Solutions for a Healthy Life

Solutions for a Healthy Life Family Hospital Bill Cover

හදවත් රෝග සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද?බෝ නොවන රෝග අතර වඩා අවදානම් තත්ත්වයේ පවතින රෝගයක් ලෙස හෘද රෝග හඳුන්වා දිය හැකි වේ.ලොව...
04/11/2024

හදවත් රෝග සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද?

බෝ නොවන රෝග අතර වඩා අවදානම් තත්ත්වයේ පවතින රෝගයක් ලෙස හෘද රෝග හඳුන්වා දිය හැකි වේ.ලොව පුරා මිලියන 18 ට අධික ප‍්‍රමාණයක් හෘදයාබාධ නිසා ජිවිතක්ෂයට පත් වෙන බව ලෝක සෞඛ්‍ය වාර්තා තහවුරු කර ඇත. විවිධ හේතු මත වර්තමාන ශ‍්‍රී ලංකාවේ වැඩි පිරිසක්ද බෝ නොවන රෝගවලට ගොදුරුවන අතර මේ අතරින් හෘදයාබාධවලට ලක්වන පිරිස 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් ය. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු සහ හෘදයාබාධ අවදානම අඩුකර ගැනීමට ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය පණ්ඩුල ආතාවුදආරච්චි මහතා ඔබව මෙසේ දැනුවත් කරයි.

හෘදයාබාධයක් යනු කුමක්ද?

හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය ගමනාගමනය කරන කිරීටක ධමනි අවහිර වීම නිසා ඇති වන හෘදයේ අකර්මණ්‍යතාවයයි. මෙය මාරාන්තික තත්වයකි.

පුර්ව හෘදයාබාධ ලක්ෂණ

පපුවේ ඇති වෙන දැඩි තෙරපුම.

ක්ලාන්ත ස්වභාවය

දහදිය දැමීම

හුස්ම ගැනීමේ අපහසුතාවය

අධික නොසන්සුන් බව

වමනය දැමීමේ අවශ්‍යතාවය.

ඇතැම්විට වයස්ගත පුද්ගලයන් හා දියවැඩියාවෙන් පෙලෙන අයට කිසිදු පපුවේ වේදනාවක් නොදැනේ.

හෘදයාබාධ ඇති වෙන සුලබ හේතු

දුම්පානය

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියා මට්ටම

ආහාර රටා

ව්‍යායාම නොකිරීම අධික තරබාරුව ජානමය බලපෑම්

සෑම පපුවේ වේදනාවක් ම හෘදයාබාධයක් ද?

ඇතැම්විට එය මාංශ පේශි වේදනාවක් හෝ අස්ථි වේදනාවක් හෝ ගැස්ට‍්‍රයිටීස් තත්වයක් විය හැකි වේ. ඒ නිසා ඔබේ සෞඛ්‍ය සුවතා පරීක්ෂණ සිදු කිරීමෙන් ඔබට හෘදයාබාධ තත්ත්ව වලක්වා ගැනීමට හැකියාව තිබේ.

හදිසි හෘදයාබාධයක් ඇති වෙන ආකාරය.

පපුව මැදින් හෝ වම්පසින් ඇති වෙන දැවිල්ල හෝ තෙරපීමක් හෝ හිර කිරීමක් ප‍්‍රධාන වශයෙන් ඇති වෙන තර මෙය විනාඩි 20ක් පමණ ඇති විය හැකි වේ. මෙය වම ඇත, බෙල්ල හා හකු දක්වා පැතිර යන අතර හුස්ම ගැනීමේ අපහසිතාවයක්, අධික දහදිය දැමීමක් ඇති වේ.

මෙවැනි තත්වයකදී රෝගියා පහසු ඉරියව්වකට පත් කර වහා රෝහල් ගත කරන්නට කටයුතු කල යුතු වේ.

හදවත් රෝගවලින් වැළකීමට අනුගමනය කළ යුතු පියවර

පෝෂ්‍යදායක ආහාර ගන්න

ව්‍යායාම වල නිරත වෙන්න

නියමිත බර පවත්වා ගන්න

දුම්පානයෙන් වළකින්න

පෞද්ගලික රෝහලක සුව පහසුව ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමතිද , ඒ සඳහා දැන් සිත සිතා සිටීමට කාලයක් නොව.හදිසි අසනීපයක් වුණොත්...
09/01/2024

පෞද්ගලික රෝහලක සුව පහසුව ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමතිද , ඒ සඳහා දැන් සිත සිතා සිටීමට කාලයක් නොව.
හදිසි අසනීපයක් වුණොත්, හදිසි අනතුරක් වුණොත් අතේ තියෙන සල්ලි ටික වියදම් නොකර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්න තරමේ හැකියාවක් ඔබට තිබෙනවාද?
ඒ සඳහා අතේ මුදල් වියදම් කර ගන්නේ නැතුව රෝහල් බිල්පත ගෙවා ගත හැකි ක්‍රමයක් තිබෙන බව ඔබ දන්නවාද?
අපි ගෙවන්නම් ඔයාගෙයි ඔයාගේ පවුලේ අයගෙයි රෝහල් ගතවීමේ බිල්පත. ඒ වගේම ඒ රෝහල් ගත වෙලා ඉන්න දවස් ගානට ඔබට සිදුවන ආදායමේ අහිමිවීමත් පියවා ගැනීමට හැකියාව ඇත.එම නිසා ඔබගේත් ඔබගේ ආදරණීයන්ගේත් ජීවිත රක්ෂණය සහ වෛද්‍ය ආවරණ නොපමාව අදම ලබාගන්න. කතා කරන්න

ඔබට ලැබෙන ප්‍රතිලාබ

📌රු. 50,000,000 දක්වා ලොවපුරා රෝහල් වියදම් ආවරණය

📌මුදල් නෙගෙවා රෝහල් ගතවීමේ හැකියාව ( Cashless card පහසුකම)

📌එක් දින සැත්කම් 136ක් ඇතුලු සැත්කම් 250ක් දක්වා ආවරණය

📌අසාධ්‍ය රෝග 36ක් සදහා අසාධ්‍ය රෝග ආවරණය

📌රු. 20,000ක් දක්වා රෝහල් දෛනික ආදායම් ප්‍රතිලාභය

📌හදිසි අනතුරු ප්‍රතිලාභය

📌ළමා සෞඛ්‍ය රකෂණ ආවරණය

📌ඉන්ද්‍රීය ප්‍රදායක වියදම් ආවරණය

📌ගිලන්රථ ගාස්තු

📌මාතෘත්වය, ආයුර්වේද ප්‍රතිකාර, දන්ත ප්‍රතිකාර ආවරණය

📌රෝහල් ගත වීමට පෙර හා පසු වියදම් ආවරණය (වෛද්‍ය පරීකෂණ හා ඹෟෂධ ඇතුලුව)

📌ඔබේ රෝහල් ආවරණය සම්පූර්ණයෙන් වැයවී ඇති අවස්ථාවක එම ඔප්පු වර්ෂය සදහා නැවතත් ඔබට 100% ක ආවරණයක්

📌25% ක No Claim bonus එකක්

📌කල් පිරීමේදී බදු වලින් නිදහස් සෞඛ්‍ය අරමුදලක්

📌අවාසනාවන්ත ලෙස ඔබේ ජීවිතය අහිමි වුනොත් ඔබේ පවුලට රැකවරණය සලසන්න ජීවිත රක්ෂණයකුත් ඇතුලත්

📌මුලු පවුලටම online doctor channel පහසුකම නොමිලේ…

කෙටි කාලයක් වාරික ගෙවීම මගින් ඔබේ වයස 70 දක්වා ප්‍රතිලාභ ලබාගතහැකි ලෙස නිර්මාණය කර ඇති සැලසුම වයස අවුරුදු 65 දක්වා ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි.

අදම අමතන්න - 0772555505 දමිත්

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Solutions for a Healthy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram