21/12/2025
චනිත්මා සිනෙළි ❤️
Award can be taken away but hard work dedication & integrity can never be canceled..
එකම කාන්තා කුලකයේ හැඟීම් ප්‍රකාශන දෙකක්..
එක මූණක භය , වැඩිහිටි ගෞරවය, මෙතනින් එහාට මොනා නම් වෙයිද සැකය...
අනිත් මූණෙහි තමන් වෙනුවෙන් හඩක් නැගීම, තව පරපුරකට වෙන අසාධාරණ ය වැළැක්වීම වෙනුවෙන් වූ ජයග්‍රාහී ලීලාව, තමන්ට තමන් වෙනුවෙන් ඇති ගෞරවය...
ලේසි නෑ දරුවෝ මේ ගත්ත අභියෝගය....
ඉදිරියට මීටත් වඩා කෙනෙහිලිකම්.. අසාධාරණ කම් වලට මුහුණ දෙන්න වෙයි...
ලොකු පුටුවට ගොට්ට අල්ලන බහුතරයක් වැඩිහිටියන්ට ගෞරව කරන්න දන්නෙ නැතිකෙනෙක් විදිහට දූව හංවඩු ගහයි, මූණ බලන්නෙ නැතුව යයි...
ඒ වෙලාවට මොනා උණත් ඔය දහිරියට යටින් තියෙන ගැහැනු හිත රිදෙයි දුවේ..හෙට මට මොනා වෙයිද කියන දේ ගැන දහපාරක් හිතල වෙන්න ඕන ඔයා මේ තීරණෙ ගත්තෙ.. ඒකයි ඔයාගෙ මේ ධෛර්යය වන්ත කටහඬට යටින් හීං වෙව්ලිල්ලක් මට ඇහෙන්නෙ.
දිරි ගන්න..... වැඩිහිටි ගෞරවය කියන්නෙ අසාධාරණ යට හිස නමන එක නෙමේ.තමන් මේ තැනට එන්න වින්ද අසීමිත දුක් කැපකිරීම් පසෙකලා , තමන් ට අගෞරව කරන ව නම් තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතු එකම කෙනා තමන්....
එහෙම නැත්නම් තමන්ටත් තමන් නැතුව යනව.. කලකිරෙනවා..... බිදවැටෙනවා... අතහරිනවා....
ඔයා හොඳ පන්නරය තියෙන පවුලක දරුවෙක්...
මං නම් අත්දැකීමෙන්ම දන්නවා ඔය ගොට්ට අල්ලන් ඉන්න ඕනෑම කෙනෙක්ට වඩා ඔයා වැඩිහිටියන්ට ගෞරව කරන්න දන්න බව...
ඔයා නියමයි.......✊✊💪
පුහුණුවකට නාව පලියට ඔයාගේ ජයග්‍රහණය උදුරගන්න කාට වත් බෑ..ඔයාට ඔයාව විශ්වාස නම් ඒ දේ කරන්න පුලුවන් කියල ,ඔයාගෙ ගුරුවරුන් ඊට දහගුනයකින් ඔයාව විශ්වාස කරන්න ඕන.මොකද ඔයාගෙ මගපෙන්වන්නන් වන්නෙ ගුරුවරුන් නිසා..සැලෙන්න එපා ඔයා මුලු ලෝකයම ජයගෙන ඉවරයි....
අපේ අධ්‍යාපන ක්‍රමයෙන් හැමදාම එළියට දැම්මෙ කොඳු කඩපු දරුවො.. ආයතනයක රැස්වීමක බය නැතුව අදහසක් ඉදිරිපත් කරන්නෙ කීයෙන් කී දෙනාද?තමන්ගෙ ම ගැටලුවත් ඉදිරිපත් කරන්න ඕන තව කෙනෙක් ඇයි?? බොස් ගෙන් කොන් වෙයි බයට...
එහෙව් වැඩිහිටි පරම්පරාවකටයි...
දරු පරම්පරාවකටයි ඔයා දුන්නෙ නියම ටොක්කක්...
මූණ බලන්නෙ නැති අයට නොබල ඉන්න කියන්න..
ඔයා හිනාවෙන්න..
කොන් කරන අයට කොන් කරන්න දෙන්න..
ඔයා දිනන්න..
ඔයා නියමයි ✊✊✊✊✊💪💪
ප.ලි. අපේ රට භාෂණයේ නිදහස තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ඔය පාසලේ සමාජ අධ්‍යයන ගුරුතුමිය, මයික්‍රෝෆෝනය off කරල මේ දරුවා කතා කරන එක බලහත්කාරයෙන් නවත්වපු විදුහල්පති තුමියට කියල දුන්න නම් හොදයි....✊✊
වෛද්‍ය හංසනී සෝමවීර...