Neelammahara Wedagedara

Neelammahara Wedagedara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neelammahara Wedagedara, Medical and health, 190/A/1, Galakubura Road, Neelammahara, Boralesgamuwa.

ඔක්තෝබර් 10 වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙනිමිනිසෙකුට මිහිකත මත ලැබිය හැකියි හැකි උතුම්ම ලාභය යහපත් සෞඛ්‍යය...
05/12/2022

ඔක්තෝබර් 10 වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙනි

මිනිසෙකුට මිහිකත මත ලැබිය හැකියි හැකි උතුම්ම ලාභය යහපත් සෞඛ්‍යයයි. යහපත් සෞඛ්‍යයකින් පසුවීමට කායික සෞඛ්‍යය පමණක් නොව, ඒ සඳහා යහපත් මානසික සෞඛ්‍යයක් ද පවත්වා ගැනීමට එතරම් ම අවධානයක් යොදවන බව ජනතාව අතර පෙනෙන්නට නැත.

යහපත් මානසික සෞඛ්‍යයක් ඇති තැනැත්තා තමාගේ උපරිම හැකියාව පිළිබඳ සත්‍ය වැටහීමකින් යුක්ත ව ජීවිතයේ එදිනෙදා ඇතිවන සාමාන්‍ය ගැටලු හා ආතති යහපත් ලෙස සමනය කරමින් ඵලදායි ලෙස ක්‍රියාශීලීව සමාජයේ උන්නතියට දායක වෙයි.

මානසික සෞඛ්‍ය කෙරෙහි පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුවක් වන්නේ මානසික රෝග ඇතිවීමයි. කායික රෝග වලට මෙන්ම මානසික රෝග වලට ද ජීව විද්‍යාත්මක පදනමක් ඇත. සමහර අවස්ථා වලදී නොයෙකුත් මානසික හා සමාජීය හේතුන් මානසික රෝග ඇතිවීමට හේතු වේ.

සිතීම හා ඒ හා බැඳුණු අනෙකුත් මානසික ක්‍රියාවන් ඇති වන්නේ ජීව විද්‍යාත්මක ඉන්ද්‍රියයක් වූ මොළය තුළ ය. මොළය සෑදී ඇත්තේ ස්නායු ෙසෙල, ස්නායු තන්තු හා උපාගම ආදී සංකීර්ණව ව්‍යුහ වලිනි. ඊට අමතරව නියුරොට්‍රාන්ස්මීටර් නම් රසායන ද්‍රව්‍ය හා විශේෂිත ප්‍රතිග්‍රාහක මෙම උපාගම තුළ ඇත. මානසික රෝග ඇති බොහෝ අවස්ථාවල දී එම ද්‍රව්‍ය හා ව්‍යුහයන් වල වෙනස්කම් ඇතිවේ. මේ නිසා බොහෝ මානසික රෝග වලට ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වේ. ඊට අමතරව මනෝ ප්‍රතිකාර හා උපදේශනය, සාමාජීය ගැටලු නිරාකරණය කර දීම හා පුනරුත්ථාපනය ද අවශ්‍ය වන අවස්ථා ඇත.

විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි මොළයට වැළෙඳන ජීවවිද්‍යාත්මක රෝගයකි. එවැනි රෝගියෙකු පෙන්නුම් කළ හැකි රෝග ලක්ෂණ සමහරක් මෙසේය.

කීප දෙනෙක් තමා ගැන කතා කරන ශබ්ද ඇසීම් (අන් අයට නොඇසෙන) තමා ගැන විස්තර කරන ශබ්ද ඇසීම, තමා බාහිර කෙනෙකුගේ උපකරණයකට හෝ වෙනත් එවැනි දෙයක පාලනයට හසු වී ඇතැයි සිතීම, තමා ගේ සිතට හෝ මොළයට පිටතින් සිතුවිලි ඇතුලත් කිරීම හෝ ඇති සිතිවිලි පිටතට ගන්නා ලෙස දැනීම, තම ශරීරය තුළ සත්‍ය වශයෙන්ම නැති දෙයක් ඇති ලෙස දැනීම, අති අස්වාභාවික විශ්වාසයක් තදබල මෝහයත් ලෙසට එළඹ ගැනීම හෝ කාලයක් තනිවම කතා කතාකිරීම, තනිවම සිනාසීම හා සැකය ආදිය. ඉහත දැක්වූයේ එවැනි රෝගියෙකු පෙන්නුම් කළ හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් පමණි.

දුක, ශෝකය, එපා වීම, කලකිරීම, උනන්දුව අඩුවීම, ශක්තිය නැති බව දැනීම, ආශාව හා රුචිය අඩුවීම, තරහ යාම, ආත්ම අභිමානය අඩුවීම, ජීවිතය එපා වීම, නින්ද නොයෑම, හිතේ ඒකාග්‍රතාවය අඩුවීම හෝ තනි වීම ආදී නොයෙක් රෝග ලක්ෂණ ඇත. සියදිවි නසා ගැනීමට නසා ගැනීමට අදහස් ඇතිවීම හා තැත් කිරීම බොහෝවිට සිදුවන්නේ මානසික රෝග නිසා ය. සමහර විට දී හදිසි කෝපය, අවධානය ලබා ගැනීම හා පලිගැනීම ආදී හේතූන් ද විය හැක. එබැවින් එවැනි හැම කෙනෙකුම මානසික පරීක්ෂාවකට යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

මත්පැන් හා මත්ද්‍රව්‍ය මගින් සමාජීය ගැටලු, පව්ල් ප්‍රශ්න, නීතිමය ප්‍රශ්න, කායික රෝග හා මානසික රෝග ඇති වේ. එබැවින් එවැනි අයට ප්‍රතිකාර ගැනීමට ද එම පුරුදුවලින් මිදීමට ද මානසික ප්‍රතිකාර වලට යොමු වීම අවශ්‍ය වනු ඇත.

