Covid-19 - Health Promotion

Covid-19 - Health Promotion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Covid-19 - Health Promotion, Chatham Street Colombo, Colombo.

පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරද්දී, ගැබිනි කාන්තාවකට ආසනය දෙන එක සාමාන්‍යයෙන් ලෝකයේම පිළිගත්ත සිරිතක් නේද? ඒත්, ලන්ඩනයේදී ...
13/01/2026

පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරද්දී, ගැබිනි කාන්තාවකට ආසනය දෙන එක සාමාන්‍යයෙන් ලෝකයේම පිළිගත්ත සිරිතක් නේද? ඒත්, ලන්ඩනයේදී සිද්ධ වුණු මේ කතාව, ඒ සම්ප්‍රදාය කඩ කරලා, සමාජ මාධ්‍යවල විශාල කතිකාවතක් ඇති කළා.

මෙම පුවත ලොව පුරා වෛරල් වුණේ, ලන්ඩන් දුම්රියකදී එක් මිනිසෙකු ගැබිනි කාන්තාවකට තම ආසනය දීම ප්‍රතික්ෂේප කිරීම නිසයි.

පිරිමියා විසින් ඉදිරිපත් කළ තර්ක දෙකක් තිබුණා:

1. **පුද්ගලික විවේකය:** ඔහු දවස පුරා රැකියාවේ සිටගෙන සිටි නිසා, තමන් දැඩි ලෙස වෙහෙසට පත්ව (exhausted) සිටින බවත්, තවදුරටත් සිටගෙන සිටීමට නොහැකි බවත් පැවසුවා.

2. **තෝරාගැනීම:** ඊටත් වඩා කම්පා කරවන දෙය නම්, ඔහු තර්ක කළේ **"ගැබිනි වීම යනු ඇය විසින්ම ගත් තීරණයක්"** බවත්, අවශ්‍ය නම් ඇයට මෝටර් රථයක් වැනි වෙනත් විකල්ප සූදානම් කර ගත හැකිව තිබූ බවත්ය.

**දෙකඩ වූ අදහස්**

මෙම පුවත සමාජ මාධ්‍යවල පළ වූවාම, මිනිසුන්ගේ අදහස් දෙකඩ වුණා.

* **පළමු පාර්ශ්වය** තර්ක කළේ, පෞද්ගලික සුවය (personal comfort) වෙනුවෙන් සටන් කිරීම යුක්ති සහගත බවයි.

* **දෙවන පාර්ශ්වය** කියා සිටියේ, ගැබිනි සමයේදී කාන්තාවකට ඇතිවන ශාරීරික අපහසුතාවන්ට (physical challenges) දයාව (empathy) දැක්වීම, මනුෂ්‍යත්වයේ යුතුකමක් බවයි.

සැබවින්ම, මෙහි විශ්වීයව නිවැරදි පිළිතුරක් නැත. මේ කතාව මගින්, පුද්ගල අයිතිවාසිකම් (individual rights) සහ පොදු ස්ථානයක අන් අය වෙනුවෙන් දක්වන "සාමාන්‍ය ආචාරශීලීත්වය" අතර ඇති දැඩි ගැටුම ඉස්මතු කරනවා.

මේ වගේ අවස්ථාවක, ඔබේ පෞද්ගලික සුවයද, නැත්නම් අන් අය වෙනුවෙන් දක්වන දයාවද මුල් තැන ගත යුත්තේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.

**ලොව වටා දැනුම සොයනා ඔබගෙන් පුංචි ඉල්ලිමක් දිනපතා පලකරනා අපගේ ලිපි මුලින්ම ඔබවෙත ගෙන්වා ගැනිම සදහා කහපාට ලොගෝ එකක් සහිත අපගේ දැනුම ලැබ් පේජ්එක ෆෝලෝ කරගෙනම යන්න. ඔබට සුබ දවසක්**

18/12/2025

ආපදා වලින් පසු වර්තමාන තත්ත්වය | Lka

මිනිසා විසින් නිර්මිත ලොව භයානකම ජලාශය වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකි...
12/12/2025

මිනිසා විසින් නිර්මිත ලොව භයානකම ජලාශය

වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ උස මීටර් 15 ක් සහ පළල මීටර 14 බැගින් වන සහ එක් වාන්දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත උස මීටර් 87ක් දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විත මෙම ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේදීය .

කොත්මලා ඔය මහවැලි ගඟට එක්වීමට කිලෝමීටර් 6.6 කට පෙර තිස්පනේ සහ කඩදොර කඳු වැටි දෙක මැදින් මෙම වේල්ල ඉදිකොට සාදන ලද මෙම “ලොව භයානකම” ජලාශය ශ්‍රී ලංකාවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමුවන ව්‍යාපෘතිය වන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයයි.

මෙම ජලාශයේ ඉදිකිරීමේ ප්‍රධාන අරමුණවූයේ ජල විදුලිය නිපදවීමයි. ඊට අමතරව ගම්පොළ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමද මෙහි එක් අරමුණක් විය.
නමුත් මෙය ඉදිකර වසර හතළිහකට පසු එය ලොව ඉදිකළ භයානකම ජලාශය බවට අදාල බලධාරීන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට පවසන ප්‍රකාශයෙන් තහවුරු වේ.

ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී පැය 24 පුරාවට සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් ජලාශයේ රඳවා ගන්නා ජලය ප්‍රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිය යුතුවේ. එසේම ගං වතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන් ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ අවධානීය යුතුකමක් පවතී.

නමුත් පසුගිය නොවැම්බර් මස 27 වන දින සවස හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා අති විශාල ජල ප්‍රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොල ප්‍රදේශයට “මිරිදිය සුනාමියක්” (freshwater tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවිය.එකවරම පැමිණි මීටර් දහයක් පමණ උස ජල කඳක් හේතුවෙන් ජීවිත බේරා ගැනීමට ළඟපාත නිවාස වල ඉහළම තිබූ තුන්වෙනි තට්ටුවලට පවා ගිය පිරිස් යට කරගෙන ජල කඳ ගලා ගියේ ඔවුන්ගේ ජීවිතත් ප්‍රකෝටි ගණන් දේපලත් ඒ සමග රැගෙන යමිනි.මෙය කිසිසේන ස්වභාවික විපතක් සැලකිය යුතු නොවේ. ගං වතුර පාලනය කිරීමත් අරමුණු කර කරගත් කොත්මලේ ජලාශයෙන් මේ තරම් විනාශයක් සිදුවූයේ කෙසේද ?

ජනාධිපතිවරයාගේ විමසීමට පිළිතුරු දුන් අදාල ජලාශය භාර නිලධාරින් ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ කළේ විශාල ජල කඳක් එකවර පැමිණි නිසා වේල්ල බේරාගැනීමේ අදහසින් තමන් ක්ෂණිකව වාන් දොරටු විවෘත කළ බවයි. එම වාන් දොරටු විවෘත කිරීම තුළ අති විශාල ජල ප්‍රමාණයක් එකවර මුදාහැරීම නිසා පහත ප්‍රදේශවල ක්ෂණික අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා මිනිස් ජීවිත සහ දේපළ විනාශ වන බව හොඳාකාරව දනිමින් මෙලෙස වාන් දොරටු හැර දැමීම ඔවුන් සිදුකර ඇත.

එම නිලධාරියා ප්‍රකාශ කරන පරිදි නොවැම්බර් මස 27වන දිනන රාත්‍රියේ ඔවුන් ක්ෂණිකව ජලය මුදා හැර ඇත්තේ කිසිදු පූර්ව දැනුම් දීමක් සහ ජලයට යට විය හැකි ප්‍රදේශවල පුද්ගලයන් ඉවත් කිරීමකින් තොරවයි.ජලය මුදා හැරීමට පෙර එදින සයිරන් සංඥා නාදයක් ලබාදීමද සිදුකර නොමැත. විශාල ජල ප්‍රමාණයක් එකවර මුදාහැර ඉන්පසු වාන් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත.නැවත පසුදා සුළු වෙලාවකට වාන්දොරටු විවෘත කිරීමේදී ඊට විනාඩි දහයකට පෙර සයුරන් නලාව නාද කළ බවත් එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම “ වැනි කටයුතු වල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත් එය ඔවුන්ගේ උපදේශන අත්පොත් වල ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්‍රකාශ කරයි. නමුත් පෙර දින රාත්‍රියේ වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබූ එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බයට පත්ව හිස් ලු ලූ දිව යන ලදී.

ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය භාගෙකට පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද ? යන්නයි.
මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරයි.
මේක තමා ඉතාම භයානක තත්වය.මේක තමයි මේ වේල්ල ලොව භයානක තමා ජලාශ වේල්ල බවට පත්වීමට හේතුව.මේ අනුව ඉදිරියේදීත් මෙවන් තත්ත්වයක් ඇතිවන සෑම විටකදීම අනිවාර්යයෙන්ම ගම්පොළ ප්‍රදේශයේ ජීවිත සහ දේපොළ අති විශාල ප්‍රමාණයක් හානිවීමත් එතනින් පහළ මහවැලි ගඟ ආශ්‍රිතව අධිගංවතුර තත්ත්වයක් ඇතිවීමත් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත. විනාඩි දහයකින් පුද්ගලයන්ට තමන් ඉන්න තැනින් ආරක්ෂිත ස්ථානයකට යෑමට නම්” එර්දියෙන් “ ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය. තත්ත්වය එසේ නම් මෙම ජලාශය මෙගාවොට් 201 ක ජල විදුලියක් නිපදවුවද එමගින් සිදු විය හැකි ජීවිත සහ දේපළ හානි සලකා බැලූ විට මේ “භයානක ජලාශය” වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත
https://www.facebook.com/share/v/16oVPhUsEj/

නමුත් මේ නිලධාරින් පවසන්නේ ඇත්තද ?

ඔහු පවසන පරිදි නොවැම්බර් 27 වැනි දින තත්පරයට ඝන මීටර් 2720 ක වේගයෙන් ලැබුණ බව ගණනය කළ හැකිව තිබුණා නම් ආසන්න වශයෙන් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පහසුවෙන්ම ගණනය කළ හැකිව තිබුණි.උදාහරණයක් ලෙස වර්ෂාව පටන්ගෙන ජලාශයට ජලය ලැබෙන විට ජලාශයෙන් 85% ක් පිරී තිබුණේ නම් ඉහත සඳහන් වේගයෙන් ජලාශයට ජලය එකතු වී පිටාර මට්ටමට පැමිණීමට නම් ජල විදුලිය සඳහා ජලය මුදා හැරීමක් හෝ වාන් දොරටු වලින් ජලය මුදා හැරීමක් හෝ සිදු නොකර ඇති විට ඒ සඳහා ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 40 ක් ගතවේ. එසේම ජලය මීටරයක් උසට පිරීම සඳහා විනාඩි 40 ක් ගතවේ. එක් වාන් දොරටුවක් 25% විවෘත කර ඇති විට මේ සඳහා ආසන්න වශයෙන් පැය 3යි විනාඩි 15ක් ගතවන අතර වාන් දොරටු දෙකක් 25% බැගින් විවෘත කර ඇති විට ඒ සඳහා පැය 4
ක් ද වාන් දොරටු තුනක් 25% බැගින් විවෘත කොට තැබුවේ නම් ඒ සඳහා පැය 5යි විනාඩි 30ක් ගත වනු ඇත.

එසේ නම් මෙම ඉංජිනේරුවන්ට පූර්වයෙන් මෙම තත්ත්වය ගණනය කර ගත නොහැකි වූයේ ඇයි ? එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නොසලකිල්ල නිසා වූවක් නොවේද ? ජලාශයේ ජලය වාන් මට්ටමට ළඟා වූ විට දුවගෙන ගොස් වාන් දොරටු සියල්ල විවෘත කොට දමා” මිරිදිය සුනාමි” තත්ත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවක් නොව පුද්ගල ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය.ජලය මුදා හැරීම පියවර වශයෙන් සිදුකළ බවට ඔහු කළ ප්‍රකාශය සත්‍යයක් බව විශ්වාස කළ නොහැක. ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ එකවර අති විශාල වතුර කඳක් පැමිණි බවයි. පියවරෙන් පියවර ජලය මුදා හැරී නම් එලෙස සිදුවිය නොහැක වේල්ල නොතිබුනෙ නම් ඔහු කියන පරිදි කොත්මලා ඔයට ලැබෙන්නේ තත්පරයට ඝණ මීටර් 2720 ක ජල ප්‍රමාණය ඒ ආකාරයටම මහවැලි ගඟට එකතු වුවත් මෙතරම් විනාශයක් සිදු නොවේ.එහිදී සිදුවන්නේ ගංවතුර මට්ටම කෙමෙන් ඉහළ යාමක් මිස එකවරම මීටර් දහයක විතර උස ජල කඳක් කඩා වැටීම නොවේ.එම නිසා එවන් ගංවතුරකදී පුද්ගලයන්ට ජීවිත හානි අවම කරන ගනිමින් එම ප්‍රදේශ වලින් ඉවත් වීමේ හැකියාව ලැබේ.

වර්ෂාව අධිකව ලැබෙන විට සහ ඉදිරියේදීත් විශාල වර්ෂාවක් ලැබෙන බවට සියලු කාලු ගුණික වාර්තාලින් තහවුරු වී තිබියදී ජලාශය පිරෙනතුරු බලා නොසිට එම තත්ත්වය පූර්වේක්ෂණය කොට ජලාශ වාන් දොරටු පූර්වයෙන් ක්‍රමිකව විවෘත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.ගං වතුර පාලනය කරන්නේ එලෙසයි.නමුත් එම වගකීම ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය. විදුලි බලය අතිරික්තයක් පවතින බැවින් මෙම ජලාශයේ ජලය පහළ මට්ටමක පවත්වාගෙන යාම කිසිසේත් විදුලි බලය නිෂ්පාදනයට බලපෑමක් සිදු නොවේ.එම නිසා එම පූර්වයෙන් ප්‍රමාණවත්ව ජලය හිස් කිරීම සිදු නොකිරීම සඳහා නිදහසට කරුණක් නොවේ. ප්‍රමාණවත් කාලයක් තිබූ බැවින් පියවර වශයෙන් ටිකෙන් ටික ජලය මුදා හැරීමටත්, ඒ අනුව යටවිය හැකි ප්‍රදේශ නිර්ණය කොට ඒ ප්‍රදේශ වලින් පුද්ගලයන් ඉවත් කිරීමට ක්ෂණිකව කටයුතු කළ යුතුව තිබිණි.එසේ නොකොට මිනිස් ජීවිත නැතිවෙන බව පැහැදිලිවම දැන දැනම ජලය මුදා හැරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 293 සමග කියවිය යුතු 294 (ඈ) වගන්තිය පරිදි මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක

293 වගන්තියේ දැක්වෙන්නේ

තමන් කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නම් වරද සිදුකරන බවයි.

එසේම 294(ඈ) වගන්තියේ දැක්වෙන්නේ අන්තරාය කොපමණ ආසන්නද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය විය හැකි ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්‍රියාව සිදු කරන්නා දැනගෙන සිටින විට
එම ක්‍රියාවෙන් හෝ නොකර හැරීමෙන් සිදුවන මරණයක් මිනීමැරුමක් බවට පත්වන බවයි.

2005 වසරේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයට දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථයක් ඇතුළු කිරීම නිසා දුම්රිය බස් රථේ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අධිකරණය මගින් මරණ දඬුවම නියම කළේ මෙම වගන්ති මගිනි. එම රියදුරාගේ සහ කොන්දොස්තරගේ ක්‍රියාවත් කොත්මලේ ජලාශයේ වාන් දොරටු වර්ෂාව පටන් ගැනීමත් සමග ක්‍රමයෙන් විවෘත නොකිරීමත් ජලයෙන් යටවිය හැකි ප්‍රදේශවල ජනතාව ඊට ප්‍රථම ඉවත් කිරීමට කටයුතු නොකර සිටීමත් මිනිසුන් මිය යන බව දැන දැනම ජලාශයේ වාන් දොරටු එකවර විවෘත කිරීමත් මගින් මෙම ජලාශයේ පාලන කටයුතු භාරව සිටි පුද්ගලයන් සිදුකළ ක්‍රියාවත් බොහෝ දුරට සමාන බව දක්නට ලැබේ. .

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ.
2025.12.11

11/12/2025

මිනිස් ජීවිත 40 කට වඩා බිලිගත්,නිවාස 17ක් සම්පූර්ණයෙන් විනාශ වුන ගලත,මාවතුර,බිහිසුණු ඛේදවාචකයේ නවතම දර්ශන ...

එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, එක්සත් ජනපද ගුවන් හමුදාව ඊයේ දින අනුරාධපුර සහ යාපනය වෙත ...
10/12/2025

එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, එක්සත් ජනපද ගුවන් හමුදාව ඊයේ දින අනුරාධපුර සහ යාපනය වෙත පරිත්‍යාග කරන ලද භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ගේ C-130J යානා භාවිතා කළහ.

அமெரிக்க விமானப்படை தனது C-130J விமானங்களைப் பயன்படுத்தி நன்கொடையாக வழங்கப்பட்ட பொருட்களை அநுராதபுரத்திற்கும், யாழ்ப்பாணத்திற்கும் நேற்று எடுத்துச் சென்றது. அமெரிக்க-இலங்கை பங்காண்மை தொடர்ந்து பலனளிக்கிறது.

The U.S.-Sri Lanka partnership continues to deliver, as the United States Air Force used its C-130Js to transport more donated items to Anuradhapura and Jaffna yesterday.

10/12/2025
06/12/2025

මේ වහින පුංචි වැස්සටත් කොත්මලේ තැන් තැන් වලින් නාය යන විදිහ හැමෝම පරිස්සමෙන් ...

දවස් දෙකක් තිස්සෙ හමුදාවෙ කොල්ලො අපේ පැත්තෙ යටවුනු ගෙවල් පාරවල් සුද්ද කරනවා.උන් කඩියො වගේ.....ඇත්තමයි..බඩගිනි නැද්ද ඇහුව...
06/12/2025

දවස් දෙකක් තිස්සෙ හමුදාවෙ කොල්ලො අපේ පැත්තෙ යටවුනු ගෙවල් පාරවල් සුද්ද කරනවා.උන් කඩියො වගේ.....ඇත්තමයි..

බඩගිනි නැද්ද ඇහුවම වැඩේ කරලම කනව කියල හිනා වෙනවා.

පන්සලේ හාමුදුරුවෝ කෑම හදාගෙන ඇවිත් උන්ගෙ බඩ පුරවනවා.ආපදාවක් ආවා..හැබැයි.

අන්තිමට පිහිටට හිටියෙ කවුද කියල ගමේ මිනිස්සු ඇස් දෙකෙන්ම දැක ගත්තා ❤️
(Facebook)

අඩි 110ක් යකඩ බේලි පාලමක් ගුවනින් ලංකාවට..💕🇮🇳🙏 Thank You India 🙏🇮🇳ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද පස්වරුවේ කටුනායක...
05/12/2025

අඩි 110ක් යකඩ බේලි පාලමක් ගුවනින් ලංකාවට..💕

🇮🇳🙏 Thank You India 🙏🇮🇳

ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ..

Under 'Operation Sagar Bandhu', the Indian Air Force C-17 Globemaster has landed in Colombo with Bailey bridge units to restore road accessibility. A team of 25 personnel, including engineers and medical experts, also arrived on this flight..

එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබූ අතර, එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වැනි පාලම වේ.

මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

මීට අමතරව බෝට්ටු, සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද ඉන්දීය ආධාර අතර වේ..

05/12/2025

මෙහේ එක ගෙයක් තියෙනවා. මහ ගඟක් ගලාගෙන යනවා ගේ ඇතුලෙන්.

  - a week afterකුරුස හන්දිය (near Galaha)    Today 04Dec eve, 3 more bodies discovered, registered & buriedOf 11 person...
04/12/2025

- a week after
කුරුස හන්දිය (near Galaha)
Today 04Dec eve, 3 more bodies discovered, registered & buried
Of 11 persons beleived to be dead at this site, 7 bodies recovered
4 bodies remains to be recovered
Family waiting to recover 3 bodies say they want dignified burial in cemetry
Says neibhours worry leaving bodies buried at site may affect water & envioronment
They request help to rent bacohoe machine
A wellwisher had sponsored machine last few days as no support from state
If modern equipment & technology was deployed, wudnt it hav made process faster & easier for grieving families & those digging? Is it impossible to procure even after a week?

බිඳුණු පොළොව මත පියාපත් / Wings Over Broken Earth
04/12/2025

බිඳුණු පොළොව මත පියාපත් / Wings Over Broken Earth

Address

Chatham Street Colombo
Colombo

Telephone

+94773116964

Website

Alerts

Be the first to know and let us send you an email when Covid-19 - Health Promotion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න

කොවිඩ් 19 (කොරෝනා ) රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝ වේ. එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

* කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම.

* නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගැනීම.

* භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම.