Shifa pharmacy

Shifa pharmacy pharmacy

08/03/2022

In , an estimated 80,000 women will give birth in the next 3 months. Many of them without access to critical maternal health care.

See how UNFPA is taking action and what you can do to help: unf.pa/uke

28/11/2021

Especialidades de medicina👩‍⚕️🏥👨‍⚕️

පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖ...
28/11/2021

පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ.

ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය.

සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන් සමනය කරගැනීම සදහා වැඩි ඖෂධ මාත්‍රාවක්‌ ලබා ගන්නා අවස්‌ථා දක්‌නට ලැබේ. නමුත් පැරසිටමෝල් වල ප්‍රශස්‌ත රෝග පාලන මාත්‍රාව වන්නේ සිරුරෙහි බර කිලෝග්‍රැම් එකකට පැරසිටමෝල් මිලිග්‍රැම් 15ක්‌ වන අගයෙනි. මෙයට වඩා කොපමන මාත්‍රාව වැඩිකළ ද එමගින් ඉන් ලැබෙන රෝග පාලන හැකියාව වෙනස්‌ නොවේ. නමුත් එමගින් අක්‌මාවේ සෛල විනාශවීම සීග්‍රයෙන් වැඩිවේ.

වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන්ට සිරුරේ බර කිලෝග්‍රෑමයකට පැරසිටමෝල් මිලිග්‍රැම් 150 කට වඩා ගත් විටදීත් වැඩිහිටි අයෙකුට දිනක්‌ තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්‍රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත.
පැරසිටමෝල් අධිමාත්‍රාවක්‌ ගත් විට එය සිරුර තුළ දක්‌වන ක්‍රියාකාරිත්වය මත රෝග ලක්‌ෂණ ඇතිකරනු ලැබේ.
මෙය ප්‍රධාන අවස්‌ථා 4කට වෙන්කර දැක්‌විය හැකිය.

1 වන අවස්‌ථාව
පැරසිටමෝල් අධි මාත්‍රාව ශරීර ගතවී පැය භාගයත් පැය 24ත් ඇතුළත කාලය.
මෙහිදී රෝගියා කිසිදු රෝග ලක්‌ෂනයක්‌ නොපෙන්වා සිටිය හැකිය.
සමහර විටෙක කෑම අප්‍රිය ගතිය, ඔක්‌කාරය,වමනය සහ විඩා ගතිය පෙන්විය හැකිය.

2 වන අවස්‌ථාව
පැය 18 ත් 72ත් අතර කාලය
සිරුරේ දකුණු පස උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඉහත ලක්‌ෂන වලට අමතරව ඇතිවිය හැකියි.
හෘද ස්‌පන්දන වේගය වැඩිවීම සහ රුධිර පීඩනය අඩුවීමද සමහර විට දක්‌නට ලැබේ. මුත්‍රා පිටවීම අඩුවීමත් සමහර රෝගීන් තුළ දක්‌නට ලැබේ.

3 වන අවස්‌ථාව
පැය 72 ත් 96 ත් අතර කාලය.
ඉහත රෝග ලක්‌ෂන වලට අමතරව අක්‌මාවේ සෛල විනාශවීම නිසා සිරුර කහ පැහැ ගැනීම, රුධිරය කැටි නොගැසීම නිසා පහසුවෙන් රුධිර වහනය වීම, රුධිර සීනි මට්‌ටම පහළ බැසීම මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම නිසා නොසන්සුන් බව, විපිලිසර බව සහ සිහිය නැතිවී යාමද මෙම අවස්‌ථාවේදී සිදුවිය හැකිය.
ක්‍ෂනිකව ඇති වන වකුගඩු අක්‍රියවීම ද සමහර රෝගින් ගෙන් දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයකි.
බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව හේතුවෙන් මෙම අවස්‌ථාවේ රෝගියා මරණයට පත්විය හැකිය.

4 වන අවස්‌ථාව
දින 4 ත් සති 3ත් අතර කාලය.
ඉහත 3වන අවස්‌ථාව පසු කිරීමට හැකි වුවහොත් මෙම අවධියේදී අක්‌මාව සහ අනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්වයට පත්වේ.
කෙසේ වුවද එවන් පැරසිටමෝල් අධිමාත්‍රාවක්‌ භාවිත කළ අයෙකු හැකි ඉක්‌මනින් රෝහල් ගතකළහොත් ඒ සඳහාම ඇති ඖෂධයක්‌ ශරීර ගතකර අක්‌මාවට වන හානිය අවම කරගත හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

කෙතරම් වටිනා ඖෂධයක්‌ වුවද වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වුවද මෙම ඖෂධය අත්‍යවශ්‍ය විටකදි පමණක්‌ නියමිත මාත්‍රාව නොඉක්‌මවා ලබාගැනීම ඉතා වැදගත්වේ.

උපුටා ගැනීම වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුබසිංහ ගෙන් | ස්තූතියි දැනුවත් කිරීමට...
MBBS (PERADENIYA)

Happy 73rd Independence Day of Sri Lanka🇱🇰
04/02/2021

Happy 73rd Independence Day of Sri Lanka🇱🇰

03/11/2020

If you have symptoms call 0117966366

ඔබට #කොවිඩ්19 රෝග ලක්ෂණ ඇත්නම් 0117966366 අමතන්න

உங்களுக்கு #கொவிட்19 அறிகுறிகள் காணப்படின் 0117966366 எனும் இலக்கத்திற்கு அழையுங்கள்

World Health Organization (WHO) World Health Organization South-East Asia Region - WHO SEARO Health Promotion Bureau Ministry of Health - Sri Lanka United Nations Sri Lanka Public Health Services - Ministry of Health Sri Lanka

https://youtu.be/R4rxlRsNcs8
27/07/2020

https://youtu.be/R4rxlRsNcs8

Johns Hopkins Kimmel Cancer Center scientists report data from a new study providing evidence that random DNA copying “mistakes” account for nearly two-third...

Address

Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when Shifa pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share