06/04/2023
මේ දිනවල මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වන මී උණ රෝගීන් ප්‍රමාණය වැඩි වී ඇති බවක් රෝහල් ගත වන රෝගීන් ප්‍රමානයෙන් පෙනෙන්නට තිබේ.
බොහෝ දෙනෙකු පිරිමි රෝගින් වන්නට හේතු වන්නේ ඔවුන් කුඹුරු වැඩ වල වෙසෙසින් යෙදෙන බැවිනි.
මී මුත්‍ර වල අඩංගු බැක්ටීරියාවක් නිසා මෙම රෝහල වැලදේ.
තද උණ,මස්පිඩු වේදනා,හිසරදය බහුල රෝග ලක්ශන වේ.
රෝගය උත්සන්න වන විට මුත්‍රා පිටවීම අඩුබවක් බොහෝ අය පවසති.
මෑතකදී මීරිගම අවට ප්‍රදේශ වලින් රෝගය උත්සන්න වී පැමිනි පිරිමි පුද්ගලයන් කීපදෙනෙකු වතුපිටිවල රෝහලේ දී දැඩි සත්කාර ඒකකයේදි මරණයට පත්වින.
ප්‍රමාද වී ප්‍රතිකාර වලට ඔවුන් යොමු වීඇති බව තොරතුරු සෙවීමේ දී දක්නට ලැබේ.එසේම මී උණට ලබාදෙන Doxycycline ඖෂධය කුඹුරු වැඩ වලට පෙර ඔවුන් ලබාගෙන නොතිබුනි.
එබැවින් රෝග ලක්ශන පහල වන මූලික අවස්තාවේම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම අතිශය වැදගත් ය.
වෛද්‍ය ප්‍රේමරත්න
මූලික රෝහල වතුපිටිවල
FB page - මීරිගම කිතුල්වල suwasewana medical centre