Arogya Pharmacy & Family Clinic

Arogya Pharmacy & Family Clinic Arogya Pharmacy & Family Clinic

ECG | Blood | Urine Checkups
Pharmacy
OPD
Clinic
Wound treatment

කකුල බේරුනා....
30/05/2024

කකුල බේරුනා....

දෙමසක වෙනස...
30/05/2024

දෙමසක වෙනස...

බෙහෙත් ඇලර්ජි ✅ සාමාන්‍යයෙන් නම් බෙහෙත් ඇලර්ජික් වෙන එක ආන්ඩුවේ වත්, වෛද්‍යවරුන් - හෙදියන්ගෙ වත්, බෙහෙතේ වරදක් වත් නෙවෙය...
13/07/2023

බෙහෙත් ඇලර්ජි

✅ සාමාන්‍යයෙන් නම් බෙහෙත් ඇලර්ජික් වෙන එක ආන්ඩුවේ වත්, වෛද්‍යවරුන් - හෙදියන්ගෙ වත්, බෙහෙතේ වරදක් වත් නෙවෙයි.

✅ඒක අදාල පුද්ගලයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් අදාල බෙහෙත වරදවා හානිකර සංයෝගයක් විදියට අඳුරගෙන,ශරීරයෙන්ම එන ප්‍රතික්‍රියාවක්. ඉතාම පොඩි ආසාත්මිකතාවකදී ඇඟ කසල පලු දැම්මට, සමහර කලාතුරකින් කෙනෙක්ගෙ විනාඩි කීපයකින් ස්වශන පද්ධතිය ඉදිමිලා මැරිලා වැටෙන්න පුළුවන්.

✅ඇලර්ජි පුද්ගලයගෙන්, පුද්ගලයට සම්පුර්ණයෙන්ම වෙනස්. ඒවා මිනිස්සුන්ගෙ ජානමය වෙනස්කම් නිසා තමයි එහෙම වෙනස් විදියට ඇතිවෙන්නෙ. නමුත් එකවරක් ඔබට ඇලර්ජික් උන බෙහෙතක් ජීවිත කාලෙම ආයෙ වෛද්‍යවරුන් දෙන්නෙ නෑ. මොකද දෙවනි වතාවෙ ප්‍රතික්‍රියාව පලවෙනි වතාවට වඩා ලොකු එකක් වෙන්න පුළුවන්.

✅ඇලර්ජී තියනවද නැත්ද කියලා ලෝකෙ කොහේවත් හැම බෙහෙතම දෙන්න කලින් චෙක් කරන්නෙ නෑ. ඉතාම සීමීත බෙහෙත් කීපයක එහෙම ටෙස්ට් කරනවා. සමහර බෙහෙත් වර්ග වලට කොහොමත් වැඩිපුර ඇලර්ජීස් එන්න පුළුවන්. උදාහරණයක් විදියට සර්ප ප්‍රතිවිශ.

✅කන කෑම, ගාන සබන් ඉඳලා ඕනෙම බෙහෙතක් ඇලර්ජික් වෙන්න පුළුවන්.
ඔබට ඇලර්ජික් බෙහෙත් වර්ගය තව මිනිස්සු මිලියන ගානකට විද්දත් ඇලර්ජික් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒක සම්පුර්ණයෙන්ම පුද්ගලානුබද්ධ යි. ඔබ ඉස්සො ඩෙවල් කද්දි, එක ඉස්සෙක් කාල ඇලර්ජික් වෙලා මියගිය අය ගැන ඔබ අහල තියෙන්නෙ ඒකයි.

✅ බෙහෙත් විෂවෙනවා කියල ජනවහරෙ කියන්නෙ මේ ඇලර්ජිස් වලට. ඒක සම්පුර්ණයෙන්ම වරදි අදහසක් දෙන වචනයක්. හරි වචනේ ආසාත්මිකතා කියන එක.
නවීන බෙහෙත් ඔක්කොම එන්නෙ විෂ වලට සම්පුර්ණයෙන්ම ටෙස්ට් කරලා. ඒ කිව්වෙ Toxicity Studies කරල මිසක් අලුත් කිසිම බෙහෙතක් නිශ්පාදනය කරන්න බෑ. ඒ නිසා විෂ-වෙන බෙහෙත් කියලා ජාතියක් වෛද්‍ය විද්‍යාවෙ නෑ.

✅ නවීන වෛද්‍ය විද්‍යාවෙ, ඕනෙම ප්‍රතිකාරයක් කරන්නෙ ඒකෙන් ලැබෙන වාසිය, රෝගයෙන් වෙන අවාසියට වඩා ඉතාම වැඩිනම් විතරයි. ඒ නිසා කවුරුත් විෂ බෙහෙත් රෝහල්වල විදින්නෙ නෑ.

✅ එතකොට, රෝහලක මේ වගේ මාරාන්තික ඇලර්ජි එකකින් මියයාම ඉතාම අවාසනාවන්ත තත්වයක්. තාම මේ මරණයට හරිම හේතුව නිශ්චිතවම හොයාගෙන නෑ.ඒක ඇලජි එකක්මද කියන්න අපි තාම ඉක්මන් වැඩී. ඒ නිසා මේ ප්‍රවෘත්ති හරියටම තහවුරු වෙනකම් බලමු කියන එක තමයි වඩාත්ම හොඳ.

ඇලර්ජි එකක් නම්, කාර්ය මන්ඩලය මේ වගේ කේස් එකකදි තමන්ගෙ උපරිම උත්සාහය ගන්නවා රෝගියා බේරගන්න. සමහර උපකරන වල හිඟකම, මානව සම්පත් අඩුකම හෝ කාර්ය මන්ඩලයේ මිනිස් අතපසුවීම් , ප්‍රමාදවීම් දක්වා ලොකු පරාසයක දේවල් මේ වගේ රෝගියෙක් මැරෙන එකට බාහිර හේතු වෙන්න පුළුවන්. ඒ සියල්ල ගැන පරීක්ෂනයක් වෙන එක ඉතාම හොඳ දෙයක්.

✅ බාල බෙහෙත් කියන්නෙ, අදාල ඖෂධයේ අඩු කොලිටි සමාගමකින් හදන බෙහෙත් එක. උදාහරණයක් විදියට පිලිකා ඖෂධයක් වෙන Zoledronic acid බෙහෙත ඉන්දියාවෙ රුපියල් 800 ඉඳල 16,000 වෙනකම් ගනන් වලට තියනවා. අපේ රටේ මිල පාලන ගැසට් නිසා බොහෝවිට අපිට එන්නෙ මේ පහල ලෙවෙල් එකේ බෙහෙත් බ්‍රෑන්ඩ් විතරයි. මේ බෙහෙත් දෙකම එක උනාට, මරුටියයි බෙන්ස් එකයි වගේ. අඩු කොලිටි ඒවගෙ බෙහෙතට අමතරව තව නිශ්පාදන ක්‍රියාවලියෙදි ෆිල්ටර් කරල අයින් කරන්න ඕනෙ කෙමිකල් යම් ප්‍රමානයක් තියෙන නිසා වැඩිපුර ඇලර්ජි ප්‍රමානයක් වෙන්න න්‍යායාත්මක ඉඩක් තියනවා.

✅ තවමත්, ඔබට රෝගයකට ප්‍රතිකාර කරගන්න තියන ආරක්ෂිතම ක්‍රමය නවීන වෛද්‍ය විද්‍යාව විතරයි. මේ සිදුවීම් මිනිස්සු මිලියන ගනනකින් එක් අයෙකුට වෙන්න පුළුවන් ඉතාම විරල, අවාසනාවන්ත සිද්ධි. ලෝකෙ නවීනම සෞඛ්‍ය පහසුකම් තියන ඇමරිකාවෙත් මිනිස්සු 1000ක් විතර වසරකට ඇලජි වෙලා මැරෙනවා.

✅නමුත්, මේ වගේ අහඹු සිද්ධි වලින් ඔබව කම්පනය වෙන වෙලවෙ, ඔලුව උස්සන්න හදන නා-නා ප්‍රකාර හොර වෙදුන්ගෙන් නම් ඔබ ඇලර්ජි වලට වඩා පරෙස්සම් වෙන්න ඕනෙ.

ස්තුතී
Chanith Peduruarachchi

මෙම රෝගය ප්‍රදේශයේ සුලභවම පවතින චර්ම රෝගය වේ. Dermatohyte වර්ගයට අයත් දිලීර ආසාදනය හේතුවෙන් හටගනී. සම මත ඇතිවන මෙම දිලීර...
01/06/2023

මෙම රෝගය ප්‍රදේශයේ සුලභවම පවතින චර්ම රෝගය වේ. Dermatohyte වර්ගයට අයත් දිලීර ආසාදනය හේතුවෙන් හටගනී. සම මත ඇතිවන මෙම දිලීර ආසාදන Tinea ලෙස හදුන්වයි.

මුලින්ම ඉකිලි හා කාන්තාවන්ගේ පියයුරු වල පහල පපු ප්‍රදේශය ආශ්‍රිත්වත් ආරම්භ වී පසුව ශරීරය පුරා පැතිරී යයි. ක්‍රමිකව විශාල වන වලලු ආකාර දදය දාඩිය දැමීමේදී අධිකලෙස කසනසුලු වේ.

ඇතැම්විට කසන තුවාල පැසවා කුද්දැටි ඉලිප්පී උන ඇතිවීමද සිදුවේ.

වෛදය නිර්දේශයකින් තොරව විවිධ ක්‍රීම් වර්ග භාවිතය රෝගය පාලනය කිරීම අපහසු කරවා ඇත. Hydrocortison ,Betamethason ආදී steroid ඛාන්ඩයට අයත් ක්‍රීම් වර්ග මගින් තාවකාලිකව රෝග ලක්ශන යටපත් කිරීම සිදු වුවත් රෝගය උත්සන්න වීම සිදුවේ. ඖශධ භාවිතය පමනක් මගින් රෝගය නිට්ටාවට සුව කල නොහැකි අතර ඒ සදහා කලයුතු ප්‍රතිකාර පහත ලෙස දැක්විය හැකිය.

01-රෝගය සහිත පවුලේ සැමට එකවර ප්‍රතිකාර කල යුතුය.

02-භාවිතා කරන සියලු ඇදුම් , තුවා, ඇද ඇතිරිලි සියල්ල සතියකට වරක් හැලියකට දමා තැම්බීම සිදු කල යුතුය.

03 වෛදය නිර්දේශය මත පමනක් ප්‍රතිකාර කල යුතුය.

