Dr. Seneth Gajasinghe

Dr. Seneth Gajasinghe Medical Officer at NHSL

16/01/2023

මහජන සේවය පිණිසයි....
දිනෙන් දින අදුරු වන සමාජය තුළ ඔබ කිසිවකු අනවශ්‍ය ලෙස විශ්වාස කල යුතු යැයි මම විශ්වාස නොකරමි. එලෙසම වෛද්‍ය ක්ෂේත්‍රයේ දත්ත අනුව ලංකාව තුල සැබෑ වෛද්‍යවරුන්ට වඩා ව්‍යාජ වෛද්‍යවරු වැඩි ගණනක් සිටී. එනිසා සියළු රෝගීන් තමා බාවිතා කරන බෙහෙත් ගැන දැනුවත් වීම වටී. එසේම දිගු කාලීන රෝග වලින් පෙළෙන අය තම බෙහෙත් දැන ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඇත්තටම තම බෙහෙත් මොනවාදැයි දැන ගැනීම හෝ ඒවා මොනවාදැයි මතක තබාගැනීම ඔබ හිතන තරම් අපහසු නැත. ඇත්තෙන්ම එය අපහසු කර ඇත්තේ අවුෂධ (බෙහෙත්) මාෆියාව විසිනි.
බෙහෙත් සදහා නම් දෙකක් ඇත. එකක් ජෙනරික් නම නැත්නම් අවුෂධ නාමය ලෙස හැදින්වේ. අනික කොම්පැනි නාමය නැත්නම් බ්‍රෑන්ඩ් නේම් ලෙස හැදින්වේ. එක් බෙහෙතක් සදහා අවුෂධ නාම ඇත්තේ එකකි. නමුත් එකම බෙහෙතට බ්‍රෑන්ඩ් නේම් සිය ගණනක් තිබිය හැක. ඔබට ඔබ ගන්නා බෙහෙත් පිළිබද දැනගැනීම සංකීර්ණ කර ඇත්තේ මෙම තේරුමක් නැති ක්‍රියාව මගිනි. එසේම තමන් අනෙකුත් වෛද්‍යවරුන්ට වඩා විශේෂී බව පෙන්වීමට තම හැකියාව බාවිතා කරනවා වෙනුවට ගණන් වැඩි බ්‍රෑන්ඩ් නේම් හේතුවක් නැතිව බාවිතා කිරීමට ඇතැම් වෛද්‍යවරු පෙලබී තිබීමද කණගාටුදායකය.
ඔබ ඔබගේ බෙහෙත් මතක තබා ගත යුත්තේ අවුෂධ නාමයෙනි. ඔබ ඔබගේ බෙහෙත් වල අවුෂධ නාම දැනගත් දින ඔබ සිතු පවුද්ගලික වෛද්‍ය සේවයේ අශ්චර්යන් මෙන්ම මිල අධික බෙහෙත් තුන්ඩු වල ඇතැයි සිතූ මිරැකල් බෙහෙත් යනු මායාවක් බව ඔබට වැටහෙනු ඇත.
මතු සම්බන්ධයි ......

16/01/2023

මහජන සේවය පිණිසයි.......
"there are no brave doctors, there are only brave patients."
මම මගේ වෛද්‍ය ජීවිතය තුළ අහපු ලස්සනම කතාව. මොකක්ද මේ හරුපේ තේරුම?
මෙමගින් කියන්නේ වෛද්‍යවරයාත් රෝගියාත් අතර ඇතිවන ගනුදෙනුවකදී / ප්‍රතිකාර කිරීමකදී, එම සිදුවීමට අදාල සියළුම රිස්ක් රෝගියා විසින් ගන්නා බවයි.
1. ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් - අනතුර රෝගියාටයි.
2. ප්‍රතිකාර වැරදුනොත් - අනතුර රෝගියාටයි.
3. ප්‍රතිකාර වල සංකුලතා සැදුනොත් - අනතුර රෝගියාටයි.
4. ශල්‍යකර්මය ප්‍රමාද වුවහොත් - අනතුර රෝගියාටයි.
5. ශල්‍යකර්මය වැරදුනොත් - අනතුර රෝගියාටයි.
6. ශල්‍යකර්මයේ සංකුලතා පැමිණියහොත් - අනතුර රෝගියාටයි.
පවුද්ගලික අංශයේදී
7. ප්‍රතිකාර සදහා පුර්ණ බරපැන - රෝගියා දරනු ලැබේ.
8. සංකුලතා ඇති වුවහොත් එහි බරපැන - රෝගියා දරනු ලැබේ.
මේ පිලිබදව ඔබට අවබෝදයක් තිබීම වැදගත් වේ. එසේම මොඩර්න් මෙඩිසින් හි රෝගියා කිංග් ලෙස සලකනු ලැබේ. එහි තේරුම ඔබට වෛද්‍යවරයා අතික්‍රමණය කල හැකිය යන්න නොව ඔබගේ ප්‍රතිකාර සම්බන්ද ඔබට ඇති සියළු ගැටළු වලට සත්‍ය තොරතුරු සැපයීමට වෛද්‍යවරයා බැදී සිටිනවා යන්නයි. එසේම ඔබගේ ප්‍රතිකාර පිලිබදව තීරණ ගැනීමේ සම්පුර්ණ බලය ඔබ සතුව ඇති බවයි. එනිසා ඔබ සතු මෙම අයිතීන් බාවිතා කිරීමට පසුබට නොවන්න.
1. ඔබට ඔබ රෝගය ගැන හෝ එහි ප්‍රතිකාර ගැන ඇති සියළු ගැටළු වෛද්‍යවරයාගෙන් අසා දැනගැනීමට මැලි නොවන්න. පවුද්ගලික වෛද්‍ය සේවයේදී වෛද්‍යවරයා නියම කරන ලද ගාස්තුව ඔබ ගෙවා ඇති නිසා ඒ සදහා ඔබට පුර්ණ අයිතිය ඇත.
2. ඔබගේ ප්‍රතිකාර ගැන ගනු ලබන තීරණ ගැන සංවේදී වන්න. ඒවා පිළිබදව දැනුවත් වන්න. කරන දෙයක් කරන්නට දී බලා සිටීමේ ක්‍රමය තව දුරටත් වලංගු හෝ කාලානුරූපී නොවේ. (යමක් සිදු වීමෙන් පසු ෆේස් බුක් එකේ හෑලි ලියා පලක් නැති බව වටහා ගන්න. )

16/01/2023

මහජන සේවය පිණිසයි.......
අපි දැන් පොඩ්ඩක් බහුලව බාවිතා වන බෙහෙත් වර්ග ගැන ඉගෙන ගනිමු.
steroid / ස්ටීරොයිඩ්
මෙය බෙහෙතක් නොව බෙහෙත් ගෘප් එකකි. මෙම ගෘප් එකටද බෙහෙත් වර්ග කීපයක් අයත් වේ.
මෙම බෙහෙත් ගෘප් එක බෙහෙත් ශාලා තුල වැඩියෙන්ම අවබාවිතා වන බෙහෙත් කාණ්ඩයයි.
අපි මුලින්ම මෙම බෙහෙත් කාණ්ඩයේ බහුලව බාවිතා වන බෙහෙත් කිහිපයක් හදුනා ගනිමු; Prednisolon/ ප්‍රෙඩ්නිසොලෝන්, Dexamethasone / ඩෙක්සාමෙතසෝන්, Methylprednisolone / මීතයිල් ප්‍රෙඩ්නිසොලෝන්.
මෙම බෙහෙත් කාණ්ඩය ගැන ඔබ දැන ගත යුතු දෑ :-
1. වෛද්‍ය විද්‍යාව තුල මිරැකල් බෙහෙත් ලෙස මෙම ගෘප් එක හැදින්වේ. එයට හේතුව මෙම බෙහෙත් වලට රෝගීන්ගේ බොහෝ රෝග ලක්ෂණ / අපහසුතා නැති කිරීමේ හැකියාවක් තිබීමයි. මෙහිදී සිදුවන්නේ රෝගය හැන්ගීමක් මිස සුව වීමක් නොවේ.
2. මෙම බෙහෙත් ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන බැවින් මෙම කාණ්ඩයේ බෙහෙත් අධි ප්‍රමාණ බාවිතා කිරීම හෝ මෙම කාණ්ඩයේ ප්‍රබල බෙහෙත් අනිසි ලෙස බාවිතය රෝගය ශරීරය ඇතුලේ ඔබට අමාරුවක් නොදැනී රහසේ වර්ධනය වීමට හේතු විය හැක. එනිසා ප්‍රෙඩ්නිසොලෝන් සහ ඩෙක්සාමෙතසෝන් අධි ප්‍රමාණ හෝ මීතයිල් ප්‍රෙඩ්නිසොලෝන් වැනි ප්‍රබල බෙහෙත් සරල රෝග සදහා අනවශ්‍ය ලෙස බාවිතයේදී මේ පිලිබදව ඔබ දැනුවත් විය යුතුය.
3. මෙම බෙහෙත් විශාල සංකුලතා ප්‍රමාණයක් සහිත බෙහෙත් කාණ්ඩයක් නිසා දිගු කාලීන බාවිතය අත්‍යාවශ්‍ය අවස්ථාවලට පමණක් සිමා කල යුතුය.
4. ඇතැම් බටහිර නොවන වෛද්‍යවරු මෙම බෙහෙත් ගැන නිවැරදි අවබෝදයක් නොමැතිව මෙම බෙහෙත් තම බෙහෙත් වලට මිශ්‍ර කර දෙන බව ප්‍රකට මතයකි. එහිදී බාවිතා වන්නේ මෙම බෙහෙත් වල රෝග ලක්ෂණ / අමාරු හන්ගීමේ ගුණයයි.
5. ඇතැම් වන් ෂොට් ලාද තම ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක පවත්වාගන්නේ මෙම බෙහෙත් වල අධි මාත්‍රා වලට පිං සිදු වන්නටය.

