය හැක.
තරගකාරී ජිවන රටාව තුල ,නිසි ආහාර නොගැනීම ,නිසි ව්‍යායාම නොකිරීම ,මානසික ආතතිය ,නිවැරදි ඉරියව් ,විහරණ පිළිබද නොදැනුවත්කම හා වැටීම් තැලීම් ආදී සිදුවන යම් යම් තත්ත්ව නිසි ප්‍රතිකාර නොගෙන නොසලකා හැරීම ආදිය සන්ධි ආශ්‍රිතව අබාධ ඇති වීමට ප්‍රධාන හේතු වේ..
රෝග ලක්ෂණ
දණහිසේ වේදනාව
දණහිස තුල ශබ්දය ඇතිවීම
ඉදිමුම
රතුවීම
සන්ධිය රත් වීම
සන්ධිය තද වීම
සන්ධිය ඇද වීම
ප්‍රතිකාර
1)සුදුසු කම් ලත් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වෙත යොමු විම අනිවාර්ය වේ .
2)රෝගයේ ලක්ෂණ හා රෝගියා පරික්ෂා කර බලා නිසි ප්‍රතිකාර සිදු කරනු ලබයි.
3)රෝගයේ මුල් අවධියේ ආයුර්වේද ප්‍රතිකාර සදහා යොමු වීම පුර්ණ සුවය ලැබීමට වඩා වැදගත් වේ..
4)ප්‍රදාහ ලක්ෂණ මෙන්ම රෝගය සම්පුර්ණ සුවය සදහා අභ්‍යන්තර මෙන්ම බාහිර ඖෂධ ලබා දීම හා
5)සන්ධිය ඇද වීම, වෙනස් වීම වැනි තත්ත්ව වලදී සන්ධිය සැකසීමද සිදු කරනු ලබයි.
Dr. හංසනී සෝමවීර
Pg Dip Orthopedic(FIM,Col ),B.A.M.S(col) ,Dip in Panchakarma,Dip in Accupuncture