24/07/2025
මේ කියන්න යන කතාව ටිකක් දිගයි හැබැයි ඔයාලට අවුරුදු 5ක් පුරාවට Mother's Love ආයතනය විසින් සාර්තක පුවත් ගෙනාපු තරමටම සාර්තක ජීවිත කතා ගෙනාපු විදිහ ටිකක් හිතාගන්න පහසු වෙයි..💐❤
2016 වසරේදි Keshi Habaraduwa වන මා Mother's Love ආයතනය නමින් Counseling Center එකක් ආරම්භ කලා...ඔය හරහා වැඩිපුරම මාගේ සේවාව ලබාගත්තෙ Marriage Counseling වලට...යුවලන්ගෙන් සමහර අයෙක් අනියම් සම්බන්ධතා නිසා ඇතිවු ගැටලු වලට , නැත්නම් ආර්ථික අවපාතයන්ට මුහුණ දීම නිසා ඇති වූ ගැටලු , ගෘහස්ථ හිංසනයන් නිසා ඇති වූ ගැටලු වගේම දරුවන් ප්‍රමාද වීම් නිසා විවාහ ජීවිත තුල ගැටලු නිරාකරණය කර සමථ වීමට ලබාගත්ත කාලයක්...ඉතින් ඔය කාලය තුල තමයි මන් වෙනත් රටවල විවාහ යුවලන් බහුලව භාවිතා කරන ක්‍රම පිළිබඳව සොයා බැලුවෙ..
සාමන්‍යෙන් PCOs,Endometriosis ,ඇතුළු වෙනත් ගර්භාශ ගැටලු නොමැති සහ ශුක්‍ර්‍රානු වල ගැටලුත් නැති යුවලන් හට භාවිතා කරන්නහැකි උපක්‍රම 3ක් සොයා ගත්ත.
1. Ovulation Test kits (strips/cassette/midstream)
2. Basal Body Thermometer .
3. Saliva Test Kit.
මෙමගින් සරලම දේ වන LH Strip,අපේ රටේ යුවලන් සඳහා ලබාගැනීමට හැකියාව ඇත්දැයි සොයා බැලුවෙ... ඒ කාලෙදි ෆාමසි වල තිබ්බෙම නැති දෙයක් මේක. ඉතින් අන්තර්ජාලය බැලුවම pages දෙකක් වගේ තමයි මෙ ස්ට්‍රිප් ගෙන්නල දෙන්න හිටියෙත්....
සාමාන්‍යෙන් පිටරට වල යුවලල් හට තමන්ගෙ සරු කාලය පරික්ෂා කරගන්න තමන්ට ළගම ෆාමසි එකෙන් ගන්න පුළුවන් සරලම දෙයක් තමයි ඩිම්බ මෝචන පටි කියන්නෙ. නමුත් එදා නෙමෙයි අද 2025 වසරෙදිත් අපේ ගෙදරට ළගම ෆාමසි 5 වත් LH strips නෑ.
මුලින්ම මන් 2019 දි තමයි LH strips ගෙන්නුවෙ. Brand Name එකක් නැති රෝස් පාට ස්ට්‍රිප් පැක් එක තමයි එදා මාත් ගෙන්නුවෙ . Aliexpress, Alibaba එකෙන් ගෙනල්ල අළෙවි කරා. නොසිතූ විදිහය ඉල්ලුම වැඩි වෙද්දි මන් තීරණය කරා මේක හැම ෆාමසියකටම දාන්න ඕන කියල. එහෙම හිතල , මන් David Brand එකෙන් ස්ට්‍රිප් ගෙන්නුව. මුලින්ම ගෙනාවෙ quality එක බලන්න..Quality එක ඉතාම හොද බව හැගුන නිසා මන් ඒකෙ ස්ට්‍රිප් ,කැසට්,මිඩ්ස්ට්‍රීම් ඔක්කොම ගෙනාව.ගෙනල්ල ඒවගෙත් ගුණාත්මක බව බැලුව...ඒවත් හොදයි. ඉතින් ඔන්න මන් අපේ රටේ NMRA approval එකට ඉල්ලුම් කරා...කරල David සමාගමින් මන් ඇහුව ලංකාවෙන් කවුරු හරි ගන්නවද ඔයාලගෙ strip කියල.එයාල confirm කරා කවුරුත් ගන් නෑ කියල..ඊට ප්ස්සෙ මන් ලක්ෂ 5ක් පමණ වියදම් කරා .පස්සෙ අපිට පිළිතුරු හැටියට ලැබුනෙ David Brand එකෙන් LH strips මෙහෙට ගේන්න approval එකක් අරන් තියෙන්නෙ A Baurs සමාගම කියල...මොකද අපිට NMRA එකෙන් reply mail දානකොට ABaurs ලව CC දාල තිබ්බ නිසා මන් ඇහුව ඒ අයට ඇයි අපේ mails Cc කරන්නෙ කියල. ඉතින් එතකොටයි දැනගත්තෙ, එයාල approval එක අරන් තියෙන නිසා වෙන කෙනෙක්ට ලංකාවට David Brand එකෙන් ඩිම්බ මෝචන පටි ගේන්න බෑ කියල..ඊට පස්සෙ අපි ඇහුව හරි අපිට ගේන්න බැරි නම් එයාල ලංකාවෙ ෆාමසි වලට දානවද ඒව කියල.