ළමා මානසික රෝග හා ගැටළු

ළමා වියේ දී ද මානසික රෝග හා ගැටළු ඇතිවේ. ඒවා අතර අධි ක්‍රියාකාරීත්වය හා අවධානය අඩු වීම, මන්ද බුද්ධික භාවය හා ඇති ගැටලු, ඇසිරීමේ ආබාධ, කාංසා තත්ත්ව මේවටද ඖෂධීය හා උපදේශනයඅවශ්‍ය වේ. මෙහි දක්වන ලද රෝග වලට අමතරව තවත් මානසික රෝග විශාල ප්‍රමානයක් ඇත. කාංසා ආබාධ, ආතති තත්ව, යනාදී ආබාධ ඒ අතර ප්‍රධාන වේ.

කායික රෝගයක් වැළඳුන අයෙකුට අනෙක් අයගේ ආදරය, කරුණාව, මෛත්‍රිය හා උපකාරය පැහැදිළිවම ලැබේ. නමුත් අවාසනාවකට මෙවන් මානසික රෝගීන්ට ඒ වෙනුවට ලැඛෙන්නේ හිරිහැර හා විහිළුවලට පත්කිරීම, ඔවුන්ව කොන්කිරීම ආදී අසාධාරණයන්ය.

මත්කුඩු, මත්ද්‍රව්‍ය, දුම්පානය වැනි පුරුදුවලට තදින් ඇබ්බැහිවීම නිසා ඖෂධ ලබා ගැනීමෙන් සුව වූ රෝගියා පසු කාලීනව ඒ වැරදි පුරුදු වලට යලි යොමු වීමෙන් රෝගී බවට පත්වීමට ඇති ප්‍රවනතාවය වැඩිය. එවන් රෝගියෙකුට සත්‍යාවබෝධ කර දීමේ හා කර ගැනීමේ අපහසුතාව නිසා නැවත වරදට පෙළඹේ. එබඳු අයට ප්‍රතිකාරකිරීමත් සමගම ඒ තත්වයන් කෙරෙහි අවධානයෙන් ක්‍රියා කළ යුතු වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආයුර්වේද ප්‍රතිකාර මගින් සෑම රෝගයක්ම සුව කළ හැකිය. ඊට අදාළ හෙදකම මැනවින් සිදු විය යුතුය. එමෙන්ම විවිධ ආකාරයෙන් සෑදෙන මානසික රෝග සුව කිරීමට හැකි පැරණිම ඵලදායි වෛද්‍ය ක්‍රමයක් වන්නේ නීලම්මහර වෙදකමය. මෙම වෙදකමේ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයෙන් ක්‍රමය ද බුදුදහමින් පෝෂණය වෙමින් ඉදිරියට යමින් පවතින නීලම්මහර වෙදකම ආරම්භ වනුයේ මහනුවර රාජ්‍ය කළ ශ්‍රී වික්‍රම නරේනද්‍රසිංහ රජුගේ රාජකීය වෛද්‍යවරයා ලෙස පත්කළ බ්‍රාහ්මණ වංශිකයෙකු වූ ශලේන්ද්‍රසිංහ රාජකීය වෛද්‍ය පඬිතුමාගෙනි. මෙම රාජකීය වෛද්‍ය වෙද පරම්පරාව කන්ද උඩරට පැවැති ක්‍රි.ව. 1797 ඩී එම රජුගේ මරණයෙන් පසු මහනුවර හටගත් කැරැල්ල නිසා එවකට සිටි එම වෙද පරපුරේ රාජකීය වෛද්‍යවරයා උඩරටින් පලා ගොස් මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වූ බව කියවේ. පසුකාලීනව එම පඬිතුමාගේ පුතුන් නීලම්මහරට පැමිණ දික්වැල්ලේ සෝභිත නමින් තම පරම්පරාවේ රාජකීය මානසික රෝග වෛද්‍ය ශාස්ත්‍රය එතැන් සිට අසරණ රෝගීන්ගේ යහපතට ගිහි, පැවිදි පරම්පරා ඔස්සේ රාජකීය මානසික වෛද්‍ය ශාස්ත්‍රය නීලම්මහර මානසික රෝග වෛද්‍ය ක්‍රමය ලෙස ලොව පතල විය.

මෙම පරපුරේ සුවිශේෂත්වය නම් මානසික රෝග සුව කිරීම අතින් දක්වන වසර සිය දහස් ගණනකට පෙර පැවති මානසික රෝග නිධාන චිකිත්සාව නූතන අපරදිග සංගීතය මනෝවිද්‍යාවේ රෝග නිධාන සමග ඉතාම කිට්ටුවෙන් එහෙම තමයි සැසඬෙන බව සඳහන් කළ හැක.

Address

190/A/1, Galakubura Road, Neelammahara
Boralesgamuwa
10290

Telephone

+94713558640

Website

Alerts

Be the first to know and let us send you an email when Neelammahara Wedagedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram