SithSuwa

SithSuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SithSuwa, Mental Health Service, 4th Floor, Janajaya Building, Rajagiriya, Colombo.

This page is dedicate for Psychology Counseling service for different reasons such as Depression and stress; Addiction ,family and relationship problems and many other Psychological issues...

14/09/2021

Let's use Social media to share knowledge and to learn something about ourselves, because this is the period we mostly need . let's start by a simple video GOD is within YOU..

13/09/2021

ස්වභාවධර්මය ...මල් පිපුනට එහි සුවඳ විඳින්නෙ මල නොවෙයි. ඵල දැරුවට ගස් වැල් එය භුකති විඳින්නෙ හස් වැල් නොවෙයි.ලුනු හැදුනට ...
08/09/2021

ස්වභාවධර්මය ...

මල් පිපුනට එහි සුවඳ විඳින්නෙ මල නොවෙයි. ඵල දැරුවට ගස් වැල් එය භුකති විඳින්නෙ හස් වැල් නොවෙයි.ලුනු හැදුනට මුහුදෙ එහි රස බලන්නෙ මුහුද නොවෙයි.දිය උල්පත් තිබුනට ප්‍රධාන පොලොවෙ පිපාසාව සිඳගන්නෙ එම උල්පත් නොවෙයි,ඉර හඳ අහසෙ තිබුනට එහි රශ්මිය විඳින්නෙ ඉර හඳ නොවෙයි,දසතින් සුලඟ හැමුවට හුස්ම ගන්නෙ සුලඟ නොවෙයි..
ස්වභාවධර්මය යනු මේ සියල්ලම අප වෙනුවෙන් වු අනේක විධි නිර්මානයකි..ස්වභාවධර්මයේ රීතිය නම් අන් අය වෙනුවෙන් ජීවත් වීමයි.අන් අය සුරකීමයි.ඒ සඳහා අපි පුරුදු විය යුතුය.ගහ කොල සතා සිව්පාවන් ඇල දොල ගංගා මේ සියල්ලම තව කෙනෙකු වෙනුවෙන් නිර්මාණය වූවකි.එය විනාශ කිරීම අපට අයිති නැත.අපි තවෙකුකු වෙනුවෙන්ද එය ආරක්ෂා කරමු.වටේ පිටේ තියන කිසිම තමන්ට අයිති නැති ස්වාභාවිකවත්වයට හිරිහැර නොකරන්න.
අපි හැදෙමු එවිට ලොව හැදේවි..
ස්වභාවධර්මය සුරකින විස්වාසනීය සමාජයක් බිහිවේවි...

අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි..

02/09/2021
Unhappy during lockdown ..?? Need advice..??     for everyone..Counseling helps you to overcome the barriers to a happy ...
29/08/2021

Unhappy during lockdown ..?? Need advice..??
for everyone..
Counseling helps you to overcome the barriers to a happy life. Talk with a professional..
Call us for online appointments
Call /WhatsApp 076 0650984 /071 3966092

විශ්වාස කරන්න ඔයාව... විශ්වාස කරන්න මේ විශ්වය.. ඔයාට ඔයා පතන යහපත් දේ අනිවාර්යයෙන් ලැබෙයි.. ඔයාගේ හිතට එන ඍණාත්මක අදහස් ...
29/08/2021

විශ්වාස කරන්න ඔයාව... විශ්වාස කරන්න මේ විශ්වය.. ඔයාට ඔයා පතන යහපත් දේ අනිවාර්යයෙන් ලැබෙයි.. ඔයාගේ හිතට එන ඍණාත්මක අදහස් එවලේම මරලා දාලා ධනාත්මක අදහස් ඇති කරගන්න.....

මගේ යාලුවෙක් හිටියා එයා නිතරම හිතන්නේ නෙගටිව් විදිහට.. එයා එක්කම මම ඒ කාලේ හිටිය නිසා මටත් අහන්න ලැබෙන්නෙම නෙගටිව් දේවල්...ඉතිං මම එයාට කියනවා ඔයා ඔය විදිහට නෙගටිව් හිතන්න හිතන්න ඔයාට ලැබෙන්නෙම නෙගටිව් දේවල් මයි කියලා ,ඒක අහලා එයාට හිනාගියා....

එයා එවලෙම කියනවා මට " අපි පොසිටිව් හිතුවා කියලා අපිට හම්බෙන දෙයක් නෑ.ඕව බොරු දේවල්. මේ අපි ඉන්න විදිහ වෙනස් කරන්න බෑ ඔයා ඔය කියන පොසිටිව් තින්කින් වලින්.." එයා එහෙම කියද්දි මම හිනාවෙලා එයා කිව්ව නෙගටිව් දේවල් මගේ ඔලුවෙන් සහමුලින් ම අයින් කලා....

එයා කොයිතරම් මං එක්ක ගණුදෙනු කරත් එයාගෙන් මට හානියක් වුනේ නෑ.. එයා නිතරම නෙගටිව් දේවල් කිව්වත් මම ඒ කිසිම දෙයක් මගේ යටිහිතට දාගත්තේ නෑ.. මම විශ්වාස කලා මාව.. මම විශ්වාස කලා මේ විශ්වය...එයා අපිට ඕන දේ දෙනවා.. මම මට ලැබුන පුංචි දේටත් ස්තූතියි කරා...තාමත් එහෙමයි.. එන්න එන්නම මට ලැබෙනවා ස්තූතියි කියන්න පුළුවන් දේවල්...

අරමුණට ඉක්මනින් යන්න නම් ඔයාගේ හැසිරීම වෙනස් කරගන්න ඕන.. මොකද ඔයාගේ හැසිරීමෙනුත් විශ්වය ඔයාට ඕන දේ දෙනවද නැද්ද කියලා දෙපාරක් හිතනවා...හිතන්න ඔයා උදේම නැගිටලා වැඩ කරලා ඔයාගේ අරමුණ ට යන්න උපරිම උත්සාහ කරන කෙනෙක් නම් , ඔයා නිතරම විශ්වයට ස්තූතියි කරනවා නම් අනිවාර්යයෙන් ඔයාට ඔයාගේ අරමුණු ඉක්මනින් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා..... ඔයාට සාර්ථක ගමනක් අවශ්‍ය නම් ඔයා ඔයාගේ හැසිරීම් රටාව වෙනස් කරගන්න...

නෙගටිව් හිතන අයගෙන් ඈත් වෙන්න අවශ්‍ය නෑ..ඔයා කල යුත්තේ ඔවුන්ගේ නෙගටිව් අදහස් ඔයාගේ යටිහිතට එකතු නොකිරීමයි...❤️

ඔබ කැඩපතක්  ඉදිරියට ගොස් දකුණු  අත එසවූ කල ඔබට පෙනෙන්නේ  ඔබ ඔබේ වම් අත එසවූ බවයි.වම් අත එසවූ කල  දකුණු අත එසවූ බව පෙනේ.ස...
27/07/2021

ඔබ කැඩපතක් ඉදිරියට ගොස් දකුණු අත එසවූ කල ඔබට පෙනෙන්නේ ඔබ ඔබේ වම් අත එසවූ බවයි.වම් අත එසවූ කල දකුණු අත එසවූ බව පෙනේ.සමහර අවස්ථාවල රාත්‍රි නින්දේ දී ඔබ දකින සිහින මගින් වැරදි දේවල් තේරුම් කර දේ.සිහින වලින් පෙන්වන හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙසත් මිනිසා තේරුම් ගන්නට උත්සහ කලේ මේ නිසාය.මිනිසාගේ යටි සිත අපගේ මානසිකත්වය පෙන්වන කැඩපතකි.නිතරම බාහිර පෙනුම යතාර්තය අවුල් කර පෙන්වන බැවින් ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට බුද්ධිය තිබිය යුතුය.

මනොවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

071 3966092/ 076 0650984

යමක් සාර්ථක  නොවේ යැයි කියා බියක් ඇති වන්නේ අසමත්වීම් සහ පරාජයන් පිළිගැනීමට නොහැකි මිනිසුන් ය.ලොව උසස් මිනිසුන් තම ජීවිත...
19/07/2021

යමක් සාර්ථක නොවේ යැයි කියා බියක් ඇති වන්නේ අසමත්වීම් සහ පරාජයන් පිළිගැනීමට නොහැකි මිනිසුන් ය.ලොව උසස් මිනිසුන් තම ජීවිතය ජය ගත්තේ පරාජයන්ට ,නින්දා සහ අපහස වලට මුහුණ දුන් නිසා ය.සෑම සත්වයෙකුටම උරුම වන මෙම ලෝක ධර්මතා වලට බිය වන්නා හිස් මිනිසෙකි.

ජීවිතය සාර්ථක කරගැනීම සදහා නුහුරු නුපුරුදු සහ අසීරු අවස්ථා වලින් පලා යාම හෝ බිය වීම නොකළ යුත්තකි.කිරීමට අසීරු දේවල් ටිකින් ටික පුහුණු විය යුතුය.නිතර පුහුණු වනවිට ඕනෑම කෙනෙකු දක්ෂයෙකු වේ.දක්ෂයාට ජයග්‍රහණයේ විශ්වාසය ඇති වේ.

මනොවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

071 3966092/076 0650984

දෙවියන් යනු කවරහු ද ? දෙවියන්ගේ ගතිගුණ මොනවා ද ? ඉවසීම, කරුණාව,දයාව ,අනුකම්පාව ,අනුන්ට පිහිට වීම ආදී ගුණාංග  දෙවියන්ට හි...
11/07/2021

දෙවියන් යනු කවරහු ද ? දෙවියන්ගේ ගතිගුණ මොනවා ද ? ඉවසීම, කරුණාව,දයාව ,අනුකම්පාව ,අනුන්ට පිහිට වීම ආදී ගුණාංග දෙවියන්ට හිමිය.ඉහත සදහන් එක ගුණාංයක් තුළ ඔබට කොපමණ වේලාවක් සිටිය හැකි ද ? එතෙක් කාලයක් ඔබ දෙවියෙකි.දෙවියාට ද සිතක් ඇත.මිනිසාට ද සිතක් ඇත.දෙවියා දේවත්වයට පත් වන්නේ දෙවියාගේ සිත උතුම් ගුණාංග වලින් පුරවා ගත්විට ය.මිනිසාට දෙවියෙකු වීමට හැක්කේ ද එලෙසට ය...🙏

මනොවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

නළුවෙකුගේ රගපෑම සාර්තක වන්නේ එම නළුවා එම චරිතයට නිවැරදිව ආරුඪ වීමට හැකි නම් පමණි.එනම් ආරූඪ  වීම යනු සිත සහ කය එම චරිතයට ...
11/07/2021

නළුවෙකුගේ රගපෑම සාර්තක වන්නේ එම නළුවා එම චරිතයට නිවැරදිව ආරුඪ වීමට හැකි නම් පමණි.එනම් ආරූඪ වීම යනු සිත සහ කය එම චරිතයට වහල් කර ගැනීමයි.නළුවා එලෙස වහල් නොවී රගපාන විට එය දුර්වල රගපෑමකි.අපගේ ජීවන කර්තව්‍යන්හීදී ද මෙය සමාන්තර වේ.අප ඒවාට අවධානය නොදෙන කල ඒවා අසාර්ථක වන අතර නිවැරදිව අවධානය යොමු කිරීමෙන් සහ ඒ තුල ජීවත් වීමෙන් සාර්ථකත්වයට පත්විය හැක.

මනොවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

සැබවින්ම  ගැටලුව පවතිනුයේ වර්තමානයේ ය.යම්කිසි පුද්ගලයෙකුගේ සිත අතීතය තුළ හෝ අනාගතය  තුළ නැ0ගුරම් වෑටී ඇත්නම් ඔහුට හෝ ඇයට...
11/07/2021

සැබවින්ම ගැටලුව පවතිනුයේ වර්තමානයේ ය.යම්කිසි පුද්ගලයෙකුගේ සිත අතීතය තුළ හෝ අනාගතය තුළ නැ0ගුරම් වෑටී ඇත්නම් ඔහුට හෝ ඇයට වර්තමාන මොහොතේ සීතීම,ක්‍රියා කරන ආකාරය ,විමසා බැලීම හා තීරණ ගැනීම වැනි දෑ දුෂ්කර වන්නේය .

මනෝවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

071 39 66092/ 076 06 50984

මොහොතකට දෑස් වසා ගන්න ...හුස්මක් ගන්න ....සෙමෙන් එය පිට කරන්න... ඉන්පසු මෙසේ සිතන්න.." මාගේ මනස පීඩාවට පත් කල හැක්කේ මට ...
11/07/2021

මොහොතකට දෑස් වසා ගන්න ...හුස්මක් ගන්න ....සෙමෙන් එය පිට කරන්න... ඉන්පසු මෙසේ සිතන්න..

" මාගේ මනස පීඩාවට පත් කල හැක්කේ මට පමණි.අන් කිසිවෙකුට මා පීඩාවට පත් කල නොහැක.ලෝකය වැරදි කරන අයවලුන්ගෙන් ගහණය.එනිසා මා පීඩාවට පත් නොවෙමි.සියලු දෙනාටම මා මනසින් සමාව දෙමි...

මනොවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

071 39 66092/ 076 0650 984

ඔබේ සිත මහපොළව වැනිය.මෙහි පැළ කරනු ලබන ඕනෑම බීජයක් රෝපණය  වේ.ඔබට ආහාර  සදහා  පළතුරු  ආදිය මෙහි රෝපණය  කරගත හැකි අතර අවශ්...
11/07/2021

ඔබේ සිත මහපොළව වැනිය.මෙහි පැළ කරනු ලබන ඕනෑම බීජයක් රෝපණය වේ.ඔබට ආහාර සදහා පළතුරු ආදිය මෙහි රෝපණය කරගත හැකි අතර අවශ්‍ය නම් විෂ සහිත ශාක ද රෝපණය කල හැක.මෙම නියාම ධර්මය සිහි කරමින් නිරන්තරයෙන් ඔබගේ මනස නැමති මහපොළව මත ඔබට අවශ්‍ය දේ පමණක් රෝපණය කරන්න...

මනෝවිද්‍යා විද්‍යා උපදේශක

නුවන් රණසිංහ

071 3966092 / 076 0650984

ඔබ දැනටමත්  ජීවිතය  ගත කරන්නේ දුකින්  සහ පසුතැවීමෙන් ද ? සිත්සුව මනෝ උපදේශන සේවය  ඔබගේ සියලූම ආකාරයේ  මානසික ගැටලු නිරාක...
11/07/2021

ඔබ දැනටමත් ජීවිතය ගත කරන්නේ දුකින් සහ පසුතැවීමෙන් ද ? සිත්සුව මනෝ උපදේශන සේවය ඔබගේ සියලූම ආකාරයේ මානසික ගැටලු නිරාකරණය කර ගැනීමට උපකාර කරන උපදේශන සේවයකි.

"Thoughts become Things සිතුවිලි  ද්‍රව්‍ය  බවට පත් වේ" යන වදන යුරෝපය තුළ විශාල වශයෙන්  පැතිර යයි.එදා බුදුන් වහන්සේ "චේත...
09/07/2021

"Thoughts become Things සිතුවිලි ද්‍රව්‍ය බවට පත් වේ" යන වදන යුරෝපය තුළ විශාල වශයෙන් පැතිර යයි.එදා බුදුන් වහන්සේ "චේතනාව කර්මය වේ" යනුවෙන් දේශනා කලේ ද මෙයමය.මිනිසා සිතින් කයින් සහ වචනයෙන් කර්ම රැස් කරයි.ඒවා යහපතක් නම් කුසල ක්‍රියා වශයෙනුත් අයහපත් නම් අකුසල ක්‍රියා වේ.යම්කිසි පුද්ගලයෙකුට හෝ දෙයකට සිතාමතා වරදක් කල පසු සිතෙහි වරදකාරී හැගීමක් ( Guilty Feeling) ඇති වේ.වරදකාරී හැගීමේ ස්වබාවය නම් එය නැවත නැවත මනස විසින් මෙනෙහි කර දීමයි.එවිට පුද්ගලයාගේ ස්නායු පද්ධතිය දරුණු ලෙස පීඩනයට පත්වන අතර නින්ද නොලැබේ,අවධානය අඩු වේ,මතකය අඩු වේ,ස්නායු රෝග ඇති වේ,මානසික රෝග ඇති වේ,දියවැඩියාව ආදී බෝ නොවන රෝග කාලයත් සමග ඇති වේ. වරදකාරී හෑගීමේ අවසන් ප්‍රතිඵලය එලියට පැමිණෙන්නේ මේ අකාරයෙනි.එනිසා කිසිවෙකු නොරටවන්න මුලාවට පත් නොකරන්න,අනුනට යහපතක් ම සිදු කරන්න....ඔබෙන් අයෙකුට වරදක් වී ඇත්නම් නොපමාව සමාව ගන්න...

මනෝවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

මීට අවුරුදු  50කට 100 කට පෙර පැවති සමාජය අද පවතින දියුණු  සමාජයක් බවට පර්වර්තනය වීමට හේතුව කුමක් ද ? එදා තිබූ දුරකථනයට ව...
09/07/2021

මීට අවුරුදු 50කට 100 කට පෙර පැවති සමාජය අද පවතින දියුණු සමාජයක් බවට පර්වර්තනය වීමට හේතුව කුමක් ද ? එදා තිබූ දුරකථනයට වඩා අද තිබෙන දුරකතනය අතිශය දියුණු මෙවලම කි.එදා තිබූ මෝටර් රථයට වඩා අද තිබෙන රථ තාක්ෂණයෙන් සපිරි සුව පහසු ඒවා ය.එදා දහස් ගණනින් මිනිසුන් ලෙඩ රෝග වලින් මිය යද්දී එම ලෙඩ රෝග අද වනවිට අතුරුදහන් වී ඇත.එදා ක්‍රීඩයෙකු පෙන්වූ දක්ෂතාවයට වඩා එම ඉසවුවේදී ම වර්තමාන ක්‍රීඩකයන් එය ඉක්මවා යයි.අනාගතය තුළ මෙය තවත් ඉදිරියට ගමන් කරයි.අනාගතයේ වර්තමාන මිනිසාට සිතා ගැනීමට නොහැකි තරම් නිර්මාණ හා හැකියාවන් නිර්මාණය වනු ඇත.මෙයට හේතුව මිනිසා ඔහුගේ සීතීමේ හැකියාව නැතහොත් චින්තනය දියුණු කිරීමයි.එකතැන පල් නොවී චින්තනය දියුණු කිරීමෙන් මිනිසා සමාජය ඇතුලු අනෙකුත් සෑම දේකම දියුණුව ඇති වේ.තනි තනි පුද්ගලයට මෙම රීතිය අදාල වේ.පුද්ගලයා තමාට අදාල ක්ෂේත්‍රය තුළ තමාගේ චින්තනය දියුණු නොකරන්නේ නම් ඔහුට හෝ ඇයට ඉදිරියට යාමට නොහැකිවන අතර දියුණුවක් නොලබා එකතැන පල් වනු ඇත.එනිසා පුද්ගලයා ඔහුගේ චින්තනය එකතැන් පල් වීමට ඉඩ නොදිය යුතුය....

මනෝවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

Address

4th Floor, Janajaya Building, Rajagiriya
Colombo
10100

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+94713966092

Website

Alerts

Be the first to know and let us send you an email when SithSuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SithSuwa:

Share