එතකොට අපේ ෆයිල් එක හැන්ඩල් කරපු කෙනා කියුව නෑ, එයාල ස්ට්‍රිප් ගෙන්නනෙ නෑ..නමුත් වෙනකෙනෙක්ට ගේන්න බැරි වෙන්න තමයි ඒ ලයිසන් එක අරන් තියෙන්නෙ කියල..සමහර විට එයාල හෝමෝන ලංකාවට ගේනව ඇති. ඉතින් මේයුවලන්ට ළමයි පරක්කු වෙන්න වෙන්න ඩොක්ටර්ස්ලට හෝමෝන ටික ගස්සන්න පහසු වෙන්න මේ වගේ සරලම දෙයක් තමන්ට ළඟම ෆාමසියකින් ගන්න අවස්ථාව වහලඇති..ලංකාවෙ දේශපාලනය ගැන කලකිරුනු කාලයක් ඒ මට..මට ආයි පාරක් කෝල් කරල කියුව ඩොලර් 1500ක් ගෙවන්න එතකොට Supplier Registration එකයි Sample approval එකයි කරල දෙන්නම් කියල..
නමුත් මන් මේ සමාජය ගැන දන්න නිසා මන් කියුව අවශ්‍ය නෑ කියල..මොකද රිසිට් එකක් නැති,වගකීමක් නැති කිසිම දේකට මන් සල්ලි යොදන්න ලෑස්ති උනේ නැති නිසා...ඒක එහෙම්ම යටගියා විතරයි...ඔය කාලෙන් පස්සෙත් මන් පොඩි පොඩි පැකේජයන් ස්ට්‍රි ගෙනාව...එකපාර ලොකු බල්ක් එකක් දාන එක ලාභ උනාට එහෙම දාන්න බෑ ...NMRA license නතුව ගෙනාවම වරායෙන් අල්ලනව..Detain වෙන risk එක ගන්න බැරි නිසා පොඩිම පැකේජ් තමා ඊට පස්සෙ ගෙනාවෙ. ඉතින් ඒකයි ෆාමසි එකකට රු 50ට විතර මිනිස්සුන්ට දෙන්න පුළුවන් ස්ට්‍රිප් එක දටත් රු 100 දක්වා මිලක් තියෙන්නෙ.මොකද කුරියර් වලට යන ගානතෙක්ක ස්ට්‍රිප් එකක් රු 87ක් විතර වෙනව මෙහෙට එද්දි Branded එකක්..
ඔන්න තව Company එකකින් මට කියුව ලංකාවෙ තුළ මෙඩිකල් ටෙස්ට් කිට් නිශ්පාදනය කරන්න එක්තරා ආයතනයක් කටයුතු කරනව කියල..ඒ කියන්නෙ ඉස්සරහට ලංකාවෙ ලොකු ආයතනයකින් Ovulation Test strips Manufacture වෙනව...ඉතින් මන් හිතනව එතකොට ලංකාවෙ හැම අස්සක් මුල්ලක් නෑරම මේ ටෙස්ට් කිට් තියේවි කියල...මන් බලන් ඉන්නව ඒක එහෙම වෙනකන්..
ඔන්න 2019 කාලෙ මන් හෙව්ව NMRA marfia වලින් තොර දේශීය පෝෂණයක් අපිට මිනිස්සුන්ට දෙන්න පුලුවන්ද කියල....ඔය කාලෙදි Company කීපයක් එක්ක මන් වැඩ කරා සප්ලිමන්ට්ස් ගන්න...ඉස්සර ඔයාලට මතක ඇති සප්ලිමන්ට් ගත්ත අයට අපි අළෙවි කරපු ඉරමුසු සප්ලිමන්ට් එක දුඹුරු පාටයි...ඉතින් කාලයත් යද්දි අපි තේරුම් ගත්ත දුඹුරු පාටට එනකම්ම dehydrate වෙන්න හොඳ නෑ ඉරමුසු...එතකොට ඉරමුසු රොඩ්ඩ තමා බොන්න තියෙන්නෙ..ඒ තරම් වේලන්න නෙමෙයි අපි ඉල්ලුවෙ අපිට වර්ණය පිලිස්සෙන මට්ටමට වේලන්න එපා කියල..ඉතින් අපි ඉල්ලන පදමට ඒ ආයතන එකග උනාට සප්ලිමන්ට් අපිට නිශ්පාදනය කරල දෙන්න අපේ ඉල්ලුම වැඩි වෙද්දි එයාලටම පුදුම හිතුණ .මොකද මන් බෝතල් 100 ඉල්ලල සති දෙක යද්දි බෝතල් 500 ඉල්ලුවෙ...ඔන්න මාස කිහිපයක් මා එක්ක වැඩකරල මෙයාල එකපාරටම සප්ලිමන්ට් වල මිල වැඩි කරා...එකට එකක් වැඩි කරල කියුව , සප්ලිමන්ටස් මන් ඉල්ලන පදමෙන් දෙනකොට එයාලට කාලය ශ්‍රමය වෙනම යොදන්න වෙන නිසා එහෙම මිලක් කියන්න වෙනව කියල...
ඉතින් මට මිනිහෙක් එපා උනොත් ආයි මන් දෙපාරක් බල බල ඉන්නෙ නෑ..මන් ආයුර්වේද දෙපාර්තුමේන්තුව යටතේ රෙජිස්ටර් වෙලා ඒ අනුමැතිය යටතේ නිවැරදිව මන් ඉල්ලන විදිහටම සප්ලිමන්ට් ලබාදෙන පුංචි ආයතන තුනක් එක්ක වැඩකරා...එකකින් එන්න පරක්කු වෙද්ඩ්ජි අනෙකින් එනව...මට සප්ලිමන්ට් තොගවල කිසිම අඩුවක් පාඩුවක් දැනුනෙ නෑ...ලංකාවෙවිතරක් නෙමෙයි මන් පිටරටටත් සප්ලිමන්ට් තොග පිටින් යැව්ව...ලංකාවෙ වොතර නෙමෙයි පිටරටිනුත් සාර්තක පුවත් මන් බොහෝමයක් ගෙනාව...
ඉතින් ඔයාලට ඕන කෙනෙක්ගෙ සප්ලිමන්ට් එකක් මගෙ සප්ලිමන්ට් එකක් එක්ක සසදල බලන්න පුලුවන්..මන් 100% දන්නව මගේ සප්ලිමන්ට්ස් ඉන්නෙ බොහෝමයක් ගුණාත්ම බවින් ඉදිරියෙන්...ඔයාලට ඕන සප්ලිමන්ට් එකක් බෝතලේ විවුර්ත කරල ඔහේ තියන් ඉත හැකි නේද..ඒත් මගේ බෑ..මගේ සප්ලිමන්ට් එකක් විවුර්ත කරොත් ඒක ජලවාශ්ප වැටෙන තැනක තියන්නත් බෑ..ඒ වගේම මාසදෙකක් ඇතුළත් භාවිතා කරන්නම ඔන..මොකද නැචුරල් කියුවම 100%ක්ම organic.
ඉරමුසු කියල ඉන්දියන් ඉරමුසුත් නෙමෙයි, මගෙ සප්ලිමන්ට් වල තියෙන්නෙ හීන් ඉරමුසු, ඒ වගේමයි හැන සප්ලිමන්ට් එකකම අවේනික ගුණයන් බොහෝමයක් අන්තර්ගතයි...ඉතින් සප්ලිමන්ට්ස් නිසා නිරෝගී ජීවිතගෙවන අය නෙමෙයි මට ඉන්නෙ පව්ල් පිටින්...ඉතින් අද මේ මන් පලකරන්නෙ එහෙම පව්ලක් ගැන..
