29/12/2020
තුන්වෙනි රැල්ල ඇවිල්ලා ඉවරයි!!!
ඔක්කොටම වැඩිය භයානකයි!!!
දැනටමත් ගණනය කල නොහැකි තරම් මරණ සංඛ්‍යාවක්!!!
බය වෙන්න එපා මේ කතා කරන්නේ කොරෝනා රැල්ලක් ගැන නෙවෙයි..
හැබැයි ඔබ මේ ලිපිය කියවද්දීත් මේ රැල්ල නිසා දස දහස් ගණනින් මිනිස්සු මේ ලෝකේන් තුරන් වෙනවා..
ඔබ උදේ හවස හඹා යන, ඇලුම් කරන වසංගතයක් මේක..මේ වසංගතය ඔබේ පවුලට සමීප කරගන්න ඔබ පුදුම උනන්දුවකින් ඉන්නවා..දැනටමත් ඔබේ ආදරනීයයන් මේ වසංගතයට ඔබ ගොදුරු කර හමාරයි..
මොකක්ද මේ
වසංගතයේ නම - #දියුණුව
අදහගන්නත් බෑ නේද? ඔව් තාක්ෂණය, දැනුම, අලෙවිකරණය වගේ ආයුධත් එකතු කරගෙන මේ රැල්ල අපිව දවසින් දවස මරණ මංචකයට ඇදගෙන යනවා..
එහෙනම් දියුණු වෙන්න එපාද?
නැහැ. දියුණුව කියන්නේ මුදල් නම්,, ඔව් අපි ආර්ථිකමය අතින් අති සාර්ථක වෙමු.හැකිනම් ජීවත් වෙන්න ලස්සන මන්දිරයක් හදමු.වෙලාව rolex watch එකකින් බලලා ගමන් බිමන් යමු Benz එකකින්.පුද්ගලයෙක්ට, රටකට, සමාජයකට දියුණුව අත්‍යවශ්‍යයි.දියුණුව නැත්නම් අන්තර්ජාලයේ මේ ලිපිය ලියවෙන්නෙත් නෑ..
එහෙනම් මොකක්ද මේ මරණ රැල්ල..?
ඔබම අනුමාන කරන්න..අපි යමු ඉස්සර හෙළ ශිෂ්ඨාචාරයේ ජීවන පැවැත්ම දිහාට..
මේ මැණික්හාමි ගේ ජීවිත කතාව..
තමන්ගේ ජීවනෝපාය වෙච්චි ගොවිතැන්බත කරගන්න ඕන නිසා මැණික්හාමි පාන්දරම නැගිටලා හිස් බඩ වතුර පොල්කටු 4-5 බිව්වා..නිරුවත් යටි පතුලෙන් පිනි වැටුන තණකොළ, බොරළු ටික පාගගෙන බුදුන් වදින්න සමන්පිච්ච මල් ටික කඩද්දී ඔලුවට වැටුන පින්නෙන් කිවිසුමක් ගියත් ඒක ලෙඩක් නෙවෙයි, ඔලුව සැහැල්ලු වුනා විතරයි.
ඊයේ මොණරකුඩුම්බියයි, පොල්පලා යහමින් දාලා වැල් පෙනෙල කැද එකක් බිව්ව නිසා අද ගමමහගේ කරපිංචා, ගොටුකොල, හාතවාරිය කැද එකක් හදලා. උදේ ඉර එලිය මැණික් හාමිගේ මාංශ පේශී පිරුන ඇග පුරා දුවද්දී හකුරු කෑල්ලක් එක්ක කැද උගුරක් බිව්වේ ඈත වෙල් යාය දිහා බලාගෙන හිත පිරුන සතුටකින්.
වෙද හාමුදුරුවෝ හදලා දුන්න දත් කුඩෙන් දත් ටික මැදගෙන, විශේෂ දවසක් නොවුනත් අලුත් හාලේ බත් වලින් ගමමහගේ හදලා තිබ්බ මුං කිරිබත් කෑලි පහ හයක් ලුණු මිරිසුයි ඊයේ රෑ ලිපේ තිබ්බ පොලොස් හට්ටියේ හොද්දෙන් අනාගෙන කෑවේ තලු මරමින්..
මැණික්හාමි ගෙදරින් පිටත් වුනේ උයන්න බිදපු පොල් ගෙඩියේ #පොල් #වතුර ටිකත් බීලා..
කුඹුරේ වැඩ කරන මැණික්හාමි පැල දිහා බලද්දී දරුවන්ගේ අම්මා පැලට ඇවිල්ලා..
"ඊයේ ඉගුරු කොත්තමල්ලි බිව්ව හින්දා අද බෙලි මල්, බෙලි කටු දාලා තැම්බුවා..බීලා හිටියනං"
දවල් කෑම වෙලාව එනකන් එක හුස්මට වැඩ කරපු මැණික්හාමි ඔලුව ඉස්සුවේ පොඩි උන් දෙන්න කෑම ගෙනල්ලා තියලා ගුස්ති අල්ලන සද්දෙට..
පොලොස් බොරේට, බතල දළුයි මඤ්ඤොක්කා දළුයි මැල්ලුම, තෙප්පිලි මාළු බැදලා, හතු වෑංජනේ එක්ක මිරිස් කරල් බැදලා තියනවා දැක්ක මැණික්හාමිගේ කටට කෙලත් ඉනුවා..
වැඩ අහවර කරලා පීල්ලෙන් යහමින් නා කියාගෙන හේනෙම ඉදිච්ච කෙහෙල් කැනකුයි ගස්ලබු ගෙඩියකුයි අරන් යන මැණික්හාමිට යන අතරමග වැටුන බෙලි ගෙඩි දෙකකුයි රංහාමිගේ වැට මායිමෙන් ඇඹුල්දොඩම් ගෙඩි දෙකකුයි කඩා ගන්න පුළුවන් වුනා..
ගෙදරට සේන්දු වුන මැණික්හාමිව පිලිගත්තේ උනුවෙන්ම පොල්කට්ටට දාපු ඉරමුසු එකක් පිලිගන්වලා..ගම මහගේ ගෙදර එන ගමන් පොඩි එතනාගේ ගෙදරින් ලාවුලු ගෙනල්ලා..
ගොම්මන් යාමේ පොඩි උන් දෙන්නත් එක්ක කවි පංති ටිකක් කිව්වේ විඩින් විඩේ කුස්සියට ගිහින් හලාගෙන එන කිතුල් රා ටිකකිනුත් සප්පායම් වෙමින්..
ගලේ අඹරපු සම්බෝලෙ එක්ක කුරහන් රොටියක් කාලා මැණික්හාමි නින්දට යද්දී උදේට ඇහැරෙන්න තව පැය 8 කටත් වැඩිය තිබ්බා..
ආයෙත් එමු අපේ කාලේට...
ශානක උදේ නැගිටල දත් බෙහෙත් ටියුබ් එකෙන් දත් බෙහෙත් අරන් දත් මැදලා $$$ සබන් ගාලා නාලා ඇදුම් අදින ටිකට Sodium dodecyl benzene sulphate (SDBS) සහ තවත් අහිතකර රසායනික සංයෝග කිහිපයක්ම ශරීරගත වෙලා ඉවරයි..
තරුශි කැද හදන්න දන්නෙත් නෑ.අනික කැද බිව්වම පණ නෑ කියල කතාවකුත් තියනවානේ..කිරිබත් හැදුවත් කන්න බෑ.නිදිමත එනවා..ඒක හින්දා ෆාම් තෙල්, කටු පොල්, සහ තව Chemical පුරවපු කිරි තේ එකක් බීලා original තිරිගු පිටි වලින් අයින් කරන පාන් පිටි වලින් හදපු බර්ගර් දෙකක් කෑවේ Sorbates, Benzoates, Yeast extract වගේ අධි විස පිළිකාකරක සහිත දෙවල් බර්ගර් එක ඇතුලේ තියෙද්දිමයි..
කාපු පිටි ගුලි වල කැලරි කොන්ක්‍රීට් දැම්මා වගේ ඇගේ තැන්පත් වුනා.
ඉදගෙනම වැඩ කරලා මහන්සියට ශානක බිව්වේ ඇණ වලින් මලකඩ අයින් කරන්න පුළුවන් පළිබෝධනාශකයක්..FB එකේ ඒක කලින් දැකලා තිබ්බා..තව කැලරි. එහෙමයි කියලා පහල කරත්තෙක ඉරමුසු, කොලකැද තිබ්බා ඒවා office එකට ගෙනල්ලා බොන්න පුළුවන්ද. ඊයා..ලැජ්ජාවේ බෑ..අනික ගේන්න පුළුවන් විදියට එයාලා දෙන්නෙත් නෑ..හැමෝම කට ගහන අසෝක වීදුරුවේ එතනම ඉදන් බොන්න ඕන..
දවල්ට චයිනීස් රෙස්ටුරන්ට් එකකට ගිහින් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා..ඒ පැය භාගෙට ශානකගේ ඇගට කුකුලට ගහපු ඔක්කොම හෝමෝන ටික යනවා..තව Glutamates incl (MSG), Hydrolysed vegetable protein (HVP), Butylated Hydroxytoluene (BHT) සහ Benzdic acid ඇති පදමින් ශානකගේ ඇගට ඇතුල් වෙනවා..තව කැලරි.
හවස තේ බොන ගමන් කාපු බිස්කට් එකෙන් Tartrazine Carmoisine, E127 සහ E 200 - 283, E 195 කාණ්ඩයේ සියලුම අහිතකර රසායන ශරීරගත වුනා..ශානක දන්නෙත් නෑ එයා කාපු බිස්කට් වර්ගය සමහර දියුණු රටවල තහනම් කරපු රසායනික සංයෝග දාපු බිස්කට් එකක් කියලා..තව කැලරි.
ශානක ගෙදර යන ගමන් අරන් ගිය පළතුරු වලත් ශරීරයට ඉතාම අහිතකර පළිබෝධනාශක සහ රසායනික සංයෝග ගහලා..සමහර පළතුරු ගහෙන් කඩලා නැවේම ඇවිල්ලා මාස ගානක්..ශානක ඉන්න රටේ රසායනික කෘෂි පොහොර භාවිතයෙනුත් අංක එක අරන් හිටපු නිසා අරන් ගිය එළවළු වලත් වස විස නොඅඩුව තිබ්බා..
ෆ්‍රිජ් එකේ දාගෙන කන්න අරන් ගිය අතුරුපස කප් වල Aspartame, E127, E102 සහ තව අධික වශයෙන් ගත්තොත් ශරීරයට අහිතකර රසායනික සංයෝග ගොඩක් අඩංගුයි..ඒවා ශානකගේ දරුවෝ රස කර කර කෑවා.
රෑ කෑමට කාපු කොත්තු වල, රයිස් වල, පීසා වල බීපු බීම වල ඉහත දේවල් ඔක්කොම එක්ක තව වස විස ගොඩාක් තිබ්බා..තව කැලරිත්..ශානක බොහොම ආඩම්බරෙයෙන් ශානකට සහ පවුලට
⭕ ඇදුම
⭕ දරුවන්ට අධි ක්‍රියාකාරිත්වය
⭕ හෝමෝන විකෘතිතා
⭕ අසාත්මිකතා
⭕ මානසික අසහනය
⭕ බඩවැල් ක්‍රියාකාරිත්වය දුර්වල වීම.
⭕ හිසරදය
⭕ සමේ අබාධ
⭕ වමනය
⭕ පිළිකා ඇති වීම
⭕ හෘද රෝග
⭕ කොලොස්ටරෝල්
⭕ දියවැඩියාව
⭕ වකුගඩු රෝග
⭕ අධි රුධිර පීඩනය
ඇතුලු තවත් ගොඩක් දේවල් ගෙනාවා..
