Wathsala Wijerathna

Wathsala Wijerathna Wathsala Wijerathna, a dedicated and compassionate psychotherapist counselor based in Sri Lanka.
(2)

වත්සලා විජේරත්න
- Psychological Counsellor
- Psychotherapist
- Relationship Counsellor
- Child Counsellor
- Certified NLP Practitioner
- Member of APA (American Psychological Association)
- Member of SLPPCA
- Member of NLPEA With her youthful energy and empathetic approach, Wathsala is committed to helping individuals and families overcome challenges and achieve emotional well-being. Specializing in counseling psychology, she offers her expertise in child counseling, education counseling, and family counseling.

10/01/2026

චුට්ට චුට්ට සතුට ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන න්‍යායක් ඇසුරින් කතා කළා. මතකද මං උදාහරණයක් දෙනවා කිව්වා... මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ උදාහරණය බලන්න පුළුවන්.
පළවෙනි කමෙන්ට් එකේ මේකෙ පළවෙනි වීඩියෝ එක ඇති.. බලන්න

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

පසුතැවිලි වීමෙන් සිදුවූ දේ වෙනස් කළ නොහැක.ඒ වගේම කනස්සල්ලෙන් සිදුවීමට යන දේවෙනස් කළ නොහැක.නමුත් මේ දේවල් දෙකටම සිදුවෙමින...
10/01/2026

පසුතැවිලි වීමෙන් සිදුවූ දේ වෙනස් කළ නොහැක.
ඒ වගේම කනස්සල්ලෙන් සිදුවීමට යන දේ
වෙනස් කළ නොහැක.
නමුත් මේ දේවල් දෙකටම සිදුවෙමින් පවතින දේ සම්පූර්ණයෙන්ම විනාශ කළ හැක. ඒනිසා පසුතැවිල්ල කනස්සල්ල ජීවිතයෙන් අයින් කරගන්න...

මනෝ චිකිත්සාව (Psychotherapy) කියලා කියන්නේ කතා කිරීම පමණක් නොවේ.
එය ඔබේ මොළය වෙනස් ලෙස සිතීමට, දැනීමට සහ ජීවත් වීමට නැවත සකස් කිරීමකි.
මනෝ චිකිත්සාව ජීවිතයට එන අරගල අර්බුද ප්‍රශ්න සඳහා පමණක් නොවේ. එය ජීවිතය වර්ධනය හා අවබෝධය සඳහා වැදගත් වෙන දෙයක්.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ඇයට ආදරය කරන්න... ඇය ඔබේ තේ කෝප්පය  තොල ගාන විට.ඇයට අවශ්‍ය වන්නේ එය ඔබට හරියටම රස වන බවට වග බලා ගැනීමට විතරයිඇයට ආදරය කර...
08/01/2026

ඇයට ආදරය කරන්න... ඇය ඔබේ තේ කෝප්පය තොල ගාන විට.
ඇයට අවශ්‍ය වන්නේ එය ඔබට හරියටම රස වන බවට වග බලා ගැනීමට විතරයි

ඇයට ආදරය කරන්න... ඇය ඊර්ෂ්‍යා කරන විට.
ඇයට කැමති සියලුම පිරිමින් අතරින් ඇය ඔබව තෝරා ගත්තා.

ඇයට ආදරය කරන්න... ඔබට තරහ යන කරදරකාරී කුඩා පුරුදු ඇයට ඇති විට.
ඔයාටත් ඒවා තියෙන්න පුළුවන්.

ඇයට ආදරය කරන්න... ඇගේ උයන එක පොඩ්ඩක් අවුල් වුනාම
ඇය ඔබ වෙනුවෙන් උත්සාහ කරයි.

ඇයට ආදරය කරන්න... ඔයා කැමති ක්‍රීඩා වැඩසටහන පැවැත්වෙන වෙලාවට ඇය ඔබට ආදර නාට්‍ය නැරඹීමට සලස්වන විට.
ඇයට මේ අවස්ථා ඔබ සමඟ බෙදා ගැනීමට අවශ්‍යයි.

ඇයට ආදරය කරන්න.. ඇය සූදානම් වීමට පැය ගණනක් ගත කරන විට.
ඇයට අවශ්‍ය වන්නේ ඔබ වෙනුවෙන් ඇගේ හොඳම පෙනුම ලබා ගැනීමට පමණි.

ඇයට ආදරය දෙන්න... බොහෝ විට ඇගේ ඇස් හදිසියේම කඳුළු ගලන විට.
ඇයට ඇත්තටම ඔබව අහිමි වීමේ සිතුවිල්ලක් ඇති වෙලා වෙන්න පුළුවන්.

ඇයට ඇය විශේෂයි කියලා විශේෂ හැඟීමක් ඇති කිරීමට කාලය ගන්න.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

06/01/2026

චුට්ට චුට්ට හිතේ සතුට ඇති කරගන්නේ කොහොමද මනෝවිද්‍යාත්මක න්‍යායක් එක අපි බලමුද...
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

වචනවලට කියන්න බැරි දේ කඳුළු කියයි. ඒවා ප්‍රකාශ කිරීමට අපහසු හෝ සංකීර්ණ  හැඟීම් ප්‍රකාශ කරයි.සමහර විට අපේ හැඟීම් කෙතරම් ත...
06/01/2026

වචනවලට කියන්න බැරි දේ කඳුළු කියයි. ඒවා ප්‍රකාශ කිරීමට අපහසු හෝ සංකීර්ණ හැඟීම් ප්‍රකාශ කරයි.
සමහර විට අපේ හැඟීම් කෙතරම් තීව්‍රද කියනවනම් ඒවා සතුට, ශෝකය, කලකිරීම හෝ සහනය නිසා ඇති වුවත් ඒවා කීමට වචන ප්‍රමාණවත් නැහැ. අපේ මව් භාෂාව තුළ සියලු සුන්දරත්වය තිබියදීත් සීමාවන් තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම අපගේ අභ්‍යන්තර ලෝකයේ සම්පූර්ණ ප්‍රමාණය ග්‍රහණය කර ගන්න අපිට බැහැ. නමුත් කඳුළු ඒවා වචන මඟහැර කෙලින්ම හදවතින් සන්නිවේදනය කරනවා.

සමහර විට, අප හෙළන කඳුළු අපේ හදවතට ප්‍රකාශ කළ නොහැකි වචන වෙන්න පුළුවන්.

අපි අඬන විට, අපට ප්‍රකාශ කිරීමට අමාරු දරා ගැනීමට අපහසු හෝ සංකීර්ණ හැඟීම්වලට ඉඩ ලබා දෙනවා. ඒ මොහොතේ කඳුළු විශ්වීය භාෂාවක් බවට පත් වෙනවා. අපට අප ගැනවත් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකි දේ මුදා හැරීමට ඒවා ඉඩ සලසනවා.අපගේ අභ්‍යන්තර හා බාහිර ලෝකයන් අතර මාර්ගයක් ලෙස ඒවා ක්‍රියා කරන බව අපිට කියන්න පුළුවන්.

අපි අඬන එක තුළින් අපගේ පද්ධති වලින් ආතති හෝමෝන පිටතට ගෙන යන අතර චිත්තවේගීය හා ශාරීරික වේදනාව සමනය කරන එන්ඩොර්ෆින් මුදා හරියි. ඔබට අවශ්‍ය විට අඬන්න ඉඩ දෙන්න.
හැඬීම සුව කිරීමක් වෙනවා.

හඬා වැලපීම කියලා කියන්නේ දුර්වලකමේ ලකුණක් නෙවෙයි. එය ඔබගේ ශක්තියේ ලකුණකි.අන් අය ඉදිරියේ හඬන්නේ ශක්තිමත් පුද්ගලයෙකු පමණි. කඳුළු හරහා හැඟීම් ප්‍රකාශ කිරීමට කිසි විටෙකත් ලැජ්ජා නොවන්න.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ආදරය කියලා කියන්නේ කෙනෙකුගේ දුර්වලතා දැනගැනීමයි සහ ඒවායින් ප්‍රයෝජන නොගැනීමයි.ඔවුන්ගේ අඩුපාඩු දැනගෙන ඔවුන් කවුදැයි පිළිග...
05/01/2026

ආදරය කියලා කියන්නේ කෙනෙකුගේ දුර්වලතා දැනගැනීමයි සහ ඒවායින් ප්‍රයෝජන නොගැනීමයි.
ඔවුන්ගේ අඩුපාඩු දැනගෙන ඔවුන් කවුදැයි පිළිගැනීමයි.
ආදරය යනු ඔබව විනාශ කිරීමට
ඔවුන්ට බලය දීමයි...නමුත් ඔවුන් එය නොකරනු ඇතැයි
විශ්වාස කිරීමයි...

දෙදෙනෙකු අතර සම්බන්ධතාවයේ ගැඹුර රඳා පවතින්නේ ඔවුන්ගේ සංවාදවල සමීපත්වය මතයි. ඒ නිසා නිතරම හොඳ ආදරණීය සම්බන්ධතාවයකට කතා බහ කියන එක හරිම වැදගත්.

ඔබේ මනස තේරුම් ගන්නා කෙනෙකු සිටීම වෙනස් ආකාරයක සමීප බවකි.

සැබෑ බැඳීම (INTIMACY) යනු ඔබ ස්පර්ශ කිරීමට ඉඩ දෙන අය නොවේ.
සැබෑ බැඳීම යනු ඔබ ඔබේ සිහින සහ බිය ගැන අලුයම 3 ට උනත් ඔයාට කෙටි පණිවිඩ යවන්න පුළුවන් කෙනායි.
සැබෑ බැඳීම යනු තවත් දස දෙනෙක් ඔබේ අවධානය ඉල්ලන විට ඔබ එකම එක්කෙනෙකුට ඔබේ අවධානය ලබා දීමයි.
සැබෑ බැඳීම යනු ඔබ කොතරම් අවධානය වෙනතකට යොමු වී සිටියත්, ඔබේ මනසෙහි සැමවිටම සිටින පුද්ගලයායි.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

එක් දිනක් කෙනෙකු  ඔබේ ජීවිතයට පැමිණ ඔයාගේ ජීවිතේ වැරදුනු හැම තැනම නිවැරදි කරයි.එක් දිනක් ඔයාට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ...
04/01/2026

එක් දිනක් කෙනෙකු ඔබේ ජීවිතයට පැමිණ ඔයාගේ ජීවිතේ වැරදුනු හැම තැනම නිවැරදි කරයි.
එක් දිනක් ඔයාට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් එනතුරු බලා සිටීමට සිදු නොවනු ඇත.
එක් දිනක් ඔයාගේ සියල්ලම ලබාදෙන තැනැත්තා ඔබ පමණක් නොවනු ඇත.
එක් දිනක් ඔබට ජීවිතයේ දියුණු වීමට උදව් කිරීමට අවශ්‍යම කෙනා මුණ ගැසෙනු ඇත.
එක් දිනක් ඔබට ආදරයට තවත් අවස්ථාවක් දීමට බිය නොවන කෙනෙකු මුණගැසුණු ඇත.
එක් දිනක් ඔබ අවසානයේදී ඔබට සියල්ල ගැන විශ්වාස කළ හැකි කෙනෙකුව මුණ ගැසෙනු ඇත.
එක් දිනක් ඔබට ඔබේ හොඳම යහළුවා ඔබේ හොඳම සහායකයා ඔයාගේ හොඳම කණ්ඩායම් සගයා යන සියල්ලම එක පුද්ගලයෙකු තුල ලැබෙනු ඇත.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

මට හිතුන ගොඩක් ගැහැණු ළමයි අහන ප්‍රශ්නෙකට පොදුවේ උත්තර දෙන්න ඕනේ කියලා සමහර පිරිමි ළමයි ඇයි ගෑනු ළමයි කීපදෙනෙක්ව එකපාර ආ...
04/01/2026