මෙහිදී ඔබගේ සායනික ඉතිහාසය,ප්‍රතිකාර ඉතිහාසය, රෝගයේ ව්‍යාප්තිය ආදී කරුනු සැලකීමෙන් අනතුරුව ප්‍රතිකාර නියම කරනු ඇත. එහිදී දිලීර නාශක ක්‍රීම්, දිලීර නාශක පෙති, ද්විතික බැක්ටීටියා ආසාදන ඇත්නම් ඊට අදාල ප්‍රතිජීවක ,කැසීම පාලනය සදහා අවශ්‍ය ඖශධ ,සබන් වර්ග යන ප්‍රතිකාර අතරින් ඖශධ වර්ග කිහිපයක් ඔබට ලබාදෙනු ඇති අතර ඒවා නිසියාකාරව භාවිතා කල යුතුය.බොහෝවිට ප්‍රතිකාර කාලසීමාව මාසය ඉක්මවනු ඇත. ඇතැම් විට මුල් ප්‍රතිකාර වටයේ දිලීර නාශක වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් වෙනත් ඛාන්ඩ එකක හෝ කිහිපයක දිලීර නාශක භාවිතා කරන්නට වනු ඇත.

02/12/2022

සයටිකා රෝගය (Sciatica) ගැන ඇතැම්විට ඔබ දැනුවත් ඇති. නැතිනම් මේ වන විටත් ඔබට රෝග ලක්ෂණ පෙන්නුම් කලත් රෝගය පිළිබදව අවබෝධයක් නොමැතිව සිටිනවා විය හැකියි. අධික වේදනා දෙන මෙම සයටිකා රෝගී තත්වය (Sciatica) පිළිබදව දැනුවත් කිරීමේ හා එය පහසුවෙන් සුවකරගත හැකි ආකාරය පිළිබදව අද ඔබව මෙම ලිපියෙන් දැනුවත් කරන්නට අදහස් කරනවා. ලිපිය කියවා තවත් අයෙක්ට බලාගැනීමට හැකිසේ Share කිරීමට අමතක නොකරන්න.

මැදිවියේ බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන රෝගී තත්වයක් ලෙස සයටිකා දැකිය හැකි අතර වයස අවු: 40,45 අතර 45% ප්‍රතිශතය දක්නට ලැබේ. වත්මන් ජීවන රටාව නිසා මැදිවියේ පුද්ගලයන්ට පමණක්ම නොව තරුණ, තරුණියන් අතරද දැන් දැන් මේ සයටිකා රෝගය බහුලව දක්නට ලැබෙන තත්වයක් ඇතිවී තිබෙනවා.

සයටිකා ලෙස හැදින්වෙන්නේ අපේ ශරීරයේ විශාලතම ස්නායුව වන සයටිකා ස්නායුව තෙරපීමක් නිසා ඇතිවන වේදනාකාරී තත්වයකි. මෙය අපේ කොන්දේ පහළම පිහිටි කශේරුකා වලින් පටන් ගන්නා අතර ( L4, L5,S1, S2) එහි කශේරුකා අතර නොයෙකුත් හේතු නිසා සයටිකා ස්නායුව තෙරපීම නිසා වේදනාකාරී රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හෝ එකවර මතුවිය හැක.

👉 මෙහි පෙන්වන රෝග ලක්ෂණ
🔹 කොන්දේ පහල කොටස නිතර වේදනාව ගෙනදීම. (Lower back pain ).
🔹 ඉගටියේ එක් පැත්තක එන වේදනාව (Hip pain).
🔹 හිදගෙන සිටින විට දරාගත නොහැකි වේදනාව.
🔹 කකුල පුරා එන දැවිල්ල, පිච්චෙන ගතිය, කුබි දුවනවා වගේ දැනීම.
🔹 පාදයේ පහල කොටස හෝ පාදය දිගේ කුබි දුවනවා වගේ දැනීම, ඉදිකටු අනිනවා වගේ දැනීම, හිරි වැටිම .
🔹 එක් වරම නැගිටිමේ අපහසුතාවය, කොන්දේ සිට පහලට එන වේදනාව.
🔹 පාදය දිගේ එක්වරම විදුලියක් වැනි වේදනාවක් ගමන් කිරිම.
🔹 පාදයේ පිච්චෙන,දැවිල්ල ස්වභාවයක් පහල කොටසේ ඇතිවීම,ඇතැම් විට කලව ප්‍රදේශයෙද දක්නට පුළුවන.
🔹 පාදයේ පහල කොටස නිරන්තරයෙන් වේදනා දැනිම.

ආතරයිටිස් තත්වය නිසා පාද ඇද ගැසීගෙන යන විට බොහෝ අයට සිදුවන වෙනස නොදැනුවත් 50% ඉක්මවා ඇදය ඇති වූ විට කොන්දට සිදුවන බලපැම එක්තරා අවස්ථාවකදී මෙම ස්නායුව තෙරපීමක් සමග දැනෙන වේදනාව දණහිස් වේදනාව ඉක්මවා යා හැකියි.

මැදිවිය, වයස්ගත මව්වරු, පියවරු බොහෝ අසරණව ඇවිදගත නොහැකිව බොහෝ වේදනා වලට බලපාන එක හේතුවක් ලෙස මෙය සැලකිය හැකියි.
මෙවැනි අවස්ථාවකදී හේතුව යථා තත්වයට නොගතහොත් වේදනාවට පමණක් ප්‍රතිකාර ගැනීම තුළ ක්‍රම ක්‍රමයෙන් එය වර්ධනය වී සැත්කම් වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථා ඇතිවිය හැක.

👉 සයටිකා රෝගය ඇතිවීමේ හේතු සාධක
කොන්දේ පහලම ප්‍රදේශයේ L4, L5,S1, S2 යන කශේරුකා අතරින් හටගන්නා ස්නායු එකතු වී තනි ස්නායුවක් ලෙස පාදය දිගේ පහලට ගමන් කරයි. නමුත් එම කශේරුකා අතර යම්කිසි ආකාරයක තෙරපීමක් ඇතිවීම, එනම්
🔹 කාටිලේජ ගෙවීයාම නිසා (Degenerative Changes )
🔹 කශේරුකා අතර කාටිලේජ් ඉදිරියට නෙරා යාමක් සිදුවීම (Disc Bulge)
🔹 කශේරුකා අතර කාටිලේජ් සුසුම්නාවට ගැවීම (Herniation)
🔹 වයසත් සමග අස්ථි අධිවර්ධනය වීම කශේරුකා අතර ස්නායු මාර්ග පටුවීම (Spinal Stenosis )
🔹 කශේරුකා එකිනෙක ලිස්සා යාම (Spondylolisthesis)
🔹 කශේරුකා දිරායාම (Spondylosis)

කශේරුකා අතර සිදුවන වෙනසට හේතු සාධක විය හැක. මීට අමතරව පහත හේතුසාධකද සයටිකා රෝගය ඇතිවීමට බලපෑ හැකියි‍.

🔹 එසවිය නොහැකි අධික බරක් එසවීම.
🔹 වැරදි ඉරියව් අනුගමනය කිරීම.
🔹 හිතුමතේ වැරදි ආකාර ව්‍යායාම් අනුගමනය කිරිම.
🔹 සිදුවන හදිසි අනතුරු.
🔹 ස්ථුලභාවය.
🔹 ආතරයිටිස් තත්වය නිසා පාද ඇද ගැසීගෙන යන විට බොහෝ අයට සිදුවන වෙනස නොදැනුවත්ව 50% ඉක්මවා ඇදය ඇති වූ විට කොන්දට සිදුවන බලපෑම එක්තරා අවස්ථාවකදී මෙම ස්නායුව තෙරපීම සිදුවිය හැක.

හෝමියෝපති ප්‍රතිකාර සයටිකා රෝගීන්ට ස්විශේෂී ප්‍රතිකාරයක් වන්නේ රෝගියාගේ රෝග ලක්‍ෂණ මුල්කරගෙන කායික මෙන්ම මානසිකත්වයද සැලකිල්ලට ගෙන සිදුකරන ප්‍රතිකාරයක් නිසා රෝග ලක්‍ෂණ වලට සමාන ඖෂධය දීම තුල වේදනා නාශක නොමැතිව රෝග ලක්‍ෂණය ලෙස පෙන්වූ වේදනාව නැතිව යන්නේ රෝගයට හේතුවද නැති කරමින්ය. ඉදිකටු අනිනවා වගේ හිරිවැටෙන ස්භාවය, පිච්චෙන, දැවිල්ල ස්භාවය නැතිව යාම නොදැනුවත්වම හේතුව ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වී රෝගියා සුවවීම,ප්‍රතිශක්තිකරණය ගොඩනැගීම තුළ වෙනස්ව තිබු ව්‍යුහාත්මක වෙනස්කම් යලි යථා තත්වයට ගෙනදීම වේ.

👉 පරීක්‍ෂණ
ℹ X -Ray පරීක්‍ෂණ.
ℹ MRI පරීක්‍ෂණ.
ℹ වෛද්‍යවරයා කරනු ලබන පරීක්‍ෂා මගින් බොහෝ විට නිගමනයට එලබිය හැක. නමුත් ඇතැම් විට රෝගය පිළිබද දෙපාර්ශවයේම දැනුවත් භාවයට පරීක්‍ෂණ සිදුකල යුතු වනු ඇත.

👉 වලක්වා ගත හැකි ක්‍රම
♦ වැරදි ඉරියව් අනුගමනය නොකිරීම.
♦ පමණට වඩා අධික බර එසවීමෙන් වැලැක්වීම.
♦ පෝෂණයෙන් යුක්ත ආහාර රටාවකට යොමුවීම.
♦ මත්පැන් පානයෙන් වැලකීම.

