13/08/2024
ඔයා කන්නාඩියෙන් බලද්දි ඔයාගෙ මුහුණෙන් මහන්සිය පේනවා තමයි. ඔයාගෙ ඇඟ දැන් ඉස්සර තිබ්බ හැඩ නෑ තමයි.....
ඒ වගේම ඒ කන්නාඩියෙන්ම...
ඔයාට පේනවා ගැහැණියක්, එයාගෙ හැමදේම පවුල වෙනුවෙන් කැපකරපු,
ඔයාට පේනවා ගැහැණියක්, නිදි නැති රැයවල් ගොඩාක් පසුකරපු,
ඔයාට පේනවා ගැහැණියක්, එයාට හිතාගන්න බැරි දේවල් වෙනුවෙන් කැපකිරීම් කරන්න වුන,
එතකොට තමයි ඔයා තේරුම්ගන්න ඕනේ මේ මහන්සිය පිරිණු මුහුණ, මේ හැඩය නැතිවුන ඇඟ කියන්නෙ ඔයා මේ කරපු කැපකිරීම් වලින් ඔයාට ලැබුන දුර්වලතාවයක් නෙවෙයි කියන එක....
ඔව් ඔයා අම්මා කෙනෙක්. ඒක කියන්න වගේම පිලිගන්න ඔයා ලැජ්ජාවෙන්න ඕනෙ නෑ.ඒක ආඩම්බරයට කාරණාවක්. ලෝකෙ තියෙන අමාරුම රස්සාව කරන්නේ ඔයා. මාසික වැටුපක් නොලබම. නිවාඩුවක් නොලබම. Over time payment, Annual Bonus , increments මොනවත් නොලබම.
ඒ නිසා ඔයා වගේම, ඔයාගෙ වටේ ඉන්න සියළුම අම්මාවරුන්ට වචනෙකින් හරි ශක්තියක්, පන්නරයක් වෙන්න. මොකද, අම්මෙක්ට විතරමයි තවත් අම්මෙක්ගෙ හිත ගැන වගේම මහන්සිය තේරෙන්නේ.
බබාල එක්කම එකට හැප්පි හැප්පි සැහැල්ලු වෙන්න ඉගෙන ගන්න, ඔයාගෙම සතුට හොයා ගන්න ඉගෙන ගන්න, ඔයාටම කියල " Me time" එකක් හොයා ගන්න ඉගෙන ගන්න.ලස්සනට පිලිවෙලට අදින්න.ඔයා කැමති විලාසිතා කරන්න බබාල ඉනඑක බාදාවක් නෙමෙයි.කැමති කෑමක් බීමක් ඉදලා හිටලා අරගන්න. එක දවසක් , පැය කීපයක් ඔයා එක්කම තනි වෙන්න, උදව්ඉල්ලන්න විශ්වාශනීය කෙනෙක්ගෙන් බබාලව පැය කීපයකට බලා ගන්න. යන්න එලියට. තනියම. ... ඔව් තට්ට තනියම.... විදින්න ඒ තනිකම.💛
ඔයාගෙ තත්වෙ මීට කලින් ගෙවපු , එයින් සාර්ථකව ජීවිතේ සමබර කර ගත් අනිකුත් අම්මලගෙන් ඉගෙන ගන්න. ඒ ක්‍රම හා විදි අත් හදා බලන්න. ඔයාගෙම රටාවක් හොයා ගන්න.
දුකෙන් තැවි තැවී ඉන්න මවක් නොවී ආඩමබරකාර, ජේත්තුකාරී මවක් වෙන්න... 💪
මම ශිරෝමි.