මුල්ම සාර්තක පුවත පව්ලෙ පොඩි දුවගෙ....එයාගෙ තමයි ඔය ඉන්න කොලු පැටිය...දැන් එයාට අවුරුදු 2.5 ලු...එයාට පස්සෙ එයාගෙ අයියට අපේ සප්ලිමන්ට් වලින් සාර්තක උනා...ඒ තමයි ඔය කෙලි පොඩ්ඩ...ඔන්න ඒ විතරකුත් නෙමෙයි යටින් ඉන්න කෙලි පොඩ්ඩ එයාගෙ යාලුවගෙ...දැන් තේරෙනව නේද බ්‍රොයිලර් කුකුල්ලු කන්න එපා උන්ට හෝමොන් ගොඩක් ගහනව කියුවට වැඩි පුරම විවාහ උණු ගැහැනු දරුවන්ට මුල් අවුරුද්දෙන් පස්සෙ බබෙක් පරක්කු වෙච්ච ගමන් හෝමෝන පෙති වශයෙනුයි, ඉන්ජෙක්ෂන් වශයෙනුයි ගහන එක ගැන කවුරුත් හිතල නෑ කියල...ඕන තරම් ඉන්නව පිළිකා රෝගීන් හරි අඩු වයසෙ කාන්තාවන්.ඉතින් මට හරිම සතුටුයි මට මේ ගැන...මේ වගේ අනන්ත පව්ල් ඉන්නව අපිට පුදුම ආදරයකින් ඉන්න...
ඉතින් මෙච්චර දිග කතාවක් කියුව එකේ ඉතිරි කොටසත් මන් කියල අවසන් කරන්නම්...අනික් හැමෝටම වගේ මටත් මගේ ජීවිතේ ඉලක්ක තියෙනව...ඉතින් ඒ අනුව බොහෝ දේ මන් ඉගෙනගත්ත...දැන් මන් ඒවගෙන් හම්බකරන ගමන් සහ මගේම ව්‍යාපාර කිහිපයක් මන් වෙනම ආර්ම්භ කරල තියෙන්නෙ..ඉතින් දැන් ඉස්සරහ කාලය තුලදි ලොකි වෙනසක් මගේ ජීවිතේ මන් ඇති කරගන්න නිසා මේ වසරින් පසුව මේ සප්ලිමන්ට්ස් හෝ ඩිම්බ මෝචන පටි කට්ටළ ඔයාලට ලබාදීමට මට බැරි වෙන බව අද මුල්ම වතාවට මන් ප්‍රකාශකරන්න ඕන...ඉතින් 2025 වසර තුළම ඔයාල හැමෝටම බැරි උනත් පුළුවන් හැමෝම ඔයාලගෙ හීනය වෙනුවෙන් අපෙන් සප්ලිමන්ට්ස් ගන්න. අරන් සාර්ථකත වෙලා නිරෝගී වගේම ලස්සන රූප සොබාවක් එක්ක දරුසුරතල් බලන්න...මන්මගේ ඇස් දෙකට දැක්ක ඒ පැටව්න්ගෙ ලස්සන...නමුත් ඒ දරුවන්ගෙ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්න ඕන නිසා මට ඔයාලට එයාලගෙ මූනු නිරාවර්නය කරන්න බෑ..ඒක හිතට හරි නෑ...
ඉතින් මන් 2025න් පසු මෙහෙ නෑ කියල හිතන්න එපා...ඔයාලගෙ ජීවිතේ ඔයාල දිනන්න...අපි හැමෝම අපේ ජීවිත දිනන්නඕන...අපේ හීන හැම එකක්ම වටිනා හීන...ලස්සන හීන...ඉතින් බලමුකො ඉදිරි මාස 6 තුළ් කීදෙනෙක් එයාලගෙ කිරිසිහින සාර්තක කරගනීද කියල නේද ? එහෙනම් ඔයාල හැමෝටම සුබ පතන මන්...
කේෂි හබරාදුව ❤
Mother's Love නිර්මාතෘ😇