16/09/2024
මම 1997 12 27 ඉපදිල, ප්‍රාථමික අධ්‍යාපනය කදාන හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයෙන් ලබාගෙන, 2007 ශිෂ්‍යත්වය ලියල පාස් වෙලා කැළණිය ධර්මාලෝක විද්‍යාලයට ඇතුළත් වෙලා එතනින් එහාට අධ්‍යාපන කටයුතු කරල 2013 සාමාන්‍ය පෙළ 2016 උසස් පෙළ විභාග වලට මුහුණ දීලා 2018 පෙබරවාරි 14 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයට ඇතුළත් වෙලා අධ්‍යාපනය හදාරපු ශිෂ්‍යයෙක්.
මම කන්නන්ගර මහත්තයගෙ නිදහස් අධ්‍යාපන පණතටත්, පසුව අසාධාරණ රජයක් විසින් ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහි වීම නිසා දිවි අහිමි කරගත් අහිංසක සරසවි ශිෂ්‍යයන් රැසකගේ රතු ලේ වලින් පෝෂණය වූ ගාම්භීර නිදහස් අධ්‍යාපනයක සාඩම්බර පුරුකක් බව අද මට කියන්නට පුළුවන්.
මම ඉපදෙද්දි තාත්තට රැකියාවක් තිබුණත් පසුකාලීනව ඒ ආයතන ප්‍රධානියාගෙ හදිසි වියෝවත් සමගම ඔහුගෙ රැකියාවත් අහිමි වෙනව. එතැන් පටන් සති පොළක පදික වේදිකාවක සෙල්ලම් බඩු විකුණන ඔහුත් පාපිසි කොට්ට උර කලිසම් මහපු අම්මත්, තවත් කාලෙක පළා මිටි බැදන් විකුණපු ඔවුන්, තවත් කාලෙක t shirt විකුණපු ඔවුන්, අද වෙන තුරුත් ගෙවල් වල තීන්ත ගාන ඔවුන්, බෑග් මහන ඔවුන් මට මේ විදියට නිදහස් අධ්‍යාපනය නිදහසෙ නිමකරගන්න හේතුවක් වුණ බව සිහිකරන්නේ අද මම ගොඩක් සතුටින්.
මොන්ටිසෝරි යන්නත් කලින්ම බබා(අපෙ අම්මට අවට අය හදුන්වපු නම) මං ඉංග්‍රීසි උගන්නනම් එවන්න සචින්ව ගෙදර කියල ඒ වෙනුවෙන් අවශ්‍ය හැම පොත පතක්ම අරන් දීපු හැම උපන්දිනයක් වෙනුවෙන්ම ඉංග්‍රීසි පොත් ගොඩක් එයාගෙ පුතාටයි මටයි දෙන්නටම වෙනසක් නොකර අරන් දෙන්නවම එක බංකුවේ තියන් උගන්නපු ස්වර්ණා ඇන්ටි, හයේ පන්තියෙ ඉදන් උසස් පෙළ වෙනකන්ම පොත් පත් වලින් අඩුවක් නොකරපු රේණු ඇන්ටි නිල්මිණි ඇන්ටි දම්මි ඇන්ටි, පන්තියද්දි කෑම එක උස්සන් එන චාන්දනි ඇන්ටි, උසස් පෙළ පන්තිවලදි කන්න බොන්න අතේ සල්ලි නැති බව දන්න නිසාම අවුරුදු දෙකාහාරක්ම එක දිගට මට කෑම එක අරන් දෙන නිල්මිණි ඇන්ටි, හතේ අටේ පන්තියෙ ඉද්දි සපත්තු දෙකින් උදව් කළ මංජු ඇන්ටියි අන්කලුයි වැටෙන කදුලක් ගානෙ පිහන්නට ළග හිටපු ආදරණීය චරිත රැසකගෙ නිමාවක් වීම ගැන මට අද සතුටුයි.
විශ්වවිද්‍යාල ජීවිතයෙ අවුරුදු පහක අධ්‍යයන කාළයේදී යහළුවන් නොසිටි මට, අලයෙක් ලෙස හංවඩු ගැසූ මට(අදටත් එයට හේතුව ඔවුන්ගේ පෞද්ගලික තරහක් විනා කුමක්දැයි මම නොදනිමි) එම සිද්දි දාමය ගැන කීමට මම අකැමැති වුවත් එය සටහන් කළ යුතු නිසාම මේ කොටසත් එක් කරන්නට සිතුවෙමි. නවකවදයේ මූලික අවදිවලදී කරකියාගන්නට දෙයක් නොමැති නිසාම ඒ වෙනුවෙන් කරබාගෙන සිටි මට නවකවදය තුළදී අපහසුතාවයන් විදින්නට වන්නේ ටියුෂන් කරමින් මා විය හියදම් හෙයූ නිසාවෙනි. කෝ අර ළහිරු රත්නායක ලෙස කියමින් මා සොයාගෙන විත් මානසිකව වද දීමට ඔවුන් කෙසේ කටයුතු කළාද යන වග අදටත් මට වැටෙහෙන්නේ නැත්තේ මොවුන් වෛද්‍ය සිසුන් බැව් මතක් වන නිසාමය. නමුත් නවකවදයේ අන්තිම කාලවලදී මම එයට විරුද්ධ වීම නිසාම සමස්ත ශිෂ්‍ය කණ්ඩායම පුරාම මම වැරදිකරුවෙන් යැයි හංවඩු ගසන්නේ ඔවුන්ගේ කීමට අවනත නොවන තත්වයක් උඩය. රැග් එකේ අවසන් දවස් දෙකට විරුද්ධ වීම අවසානයේ මට සරසවිය අපායක් කරවන්නට සමත් විය. එක් දිනක් සවස මම anatomy lab එකේ සිටින විට හදිසියේම බැච් මිටිමක් ලෙස දැන්වූ අතර ඒ සදහ මම සහභාගි නොවිය. පසු දින උදේ ලෙක්චර් හෝල් එකේදි මම වඩාත් හිතවත් මගේ සහෝදරියක් මම එතැන අසුන් ගැනීම ගැන කම්පා විය කලබල විය. ඒ වචන අදටත් මට එලෙසම මතකය. අනේ ළහිරු ප්ලීස් මම රීසන් එක පස්සෙ කියන්නම් දැන් ඔයා පිටිපස්සෙ පුටුවට යන්න ලෙස පැවසුවාය. නමුත් මට එය ප්‍රේහේලිකාවකි. වෙනද හිනා වෙන මුහුණු බිම බලා සිටි. එකවරම සිදුවූයෙ කුමක්දැයි නොදත් මම බොහෝ සේ කල්පනා කරමින් කොට්ටය බදාගෙන ඇඩූ අයුරු මගේ කාමර සගයාට හොදින්ම මතක ඇතැයි සිතමි. ඔහු මගේ හිත හයියට සිටියේය. පසුදින සිකුරාදා හෙයින් මම ගෙදර ගියෙමි. සෙනසුරාදා උදෑසන ඇමතුමකින් මට මිතුරෙක් පැවසුවේ මිටිමෙදි උබව හලන්න් කිව්ව බන් උබ එක්ක කතා කරන අය ගැන යුනියන් එකෙන් ඇහැ ගහන් ඉන්නෙ කිව්වෙ. ඊට කලින් පොකට් එකේදී කොල්ලො ටික එකතුවෙලා ළහිරු රත්නායක තමා ෆයිනල් ඉයර් අයියල අපිට ගහපු එකෙ ඔත්තුව දුන්නෙ කියල අපි කෙල්ලොන්ට කියමු එතකොට ඕකව නිකන්ම හලන්න පුලුවන් කෙල්ලො ඒ ලනුව කනව එතකොට හරි ලෙස පැවසුව බව මගෙ කන වැකෙන්නට සැලැස්විය. මම එදින කිසිත්ම ගෙදරටද නොකියා ඉරුදින කැම්පස් එකට ගියේ කෙසේ හෝ මුහුණ දෙනව යැයි සිතමිනි. සදුද උදේ කැන්ටිමට ගිය විටද කිසිවෙකුත් කතා කලෙ නැත. ලෙක්චර් හෝල් එකද මට නිහඩය. සර්ගේ හඩවත් නෑසෙන ගානටම මම එහි තනිවී සිටි බව මට හැගුනි. මම ඒ කාන්සිය දුරකතනයෙන් මිතුරන් ඔස්සේ මගහරවාගන්නට වෙහෙසිනි. හැමදාම රෑට කදුලු ගොඩක් විතරක් පිරුනු රැයක් මට උරුම විණි. එක්සෑම හැම එකක්ම වගේ මම දෙදරක් ලිව්වෙමි. ඒ මං කෙරූ අකුසලයක් නිසා මට උරුම වූවක් බැව් සිතා මම නිහඩව ඉවසුවෙමි. වසරක් යනතුරුම මම කිසිවකට කිසිවක් නොකියා ඉවසා සිටියෙමි. වෛද්‍ය සිසුන් ලෙස මෙලෙස තවකෙකුට කිරීම කෙසේ යුතුදැයි මට අදටත් වැටහෙන්නේ නැත. මගේ මානසික නිදහස නැතිවුණ තැන මගේ ජීවිතය අදුරු යුගයක ගිල්වූ තැන ලෙසට මගේ සරසවිය මට දැනෙන එක ගැන මම අතීශය කණගාටු වෙමි. නමුත් අද මට දැනෙන්නේ අදුරු කාලයන්ට මා හුරු කළ කාලතරණයේ ක්ෂේම භූමියක් ලෙසටය. එබැවින් මම මගේ සරසවියට ආදරය කරමි.
good morning යැයි පවසන්නට කෙනෙක් නොසිටි මට, අවම වශයෙන් සටහනක් ඉල්ලාගැනීමටද සිටියෙ මිතුරන් 5කට ආසන්න ප්‍රමාණයක් පමණක් වීම අද අභිමානයෙන් කියමි. ගිහාන් සන්දීප හසිත ගනිත් චමත්ක උදාර ජගදීප අෆ්ශාන් උඹල ඔක්කොටම පින් බන්.
පාසල් කාළයේවත් ඇසුරු නොකරපු නමුත් හදිසියේ හමුවී පාසල් මිතුරෙක් සහෝදරයෙක් ලෙසටම මා හා මිතුරු වූ අයෙක් ලෙසට චමත්ක, අවසාන අවුරුද්දේදී සහෝදරයෙක් ලෙසට මගෙ ගැන සොයා බැලූ අයෙක් ලෙසට නිලූකා, අම්ම කෙනෙක් වගේ හිත හදපු අයෙක් ලෙසට ඉෂානි අක්කා, මට වගේම ට්‍රැක් අවුට් සගයෙක් වූ අයෙක් ලෙසට ලිහිණි, සිනහවකින් පුංචි හෝ සංවාදයකින් මගෙ හිත හයිය කරපු ඩබලක් ලෙසට උදාර සහ ජගදීප, මේ වගේ වගේ ආදරණීය චරිත ගොඩක් නිසා මම මගේ උපාධිය නිම කරා කිව්වොත් මම නිවැරදියි.
විශේෂයෙන්ම මගේ කවුන්සිලර් සහෝදරයා ප්‍රදීප් ගමගේ සහෝදරයා දුන්න හයිය වෙන කිසිම දේකට දෙවැනි නැ. ඒ වගේම විශේෂඥ මනෝ වෛද්‍ය මධූෂි රොවෙල් මැඩම් සහා මනෝ වෛද්‍ය විශේෂඥ පුහුණුවේ සිටින වෛද්‍ය දිනුකා අක්කගෙන් ලැබුන හයිය මතක් නොකලහොත් මම කුහකයෙක් ලෙසයි මට හැගෙන්නෙ.
ඉතින් මේ මගෙ තනි පියවරක් නෙමෙයි මං වටා හිටපු රාශියකගේ යෝධ පියවරක් වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළුවීමට පෙර මට අකුරු ඉගැන්වූ සියළු ගුරු මව් පියවරුන්ගේ ධෛර්යයයේ ප්‍රතිඵලයක්.
ඉතින් ඒ අමිහිරි අතීතය මිහිරි ලෙස අවසන් කරන්නට පුලුවන් වීම ගැන අදහන ආගමානුකූලව ජේසුස් වහන්සේට ස්තූති කරමි.
වෛද්‍ය උපාධිය මගේ පළමු උපාධිය වුවත් ජීවිතයේ හුස්ම වැටුනහොත් මෙය මගේ අවසන් උපාධියද නොවන බව සිහිකරන්නෙමි.
දෙවන උපාධිය ලෙස සිංහල ශ්‍රාස්ත්‍රපති උපාධියක් ඉදිරියේදී මෙලෙස අතැතිව ඡායාරූපයක සිටින්නෙමි.
නිදහස් අධ්‍යාපනය මෙතැන් සිට නිදහසේ විදින්නෙමි.
දැන් මගේ අත්තටු හයියයි මං පියාඹන්නම්. ආදරණීය ත්‍රිමා වෙනුර වීරයන්ට ජය. නිදහස් අධ්‍යාපනයට ජය.
අද ඉගෙනගන්න දරුවන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ ලෝකෙ උත්සහය තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ.
කුහුඹුවෙක් වෙයන් උඹ
මහා ජනපද හදන
වී කරල වෙයන් නුඹ
පැහුණු විට බිම නැමෙන
වෙන්නෙපා වියළි දඩු
නමද්දී දෙකඩ වෙන
පියඹපන් තටු ගසා
හයියයිනේ නුඹෙ දෑත
වෛද්‍ය ළහිරු ධනංජය රත්නායක