02/12/2022

#පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය.
සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන් සමනය කරගැනීම සදහා වැඩි ඖෂධ මාත්‍රාවක්‌ ලබා ගන්නා අවස්‌ථා දක්‌නට ලැබේ. නමුත් පැරසිටමෝල් වල ප්‍රශස්‌ත රෝග පාලන මාත්‍රාව වන්නේ සිරුරෙහි බර කිලෝග්‍රැම් එකකට පැරසිටමෝල් මිලිග්‍රැම් 15ක්‌ වන අගයෙනි. මෙයට වඩා කොපමන මාත්‍රාව වැඩිකළ ද එමගින් ඉන් ලැබෙන රෝග පාලන හැකියාව වෙනස්‌ නොවේ. නමුත් එමගින් අක්‌මාවේ සෛල විනාශවීම සීග්‍රයෙන් වැඩිවේ.
වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන්ට සිරුරේ බර කිලෝග්‍රෑමයකට පැරසිටමෝල් මිලිග්‍රැම් 150 කට වඩා ගත් විටදීත් වැඩිහිටි අයෙකුට දිනක්‌ තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්‍රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත.
පැරසිටමෝල් අධිමාත්‍රාවක්‌ ගත් විට එය සිරුර තුළ දක්‌වන ක්‍රියාකාරිත්වය මත රෝග ලක්‌ෂණ ඇතිකරනු ලැබේ.
මෙය ප්‍රධාන අවස්‌ථා 4කට වෙන්කර දැක්‌විය හැකි.
1 වන අවස්‌ථාව
පැරසිටමෝල් අධි මාත්‍රාව ශරීර ගතවී පැය භාගයත් පැය 24ත් ඇතුළත කාලය.
මෙහිදී රෝගියා කිසිදු රෝග ලක්‌ෂනයක්‌ නොපෙන්වා සිටිය හැකිය.
සමහර විටෙක කෑම අප්‍රිය ගතිය, ඔක්‌කාරය,වමනය සහ විඩා ගතිය පෙන්විය හැකිය.
2 වන අවස්‌ථාව
පැය 18 ත් 72ත් අතර කාලය
සිරුරේ දකුණු පස උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඉහත ලක්‌ෂන වලට අමතරව ඇතිවිය හැකියිs.
හෘද ස්‌පන්දන වේගය වැඩිවීම සහ රුධිර පීඩනය අඩුවීමද සමහර විට දක්‌නට ලැබේ. මුත්‍රා පිටවීම අඩුවීමත් සමහර රෝගීන් තුළ දක්‌නට ලැබේ.
3 වන අවස්‌ථාව
පැය 72 ත් 96 ත් අතර කාලය.
ඉහත රෝග ලක්‌ෂන වලට අමතරව අක්‌මාවේ සෛල විනාශවීම නිසා සිරුර කහ පැහැ ගැනීම, රුධිරය කැටි නොගැසීම නිසා පහසුවෙන් රුධිර වහනය වීම, රුධිර සීනි මට්‌ටම පහළ බැසීම මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම නිසා නොසන්සුන් බව, විපිලිසර බව සහ සිහිය නැතිවී යාමද මෙම අවස්‌ථාවේදී සිදුවිය හැකිය.
ක්‍ෂනිකව ඇති වන වකුගඩු අක්‍රියවීම ද සමහර රෝගින් ගෙන් දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයකි.
බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව හේතුවෙන් මෙම අවස්‌ථාවේ රෝගියා මරණයට පත්විය හැකිය.
4 වන අවස්‌ථාව
දින 4 ත් සති 3ත් අතර කාලය.
ඉහත 3වන අවස්‌ථාව පසු කිරීමට හැකි වුවහොත් මෙම අවධියේදී අක්‌මාව සහ අනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්වයට පත්වේ.
කෙසේ වුවද එවන් පැරසිටමෝල් අධිමාත්‍රාවක්‌ භාවිත කළ අයෙකු හැකි ඉක්‌මනින් රෝහල් ගතකළහොත් ඒ සඳහාම ඇති ඖෂධයක්‌ ශරීර ගතකර අක්‌මාවට වන හානිය අවම කරගත හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
කෙතරම් වටිනා ඖෂධයක්‌ වුවද වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වුවද මෙම ඖෂධය අත්‍යවශ්‍ය විටකදි පමණක්‌ නියමිත මාත්‍රාව නොඉක්‌මවා ලබාගැනීම ඉතා වැදගත්වේ.

02/12/2022

දියවැඩියාව

දියවැඩියාව යනු කුමක්ද?

රැධිරයේ සීනි පාලනයට ශරීරයට ඇති නොහැකියාව දියවැඩියාව ලෙස සරලවම හැඳින්විය හැකිය.

මෙහි ප්‍රධාන ප්‍රභේද තුනක් හඳුනාගත හැකිය.

පළමු වර්ගය (Type 1)
ලාබාල ව⁣යසේදීම ආරම්භ වේ. සීනි පාලනය සඳහා වැදගත් වන ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවයවීමේ ඌණතාවයක් නිසා ඇති වේ.

දෙවන වර්ගය (Type 2)
සීනි පාලනය සඳහා වැදගත් වන ඉන්සියුලින් හෝර්මෝනයට ශරීරයේ අනෙකුත් පටක දක්වා සංවේදීතාව අඩු වීම නිසා ඇති වේ. වැඩිහිටි වයසේදී ආරම්භ වේ.

තෙවන වර්ගය (Type 3)
ගර්භනී සමයේ ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා ඇති වේ. සාමාන්‍යයෙන් ගර්භනී සමයෙන් පසුව යතා තත්වයට පත් වුවද පසු කාලීන වශයෙන් දෙවන වර්ගයේ (Type 2) දියවැඩියාව ඇති වීමේ නැඹුරැතාවයක් පෙන්වයි.

රෝග ලක්ෂණ
පළමු වර්ගයේ දියවැඩියාව මූලික අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්වන අතර, තුන්වන වර්ගයේ දියවැඩියාව ගර්භනී සමයේ සිදුකරන රැධිර පරීක්ෂණ වලින් හඳුනා ගනී. දෙවන වර්ගයේ දියවැඩියාව රෝග ලක්ෂණ පෙන්වන්නේ රෝගය ආරම්භ වී වසර 6-7 කාලයක් ගත වූ විටය.

රෝග ලක්ෂණ
1🔘 අධික පිපාසය
🔘 අධික ලෙස මුත්‍රා පිටවීම
🔘 ශරීරය කෙට්ටු වීම
මූලික ලක්ෂණ වන අතර, අනෙකුත් රෝග ලක්ෂණ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වේ. ඒවා නම්,
🔘අංශභාගය
🔘හෘදයාබාධ
🔘ඇස් ⁣පෙනීම දුර්වලවීම හා ඇසේ සුද මතු
වීම.
🔘වකුගඩු අකර්මන්‍යවීම.
🔘ලිංගික බෙලහීනතාවය.
🔘තුවාල සුව නොවීම.
🔘ප්‍රතිශක්තිය හීන වීම නිසා නිතර නිතර
ඇතිවන ආසාදන
(මුත්‍රා ආසාදන, නියුමෝනියාව)

දියවැඩියාව පාලනය කළ යුත්තේ ඇයි?
ඉහත කී සංකූලතා රැධිරයේ සීනි පාලනය අක්‍රමවත්වීම ආරම්භ වීමත් සමග ආරම්භ වන අතර, ඒවාට අදාල රෝග ලක්ෂණ පෙන්වීම වසර කීපයකට පසුව ආරම්භ විය හැක. වසර 15-25 කාලයකට පසුව සියලුම සංකූලතාවල ලක්ෂණ පාහේ පෙන්වයි. සීනි පාලනය දුර්වල නම් එම කාලය තව දුරටත් කෙටිවීම සිදු වේ.

දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද?
මේ සඳහා ආහාර, ව්‍යායාම, සහ ඔෟෂධ සමග ව්‍යායාම කිරීමත්, ආහාර පාලනයත් අවශ්‍ය වේ.

ආහාර
ශ්‍රී ලාංකිකයන් වන අපගේ ප්‍රධාන ආහාරය බත්වන අතර, බත් මගින් විශාල සීනි ප්‍රමාණයක් එකවර ශරීරයට එකතු වේ. එම නිසා බත් නිසා ශරීරයට එකතුවන සීනි ප්‍රමාණය පාලනය කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි.

බත් වර්ගය් තෝරා ගැනීම.
අඩුම වේගයකින් ශරීරයට සීනි නිදහස් කරනු ලබන්නේ බාස්මතී සහල් බත් වලින් නිසා දියවැඩියා රෝගීන්ට සුදුසුම බත් වර්ගය බාස්මතී වේ. නමුත් එහි මිල අධික බව නිසා දිනපතා පාවිච්චිය අපහසු බැවින්, සීනි නිදහස් කිරීම අතින් ඊලගට අවම නාඩු බත් (තැම්බූ සහල් බත්) වන අතර, කැකුළු බත් (සුදු සහ රතු) වල සීනි නිදහස් කිරීම ඉතා වැඩිය. ⁣ඒ අතරින්ද නිවුඩ්ඩ ඉවත් කරන ලද (පාහින ලද) සහල් වල සීනි නිදහස් කිරීම ඉතාම වැඩිය. ඒ අනුව සහල් වර්ග ගුණදායක ⁣අනුපිළිවෙල පහත පරිදි වේ.
✅බාස්මතී
✅ නාඩු
✅ සමබා
✅ නිවුඩ්ඩ සහිත රතු/සුදු කැකුළු
✅ නිවුඩ්ඩ රහිත රතු/සුදු කැකුළු
මීට අමතරව කුරහන්, මුං ඇට ආදී ධාන්‍ය වර්ගද දියවැඩියා රෝගීන්ගේ ආහාර සඳහා සුදුසු වන අතර,අල වර්ග, පාන්, බනිස් ඇතුළු ⁣බේකරි නිෂ්පාදන දියවැඩියා රෝගීන් සඳහා කෙහෙත්ම සුදුසු නොවේ. එළවළු, මස්, මාළු ආදිය සාමාන්‍ය ලෙස ආහාරයට එකතු කර ගෙන පෝෂණ ඌණතා ඇති වීම වලකා ගත යුතුය.

ගත යුතු ආහාර ප්‍රමාණය
ඔබ ශරීරය එතරම් වෙහෙසවා වැඩ කරනු ලබන අයෙකු නොවේ නම්, වේලකට බත හැඳි 1-2 අතර ප්‍රමාණයක් සෑහේ. ව්‍යාංජන ලෙස හොදි වර්ග වලට වඩා කොළ, එළවළු සහ කෙඳි සහිත එළවළු අවශ්‍ය පමණට ගැනීම ගැටළුවක් නොවේ.

අමතර ආහාර හා පළතුරු
අමතර ආහාර වේල් දෙකක් හෝ තුනක් ලබා ගැනීමෙන් ප්‍රධාන ආහාර වේලකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ගැනීමටත් සීනි පාලනය යහපත් කර ගැනීමටත් හැකි වේ. සීනි රහිත බිස්කට් 2-3 සමග කිරි කහට කෝප්පයක් දියවැඩියා රෝගීන්ට වඩාත් ගුණදායක අමතර ආහාරයකි.
බොහෝමයක් පළතුරැ වල අධික ලෙස සීනි අඩංගු වන බැවින් පළතුරැ වැඩි වශයෙන් භාවිත කිරීම දියවැඩියා රෝගීන්ට ගුණදායක නොවේ. නමුත් පේර, කෙසෙල් ආදියෙහි අඩංගු සීනි ප්‍රමාණය සාපේක්ෂව අඩු වේ.
නමුත් ආහාර යනු ජීවිත⁣යේ ගුණාත්මක භාවය (Quality of life) සම්බන්ධයෙන් වැදගත් සාධකයක් වන බැවින්, ඔබ මුල සිට අධික ලෙස ආහාර පාලනයට ගියහොත් ජීවිතයේ ගුණාත්මක භාවය (Quality of life) වැඩි ප්‍රමාණයක් අහිමි වී යයි. එබැවින් ඔබගේ රැධිරගත සීනි පාලනයට වැදගත් වන අනෙකුත් සාධකයන්ගේ හැසිරීම අනුව වෛද්‍යවරයා සමග ආහාර පාලනය පිළිබඳ සාකච්ජා කර ගත හැක. නමුත් ඔබ ඉන්සියුලින් ලබා ගන්නේ නම් හෝ දියවැඩියාව පාලනයට ඖෂධ 02ක හෝ 03ක් ලබා ග්නේ නම් අනිවාර්ය වශයෙන් ආහාර පාලනය පිළබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.

ව්‍යායාම
දිනකට විනාඩි 30ක් හෝ වැඩි කාලයක් දහඩිය දමන ලෙස සතියකට දින 05ක් ව්‍යායාම කිරීම වෛද්‍ය නිර්දේශයයි. මෙහිදී ඇවිදීම , දිවීම, බයිසිකල් පැදීම නිර්දේශ කළ හැක. නමුත් ඔබට එම ව්‍යායාම කිරීම අපහසු නම් හෝ ලැජ්ජාශීලී නම් වේගයෙන් මිලුල අතුගෑම ඉතා හොඳ ව්‍යායාමයක් ලෙස හඳුන්වා දිය හැක.

ඖෂධ
ආහාර පාලනයත්, ව්‍යායාමත් සමග ඖෂධ භාවිත කිරීම මගින් දියවැඩියාව පාලනය කිරීම වෛද්‍ය නිර්⁣දේශයයි. මෙහිදී භාවිත කරන ඖෂධ ගිලින පෙති වඒග සහ ඉන්සියුලින් නික්ෂේපන ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන්කර ගත හැකිය. පළමු වර්ගයේ දියවැඩියාව (Type 1) සඳහා සෘජුවම ඉන්සියුලින් භාවිත කිරීමට සිදුවන අතර අතර, දෙවන හා තුන්වන වර්ගයේ (Type 2&3) සඳහා ගිලින පෙති වර්ග මගින් දියවැඩියාව පාලනය කළ හැක. නමුත් දෙවන තුන්වන වර්ගයේ දියවැඩියාවටද අවසන් අදියරේ දී ඉන්සියුලින් විදීමට සිදු වේ.
ගිලින පෙති වර්ග කාණ්ඩ කිහිපක් පවතින අතර, ඒවා තෝරා ගැනීම හා මාත්‍රාව නියම කිරීම ඔබගේ රැධිරගත සීනි ප්‍රමාණය, ඔබගේ වයස, ශරීර සිවාභාවය, පවතින අනෙකුත් රෝගාබාධ ආදිය ගැන සැලකිලිමත් වෙමින් වෛද්‍යවරයා විසින් කරනු ලබයි. වෙනත් රෝගාබාධ නොමැති අවස්ථාවල දී කාණ්ඩ 03ක ඖෂධවල උපරිම මාත්‍රාව දක්වා යොදාගෙන සීනි පාලනයට උත්සහ කළ හැකි අතර, එසේ නොහැකි විට අවසන් විසඳුම ලෙස ඉන්සියුලින් විදීමට සිදු වේ.

මිත්‍යා මත

දියවැඩියාව රෝගය නිසා වකුගඩු ආබාධ ඇතිවීම.
දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයක් ලෙස වකුගඩු දුර්වලවීම ඇති වේ. එම වකුගඩු ආබාධිත රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වයේ ප්‍රමාණය මත බෙහෙත් වර්ග වෙනස් කිරීමට සිදුවනවා විනා දියවැඩියා බෙහෙත් නිසා වකුගඩු ආබාධ ඇති නොවේ.

නිට්ටාවට සුව කිරීම
මේ සඳහා ශෛල්‍ය කර්ම ක්‍රම පවතින නමුත්, එවා තරමක් සංකීර්ණය. මී පැණි, රට ඉඳි ආදිය යොදා ගනිමින් සාදා ගනු ලබන ඖෂධ / සංයෝග කෙසේවත් ගුණදායක නොවේ.

සැකසුම-වෛද්‍ය ධනුෂ්ක ගම්ලත්

02/12/2022

කුඩු ගැහුවම මොකද වෙන්නෙ??

කුඩු හෙවත් හෙරොයින් යනු ඔපියොයිඩ් කාන්ඩයට අයත් රසායන ද්‍රව්‍යක් වන අතර වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී එවන් ඖෂධ බාවිතා කරන්නේ අස්ති බිදීයාම,ශල්‍යකර්මයකට පසුව ඇතිවන වේදනාව වැනි දැඩි වේදනාවන් පහකරන ප්‍රබල වේදනා නාශකයක් ලෙසය.

හෙරොයින් මිනිසාගේ ස්නායු පද්දතිය මත සෘජුව ක්‍රියා කරන අතර මත් ගතියක් සමග අස්වාබාවික උද්වීපනයක්(euphoria ) ඇති කරවයි.ඉහල මාත්‍රාවන්ගේදී ශ්වසන ක්‍රියාවලිය අක්‍රමවත් කරන අතර මරනය ද ගෙන දිය හැකිය.මුල් අවස්තාවේදී මිනිසා හෙරොයින් නැවත නැවත භාවිතා කරවීමට පොලඹවන ප්‍රදාන හේතුව වන්නේ මෙම අස්වාබාවික උද්වීපනයයි.

මෙහිදී ඉක්මනින්ම මිනිස් සිරුර මෙම රසායන ද්‍රව්‍යට හුරු වන අතර මුලින් ලබාගත් උද්වීපනය ලබා ගැනීමට අවශ්‍යකරන මාත්‍රා ක්‍රමිකව ඉහල දැමීමට සිදුවේ.එනම් මෙම සතියේ රුපියල් දහසක කුඩු ගසා මත් වූ අයෙකුට ලබන සතියේ මත් වීමට රුපියල් එක්දහස් පන්සියයක කුඩු අවශ්‍ය වේ.ඊලග සතියේ එය රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමට සිදුවේ.

මේ ආකාරයට කාලයක් හෙරොයින් බාවිතා කිරීමත් සමග හෙරොයින් ශරීරයට නැතිවම බැරි ද්‍රව්‍යක් බවට පත්වන අතර මත් නොවී සාමාන්‍ය ලෙස සිටීමටත් හෙරොයින් අත්‍යවශ්‍ය වේ. මේ ආකාරයෙන් මුදල් වියදම් කිරීමත් මත්වී සිටීමත් නිසා ඔහුගේ රැකියා කටයුතු ඉපැයීමේ මාර්ග ආදිය පිරිහීම සිදුවේ.එම නිසා තවදුරටත් මත් වීම සදහා මුදල් වියදම් කිරීමට අපහසු බැවින් එයින් මිදීමට සිතේ.

ශාරීරික වශයෙන් ගැටලුව ට පත් වන්නේ මෙවිටය.හෙරොයින් වලට ඇබ්බැහි වූවකු එය නතර කල හොත් එහි ශාරීරික බලපෑම ඇතිවීම අවසන් වරට භාවිතාවෙන් පැය 12 ක් යාමටත් මත්තෙන් ඇත්වේ. මෙම තත්වය වෛද්‍ය විද්‍යාත්මක ව ඔපියොයිඩ් විත්ඩ්‍රෝවල් සින්ඩ්‍රෝම් ලෙස හදුන්වන අතර සාමන්‍ය ව්‍යවහාරයේදී සික් එක ලෙස හදුන්වයි.මෙය කොහෙත්තම දරාගත නිහැකි රෝග ලක්ශන ගනනාවක එකතුවකි.ඒවා අතර

හිසරදය
කදුලු ගැලීම
සෙම සහ සොටු දියර ගැලීම
වමනය
උන
ශරීරයට පුරා මස්පිඩු පෙරලීම
අදික ලෙස දහඩිය දැමීම
නින්ද නොයාම
බඩේ කැක්කුම
බඩේලිය යාම
හුස්ම හිරවෙනවා මෙන් දැනීම
මුලු ශරීරයම වේදනා ගෙන දීම ,
ප්‍රදාන වේ
කනගාටු දායක කරුන නම් ඉහත කී රෝග ලක්ශන සියල්ලම පාහේ එකම පුද්ගලයකු තුල එකම අවස්තාවක ඇති වීමත් ප්‍රතිකාර නොකල හොත් සතියක් පමන පැවතීමත් ය.මෙය ඉතා අප්‍රසන්න අත්දැකීමක් වන අතර අවසන් වරට භාවිතාවෙන් පැය 12කට පමන පසු ආරම්භ වන ලක්ශන පැය 72ක් පමන වන විට උපරිමය කරා ලගා වේ.පසුව හත් වන දිනය පමන වන විට ක්‍රමිකව පහව යාම සිදුවේ .

මෙම කාලය පසු කරගත් විට කායික වශයෙන් ඇති ඇබ්බැහිවීමෙන් බැහැර විය හැකි නමුදු මානසික වශයෙන් වන ඇබ්බැහි වීම ජීවිත කාලය පුරා පවතී.එක් වරක් හෙරොයින් භාවිතා කල අයෙක් ඊලඟ වතාවේවත් භාවිතාව ට පෙලබෙන්නේ මෙම මානසික ඇබ්බැහි වීමයි .ඒ සදහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම නොමැත.

එක් වරක් හෙරොයින් වලට ඇබ්බැහි ව සිට ඉන් මිදුන පසු ශාරීරික වශයෙන් ඇති ඇබ්බැහය 100% ම පහව යන බැවින් ඇබ්බැහි ව සිටි කාලයකදී අවසන් වරට භාවිතා කල හෙරොයින් මාත්‍රාව නැවත් භාවිතා කල හොත් බොහෝවිට එය ශරීරයට අධි මාත්‍රාවක් වන අතර මරනය වුවද ගෙන දිය හැක.

Dr.Danushka Gamlath

Address

Jayabima
Chilaw Town

Opening Hours

Monday 07:00 - 08:00
16:00 - 21:00
Tuesday 07:00 - 08:00
16:00 - 21:00
Wednesday 07:00 - 08:00
16:00 - 21:00
Thursday 07:00 - 08:00
16:00 - 21:00
Friday 07:00 - 08:00
16:00 - 21:00
Saturday 07:00 - 08:00
16:00 - 21:00
Sunday 08:00 - 11:00

Telephone

+94779144449

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Pharmacy & Family Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share