16/01/2023

මහජන සේවය පිණිසයි..........
දොස්තරලා මතකෙන්ම බෙහෙත් දෙන්න ඕනද?
පොතක් බලල නැත්නම් තව ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරලා බෙහෙත් දෙන්නේ දන්නේ නැති ඩොක්ටර්ලද?
මුලින්ම මම කථා දෙකක් කියල ඉන්නම්...........
1)
දියුණු බටහිර රටක සේවය කරන මාගේ මිතුරෙක් දිනක් ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙක් හමු වුනා. ඔහුගෙන් විස්තර ඇසූ වෛද්‍යවරයා ඔහු ඉදිරියේම ලැප් ටොප් එක දිග හැර ගත්තේය. ඔහුට පෙනෙන්නට ඔහු ඉදිරියේම අදාල රෝගය ගැන කියවූ ඔහු මා මිතුරාව ඔහුගේ රෝගය පිලිබදව දැනුවත් කර ඔහුට අවශ්‍ය ප්‍රතිකාරද ලියා දුන්නේය.
2)
මෙම සිදුවීම එංගලන්තයේ ප්‍රධාන රෝහලකය.
අදාළ වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයා පැමිණි ගමන් වාට්ටුවේ සියළු වෛද්‍යවරු එක කාමරයකට රැස් වෙයි. ඉන් පසු සියළු දෙනා වාට්ටුවේ රෝගීන්ගේ විස්තර කියවයි. ඉන් පසු එම රෝගීන්ගේ රෝග පිළිබදව අවශ්‍ය අදාල පොත් සහ සගරා කියවයි. ඉන් පසු ඔවුන් අදාළ රෝගීන් ගැන සාකච්චා කරයි. රෝගීන් බැලීමට ඔවුන් පිටත් වන්නේ ඉන් පසුවයි........
මෙම කතා දෙකේම හරය කුමක්ද?
අතීතයේ මෙන් නොව. වර්තමානයේ පවතින රෝග ප්‍රමාණය වැඩිය. නව රෝග නොනවත්වා ලෝකයේ සොයා ගනී. එමෙන්ම එම රෝග ගැන අප දන්නා දැනුම දිනපතා වර්දනය වේ. රෝග සදහා ඇති ප්‍රතිකාර ක්‍රම දිනෙන් දින වැඩි වේ. වෛද්‍යවරුන් බාවිතා කරන බෙහෙත් ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇත.
ඉතින් අතීතයේ වෛද්‍යවරයෙක්ට මතකයෙන් පමණක් සියළු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි උවත් තව දුරටත් එය ප්‍රායෝගික නැත. නමුත් අපගේ රෝගීන් මෙම නව ක්‍රම වෛද්‍යවරයාගේ අඩුපාඩුවක් ලෙස දැකීම නිසා අප වෛද්‍යවරු තම මතකයෙන් පමණක් ප්‍රතිකාර කිරීමට තව දුරටත් උත්සහ කරයි. මෙහි අනිසි ප්‍රථිපල වන්නේ,
1. රෝගය සදහා හොදම ප්‍රතිකාරය රෝගියාට නොලැබීම. (සෑම රෝගයක් සදහා සියළු බෙහෙත් මතක තබා ගැනීම අපහසු නිසා එක් රෝග සදහා තෝරාගත් බෙහෙත් කීපයක් පමණක් බාවිතා කිරීම වෛද්යව්ව්රුන් හුරු වීම.)
2. රෝග විනිශ්චය වැරදීම. (සියළුම රෝග ගැන මතකයේ තබා ගැනීම කිසිවෙකුටත් කල හැක්කක් නොවේ. )
3. බෙහෙත් වැරදි මාත්‍රාවෙන් නිර්දේශ කිරීම.
මේ සියල්ලෙන්ම පාඩු වන්නේ ඔබටමය. එනිසා ඒ පිලිබදව ඔබේ අවදානය යොමු කරන්න. යම් වෛද්‍යවරයෙක් ඔබගේ රෝගය පිලිබදව තව විමසීමට අවශ්‍ය යැයි කිවහොත් හෝ වෙනත් වෛද්‍යවරයෙකු හා කතා කිරීමට අවශ්‍ය යැයි කිවහොත් හෝ ප්‍රතිකාර ලබාදීමට ඉදිරි දිනයක් දී එදිනට පැමිණීමට කීව හොත් හෝ ඔබ ඉදිරියේ යම් කියවීමක් සිදු කළහොත් ඒ ගැන සතුටුවන්න. මිනිසකුගේ මතකයෙන් පමණක් කටයුතු කිරීමේදී විය හැකි සිය ගණනක් වැරදි වලින් ඔබ ආරක්ෂා වී ඇත......
තම මතකයේ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තබා ගනිමින් එය කරකවමින් ලියන අයෙකුට වඩා තම රෝගියාට වඩා ගැලපෙන ප්‍රතිකාර ක්‍රමයක් ලබා දීමට වෙහෙසෙන වෛද්‍යවරයෙක් ඔබට ලැබී ඇත.

16/01/2023

මහජන සේවය පිණිසයි.......
අපි දැන් පොඩ්ඩක් බහුලව බාවිතා වන බෙහෙත් වර්ග ගැන ඉගෙන ගනිමු.
Paracetamol/ පැරසිටමෝල් / Panadol/ පැරසිටෝල් .
මෙය අපි බහුලවම බාවිතා කරන බෙහෙතයි. නමුත් ඔබ නොදන්නා දෙය නම් ලොව වැඩියෙන්ම අධි මාත්‍රාවන් ගැනීම නිසා මිනිස් ශරීරයට හානි පමුණුවන බෙහෙතත් මෙයම වීමයි.
එනිසා බහුලව බාවිතා වන මෙම බෙහෙත නියම ආකාරයෙන් පමණක් බාවිතා කිරීම ඉතා වැදගත් වේ.
පැරසිටමෝල් මාත්‍රාව බර අනුව තීරණය වේ. එම ප්‍රමාණය බර කිලෝ ග්‍රෑම් එකකට බෙහෙත් මිලි ග්‍රෑම් 15කි. එනම් ළමයෙකුට දිය යුතු ප්‍රමාණය ඔහුගේ බර කිලෝ ග්‍රෑම් ගණන වැඩි කිරීම පහළොව වේ. එය දිය යුතු බෙහෙත් මිලි ග්‍රෑම් ගණන වේ. වරකට දිය හැකි උපරිම ප්‍රමාණය මිලි ග්‍රෑම් 1000 කි. ග්‍රෑම් 1 කි. එම මාත්‍රාව නැවත ලබා දිය හැක්කේ පැය හයකට පසුවය. පැය හයකට පෙර නැවත ලබාදීම ශරීරයට හානිකර වේ.

16/01/2023

මහජන සේවය පිණිසයි.......
(මෙඩිකල් චෙකප්. කාලෙකින් නොකරපු නිසා ටෙස්ට් කිරීම )
මේක නම් මන් ගැන කතාවක්...
අවුරුදු 14 කට ඉස්සෙල්ල. මම කැම්පස් අන්තිම අවුරුද්දේ........
හොස්පිටල් එකේ නිකන් ඉන්න ගමන් කොලෙස්ටරෝල් ටෙස්ට් එකක් කරා. අප්පට සිරි. වැඩී. තාම විසි ගණන්.
දැන් මොකද කරන්නේ....... කල්පනා කරා......
අප්රෝච් කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්ට ඉන්නේ එච් ඕ අයියනේ.... හිටියේ Lakshan Abeynaike අයිය. ගිහින් රිපෝර්ට් එක දික් කරලා ඇහුව මොකද කරන්නේ කියල.
එක පාරක් මගේ දිහා බැලුව. "මොකටද මේක කරේ. දැන් ### හිතන් ඉන්නේ ජීවිත කාලේම ඇටෝවස්ටැටින් බොන්නද?"
මන් රිපෝර්ට් එකත් අරන් හැරිලා අවා. ඒ එන ගමනුත්, ඒ වෙලේ ඉදන් දවස් ගානක් යනකනුත් ඒ අහපු ප්‍රස්නේ ගැන හිතුව. ඇත්තම කිවුවොත් මම මෙඩිසින් සම්පුර්ණයෙන්ම ඉගෙන ගත්තේ ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ගිහිල්ල. ලෙක්චර්ස්ලා ප්‍රොෆ ලා පැය ගණන් ඉගැන්නුවට වඩා වැදගත් ප්‍රායෝගික පාඩමක් ඒ ප්‍රස්නේ ඇතුලේ තිබ්බා. මුළු බුද්ද බාශිතයම වචන තුනක තියෙනවා වගේ සමස්ත වෛද්‍ය විද්‍යාවම මට ඒ ප්‍රස්නේ ඇතුලේ තිබ්බා.
එදා ඉදන් අද වෙනකන් කිසිම ටෙස්ට් එකක් ප්‍රතිකාරයක් හරි ඉන්ඩිකේෂන් එකක් නැතිව කරේ නැහැ. ගත්තේ නැහැ.
ප. ස.
1. අපි කවුරුවත් සදා කල් ජිවත් වෙන්න ඉපදිලා නැහැ.
2. බටහිර වෛද්‍ය විද්‍යාව විද්‍යාවක්. ඒක සාක්ෂි සහ තර්කය මත පදනම් වෙලා තියෙන ක්‍රමයක්. ඔබ එය අනුගමනය කරන්නේ නම් විද්‍යානුකුලව සහ තර්කනුකුලව කටයුතු කල යුතුයි.
3. එහි ගුරු මුෂ්ටි නැත. සැගවුණු වට්ටෝරු නැත. ඕනෑම අයෙකුට පොත් පත් සහ අන්තර්ජාලය හරහා බොන බෙහෙතේ හැඩය, හොද නරක, ලෙඩේ හොද කරන ආකාරය ඇතුළු ලෙඩ ගැන සියල්ල කියවිය හැක.
4. අපගේ පරීක්ෂණ හෝ බෙහෙත් වලින් ඔබට උපරිම පල ලැබෙන්නේ ඒවා නිවැරදි අවස්ථාවේ නිවැරදි අයුරින් සිදු කලොත් පමණි. අනවශ්‍ය ලෙස බෙහෙත් බීම වාගේම පරීක්ෂණ කිරීමද කරදර වලට අත වැනීමකි.
5. එනිසා කරුණු නිවැරදිව දත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගෙන මෙම බෙහෙත් සහ පරීක්ෂණ වලින් උපරිම පල ලබාගන්න. උදාහරණයක් ලෙස නොර්මල් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් ආපහු කල යුත්තේ අවුරුදු තුනකට පසුය. නොර්මල් එෆ් බී එස් එකක් අපහු කල යුත්තේ වසරකිනි. මේ ලිවුවේ බහුලවම අව බාවිතා වන පරීක්ෂණ දෙකයි.
6. මෙඩිකල් චෙක් අප්ස් යනු කිසිදු විද්‍යාත්මක පදනමක් නැති, බොහෝ විට රෝගීන් තවත් අනවශ්‍ය පරීක්ෂණ රැසකට මුහුණ දී අවසන් ප්‍රතිපලයේ වෙනසක් නැතිව නැවතත් මුලටම එන වියාපාරික මාෆියාවකි.

16/01/2023

If you have any hope to build this country, learn to ignore the opinions of those who were formed for Lal's story in important political discussions

16/01/2023

If current team is failing answer is not the gang failed before them. This country has 22 million not few dozen of people.
so next option is newcommers next in line; yes next generation.

16/01/2023

2022 කියන්නේ මේ රටේ දේශපාලනයේ සුවිශේෂී වසරක් මෙන්ම හැරවුම් ලක්ෂයක්. සමහරුන් එය අදුරු මතකයක් ලෙසත් සමහරුන් එය ස්වර්ණ හෝරාවක් ලෙසත් අර්ථ දක්වනවා. එය බොහෝදුරට තම තමන්ගේ දේශපාලන කියවීම මත තීරණය වන්නක් බවයි මගේ හැගීම. නමුත් අපි හැමෝටම එකග වන්නට සිදුවන පැහැදිලි පණිවිඩයක් රිදී රේකාවක් මෙන් සමාජය සිසාරා පැතිර ගිය බව නම් සත්‍යක්.

"තව දුරටත් මෙම වයෝවුර්ද කල් පැනගිය නායකයන්ගෙන් පලක් නැත. තරුණ පරපුර රට බාරගත යුතුයි "

මෙම පණිවිඩය ඉතා පැහැදිළිව අති මහත් බහුතරය විසින් ආදරයෙන් වැලද ගත්හ.

ඒ විප්ලවයත් සමග අප බලාපොරොත්තු වූ පිබිදීම, විපර්යාසය යම් බොදවිමකට ලක් වී ඇති බව සත්‍යකි. මන්ද අපි බලාපොරොත්තු වූ ආකාරයේ අළුත් යොවුන් දේශපාලන නායකත්වයක් හෝ කණ්ඩායමක් මතු නොවූ නිසාවෙනි.

එසේම තවත් සිතා බැලිය යුතු කාරණයක් ඇත. එම වියසනය හරහා රනිල් නැවත ජනපති වීමත් තත්වය යම් දුරකට කළමනාකරණය වීමත් යන කරණය. රනිල් යනු මෙම වියසනයේ හේතුවක් මිස එයට පිළිතුරක් නොවන බව වටහා ගැනීමට ඔහුගේ දේශපාලන ආයු කාලය යන කරුණ පමණක් ප්‍රමාණවත් වේ. නමුත් ඔහුගේ මෙම නැවත පණ ගසා නැගිටීම තුල ඉතා වැදගත් කරුණක් සනාත වේ. එනම් පුර්ණ වශයෙන් නැවුම් වූ කණ්ඩායමකට රටක් එකවර බාරගෙන පාලනය කල නොහැකි බව.

එසේ නම් දැන් ලක් වැසි අපට ඉතුරු වී ඇති විකල්පය කුමක්ද?

එසේනම් අපට ඇති එකම විකල්පය නම්

පවතින නඩයන්ගෙන් අරගලයේ පණිවිඩය පිළිගෙන තරුණයන් හට සැබෑ අවස්ථාවක් දීමට සුදානම් තරුණයන් හට සැබෑ තීරක බලයක් ලබා දීමට, ප්‍රතිපත්ති සැකසීමේ කාර්යන් පැවරීමට සුදානම් දේශපාලන කණ්ඩායමක් තෝරා ගැනීමයි.

Address

Boralesgomuwa

Telephone

+94770310101

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Seneth Gajasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Seneth Gajasinghe:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category