කාපු ගමන් ඇදට වැටුන ශානකයි දරුවොයි 4G , 5G (Smart phone) විකිරණ මැද්දේ තව පැය ගානක් ගත කරලා නිදාගද්දී උදේ නැගිටින්න තව පැය දෙක තුනයි තිබ්බේ..
දියුණුවේ රැල්ලෙන් අපි මරණ මංචකයට ඇදෙන විදිය ගැන තවත් අටුවා ටීකා ඕන නෑ නේද?
මේ ශානකගේ එක දවසක් විතරයි..බලන්න ඔබේ දවස් 30 ඇතුලේ කොච්චර නම් වස විස ඇතිද..?
මැණික් හාමිට වස විසක් ඇතුල් වුනේ නැති තරම්..අමුතුවෙන් විටමින් ඕන වුනෙත් නෑ..
🌱 උදේට පෑගෙන තනකොල.
🌱 ඉර එලිය.
🌱 කෑම බීම ටික.
🌱 පීල්ලේ වතුර ටික.
🌱 මනස සුවපත් කරවන සොබාදහම.
🌱 හොද නින්දක්.
🌱 රන් දහදිය වගුරවන ගොවිතැන
තමයි ඔවුන්ගේ විටමින්..
අපිට එහෙම ජීවත් වෙන්න අමාරුයි තමයි..අමාරුවෙන් හරි මේ රැල්ල නැවැත්තුවොත් ලෝකෙන් උතුම්ම, ශක්තිමත්ම, ආයුෂ වැඩිම, සෞභාග්‍යමත්ම රට අපේ ශ්‍රී ලංකාව වෙනවා නිසැකයි..
දැඩි අධිෂ්ඨානයෙන් දවසට එක අයහපත් දෙයක් ජිවිතයෙන් ඉවත් කරගමු..මේ මරණ රැල්ල අපේ ගෙදරින් නවත්තන්න පටන් ගමු..
ලෙඩ ගැන ආඩම්බර නොවී, ආඩම්බරයෙන් කියමු..
"අපිටනම් ඉහෙන් බහින ලෙඩක් නෑ"
දැඩි ආයාසයක් දැරුවත් බොන වතුර උගුරත් අහිතකර රසායනික සංයෝග වලින් පිරිලා නේද? ඉතින් ඔබ අතහරිනවද? නැහැ තවත් එක බලාපොරොත්තුවක් තියනවා..හැකි තරම් ඔබෙත් ආදරනීයයන්ගේත් ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි කරමු..Pure Earth Ceylon ආයතනය ඔබ සමග අත්වැල් බැදගන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව සමග ඔබට ලගාවිය නොහැකි මට්ටමේ ප්‍රතිශක්තිකරණ සුසංයෝගක් ඔබට ලගා කර දීමට සූදානම් වෙමින්..
නිරෝගී, ශක්තිමත්, ආකර්ෂණීය, සුවපත් මනසක් ඇති ශ්‍රී ලාංකිකයෙක් ලෙස 2021 නව වසර ආරම්භ කිරීමට Herb වෙතින් ගෙන එන Immunity pack භාවිතා කර ඔබේ ආදරනීයයන් හට සවිමත් හෙට දවසක් උරුම කර දෙන්න..
♻️ The Pure life Immunity powder - ආහාර රසකාරයක්, පානයක් ලෙස භාවිතා කල හැක.
Ingredients :-
Cinnamon, Cardamom, Clove Nutmeg, Mace, Ginger, Black pepper, Long pepper, King of bitters, Lemon grass, Bishop's w**d, Thymol (seeds), Holy basil, Ceylon basil, Coriander, Indian copper leaf, Vitex negundo, Malabar nut, Sathsanda, Flash bush, Snap ginger, Garlic, Turmeric, Sweet flag, Ceylon calumba root, cumin seeda, Renugreek, contains 42 local medicine and herbs.
These products are 100% Sri Lankan and manufactured to export standards.No added preservatives, artificial colouring or flavouring. You can buy this package from herbs.