College of Medical Laboratory Science - cmlssl

College of Medical Laboratory Science - cmlssl The College of Medical Laboratory Science, Sri Lanka (CMLS.SL) represents the Medical Laboratory Sci

*Sri Lanka Medical Council - A Century of Excellence and Future Vision*The Sri Lanka Medical Council (SLMC), established...
06/07/2025

*Sri Lanka Medical Council - A Century of Excellence and Future Vision*

The Sri Lanka Medical Council (SLMC), established in 1924, has been the premier institution responsible for maintaining education, regulatory standards, and professional ethics in the healthcare sector for nearly a century. Initially focused on ensuring the proper practice of medical professionals and safeguarding public health, the SLMC has expanded its services to include dental practitioners, healthcare professionals, and other allied health professionals.

*Historical Journey*

In the evolving healthcare landscape, the SLMC plays a pivotal role in upholding the standards of education and specialization among healthcare professionals. Over the past century, the Council has earned national and international recognition for its dedication to ensuring the safety and trustworthiness of the healthcare system. Its mandate extends beyond medical practitioners to encompass dental professionals, allied health professionals, and other healthcare workers, emphasizing the importance of education and professional standards.

*Future Imperatives*

To ensure quality healthcare delivery in the future, it is essential to develop more diversified and technologically advanced healthcare teams. The SLMC must assume a more robust role, including:

- Introducing new dimensions in healthcare education
- Further strengthening professional ethics
- Implementing new regulatory measures to safeguard patient safety
- Fostering equality and camaraderie among healthcare professionals

Particularly in the private sector, the registration and verification processes for professionals with foreign qualifications must be systematic and reliable.

*Current Chairman's Initiative*

Under the leadership of current Chairman Professor Wajira Dissanayake, a new perspective has emerged, recognizing the importance of respecting and promoting equality among all healthcare professionals. He emphasizes the need for the SLMC to focus on educational standards, professional ethics, and regulatory responsibilities for allied health professionals, not just medical practitioners. This vision underscores the unity of healthcare professionals in achieving excellence.

*A Century of Achievement*

The SLMC has successfully completed its centennial journey, built on the unity of healthcare professionals. Today, it continues to play a vital role in safeguarding public health and professional ethics, fostering trust in the education and integrity of healthcare professionals. As the Council embarks on its next century, its goal should be to build a more modern, balanced, and evidence-based healthcare system.

*Felicitations*

On this occasion, the College of Medical Laboratory Sciences Sri Lanka extends its warmest congratulations and best wishes to the Sri Lanka Medical Council on its centennial celebration.

*Acknowledgment*

We are honored to acknowledge the participation of Mr. Ravi Kumudesh, President of the College, in this auspicious occasion.

Best regards!!!

"Warmest congratulations to the graduates of the Bachelor of Medical Laboratory Sciences (Honours) program on this momen...
20/06/2025

"Warmest congratulations to the graduates of the Bachelor of Medical Laboratory Sciences (Honours) program on this momentous occasion of the 37th General Convocation of The Open University of Sri Lanka! 🙏🏼🎉 Held at the prestigious BMICH on June 19, 2025, this milestone marks the culmination of your tireless efforts, unwavering dedication, and unrelenting passion.
May your accomplishments bring you joy, pride, and fulfillment, while inspiring others to pursue excellence. Wishing you continued success, prosperity, and a bright future ahead! 🌟👨‍🎓👩🏼‍🎓"

🌟 Congratulations Dr. Dilrukshi Wimalaratne 🎉 We are incredibly proud to celebrate your remarkable achievement in being ...
20/06/2025

🌟 Congratulations Dr. Dilrukshi Wimalaratne 🎉
We are incredibly proud to celebrate your remarkable achievement in being appointed as the
*Head of the Department of Health Education and Research at the Open University of Sri Lanka! *

මේ දිනවල පවතින උණ රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද?මේ දිනවල ලංකාවේ උණ රෝගීන් වාර්තා වීම වැඩිවෙලා තියෙනවා. ...
10/06/2025

මේ දිනවල පවතින උණ රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද?

මේ දිනවල ලංකාවේ උණ රෝගීන් වාර්තා වීම වැඩිවෙලා තියෙනවා. එයට විශේෂයෙන් හේතු වී තිබෙන්නේ කොවිඩ් නව වෛරස් රෝගය, පවතින වැසි කාලගුණ තත්ත්වය යටතේ වැඩිවෙන ඉන්ෆ්ලුවන්සා රෝගය, මදුරුවන් මගින් පැතිරෙන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග තත්ත්වයන්.

1. කොවිඩ් නව වෛරස් රෝගය
රෝග ලක්ෂණ:
උණ
උගුරේ වේදනාව
මෘදු කැස්ස
තෙහෙට්ටුව
මාංශපේෂි වේදනාව
නාසය හිරවීම
කටහඬ ගොරෝසු වීම
ආහාර රුචිය නැතිවීම
සමහරවිට උණ, කැස්ස නොමැතිව කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමද මෙම කොවිඩ් නව ප්‍රභේදයේ ලක්ෂණයක්.
මෙම වෛරසය කෙලින්ම පෙනහළු වලට බලපාන අතර උග්‍ර ශ්වසන අපහසුතා මතුවී නිව්මෝනියාව ඇතිකිරීමට තරම් ප්‍රබල වෙනවා.
කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් ආසාදනය වීම බොහෝවිට අඩු වුවත් මෙය කලින් පැවති වෛරස් ප්‍රභේදවලට වඩා ජානමය වෙනස්කම් සහිත බැවින් සහ එම නිසාම සෛල ආසාදනය කිරීම වඩාත් කාර්යක්ෂමව සිදුකරන බැවින් එය පහසුවෙන් පැතිර යාමේ හැකියාවක් පවතී. නව ප්‍රභේද මතුවීම වෛරස් පරිණාමයේ සාමාන්‍ය දෙයක් බැවින් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන නමුත් විශේෂයෙන් කුඩා දරුවන්, ළදරුවන් ප්‍රවේශම් කරගැනීම අත්‍යවශ්‍ය වේ.

2. ඉන්ෆ්ලුවන්සා රෝගය
රෝග ලක්ෂණ:
වෙව්ලා උණ ගැනීම
මාංශපේෂි වේදනාව
කැස්ස
නාසයෙන් සොටු දියර ගැලීම
බඩ එලිය යාම
වමනය
උගුරේ වේදනාව
ඔළුවේ කැක්කුම
මෙම රෝග ලක්ෂණ සියල්ලම හෝ කීපයක් පමණක් පෙන්නුම් කරන්න පුළුවන්.
ඉන්ෆ්ලුවන්සා වෛරසයට එරෙහිවද එන්නතක් තිබුණද වෛරසය තුල සිදුවන ජානමය වෙනස්කම් හේතුවෙන් එය බොහෝවිට වලංගු වන්නේ අවුරුද්දක තරම් කෙටි කාල සීමාවකට පමණි.

කොවිඩ් නව වෛරස් රෝගයෙන් සහ ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද?
1. ජනාකීර්ණ ස්ථානවලට දරුවන් රැගෙන යාම සීමා කිරීම
2. මුහුණු ආවරණ(face mask) පැළඳිය හැකි දරුවන් හට මුහුණු ආවරණ පැළඳවීම
3. අපිරිසිදු වූ වහාම අත් සේදීමට යොමුකිරීම
4. රෝගී දරුවන් කහින විට කිවිසුම් යවන විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කිරීමට යොමු කිරීම (විශේෂයෙන් පෙර පාසල් සහ ප්‍රාථමික අංශ දරුවන්)
5. ප්‍රතිශක්තිය වඩන හොඳ ආහාර වේලක් සහ ප්‍රමාණවත් නින්දක් ලබාදීම

3. ඩෙංගු රෝගය
රෝග ලක්ෂණ:
තද උණ
ඔළුවේ කැක්කුම
මාංශපේෂි සහ සන්ධි වේදනාව
ඔක්කාරය සහ වමනය
සමහරවිට සමේ රතු පැහැති ලප ඇතිවීම

4. චිකුන්ගුන්යා රෝගය
රෝග ලක්ෂණ:
හදිසියේ ඇතිවන තද උණ
එක්වරම වෙව්ලා උණ ගැනීම සහ මෙය දින 3-5 අතර පවතී.
දරුණු ලෙස සන්ධි වේදනාව සහ සන්ධි ඉදිමීම
සමෙහි රතු පැහැති ලප මතුවීම

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම එකම වර්ගයේ මදුරුවන් මගින් පැතිරෙන වෛරස් ආසාදන තත්ත්වයන් වේ. මෙම රෝග වලින් පෙලෙන පුද්ගලයෙකු මෙවැනි මදුරුවෙකුගේ දෂ්ටනයට ලක්වීමෙන් පසු එම මදුරුවාම වෙනත් පුද්ගලයෙකු දෂ්ටනය කිරීමේදී වෛරසය ශරීරගත වීම සිදුවේ.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගවලින් දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද?
1. නිවසේදී මදුරුවන් පළවාහරින ක්‍රමවේද භාවිතා කිරීම
2. නිවස, පෙර පාසල, පාසල අවට පරිසරය පිරිසිදුව තබාගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම
3. ශරීරය ආවරණය වන ඇඳුම් ඇන්දවීම(විශේෂයෙන් උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී)

ඉහත සඳහන් කිනම් හෝ වෛරස් රෝගයකදී කුඩා දරුවන් හට උණ, කැස්ස, ශරීර වේදනාව, ශ්වසන අපහසුතා හෝ වෙනත් රෝග ලක්ෂණ පවතින්නේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න.(විශේෂයෙන් නිව්මෝනියා තත්ත්වයකදී රෝහල්ගතවී අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ)
රෝගී දරුවන් හට ප්‍රමාණවත් තරමේ විවේකයක්/ නින්දක් ලබා දෙන්න.
ප්‍රතිශක්තිය වඩවන ආහාර වැඩිපුර ලබා දෙන්න.
දියරමය ආහාර වැඩිපුර ලබා දෙන්න.(සජලනය කරන්න)
වෛද්‍ය උපදෙස් මත පමණක් අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට ලබාදෙන්න.

කුඩා දරුවන් ඉක්මණින්ම රෝගවලට නතුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බැවින් ඔවුන් ප්‍රවේශම් කරගැනීම දෙමාපියන් සහ වැඩිහිටියන් වන අපගේ යුතුකමක් සහ වගකීමක් බව සෑමවිටම සිහියේ තබාගන්න.

✍️ ඕෂදී තුඩුගල
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ
ශ්‍රී ලංකා ජාතික රෝහල
කොළඹ

සමසෞඛ්‍ය උපාධි ගැන මීට කලින් අහලා තියෙනවද?ලිපි අංක -02ඉතින් කවුද මේ වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිධාරීන්...?ස්වයංසිද්ධ ජ...
04/04/2025

සමසෞඛ්‍ය උපාධි ගැන මීට කලින් අහලා තියෙනවද?
ලිපි අංක -02

ඉතින් කවුද මේ වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිධාරීන්...?

ස්වයංසිද්ධ ජනනවාදය වැනි මනඃකල්පිත මතවාද අදහමින් සිටි මිනිසාට නව මානයකින් ලෝකය දෙස බැලීමට දොරටු විවර වුණේ ඇන්ටනි වෑන් ලියුවැන් හුක් ගේ සරල අන්වීක්ෂය සොයා ගැනීමත් සමඟයි. එලෙස ඇරඹුණු පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර අංශු විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය අද වන විට විශ්වාස කළ නොහැකි තරම් දැවැන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ විසිරී පවතිනවා. වෛද්‍ය රසායනාගාර විද්‍යාවත් එලෙසින් මූලික පදනම ලබාගෙන මේ වන විට ලෝකය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා.

වෛද්‍ය රසායනාගාරයක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔබට අනිවාර්යයෙන්ම යම් අදහසක් ඇති. ඊට මූලිකම හේතුවක් තමයි අද වන විට බොහෝ රෝග විනිශ්චයකටම හෝ නිර්ණයකටම පාහේ වෛද්‍යවරුන්ට වෛද්‍ය රසායනාගාර වාර්තාවක අත්‍යවශ්‍යතාවය මතුවී තිබීම හා එම නිසාම නිසැකවම මෙය කියවන ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට අවම වශයෙන් එක් වතාවක් හෝ වෛද්‍ය රසායනාගාරයක සේවාව ලබාගැනීමට සිදු වී තිබීම. නමුත් බොහෝ දෙනා එසේ රසායනාගාර සේවාව ලබාගෙන තිබෙන්නේ රුධිර පරීක්ෂණයක් හෝ මුත්‍රා පරීක්ෂණයක් වැනි සාමාන්‍ය රෝගී තත්වයකදී පවා නිර්දේශ කරන මූලික පරීක්ෂණයක් සඳහා පමණක් විය හැකියි. ඒ නිසාම යමකුට ඇතිවිය හැකි ප්‍රශ්නයක් තමයි බැලූ බැල්මට සරල යැයි සිතන මේ පරීක්ෂණ සිදු කිරීමට උපාධිධාරියෙකුගේ ඇති අත්‍යවශ්‍යතාවය කුමක්ද යන්න.

ඉතින් මේ සටහන තබන්නේ ම වෛද්‍ය රසායනාගාර විද්‍යාව (Medical Laboratory Science) කියන්නේ මතුපිටින් පෙනෙන සරල බවට එහා ගිය ඉතා සියුම් හා ගැඹුරු පරීක්ෂණ තුළින් රෝග අධ්‍යයනය හා නිර්ණය සිදුකිරීමට පිටුවහල් වන විෂයයක් බවත් එම උපාධිධාරීන් මෙහිදී අධ්‍යයනයේ යෙදෙන පුළුල් විෂය පථය පිළිබඳවත් ඔබට අදහසක් ලබා දෙන්නයි.

නවීන වෛද්‍ය විද්‍යාවේ සීඝ්‍ර දියුණුවත් සමඟ මුල් රෝග විනිශ්චය (Early Diagnosis), ප්‍රතිකාර අධීක්ෂණය (Treatments) සහ රෝගයක පුරෝකථන අගයක් (Prognostic Value) ලබා ගැනීමට ඇති හැකියාව ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පවතිනවා. ඊට සමගාමීව වෛද්‍ය රසායනාගාර විද්‍යා ක්ෂේත්‍රය ඉතා වැදගත් වන්නේ රෝග විනිශ්චය හා වැළැක්වීම සමඟ සෘජුවම සම්බන්ධ වී නිවැරදි ප්‍රතිකාර සඳහා පහසුකම් සපයන බැවින්.
ශ්‍රී ලාංකික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආරම්භයේ දී මේ සඳහා වසර දෙකක පූර්ණ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් සහිත ඩිප්ලෝමාධාරීන් ලෙස වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් (MLT - Medical Laboratory Technologists) සේවයේ යෙදීම සිදු වුණා. නමුත් මෙමගින් පමණක් වෛද්‍ය රසායනාගාර රෝග විනිශ්චය කිරීමේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වූ නිසා, පසුකාලීනව වෛද්‍ය පීඨයන්ට අනුබද්ධව රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය පිරිනැමීමට උත්සාහය හරහා 2006 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කරමින් 2007 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අටවන පීඨය ලෙසින් මුල්වරට ආරම්භ වූ සමසෞඛ්‍ය විද්‍යා පීඨය (Faculty of Allied Health Sciences) හරහා මෙම ක්ෂේත්‍රයට උපාධිධාරීන් බිහි කිරීම ඇරඹුනා. අද වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්කල පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ හා යාපනය යන රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් මෙම සිව් අවුරුදු වෛද්‍ය රසායනාගාර විද්‍යා විශේෂවේදී ගෞරව උපාධිය පිරිනමනු ලබනවා.

මෙහිදී රෝග නිර්ණයට හා අධ්‍යයනයට අදාළ සරලතම විද්‍යාගාර පරීක්ෂණයේ සිට සංකීර්ණතම පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණුව (theoritical & practical knowledge), විද්‍යාගාර කළමනාකරණය හා සමීක්ෂණය (laboratory mangement & evaluation), රෝහල් වල ලබාදෙන සායනික පුහුණුව (clinical training), සහිතව ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයටද මනා වටිනාකමකින් යුත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් (Medical Laboratory Scientist) දායාද කිරීම සිදුවෙනවා.

ශාස්ත්‍රීය අගය 120 කින් යුත් (120 credits) මෙම උපාධිය තුළින් මූලිකවම රෝග විනිශ්චය සඳහා අත්‍යාවශ්‍ය වන පරීක්ෂණ සිදු කිරීමට අදාළ දැනුම විවිධ විෂය පථයන් ඔස්සේ ක්‍රමානුකූලව ඉගැන්වීම සිදු වෙනවා. රුධිරය හා රුධිරය නිපදවන අවයව (blood and blood producing organs) පිළිබඳ අධ්‍යයනය කිරීම, රුධිර සෛල (blood cells) විශ්ලේෂණය කිරීම, රෝග හඳුනාගැනීමට අදාළ ප්ලාස්ම ප්‍රෝටීන පිළිබඳ විශ්ලේෂණය කිරීම සහ රුධිර ගණ (blood groups) හා රුධිර පාරවිලයනය (blood transfusion) පිළිබඳ ගැඹුරු අධ්‍යයනය වැනි කරුණු heamatology යන විෂය පථය ඔස්සේ සිදු කෙරෙනවා. ඒ වගේම රෝග නිර්ණය සඳහා බොහෝ සෙයින් වැදගත් වන මුත්‍රා පිළිබඳ භෞතික, රසායනික හා අන්වීක්ෂීය මට්ටමෙන් විශ්ලේෂණය කිරීම හා ශරීරයේ ඇති අනෙකුත් තරල වල (body fluids) උදා :- හෘදය වටා පවතින පරි හෘද තරලය (pericardial fluid), පෙනහලු වටා පවතින ප්ලූරා තරලයන්හි (pleural fluid) රසායනික සංඝටක (chemical components) පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් ද සායනික ජීව රසායන විද්‍යාව (clinical bio chemistry) යන විෂය පථය ඔස්සේ ඉගෙනීමට හැකියාව ලැබෙනවා. ඔබට සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන full blood count (FBC), erythrocyte sedimentation rate (ESR), random blood sugar (RBS), Cholesterol test, CRP (C-reactive protein) වැනි පරීක්ෂණ මෙන්ම thyroid tests, Cardiac troponin tests හා වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා වන renal function tests ආදී බොහෝමයක් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුවද මෙහිදී ලබා දෙනවා.

එසේම විවිධ රෝගාබාධ (diseases), ආසාදන (infections) වගේම වසංගත තත්වයන් ට (pandemics) හේතුවන බැක්ටීරියා, වෛරස හා පරපෝෂීන් (parasites) ගේ ගුණාංග හඳුනාගැනීම, ඇගයිම හා පරීක්ෂණ තුළින් ඒවා තහවුරු කොට වෙන්කර ගැනීම හා එමගින් රෝග හඳුනාගැනීම, පැතිරී යාම පාලනයට දායක වීම වැනි කරුණු සම්බන්ධව ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පිළිගත් ප්‍රමාණාත්මක දැනුම් සම්භාරයක් බැක්ටීරියා විද්‍යාව (bacteriology) වෛරස විද්‍යාව (virology), පරපෝෂී විද්‍යාව parasitology හා ක්ෂුද්‍ර ජීව විද්‍යාව (microbiology) යන විෂයන් තුලින් මෙම උපාධිධාරීන්ට ලබා දෙනවා.

ඒ වගේම ශරීරයේ ඇති සියලුම ජානමය තොරතුරු ගබඩා කරන DNA, RNA වැනි න්‍යෂ්ටික සංඝටක (nuclear material) හා ඒවායේ සිදුවන සියුම් විකෘතීන් (Mutations) තුළින් මිනිස් දේහයේ ඇතිවන සංකූලතා හා විෂමතා (syndromes and deformities) පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් ජාන හා අණුක ජීව විද්‍යාව (genetics and molecular biology) තුළින් අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන් සුලභව කතාබහට ලක්වූ PCR (polymerase chain reaction) වැනි පරීක්ෂණ වලට අදාල සම්පූර්ණ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුම මෙහිදී ලබා දෙනවා.
ප්‍රතිශක්ති විද්‍යාව (immunotechnology) වැනි විෂයන් තුලින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳවත් ප්‍රතිදේහජනක (antigens) හා සිරුරේ නිපදවෙන ප්‍රතිදේහ (antibodies) පිළිබඳවත් මිනිස් සිරුර ආරක්ෂා කිරීමට යොදා ගන්නා යාන්ත්‍රණ පිළිබඳ වත් සවිස්තරාත්මකව ඉගැන්වීම සිදුවෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් covid 19 වසංගතයට හේතුවන SARS COV 2 වෛරසයට එරෙහිවද මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිදුකරන මෙම antigen antibody reactions වගේම එම රෝගය හඳුනා ගැනීමේදී භාවිතා කරන Rapid Antigen Test /ICT (Immuno chromatographic test), ELISA test (Enzyme linked immunosorbent assay) වැනි පරීක්ෂණ සිදු කිරීම හා එයට අදාළ මූලධර්ම ආදිය ද මෙම විෂය පථය තුළ දී ගැඹුරින් ඉගැන්වීම සිදු වෙනවා.

මෙම විෂයන් තුලින් හදාරන විවිධ තාක්ෂණික ක්‍රම හා විෂය කරුණු, අද සීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින වෛද්‍ය විද්‍යාවත්, නව තාක්ෂණික ක්‍රමවේදයන් සොයාගැනීමත් සමග නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් පවතිනවා. ඒ නිසා වෛද්‍ය රසායනාගාර විද්‍යාව නිරන්තරයෙන් යාවත්කාලීන වෙන ගවේෂණාත්මක ලෙස දැනුම සොයා යා යුතු කුතුහලය දනවන විෂයපථයන් රැසකින් සමන්විත උපාධි පාඨමාලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම තාක්ෂණික දියුණුවත් සමගම අද වනවිට විද්‍යාගාර තුළ බොහෝමයක් ස්වයංක්‍රීය උපකරණ (automated instruments) භාවිතා කිරීම සිදුවෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව රසායනාගාර උපකරණ හැසිරවීම, ඒවා නිවැරදිව හා හානි අවම වන ලෙස භාවිතා කර පරීක්ෂණ සිදු කරන ආකාරය පැහැදිලි කිරීම, උපකරණ නඩත්තු කිරීම (maintenance), automated pipettes, automated heamatology analyzers ආදී උපකරණ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයන් පිළිබඳව අධ්‍යයනය කිරීම Bio medical instrumentation විෂය ඔස්සේ ආවරණය වෙනවා. තවද වඩාත් වැදගත් කරුණක් වන්නේ විද්‍යාගාර පරීක්ෂණ වලදී භාවිතා වන විෂ රසායනික සංයෝග, පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය (carcinogenic materials) හා ශරීරයට අහිතකර වාෂ්පශීලී වායු (volatile gases) ආදිය වගේම මිනිස් දේහයෙන් ලබාගත් පටක, රුධිරය හා අනෙකුත් තරල සාම්පල වලින් ඇති විය හැකි biohazards වලින්ද තමාට සහ අනෙකුත් සේවකයින්ට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම හා අවම කර ගැනීමට අදාළ දැනුම ද නිවැරදිව ආරක්ෂක උපකරණ (personal protective equipments) පැළඳීම පිළිබඳ දැනුම ද Laboratory practice, safety and firstaid හා Specimen collection වැනි විෂය පථයන් ඔස්සේ සම්පූර්ණයෙන්ම ආවරණය වීම මෙම උපාධි පාඨමාලාව තුළදීම සිදුවීමයි. තවද රුධිර සාම්පල එකතු කිරීම (phlebotomy) පිළිබඳ මූලික න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම ද මෙහිදී සිදු වෙනවා.

මිනිස් සිරුරෙන් ලබාගත් ජෛව පටක (biopsy) අන්වික්ෂීය මට්ටමින් අධ්‍යයනය කිරීම හා මිනිස් සිරුරේ කුඩාතම තැනුම් ඒකකය වන සෛලය පවා සියුම්ව අන්වීක්ෂය තුලින් නිරීක්ෂණය කිරීමෙන් ඒවායේ ඇති අසාමාන්‍යතා හඳුනා ගැනීමේ පුහුණුව පටක තාක්ෂණ විද්‍යාව (histotechnology) හා සෛල තාක්ෂණ විද්‍යාව (cytotechnology)යන විෂයයන් මගින් හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. මේවා භාවිතයෙන් රෝග නිර්ණයේදී Direct/Indirect Immunofluoresence (DFA /IFA), Immunohistochemistry, Cytospin, Cell block preparation වැනි තාක්ෂණයන් රැසක් පිළිබඳ පුළුල් දැනුම ඔවුන්ට ලැබෙනවා. මෙම තාක්ෂණයන් බොහෝවිට දේහය තුළ පිළිකාවක් පැතිරී ඇති ස්වභාවය (benign and malignant tumors) හඳුනාගැනීමට සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව සුලබව ඇතිවිය හැකි පිළිකා තත්ත්වයන් (gynaecologic tumors) පිළිබඳ අධ්‍යයනය කිරීමත් සිදුවෙනවා. තවද අද ලෝකය පුරා බහුලව දක්නට ලැබෙන HIV වෛරසය මගින් ඇති වන ඒඩ්ස්, HPV (Human papilloma virus) වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (sexually transmitted diseases) හඳුනාගැනීම, ඒවා පාලනය හා එම රෝග තහවුරු කිරීමට අදාල පරීක්ෂන සිදු කිරීම වැනි කරුණු ද මෙම පාඨමාලාව තුළදී ආවරණය වෙනවා.

ඉහත සඳහන් කළ සියලුම විෂයයන්ට අමතරව මානව දේහයේ ව්‍යුහ විද්‍යාව (anatomy), කායික විද්‍යාව (physiology), ජෛව රසායන විද්‍යාව (biochemistry), ව්‍යාධි විද්‍යාව (pathology) පිළිබඳවද ඉතා ගැඹුරු අධ්‍යනයක් ද මෙහිදී සිදුවෙනවා. තවද මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම සිදු කෙරෙන බැවින් උපාධිධාරීන් හට පාඨමාලාව අවසන් වන විට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ද මනා දැනුමක් ලබා ගැනීමට හැකි වෙනවා. එසේම මෙම උපාධිධාරීන් සිව්වන වසර අවසානයේ දී තමන්ගේම පර්යේෂණ ව්‍යාපෘතියක් (research project) සකස් කිරීම හා ඊට අදාළ නිබන්ධන (thesis) ඉදිරිපත් කිරීම මෙහිදී අපේක්ෂා කෙරෙනවා. සංඛ්‍යාලේඛන (statistics), පර්යේෂණ ක්‍රමවේදය (Research methodology), ආචාරධර්ම (ethics) හා වෘත්තීය සංවර්ධනය (professional development) හා සෞඛ්‍ය සේවා අලෙවිකරණය (healthcare marketing ) යන විෂයන් ඔස්සේ සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය මෙහෙයවීම ලබා දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින නව දැනුම ලබාගැනීමට සිසුන් දිරිගැන්වීම, රසායන පර්යේෂණ වල ප්‍රතිඵල විවරණය කර ගැනීම, වැරදි සිදු වන මූලාශ්‍ර අවබෝධ කර ගැනීම හා ගැටළු විසඳීමට අවශ්‍ය හැකියාව උපාධිධාරීන්ට ලබාදීම මෙහි මූලික අරමුණ වෙනවා.

ඉතින් මෙවැනි මනා ගුණාත්මක හා ප්‍රමාණාත්මක හැකියාවන්ගෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සෞඛ්‍ය සේවයට දායාද කිරීමේ අරමුණින් ඇරඹුන මෙම උපාධි පාඨමාලා කෙතරම් දුරට කාලීන හා වැදගත් ද යන වග ඔබට මෙම සටහන කියවීමෙන් යම්තාක් දුරකට හෝ අවබෝධ වන්නට ඇති. මෙම සිව් වසරක උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු SLMC (Sri lanka Medical Council) හි ලියාපදිංචි වී රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයකු ලෙස සේවයට ප්‍රවිශ්ඨ විය හැකියි. නමුත් මෙවන් වූ අති දැවැන්ත විෂය ක්ෂේත්‍රයක් හැදෑරීමේ ඒකායන අරමුණ හුදෙක් රෝහල් වල සේවය සඳහා අවශ්‍ය අතිදක්ෂ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් බිහි කිරීම පමණක්ම නොවේ. ඊට අමතරව තවත් පැතිකඩයන් රාශියක් වෙත මෙම උපාධිය මගින් දොරටු විවර වෙනවා. ඇතැමෙක් පූර්ණ කාලීන අධ්‍යයන හා පර්යේෂණ (academic and research) ක්ෂේත්‍රයට යොමුවන අතර ඔවුන් ලංකාවේ මෙන්ම ලොව පුරා පිළිගත් විශ්වවිද්‍යාලවල හා අනුබද්ධ අධ්‍යාපනික ආයතන වල කථිකාචාර්යවරුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස මෙන්ම පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන වල පර්යේෂකවරුන් (research scientists) ලෙසද කටයුතු කරනවා. ඒ වගේම විද්‍යාගාර කළමනාකරු (Laboratory manager), සාමාන්‍ය අධීක්ෂක (General Supervisor), නිෂ්පාදන අධීක්ෂක (Production Supervisor) සහ විද්‍යාගාර පරිපාලන අධ්‍යක්ෂක (Laboratory administrative director) වැනි පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා සඳහාද, විද්‍යාගාර වාර්තා වල ඉහළ ගුණාත්මක බව තහවුරු කිරීමට අදාල විද්‍යාගාර තත්ත්ව සහතික කළමනාකරු (laboratory quality assuarance manager) වැනි ක්ෂේත්‍රයන් සඳහා ද, සෞඛ්‍ය ප්‍රවර්ධනය (health promotion), අලෙවිකරණය (marketing) හා විදේශ සේවා (foreign service) වැනි අංශවල රැකියා සඳහාද යොමුවීමට මෙම උපාධිධාරීන්ට හැකියාව තිබෙනවා. තවද වැඩිදුරටත් පර්යේෂණාත්මක ක්ෂේත්‍රය තුළ හැදෑරීම් සිදු කිරීමෙන් නව පර්යේෂණ තාක්ෂණවේදයන් සොයාගැනීම, නව උපකරණ උත්පාදනය වැනි වටිනා සේවයන් හි යෙදීමටද මොවුන්ට ඉඩ හසල ලැබෙනවා.

ඉතින් මෙලෙස පියවි ඇසට නොපෙනෙන ඉතා සියුම් මානයන් සොයා යමින් නිරන්තර කල්පිත, පරීක්ෂණ හා නිගමන ගොඩනැගීම තුළින් මුළු මහත් ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය හා රසායන විද්‍යාවේ ප්‍රගමනය උදෙසා කැපවෙමින් අමිල මෙහෙයක් ඉටුකරන මෙම සෞඛ්‍ය වෘත්තිකයින් එදා මෙන් අදත් අද මෙන් හෙටත් සියලු බාධා මැඩගෙන ඉදිරියටම ගමන් කරනු නිසැකයි. මෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපාධිධාරීන් වර්තමානයේ මුහුණ දෙන බඳවාගැනීමේ ගැටලුවත්, සීමාවාසික පුහුණුව ලබා ගැනීමේ ගැටලුවත් ඉක්මනින් විසඳ ගතයුතුව පවතින බවත් සඳහන් කරන්නටම ඕන.

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව

The College of Medical Laboratory Sciences Sri Lanka proudly extends its warmest congratulations to Miss. Nipuni Dhanudd...
12/03/2025

The College of Medical Laboratory Sciences Sri Lanka proudly extends its warmest congratulations to Miss. Nipuni Dhanuddara on becoming a valued member of our esteemed institution. Your dedication to advancing medical laboratory sciences and your commitment to research, particularly in the field of hereditary breast cancer, are truly commendable.

We are confident that your contributions will significantly enrich the field, driving innovation and excellence in diagnostic and research methodologies. As you embark on this journey with us, we look forward to your continued success and impactful work in medical science.

Research Overview

This study utilizes bioinformatics tools to analyze variants of uncertain significance (VUS) identified in Sri Lankan hereditary breast cancer patients. Next-generation sequencing (NGS) has emerged as a cost-effective and efficient method for detecting genetic variations associated with cancer predisposition. However, a major challenge in clinical genetics is the identification of VUS—genetic variants with an unknown impact on protein function and disease risk. Proper classification of these variants is essential for improving genetic counseling, risk assessment, and personalized treatment strategies.

This research aims to assess the pathogenic potential of these VUS using computational tools and predictive models, contributing to a deeper understanding of their role in hereditary breast cancer. By refining variant interpretation, this study could support more accurate clinical decision-making and improve the genetic screening process for high-risk individuals.
Research Team

Nipuni D. S. Arachchige
Prof. Nirmala D. Sirisena
Dr. Sumadee De Silva
Dr. Kanishka S. Senathilake
Mishal Faizan
Prof. Vajira H. W. Dissanayake

Best wishes for a bright and fulfilling future!!!

Congratulations to Professor Neelika Malavige on Her Appointment as President-Elect of ISIDThe College of Medical Labora...
06/02/2025

Congratulations to Professor Neelika Malavige on Her Appointment as President-Elect of ISID

The College of Medical Laboratory Science Sri Lanka (CMLSSL) extends its heartfelt congratulations to Professor Neelika Malavige on her prestigious appointment as the President-Elect of the International Society for Infectious Diseases (ISID). She will assume this esteemed role in 2027, marking a significant milestone for Sri Lanka in the global scientific community.

Professor Malavige has made remarkable contributions to infectious disease research, particularly in COVID-19 testing, sequencing, and virus strain identification. Her work in dengue pathogenesis, immunopathogenesis, and biomarkers has been instrumental in advancing scientific knowledge and clinical applications. Recognized among the world’s top 2% of scientists in the Elsevier-Stanford rankings, her dedication to research has elevated Sri Lanka’s presence in the global scientific arena.

As a nation, we take immense pride in her achievements and encourage all Sri Lankan scientists to celebrate this momentous occasion. Her success is a testament to the potential of Sri Lankan research and innovation on the world stage.

Once again, congratulations to Professor Neelika Malavige on this well-deserved recognition!

#රකුස්

✨ Happy New Year 2025! ✨Dear Laboratory Professionals,As we step into a brand-new year, let us celebrate the dedication,...
31/12/2024

✨ Happy New Year 2025! ✨

Dear Laboratory Professionals,

As we step into a brand-new year, let us celebrate the dedication, precision, and hard work that make our field an integral pillar of healthcare. May 2025 bring you success in every test, breakthroughs in every challenge, and fulfillment in every discovery.

Together, let us continue to uphold the standards of excellence and innovation that define the College of Medical Laboratory Science Sri Lanka (CMLS.SL).

Here’s to a year filled with good health, professional growth, and endless possibilities. Thank you for being the heroes behind the Scene!

Warm wishes for a prosperous and inspiring New Year!

– College of Medical Laboratory Science Sri Lanka (CMLS.SL)


The Red Cloak and Garland: A Well-Deserved HonorIn Sri Lanka's healthcare landscape, the Red Cloak and Garland have long...
06/12/2024

The Red Cloak and Garland: A Well-Deserved Honor

In Sri Lanka's healthcare landscape, the Red Cloak and Garland have long stood as symbols of distinction, traditionally reserved for an exclusive group. For many deserving professionals, this recognition seemed out of reach—until one individual's groundbreaking efforts redefined its accessibility.

Breaking barriers and overcoming challenges, this trailblazer championed inclusivity and respect, ensuring that the honor of the Cloak and Garland now extends to a broader audience. This milestone is not only a testament to their determination but also a transformative moment for the healthcare community.

We express our deepest gratitude to:

Mr. Ravi Kumudesh
President, College of Medical Laboratory Sciences, Sri Lanka College of Medical Laboratory Science - cmlssl
For his visionary leadership, courage, and strategic guidance.

The Service Management Programs – IHRA
Institute of Human Resource Advancement University of Colombo
For their indispensable support in this journey.

This achievement is a collective triumph, made possible by the unwavering dedication and collaboration of everyone involved.

MSc in Service Management
University of Colombo

05/12/2024 @ BMICH

Here’s to celebrating progress and unity—cheers to a brighter, more inclusive future!
👨‍🎓👨‍🎓👩🏼‍🎓👩🏼‍🎓

Award Ceremony 2024Faculty of Health SciencesOpen University of Sri LankaDepartment of Medical Laboratory SciencesThe De...
04/12/2024

Award Ceremony 2024
Faculty of Health Sciences
Open University of Sri Lanka

Department of Medical Laboratory Sciences
The Dean's List awards and Course Prize winners were honored for their outstanding academic achievements.

Congratulations!!!!! ❤️

දරුවන්ගේ හදවත ලෙඩ කරන කවසාකි රෝගය ( Kawasaki Disease )කවසාකි රෝගය කියන්නෙ බටහිර රටවල අයට අලුත් රෝගයක් නොවුණත් ලංකාවේ සාම...
03/12/2024

දරුවන්ගේ හදවත ලෙඩ කරන කවසාකි රෝගය ( Kawasaki Disease )

කවසාකි රෝගය කියන්නෙ බටහිර රටවල අයට අලුත් රෝගයක් නොවුණත් ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරට ආවේ කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පසුවයි. මේ රෝගය දුලබ නමුත් විවිධ සංකූලතා ඇතිවෙන්න පුළුවන් රෝගයක්. මෙය විශේෂයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ට හැදුණත් අවුරුදු 12 දක්වා දරුවන්ට හැදෙන්න පුළුවන්. මෙය ගැහැණු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන්ට සෑදීමේ වැඩි ප්‍රවණතාවක් තියෙන බව හොයාගෙන තියෙනවා.

කවසාකි රෝගය හැදෙන්නෙ කොහොමද?

ඇත්තටම කවසාකි රෝගය හැදෙන්න නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ. බොහෝවිට වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයකින් පසුව ඇතිවන අධිසංවේදී තත්ත්වයක් (inflammatory condition) හෝ ස්වාබාවික ප්‍රතිශක්තිකරණයේ ඇතිවන තත්ත්වයක් (autoimmune disease ) ලෙස ඇතිවෙන්න පුළුවන්.
ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම පිලිබඳව සාක්ෂි තවමත් හොයාගෙන නෑ.

කවසාකි රෝගයේදි සිදුවන්නේ කුමක්ද? රෝග ලක්ෂණ මොනවාද?

මෙම රෝගය අවධි තුනකින් සමන්විත වෙනවා.
පලමු අවධියේදී ප්‍රධාන රෝග ලක්ෂණ වන දින 5ක් හෝ ඊට වැඩිපුර පවත්නා අධික උණ, සමේ ඇතිවන පැල්ලම්(rashes) , ඇස් රතුවීම, උගුර වණවීම (sore throat), කුද්දැටිවල ඉදිමීම, අත් කකුල් රතු වීම සහ ඉදිමීම, තොල් දිව රතුවීම පැලීම සහ ඉදිමීම පෙන්නුම් කරනවා. පලමු අවධිය දවස් 10ක් පමණ පවතිනවා. මෙම රෝග ලක්ෂණ හතරක්වත් තිබුණහොත් කවසාකි රෝගය ලෙස හඳුනගන්න පුළුවන්.
දෙවන අවධියේදී බඩ එලිය යාම, වමනය, උදරාබාධය සහ සන්ධි කැක්කුම් ඇතිවෙන්න පුළුවන්. දෙවන අවධිය සති 2ක් පමණ පවතින්න පුළුවන්.
තුන්වන අවධියේදී මෙමෙ රෝගය හදවතේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රුධිර නාලවලට බලපාන්න පටන්ගන්නවා ( small and medium vessels vasculitis )
මේ නිසා දීර්ඝකාලීන සංකූලතා ඇතිවෙන්න පුළුවන්. සමහරවිට මරණයෙන් කෙලවර වෙන්නත් පුළුවන්.

කවසාකි රෝගයට තිබෙන ප්‍රතිකාර මොනවාද? හදවත් රෝගයක් දක්වා වර්ධනය නොවී තියාගන්නේ කොහොමද?

ප්‍රධාන රෝග ලක්ෂණ මතුවී අවම වශයෙන් දින 10ක් ඇතුලත රෝහල් ගතවීම හා නිසි ප්‍රතිකාරවලට යොමුවීම මගින් මෙම රෝගය නිසා ඇතිවන සංකූලතා අවම කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිකාරය (immunoglobulin treatment-IVIG ) මගින් ඉතා හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්. මේ අතර අවශ්‍ය පරිදි දියර වර්ග ලබාදීම, වේදනාව සමනය කිරීම, උණ සඳහා ප්‍රතිකාර කිරීම, සංකූලතා අවම කිරීම සඳහා අරඹන ඇස්ප්‍රින් (aspirin) හා ප්‍රෙඩ්නිසොලොන් (prednisolon) ප්‍රතිකාර අඩංගු වෙනවා.

මතක තබාගතයුතු වැදගත්ම කරුණනම් ප්‍රධාන රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍යවරයකු හමුවීම සහ ප්‍රතිකාර ආරම්භ කිරීමයි. කලින්ම හඳුනාගැනීම සහ නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙන් සංකූලතා අවම කරගන්න පුළුවන්.

Oshadhi Thudugala
Medical Laboratory Scientist
National Hospital of Sri Lanka - Colombo

කවදා හෝ, ඔබ කතා කිරීම ආරම්භ කළේ කවදා ද යන්න සිතා තිබේද ?බොහෝ විට ඔබේ පිළිතුර වනුයේ එය ඔබට එක වසරක් පිරෙන අවස්ථාව ආසන්නයේ...
08/11/2024

කවදා හෝ, ඔබ කතා කිරීම ආරම්භ කළේ කවදා ද යන්න සිතා තිබේද ?

බොහෝ විට ඔබේ පිළිතුර වනුයේ එය ඔබට එක වසරක් පිරෙන අවස්ථාව ආසන්නයේ සිදු වූ බවයි.
නමුත් මා විශ්වාස කරන්නේ නම් අපගේ ජීවිතයේ පළමු වචනය අපගේ ඇස් විවෘත කිරීමටත් මීට පෙර ම කී බවයි.
ගැබිණි යුගයේ සිටම අපි කතා කරනවා ? ඔව්, ගැබිණි යුගයේ දීත් කතා කරනවා. ඒ භාෂාව හොඳින් තේරුම්ගත නොහැකි වුවද, අපි මේ ලෝකයේ සිටීමට වැදගත් හේතුවක් වන්නේ අපි ගැබිණි සමයේ මවගේ ගර්භාෂය තුල සිටි හොද කතාකරුවන් වූ බැවිනි. මවගේ ඩිම්බයක් පියාගේ ශුක්‍රාණුවක් හා එකතු වී කලලයක් සදනු ලබයි. සෛල කීපයකින් සැදුනු මේ කළල ගර්භාෂ බිත්තියේ තැන්පත් වී මාස ගණනාවක් පුරාවට මවගෙන් යැපෙමින් ජීවත් වේ. කලලයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් වන මොහොතේ සිට ගර්භනී කාලය පටන් ගනී. කලලයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් වීමට පෙර මව සමග බොහෝ සාකච්චා කරන අතර , ඔබත් මමත් එම සාකච්චා බොහෝ සාර්ථකව නිම කල අයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝකයේ සියලුම දරුවන් අපේක්ෂිත යුවලවල් 6 න් එක්කෙන්කුම මද සරු භාවයෙන් පීඩා විදියි. මීට පිලියමක් ලෙස සහකාර ප්‍රජනන තාක්ෂණය ක්‍රමයන් (Assited reproductive technologies like In Vitro Fertilization (IVF)) බහුලව භාවිත කරයි. IVF මිල අදික ප්‍රතිකාරක ක්‍රමයන් වන අතර බොහෝ විට මෙම ක්‍රමය භාවිතයෙන් ගර්භණිවීමට කීප වතාවක්ම මෙම ප්‍රතිකාරය ලබා ගැනීමට සිදුවේ.

ප්‍රතිකාරය සදහා මවගේ මවගේ ඩිම්බ සහ පියාගේ ශුක්රාණු සාම්පල වෙන වෙනම ලබා ගනී. ඒවා භාවිතයෙන් විද්‍යාගාරයේ කලල නිපදවනු ලබයි. මෙහිදී කළල යම් අවධියකට වැඩුණු පසු නැවත ගර්භාශයේ තැන පත් කරනු ලබයි. මේ ප්‍රතිකාර ක්‍රමය අසාර්ථක වන අවස්ථා බොහෝ වන අතර එයට මුලික හේතුවක් වන්නේ, එම තැන පත් කරන කළල ගර්භාශය විසින් ප්‍රතික්ෂේප කිරීමයි. IVF ප්‍රතිකාරය සාර්ථක වීමට වැදගත් කරුණක් වන්නේ ඉහල ගුණාත්මක භාවයකින් යුතු කළල ගර්භාශයේ තැන්පත් කිරීමට තෝරා ගැනීමයි.
කළල විද්‍යාවේදීන් මුහුණ දෙන මුලික ගැටළුවක් වනුයේ IVF ප්රතිකාරය සදහා විද්යගරෙය් නිපදවන කළල අතරින් වැඩ හොද කළල රෝගීයට තොර දෙන්නේ කෙසේද යන්නයි.

දැනට පවතින විද්‍යාගාර පර්යේෂණ වලින් කරනුයේ රසායනාගාරයේ නිපදවන කළලය අන්වීක්ෂයකින් නිරීක්ෂණ කර ගුණාත්මක භාවය ඇගයීමයි. නමුත් මෙම ක්‍රමයෙන් තෝරන බොහෝ කළල IVF ප්‍රතිකාරක ක්‍රමය ගැබ් ගැනීමක් ඇති කිරීමට අපොහොසත් වේ. එසේ නම් කළල වල ගුණාත්මක භාවය/නිරෝගී බව ඇගයීමට මීට වඩා දියුණු රසායනාගාර පර්යේෂණ ක්‍රමවේදයක අවශ්‍යතාවය දැඩිව මතු වී තිබේ.

ලොව නවතම විද්‍යා පරීක්ෂණ පෙන්වා දෙන්නේ, කලලයක් සාර්ථකව ගර්භාශයේ තැන්පත් වීමට එය මවගේ ගර්භාෂය හා ඉතා හොද සන්නිවේදනයක් පැවැත්විය යුතු බවයි. එම සන්නිවේදනය පවත්වන මුලික මාධ්‍යය ලෙස හදුනා ගෙන ඇත්තේ කළලයෙන් නිකුත් කරන නැනෝ ප්‍රමාණයේ අංශු වර්ගයකි (Extracellular vesicles). මේක හරියට ඔබ යාලුවෙක්ට යවන whats app message එකක් වගේ. මේ නැනෝ අංශු තමයි cell level eke whatsapp කියල කියන්නේ. මෙම නැනෝ ප්රමාණයේ අංශු කලලයේ සිට මවට විවිද පණිවිඩ ගෙනියනු ලබයි (බොහෝවිට මෙම පණිවිඩය නැනෝ අංශු තුල protein, RNA and lipid molecules ලෙස ගබඩා වී ඇත ). ගුණාත්මක භාවයෙන් වැඩි කළල හා ගුණාත්මක භාවයෙන් අඩු කළල ගෙනයන මේ පණිවිඩ රැගත් නැනෝ අංශු වල වෙනස්කම් පවතින බවටද සොයා ගනිමින් පවතී.
පසු ගිය අවුරුදු කීපයක් තුල අප පරීක්ෂණ කණ්ඩායම විසින් කළල විසින් පිට කරන නැනෝ අංශු පරීක්ෂාවට ලක් කල අතර , සරලව මෙය නිරෝගී කලලයක් මව හා සන්නිවේදනයේ යෙදෙන භාෂාව තේරුම් ගැනීමට කරන උත්සාහයකි, එහි ප්‍රතිථලයක් ලෙස, කලලය් විසින් නිකුත් කරන නැනෝ අංශු වලට පිළිතුරු ලෙස මව විසින් MFGE8 නැමති ප්‍රෝටීනය ශාවය කරන බව සොයා ගැනුනි. කළලය විසින් නිකුත් කරන නැනෝ අංශු වැඩි වන තරමට මෙම ප්‍රෝටීනය ශ්‍රාවය වීමද වැඩිවේ. පසුව එම ප්රෝටීනය කළලය ගර්භාෂ බිත්තියට තැන්පත් වීමට උදව් කරයි. එසේනම් වඩා ගුණාත්මක කලලයක් මවගෙන් මේ ප්‍රෝටීනය ශ්‍රාවය කිරීම වැඩි කලයුතු බව අපගේ අදහසයි.
මෙම පරීක්ෂණය වල ප්‍රතිපල භාවිතයෙන් අනාගතයේ කළල වල ගුණාත්මක භාවය හදුනා ගැනීමට MFGE8 ප්‍රෝටීනය භාවිතයෙන් වේගවත් රෝග විනිශ්චය පරීක්ෂණයක් (Rapid diagnostic test) සංවර්ධනය කල හැකිද යන්න විමසා බලේ. එවැනි රස පරීක්ෂණය නිර්මාණය කිරීමට තව අවුරුදු කීපයක් තිස්සේ උත්සහ කිරීමට අපට සිදුවනු ඇත. එලෙසම මෙම නැනෝ අංශු ප්රතිකාරයක් ලෙස භාවිත කිරීමටද හැකියාවක් ඇත.

ඉහත විස්තරය පහත සදහන් මා ඇතුළු අපගේ පරීක්ෂණ කණ්ඩායම විසින් පල කල පරීක්ෂණ පත්‍රිකා ඇසුරෙන් සකසන ලද අතර, විවිද රෝගී අවස්ථා සදහා රසායනාගාර පරීක්ෂාවන් දියුණු කිරීමට ගන්නා උත්සාහයට කොතරම් කාලයක් ශ්‍රමයක් වැය වනවාද යන්නට මෙය හොද උදාහරණයකි. මෙම පරීක්ෂණ ප්‍රතිපල ඒ සදහා සුබ බලාපොරොත්තු ගෙන එන ලදී.
රෝගී ජීවිත සුවපත් කිරීමට ලොව පුර මෙවැනි පරීක්ෂන බොහොමක් මේ මොහොතේ ද සිදු වෙමින් පවතී.

කියවූ ඔබට අලුත් දැනුමක් එකතු කර ගැනීමට හැකි වුවා යයි සිතමි.

පර්යේෂණ මෙහෙයවීම
Research team from Estonian University of Life Sciences (Estonia), University of Tartu (Estonia), University of Sheffield (United Kingdom)

සටහන
Mrs. Subhashini Muhandiram
(Bsc.in Medical Laboratory Science ( UOP )
M.Phil in Molecular Biology ( UOP )
PhD candidate in Comparative Medicine

Address

Norris Avenue
Colombo
08

Alerts

Be the first to know and let us send you an email when College of Medical Laboratory Science - cmlssl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to College of Medical Laboratory Science - cmlssl:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram