Unseen Medical World

Unseen Medical World Medical & Health

29/04/2023

"ලස්සන මල් දෙවියෝ ලගට ගන්නවා තමා "🥺❤️
එකට ආදරේ කරත් මොකක්දෝ කරුමයක් නිසා උබ එයාව දාලා ගිහින් කෙල්ලේ.....
උබ ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරේ කරන කොල්ලෙක් ලබන්න .
මොකද හැමෝටම මෙහෙම අය හම්බෙන්නෙ නැ ......
ඒකටත් වාසනාවන්ත වෙන්න ඕනේ....🥺❤️
දවසක ඉතුරු වෙන්නේ ගෙවපු මතකයයී බෙදාගත්තු ආදරයයී විතරයී..."ආදරනීය චරිතයක් වෙන්න!😌💔🖇️

නිවන් සුව නංගී 🥺🥺😔😔😔
Hiru Sankalpana 💜🥺

වෛද්‍යවරයකු වශයෙන් විශේෂයෙන්ම පුසව නාරි වෙිද.හෝ ලමා රෝග sections වල වැඩ කරන විට.මුහුන දෙන අනු වෙිදනීයම අත් දැකීමක් ..ane...
18/03/2023

වෛද්‍යවරයකු වශයෙන් විශේෂයෙන්ම පුසව නාරි වෙිද.හෝ ලමා රෝග sections වල වැඩ කරන විට.
මුහුන දෙන අනු වෙිදනීයම අත් දැකීමක් ..anencephalic baby...

Neural tube එකේ බරපතල වර්ධන වෙනස් කමි නිසා....මෙි දරැවන්ගේ මොලය හා.හිස්කබලේ වැඩි කොටසක් හැදිල නෑ....

මම මෙවැනි දරැවන් කහිප දෙනෙක් දැකල තියෙනවා...

මෙි අය ජීවත් කරන්න බෑ.ඉපදිලා ටික වෙිලාවකින් මැරෙනවා...මෙි ලගදී මෙි පුදේශයේ සිදුවූ එවැනි උපතක් මට අතීතය මතකයක් හිතට ගෙනාවා..

එතකොට මම Teaching hospital එකක.labour room එකේ වැඩ කලේ...දොස්තර රස්සාවට ආපුම කාලේ....

මෙි වගේ දරැවෙක් බිහි වුනා....

මැරෙන්න පැත්තකට දාල තිබුනේ ....

අතපය ගගහ දගලනව ...බලන් ඉන්න බෑ...

මම පාන් තිරයක්.dextrose වතුරෙන් පොගවල කටෙි තිබිබ ..කිරි උරන්න ලදරැවෙකුට මොලය.අවශ්‍ය නෑ.ඒක.reflex.එකක් .
අනේ ලේන් පැටියන්ට කිරි පෙවනවා වගේ බීගන බීගන ගියා...

මම කැඩිචිච incubator එකක් හොයාගෙන ඒකට දාල ..dextrose පෙවිවා දිගටම කවුරුත් දන්නෑ .

අමිම අඩු ගානේ බලන්න වත් ආවෙි නෑ...

දැන් මැරෙයි මැරෙයි කියල හිතුවට දවස් හතරක් හිටිය...මම dextrose පොවනව කියල කටිටිය දැන ගත්තෙම නෑ..හැමොිටම පුදුමයි .

හතරවෙන දවසේ.dextrose බොන්න කට අරින්න හැදුවට...කට ඇරගන්න බැරිවුනා...මුලු ඇගම ගැහෙන්න ගත්ත ....

මට එතකොට බබලා හිටියේ නෑ.බැදලත් නෑ.

මගේ adopted baby.....

එයාගේ පපුව ගැහෙන එක.නතර වෙනකන් ..එයාට හැගීමි දැනෙන්න මොලයක් නැතත්..
මම පුතාගේ චූටි අත්දෙක අතගෑව....

පිනක් කරහම සමහර වෙලාවට තාම මට එයා මතක් වෙනවා..

