14/10/2022
#සෙත් පිරිත් #අංගුලිමාල පිරිත
ගර්භණී මව්වරුන් හා දරුවන් සඳහා සෙත් පිරිත් දේශනාව
ගර්භණී මව්වරුන් සඳහා සෙත් පිරිත් - අංගුලිමාල පිරිත ඇතුළුව ( Seth Pirith with Angulimala Piritha )
ගැබිනි මවගේත්, කුසෙහි සිටින බිළිදාගේත් ආරක්ෂාව පතා දේශනා කරන ලද මෙම සෙත් පිරිත් දේශනාව දිනපතා ඇසීම මැනවි.
මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන්, අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාවේ ආනුභාවයෙන් සියලු ගැබිනි මව්වරුන්ගේ ප්‍රසව වේදනා දුරු වේවා.. මවත් දරුවාත් සුවපත් වේවා.. සුව සේ බිහි වේවා...
සාදු! සාදු!! සාදු!!!
https://youtu.be/TlBL80ca0Yk
මහ පිරිත / අංගුලිමාල පිරිත
පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධෝවනං
උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධේති තං ඛණේ
ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
කප්පට්ඨායිමහාතේජං – පරිත්තං තං භණාමහේ
ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරු කර දමන්නේ ය. ගර්භිණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නී ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු.
යථෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේන සොත්ථි තේ හෝතු, සොත්ථි ගබ්භස්සාති.
“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙම් ද එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! දරුගැබට ද සෙත් වේවා!”
https://youtu.be/TlBL80ca0Yk
ගර්භණී මව්වරුන් හා දරුවන් සඳහා සෙත් පිරිත් දේශනාවගැබිනි මවගේත්, කුසෙහි සිටින බිළිදාගේත් ආරක්ෂාව පතා දේශනා කරන ල....