
14/09/2025
පිලිකාව☠️
පිලිකාවක් කියන්නේ අපේ ශරීරයේ ඕනැම තැනක සිදුවිය හැකි අසාමාන්‍ය සෛල වර්ධනයක්. ජානමය විකෘති තාවයන් හේතුවෙන් ඒ සෛලවල අසාමාන්‍ය වර්ධනය සිදුවෙනවා.
අපේ ශරීරයේ සාමාන්‍ය සෛලයක ක්‍රියාවන් සිද්දවෙන්නේ ඒ සෛලය ඇතුලේ තියෙන DNA වල ගබඩා කරලා තියෙන දත්ත වලට අනුව
ඉතිං මේ සෛලයක විභාජනය හා වර්ධනය නියාමනය කරන ජානත් තියෙන්නේ මේ DNA වල. DNA වල සිදුවන විකෘති තාවය නිසා පිලිකාව හටගන්නවා
ප්‍රධාන වශයෙන් සෛලයක වර්ධනය පාලනය කරන ජාන වර්ග දෙකක් තියෙනවා.
🔹oncogene
🔹tumor suppressor gene
මේ oncogene එකෙන් තමයි සෛල වල වර්ධනයට අවශ්‍ය දත්ත සපයන්නේ. Tumor suppressor gene එකෙන් තමයි වර්ධනය නවත්තන්න ඕන දත්ත දෙන්නේ. මේ ජාන වල සාමාන්‍ය සැකසුම වෙනස් උනාම එනම් විකෘති උනාම සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැර වෙලා අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය සිදු වෙනවා.. මේ තත්වය පිලිකාවේ ආරම්භය ලෙස ගන්න පුලුවන්.
☠️කොහොමද අපේ සෛලවල තියෙන DNA වල ජාන වෙනස් වෙන්නේ? පිලිකාකාරක ( carcinogens) වලට පහසුවෙන් DNA වෙනස් කරන්න පුලුවන්.
💀 දුම්පානය කිරිම
💀 අදියර කිපයකින් සකස් කරන ලද ආහාර( නූල්ඩස්, සොසේජස්, මීට්බෝල්ස්, ක්ෂනික බීම, etc....)
💀 ඇල්කොහොල්
💀අධික ලෙස සූර්යය විකිරණ වලට නිරාවරනය වීම , Uv කිරණ
💀 රසකාරක( benzophenone, ethyl acrylate , styrene)
💀formaldyhide
💀Asbestos
💀 වෛරස (HPV)
මෙවැනි බෙහොමයක් පිලිකාකාරක ගැන අවබෝධයක්
අනතර්ජාලය හරහා ඔබට දැනගත හැක.
ඉහත සදහන් කරපු දේවල් නිසා ඔබට ඔබේ දරුවාට පිලිකා තත්වයන් වැලදිය හැක... මේ දේවල් වලින් පරිස්සම් වීම ඔබගේ වගකීමකි..
Dr SM සචිත් මධුසංඛ
MBBS Sri Lanka
0763752022
Lifecare Medical Center