Dr Uthpala

දරුණු ගණයේ ලියුකේමියා රෝගයෙන් මියගිය පුතුගේ මව 🥺❤️නිවන් සුව ලැබේවා පුතේ 🥺❤️🙏
18/03/2023

දරුණු ගණයේ ලියුකේමියා රෝගයෙන් මියගිය පුතුගේ මව 🥺❤️

නිවන් සුව ලැබේවා පුතේ 🥺❤️🙏

13/03/2023

එයා 🥺❤️😘

අම්මා ලග ඉන්නම ඕනී දවස් 🥺🥺
08/03/2023

අම්මා ලග ඉන්නම ඕනී දවස් 🥺🥺

😥😥😥😥😥😥කියවන්න මේක අන්තිම වෙනකන්, හදවත නවතිනවා සත්තයි...💟💟💟💟💟~~~~~~~~~~~~~~~~~~~~ගෑණු හිත් හරි හයියයි......♥පුංචි තුවාලයක...
08/03/2023

😥😥😥😥😥😥
කියවන්න මේක අන්තිම වෙනකන්, හදවත නවතිනවා සත්තයි...💟💟💟💟💟
~~~~~~~~~~~~~~~~~~~~
ගෑණු හිත් හරි හයියයි......♥
පුංචි තුවාලයක් වුනාම හූ තියල අඩන කෙල්ලටම පුලුවන් දවසක ඇදක් උඩ දපල.....
පැය දාසයක් දාහතක්.... සමහර විට දවසක්...!!!
විලි රුදාවෙන් ඇඹරිලා ඇඹරිලා පැටියෙක්ව වදන්න....
නැත්තං අමු මස් තට්ටු ගානක් කපාගෙන ඊට යටින් ඉන්න පැටියව ගන්න... 🥺

ආ...ඇයි ඒ තැනට එනකං ගමන..???
මං කියන්නම්.....හොදට අහගන්න...
උදේට වමනය...
කෑම අරුචිය....
හිසේ රුජාව...
කරකැවිල්ල.....

ඉවරයි කියලද හිතුවෙ.....මොන පිස්සුද....තාම පටන් ගත්තා විතරයි...!!
මාස නමයක් තිස්සේ...

ආරන ඇඟ....
පුපුරන හම....
කලුවෙන බෙලි....
ඉදිමෙන කකුල්...
හිරි වැටුන ඇඟිලි...
රිදුම් දෙන පියයුරු...

ඉවරයිද????
නෑ නෑ....තව තියනවා...
ඇයි වැදුම් වේදනාව???

පිහියකින් බඩට ඇනල... ඒක හිමින් හිමින් කරකවද්දි දැනෙන වේදනාව???
කිට්ටු කරන්න බැරි උනත් යන්තම් ඒක ගැන අදහසක් හරි ගන්න පුලුවන් වෙයි....

ඔය ඔක්කොමත් හරි අමාරුම ටික එන්නෙ ඊට පස්සෙ...
අච්චර අමාරුවෙන් බිහිකරපු දරුවව ජීවිත කාලයක් පුරාවට බලාගන්න එක...

ඇටකටු 206ක් එක පාර කැඩිල යනව වගේ දැනෙන වේදනාවෙන්....පැය ගානක ඒ මහන්සියෙන් ඇඟපත වේදනා දෙද්දී.....
කැපුම් තුවාල ඇදුම් කද්දි.....
කොච්චර මහන්සි වුනත් එක විනාඩියක නින්දක් නැති වෙද්දි....
පියයුරු තුඩු පැලිලා ලේ ගලද්දි....

මේ දහසකුත් එකක් වේදනාවන් ඔක්කොම දරාගෙන තමන්ගේ කුසින් බිහි කරපු පැටියව ආදරෙන් තුරුල් කරගෙන එරෙන ඒ කිරි ටික දෙන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි....

අච්චර වේදනාවක කෙලවර කදුලු අතරින් හිනාවෙන්න පුලුවන් අම්මා කෙනෙකුට විතරමයි......

වැදුම් වේදනා දරාගෙන දවස් ගණන් නිදි වරන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි.....

එදා ඉදන් අන්තිම හුස්ම පොද පිට කරනකල් ඒ පැටියා වෙනුවෙන් අනේකවිද කැපකිරීම් කරන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි....

තමන්ගෙ දරුවොත් හදල, දරුවන්ගෙ දරුවොත් හදන්න ඒ විදිහටම මහන්සි වෙන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි......

ඉතින්.....
කියල දෙන්න තමන්ගෙ පුත්තුන්ට.....
ගරු කරන හැටි ගැහැණියකට....

මොකද....
අම්මා කෙනෙක් වෙන්න පුළුවන්
ගැහැණියකට විතරක් නිසා.....

මොකද....
අම්මා යනු මේ ලෝකයේ....මේ විශ්වයේ පැවැත්ම නිසා.....🔵

මොකද...
සියලුම අම්මාවරු මතු බුදුවන නිසා..🙏

සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා...❤

- 🙏🙏-~~~~~~

Copied

24/02/2023

❤️

Unseen Medical World

ඉස්කෝලේ යන කාලෙදි, ෆ්‍රී ටයිම් එකක කයියක් ගහන් ඉද්දිපන්තියෙ ඉඳපු ළමයෙක්කිව්ව කතාවක් මතක් වුණා.."ගෑණුන්ගෙ බඩවල් මාරයි නේ....
23/02/2023

ඉස්කෝලේ යන කාලෙදි, ෆ්‍රී ටයිම් එකක කයියක් ගහන් ඉද්දි
පන්තියෙ ඉඳපු ළමයෙක්
කිව්ව කතාවක් මතක් වුණා..

"ගෑණුන්ගෙ බඩවල් මාරයි නේ.."

එහෙම කිව්වම ඔක්කොම එයාගෙ දිහාට හැරුණා, ඔක්කොම හිතුවෙ වැරදියට...

මං ඇහුවා "ඒ මොකද එහෙම කියන්නෙ" කියලා...

"නෑ බන්.. ඒකෙ ඇතුළෙ ළමයෙක් හැදෙනව කියන්නෙ.. හිතා ගන්නත් බෑනෙ.."

අනික් උන්ගෙ කටවල් ටික වැහුණා..

ඇත්තටම ඒ වෙලාවෙ ඒකට උත්තරයක් විදියට,
"ඔවු නේ බන්, ඇත්තටම කොහොමද එහෙම වෙන්නෙ"
කියලා කිව්වත්, දැන් තේරෙනවා කොච්චර ලොකූ දෙයක් ද ඒ ළමයා කිව්වෙ කියලා...
ඇත්තටම පිස්සු වගෙ දැන් හිතද්දි..

හැමෝම නොදන්නව නෙවෙයිනෙ, ගැහැණියක් මවක් වෙන්න පිරිමියෙක් ඕනමයි..

ඒත් ගැහැණිය කොච්චර කාලයක් දරන් ඉන්න ඕනද...
ඇත්තටම හිතාගන්න පුළුවන් ද
ගෑණුන්ගෙ බඩ ඇතුලෙ ළමයෙක් හැදෙනව කියලා...

පස්සෙ තේරෙද්දිනේ දැන ගන්නෙ
බඩ ඇතුලෙ තියෙන ගර්භාෂයේ
බබෙක් හැදෙනව කියලා...

සර්ව සම්පූර්ණ වෙලා මිනිස් රූපයක් බිහිවෙන්න කොච්චර දේවල් ඒක ඇතුළෙ සිද්ධ වෙනව ඇද්ද...
හම ඇදිලා, ඉඩ හැදිලා ආමාශෙ, මුත්‍රාශෙ හැඩ ගැහිලා..
දන්නවද බබා ලොකු වෙන්න වෙන්න අම්මගෙ බඩේ අනික් ඉන්ද්‍රියන් වලට ඉඩ මදි වෙනවා..
වෙනද තිබ්බ ඉඩකඩ නැති වෙනවා..

ඉතින් වෙනදා කන ප්‍රමාණෙට කන්න බැරි වෙනවා, බඩ පුරෝදාලා වගේ දැනෙන්නෙ..
මුත්‍ර පිරෙන්නත් ඉඩ මදි නිසා
හැම වෙලාවෙම ඒ වැඩේ කරන්නත් යන්න වෙනවා..
රෑද, උදේද, දවල්ද, යක්කු ගස් නගින වෙලාවද අදාල නෑ, හැම තිස්සෙම ඒකට යන්න වෙනවා...

ඒ විතරක්ම ද.. බබා ලොකුවෙද්දි දඟලන්න ගනිද්දි, සමහර පාරවල්වේදනාත්මකයි..
එයා වතුර බෝලයක් ඇතුලෙ හිටියට විසේ නම් අඩුවක් නෑනෙ.. ඉතින් අම්මට එවත් ඉවසන්න වෙනවා...

බඩ තුනී වෙලා, ඇදිලා ඇදිලා නහරත් පේන්න පටන් ගත්තාට පස්සෙ, ඇතුළෙන් වදින පාරවල් කොහොමද ඉවසගන්නෙ...

ඇත්තටම ගෑණු අයගෙ බඩ හරිම පුදුමයි..

පිරිමියගෙ එක ශුක්‍රාණුවකින් ජීවයක් බිහි කරන්න අවශ්‍ය පරිසරය ගොඩ නගනවා..
තමන්ගෙ ඇඟේ තියෙන හැම පෝශණ කොටසක්ම පවා දන් දෙනවා හා සමානයි ඉතින්..

උතුම් මව් පදවිය ලබන්න තමන්ගෙ කුසේ දරුවෙක් වැඩෙනව දකින්න, ගැහැණු ගොඩක් ආසයි...

එදා ඒ ප්‍රශ්ණෙ වැඩිය හිතුවෙ නැති වුණාට අද නම් හිතද්දි ඇත්තටම එයා කිව්ව දේ ඇත්තම කතාවක් නේද කියලා හිතෙනවා..

ඇත්තටම,
ගැහැණුන්ගෙ බඩවල් නම් මාරයි...

උපුටාගැනීමකි

පුවතක් : භූමිකම්පාවේ සුන්බුන් මැද සිරියා මවක් දරුවෙකු බිහිකරයි.           #පණදී_පණ_ගිය_මවක්Unseen Medical World ❤️🥺
08/02/2023

පුවතක් : භූමිකම්පාවේ සුන්බුන් මැද සිරියා මවක් දරුවෙකු බිහිකරයි.

#පණදී_පණ_ගිය_මවක්

Unseen Medical World ❤️🥺

Please Mom, dont kill him! Protect the baby 🥺
30/01/2023

Please Mom, dont kill him! Protect the baby 🥺

ඔබ දන්නවාද ඩයලිසිස් කිරීමේදී රතු බටය හරහා ශරීරයෙන් රුධිරය ඉවත් කර ඩයලිසිස් යන්ත්‍රය හරහා ගොස් නැවත නිල් නළය හරහා ශරීරයට ...
27/01/2023

ඔබ දන්නවාද ඩයලිසිස් කිරීමේදී රතු බටය හරහා ශරීරයෙන් රුධිරය ඉවත් කර ඩයලිසිස් යන්ත්‍රය හරහා ගොස් නැවත නිල් නළය හරහා ශරීරයට ඇතුළු කරන බව.

රෝගියා ඇඳේ නිශ්චලව සිටින විට මෙම ක්රියාවලිය පැය හතරක් නැවත නැවතත් සිදු කෙරේ.

ක්රියාපටිපාටිය සතියකට තුන් වතාවක් සිදු කරනු ලබන අතර, එය මසකට දොළොස් වතාවක් ප්රතිඵලය වන අතර, සෑම අවස්ථාවකදීම පැය හතරක් ගත වන අතර, එය මසකට මුළු පැය හතළිස් අටක් වේ.

බලපෑමට ලක් නොවූ අය සඳහා, ඔබේ වකුගඩු සේදීමේ මෙම ක්‍රියාවලිය සෑම දිනකම 36 වතාවක් ශුන්‍ය උත්සාහයකින් හෝ අපහසුතාවයකින් තොරව ස්වයංක්‍රීයව සිදු වේ.

ඔබ සතුව ඇති ස්වාභාවික මෙම තත්වයන් ගැන සැමවිටම කෘතඥ වන්න. ❤️

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94759958150

Website

Alerts

Be the first to know and let us send you an email when Unseen Medical World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category