31/12/2024
ආහාර ලබාදීම දෙවන කොටස
අපගේ ආහාරය ප්‍රධන කාණ්ඩ කිහිපයකට කැඩීමට හැකියි.
1. Cereals බත් හෝ එහි ආදේශක
2. Legumines රනිල කුලයේ ඇටවර්ග
3. Oil තෙල් ආහාර පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, බටර්
4. Protein සත්ත්ව ප්‍රෝටීන
5. Yams අල වර්ග /අල එලවලු
6. Green Vegetables කොල එලවලු
7. Green leaves කොල වර්ග
8. Fruits පලතුරු
9. Dairy Products කිරි ආහාර
10. Water and Minerals ජලය සහ ලවණ සහිත දියර වර්ග
📌මෙම ආහාර වර්ග පිලිවෙලින් හඳුන්වාදීම (අසාත්මිකතාවන් හඳුනාගනිමින් සහ අවම වන පරිදි) මෙම කොටස මඟින් සලකා බලමු.
📌මුලින්ම Cereal එකක් (උදා බත්) ලබාදීම සිදුකල හැකියි. මෙහෙදී මිශ්‍ර නොවූ Cereal එකක් භාවිතාකරන්න. (බත් නම් එහි එකම සහල් වර්ගය විය යුතු අතර එයට වෙනත් ධාන්‍ය වර්ග කවලම් නොවිය යුතුයි).
📌එය දොවාගත් මවුකිරි සමඟ පොඩිකර smashed මිශ්‍රකර ද්‍රවයකට මදක් වැඩි ඝනකමට සාදාගන්න (මවුකිරි ලබා නොදෙන දරුවෙකුට ලබාදෙන පිටිකිරි වර්ගය මේ සඳහා භාවිතාකල හැකියි.
📌මෙය වේලකට කුඩා හැදි දෙකතුනක් දිනකට වාර දෙකක් දින 3 ක් ලබාදෙන්න.
📌ආහාර ලබාදීමෙන් පසු පිරිසිදු වතුර හෝ මවුකිරි ලබාදීමට හැකියි.
📌මෙම දින තුන තුලදී ආහාර නිසා අසාත්මිකතාවක්, පලුදැමීමක්, වමනයක්, ජීර්ණයේ අපහසුතාවක් වැනි ලක්ෂණ ඇතිදැයි නිරීක්ෂණය කරන්න. එවැනි ගැටලුවක් නැත්නම් එම අහාරය දරුවාට යෝග්‍ය ආහාරයක් බවට පත්වේ. (එහිදී එසේ යෝග්‍ය වන්නේ ආදාල නිශ්චිත cereal වර්ගය වේ.)
📌ඉන්පසු 4 වන දිනයේ සිට එයට Legumine රනිල ධාන්‍ය වර්ගයක් (උදා පරිප්පු) ඉහත cereal එකට එකතු කල යුතුයි. එහිදී අදාල ධාන්‍ය වර්ගය පිරිසිදුව භාවිතා කල යුතුයි. වෙනත් ධාන්‍ය මිශ්‍ර නොකල යුතුයි.
📌එයත් දිනකට දෙවරක් බැගින් දින 3 ක් ලබාදෙන්න. එයටත් පොඩිකර smashed පිලියෙල කිරීමට මවුකිරි භාවිතාකරන්න.
📌එයත් ඉහත පරිදි නිරීක්ෂණය කරන්න. ගැටලුවක් නැත්නම් එයත් දරුවාට යෝග්‍ය ආහාරයක් බවට පත්වේ.
📌තුන්වන් අදියරේදී තෙල් වර්ගයක් එකතු කල හැකියි. (උදා බටර්). එහිදී ඉහත වර්ග දෙකට මෙය එකතු කිරීම සිදුකරයි. මෙහිදී මවුකිරි යොදාගැනීම අවශ්‍ය නෑ. (තෙල් මඟින් අවශ්‍ය පහසුව ලැබෙන නිසා). මෙම පියවරෙන් පසු oil තිබෙන නිසා මවුකිරි අවශ්‍ය නෑ.
මෙය දින 3 ක් ලබාදීම ඉහත පරිදි සිදුකල යුතුයි.
📌මීලඟ පියවර Proteins සත්ත්ව ප්‍රෝටීන එකතු කිරීමයි. මෙහෙදී බිත්තර භාවිතා කරයිනම් කහ මදයද (මෙහි කහ මදය සහ සුදු මදය ප්‍රෝටීන වර්ග 2 කි. එය ප්‍රෝටීන 2ක් ලෙස වෙන වෙනම හඳුන්වාදිය යුතුයි.
📌අනිත් ප්‍රෝටීනද මාලු Fish වෙනස් වෙනස් මලුවාගේ ප්‍රෝටීන වෙනස්, මස් වර්ගයන්ද එසේම වේ. එක් එක් ප්‍රෝටීන වෙන වෙනම් හඳුන්වාදීම සිදුකල යුතුයි.
📌මෙලෙස එක් ප්‍රෝටීන වර්ගයක් පමණක් තෝරාගෙන එය ඉහත යෝග්‍ය වූ කෑම වර්ග සමඟ මිශ්‍ර කොට දින 3 ක් ලබාදෙන්න.
📌මේ ලෙසම ඊලඟ දින 3 දී Yams අල වර්ගයක්ද, ඊලඟ දින 3 දී කොල එලවලු වර්ගයක්ද, ඊලග දින 3 දී පලා වර්ගයක්ද වශයෙන් ක්‍රමානුකූලව 1-7 දක්වා ඇති ආහාර වර්ගවලින් එක බැගින් හඳුන්වාදීම සිදුකල යුතුයි.
📌එහිදී ප්‍රමාණය ආහාර වර්ග වැඩිකිරීදී වෑඩිකල හැකි අතර ආහාර වර්ග 7 ම ආවර්ණයට සති 3 ක් පමණ කාලයක් ගතවේ.
📌ඉන් පසු ක්‍රමයෙන් ඉහත ආහාර වර්ගවල වෙනත් සාමාජිකයන් එකතුකිරීම සිදුකල යුතුයි. මෙහිදී protein සත්ත්ව ප්‍රෝටීන , legumine රනිල ධාන්‍ය වලට ප්‍රමුඛතාවක් ලබාදීම කලයුතුයි.
📌සෑම අලුතින් ලබාදෙන කෑම වර්ගයක්ම දින 3 ක් ලබාදීමත් මේ කාලය තුල වෙනත් අලුත් කෑම වර්ගක් නොදීමත් කලයුතුයි.
📌එසේම අලුත් ආහාර කිහිපයක් හෝ එවැනි මිශ්‍රණයක් ලබාදීමත් නොකල යුතුයි.
📌යම් ආහාර වර්ග ප්‍රමාණයක් හඳුන්වා දුන් පසු (උදා මාස 2 කින් වරග 20ක්). පලතුරු අහාර හඳුන්වාදීමට හැකියි. එයත් වෙන වෙනම හඳුන්වාදීම කලයුතුයි. අලුත් පලතුරක් දෙනවිට එයද දින 3 ක් ලබාදීම වැදගත් එහිදීද වෙනත් අලුත් ආහාරයක් ලබා නොදිය යුතුයි.
📌ආහාර හඳුන්වාදීමට පසු ඉදිරියට යාම එහි ගැටලු නිරාකරණය නොබෝ දිනකින් මීලඟ ලිපිය මගින්.
මෙවැනි දෑ පිලිබඳව වීඩියෝ නැරඹීමට youtube චැනලය Subscribe කරන්න.
YouTube: https://youtube.com/?si=_II8BLQNxow8TOiZ