මට හිතුන ගොඩක් ගැහැණු ළමයි අහන ප්‍රශ්නෙකට පොදුවේ උත්තර දෙන්න ඕනේ කියලා සමහර පිරිමි ළමයි ඇයි ගෑනු ළමයි කීපදෙනෙක්ව එකපාර ආශ්‍රය කරන්නේ කියන ප්‍රශ්නය ගොඩක් ගැහැණු ළමයි මගෙන් අහලා තිබුණා.. මේක හැම පිරිමි ළමයටම අදාළ වෙන්නේ නැහැ අපි ජීවත් වෙන සමාජය තුළ එක එක මානසික මට්ටම්වල අය ජීවත් වෙනවා. සමාජය තුළ මේ වගේ පිරිස බොහොම සුළු පිරිසක් වෙන්න පුළුවන්.

කාන්තාවන්ගෙන් ආදරය / ලිංගික ආකර්ෂණය ලබාගැනීම තමන්ගේ අභ්‍යන්තර අවශ්‍යතාවයක් හෝ හිස්කමක් පිරවීමට භාවිතා කරන පුද්ගලයෙක් මේ විදිහ වෙන්න පුළුවන්.

●කාන්තාවන් බොහෝ දෙනා සමඟ එකවර හෝ අඛණ්ඩව සම්බන්ධතා තබාගන්න උත්සහ කරනවා.
●ආදරයට වඩා ඔහු ඒක බලන්නෙ ජයග්‍රහණයක් විදිහට.
●ගැඹුරු, ස්ථිර emotional bond එකක් කොයිම මොහොතකවත් පවත්වන්නැහැ.
●ඔහුට කාන්තාවක් මනුෂ්‍යයෙක් විදිහට දකිනවට වඩා තමන්ගේ ego එකට proof එකක් වශයෙන් දකින්න පුරුද්දක් තියෙනවා.

මේ දේවල් වලට බලපාන හේතු ලෙස
●තමන්ට සම්බන්ධතාවයක් ආරක්ෂිත නෑ කියල දැනෙන විට
●ළමා වියේදී ආදරයක්, ආරක්ෂාවක් ලැබී නැතිවීම.
● emotionally එයාට කිසිම කෙනෙකුගෙන් කිසිම හැඟීමක් නැතිකම වගේ අත්දැකීම් තියෙන්න පුළුවන්.
ඒ නිසා ඔවුන් එක කෙනෙක්ට බැඳෙන එක වේදනාවක් කියන unconscious belief එකක් අල්ලගෙන ජීවත් වෙනවා.

●තමන් ගැන වටිනාකමක් නැතිවීම
තමාගේ සිත තුළ
“මට වටිනාකමක් නැද්ද?”
“මම පිරිමියෙක්ද ඇත්තටම?”
මෙවැනි සැක තියෙන නිසා, කාන්තාවන්ගෙන් ලැබෙන ආකර්ෂණය,අවධානය,ලිංගික ප්‍රතිචාර
වලින් තමන්ගේ self-worth එක තාවකාලිකව පුරවාගන්න උත්සාහ කරනවා.නමුත් ඒක addiction එකක් වගේ. තෘප්තිය දිගුකාලීන නෑ.

●ඕනවට වඩා තමන් ගැන තියෙන අභිමානය
“මට කවුරුත් ලබාගන්න පුළුවන්”
“කාන්තාවන් මගේ වටේම”
කියන ගොඩක් ලොකු හැඟීම මෙයාලට තියෙන්න පුළුවන්.මෙතන
Empathy අඩු
කාන්තාවගේ හැඟීම් ගැන හිතන්නෙම නැහැ
තමන්ගේ අවශ්‍යතාවය තමයි මූලිකම දේ

●ගැඹුරු සම්බන්ධතාවයට තියෙන බය
ආදරයට ආසයි.
නමුත් ආදරය ගැඹුරු වුනොත් පාලනය අහිමි වෙයි කියලා බයයි.
ඒ නිසා සම්බන්ධතා කිහිපයක් තබාගන්නවා. ඒවා පරිස්සම් කියලා හිතනවා.වේදනාවක් නෑ කියල හිතනවා.

මේ වගේ අය සාමාන්‍යයෙන් හැසිරීම් තුලදී
මුලින්ම හරියට ගොඩක් හොඳින් හොයලා බලනවා.හරිම සාමාන්‍ය සරල විදිහට ඔයාගේ හිත දිනා ගන්නවා.
ඉක්මනින් හැඟීම්වලින් ඔයාව අල්ලගන්නවා.
පොරොන්දු ගොඩයි හැබැයි ඒවා කරන්නේ නැහැ.

ගැඹුරු මොහොතකට ආවම ඒ මොහොත හිමීට වෙනස් කරනවා ඒ මොහොත මගහරිනවා.

සම්පූර්ණයෙන් සමහරවිට ලිංගිකත්වය මතම ඔහුගේ ආශ්‍රය කිහිපදෙනෙක් අතර සිදු නොවෙන්න පුළුවන්.
ඒ කියන්නේ, ඔහුට s*x වලට වඩා,
“මාව තෝරගත්තා” කියන feeling එක වැදගත්.

මේ වගේ හැසිරීම් තියෙන අයට වෙනස් වෙන්න පුළුවන්.
ඔහු තම හැසිරීම් රටාව තුළ self-awareness එක්ක දකින්න ඕන.
පුංචි කාලේ තමන්ගේ හදවතට උණ තුවාල සනීප කර ගන්න therapy වගේ support ඕන වෙනවා
කාන්තාවන් නෙවෙයි ප්‍රශ්නය මගේ ඇතුළේ හිස්කමක් තියෙනවා කියලා පිළිගන්න ඕන.


මනෝ උපදේශිකාවක් ලෙස මම කියන වැදගත් කාරණාව තමයි මෙවැනි හැසිරීම් ඇති අය

බොහෝ වෙලාවට නරක කෙනෙක් නෙමෙයි
ජීවිතය තුළ අසුවුණු, සුව නොවුණු කෙනෙක්
නමුත්
ඔහු heal නොවුනොත්
ඔහුට බැඳෙන කාන්තාවන් ගැඹුරු චිත්තවේගීය තුවාල වලට අරගෙන යනවා. ගැහැණියට ඒ වේදනාව දරාගන්න බැරි වෙන්න පුළුවන්.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

මේ අවුරුද්දේ ඔයාට මුලින්ම විශ්කලේ කවුද එයාට ඔයාව ගොඩක් වැදගත් ඇති ඒ හින්දා එයාව අමතක කරන්න එපා... ඔයා එයාට දුන්න උත්තරේ ...
02/01/2026

මේ අවුරුද්දේ ඔයාට මුලින්ම විශ්කලේ කවුද එයාට ඔයාව ගොඩක් වැදගත් ඇති ඒ හින්දා එයාව අමතක කරන්න එපා... ඔයා එයාට දුන්න උත්තරේ කොහොමද ඔයා එයාට පෙරලා සුභ පැතුවාද...
ජීවිතේ එයාලට ඔයාගේ තියෙන තැන අනුව ඔයාට උත්තර ලැබෙයි. මොකද මිනිස්සු ගොඩක් busy වෙන්නේ නැහැ. අපි හැමෝටම තියෙන්නේ පැය 24. අපි දැනගන්න ඕනේ පැය විසි හතර තුළ අපිට වටිනාකමක් දෙන කෙනෙකුට වටිනාකමක් දෙන්න. එහෙම වටිනාකමක් ඔයාට දෙන්නෙ නැති කෙනෙක් නම් එයාව ඔයාගේ ජීවිතය තුළ තියාගන්න එපා. මොකද ඔයාව වටින කෙනෙක් නම් ඔයාගේ මැසේජ් එක කෝල් එකක් දැකලා නොදැක්ක ගානට ඉන්නැහැ.
ඔයාට පුළුවන් ඒ වෙනුවට ඔයාගේ ජීවිතයට වටිනාකමක් අගයක් එකතු කරන කෙනෙක් ජීවිතයට ලං කරගන්න. මොකද ඒක මානසික සෞඛ්‍යයටත් වැදගත්.ඒ වගේම තමන්ගේ ජීවිතයට හයියක් වෙන කෙනෙක් ජීවිතයේ ඉන්න එක ඔයාට හරිම වැදගත්. කාගේවත් ජීවිතවල නොවටිනා මනුස්සයෙක් වෙන්න එපා. අත් හරින්න අමාරුයි. නමුත් අත්හරින්න.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ඔබගේ හදවතට  සියලු ආදරය, සතුට සහ ප්‍රීතිය සමග මානසික සුවතාවය ප්‍රාර්ථනා කරමි. එළඹෙන වසර සිනහවෙන්, අගනා මතකයන්ගෙන් සහ සිහි...
31/12/2025

ඔබගේ හදවතට සියලු ආදරය, සතුට සහ ප්‍රීතිය සමග මානසික සුවතාවය ප්‍රාර්ථනා කරමි. එළඹෙන වසර සිනහවෙන්, අගනා මතකයන්ගෙන් සහ සිහින සැබෑවීමෙන් පිරී ඉතිරී යන්නට ලැබෙන සුභ නව වසරක් වේවා.

අද පටන් ගන්න අලුත් පොතේ පළවෙනි දවස ලස්සනට ලියන්න පටන් ගන්න. ඒ අලුත් පොතේ අලුත් පරිච්ඡේද 12 තියෙනවා.පිටු 365ක් තියෙනවා. වැදගත්ම දේ තමයි ඒ පොතේ කතෘවරයා වෙන්නේ ඔයාමයි. ඉතින් ඒ කතාව
ධනාත්මකව ලියන්න. මගේ ප්‍රාර්ථනාව මේ අවුරුද්දේ ලස්සනම ඔයාගේ කතාව ඔයාම ලියාගන්න එකයි.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ලස්සන පරිච්ඡේදයක් ඉවර වෙන්නේ ඔයාව බිඳ දැමීමට නොව, හොඳම කතාවලට පවා ජීවත්ව සිටීමට නව පිටු අවශ්‍ය බව ඔබට මතක් කර දීමටයි.වසර...
31/12/2025

ලස්සන පරිච්ඡේදයක් ඉවර වෙන්නේ ඔයාව බිඳ දැමීමට නොව, හොඳම කතාවලට පවා ජීවත්ව සිටීමට නව පිටු අවශ්‍ය බව ඔබට මතක් කර දීමටයි.

වසරේ අවසානය කියලා කියන්නේ බලාපොරොත්තු වල අවසානය නොවේ...
එය ඉවරයක් නැති හැකියාවන්ගේ ආරම්භයයි.

අවුරුද්දේ අවසානය කියලා කියන්නේ අපිට ආපසු හැරී බැලීමට, පැමිණි දුර අගය කිරීමට, සහ ඉදිරියේ ඇති ඉවරයක් නැති අපගේ හැකියාවන් ,අපේ බලාපොරොත්තු ගැන අලුතින් හිතීමට කදිම කාලයයි.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

ජීවිතය ලස්සන වන්නේ එය බෙදා ගැනීමට සුන්දර මිනිසුන් අපට හමු වූවොත් පමණයි..ඔයාටත් පුළුවන් නම් ඔයාට මුණගැහෙන පුද්ගලයන්ට ඒ වග...
28/12/2025

ජීවිතය ලස්සන වන්නේ එය බෙදා ගැනීමට සුන්දර මිනිසුන් අපට හමු වූවොත් පමණයි..

ඔයාටත් පුළුවන් නම් ඔයාට මුණගැහෙන පුද්ගලයන්ට ඒ වගේ සුන්දර මිනිසෙකු වෙන්න අප ජීවත්වන සමාජය ගොඩක් ලස්සන වේවි.

හේතුවක් වෙන්න කෙනෙකුට පිළිගැනීමක්, අගයක්, ආදරයක් සහ සහයෝගයක් දැනෙන.

වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist

BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

Address

Colombo

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 10:00 - 17:00

Telephone

+94777041406

Website

https://linktr.ee/CounsellorWathsala

Alerts

Be the first to know and let us send you an email when Wathsala Wijerathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wathsala Wijerathna:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram