සීත මීදුම්

සීත මීදුම් ජීවිතය වෙනස්ම විදියකට...❤

“ඔයා මේ දේවල් වලට සූදානම් නැතිනම් රට යන්න එපා”රට යන එක දැන් ගොඩක් දෙනෙක් ගේ හීනයක්. හැබැයි මේ රට යන එක, Flight Ticket එක...
25/12/2025

“ඔයා මේ දේවල් වලට සූදානම් නැතිනම් රට යන්න එපා”

රට යන එක දැන් ගොඩක් දෙනෙක් ගේ හීනයක්. හැබැයි මේ රට යන එක, Flight Ticket එකේ photo එකක්, Flight එක ඇතුළේ photo එකක් Facebook දාලා ගන්න සතුටට වඩා ගොඩක් ගැඹුරට හිතන්න ඕනි දෙයක්. කොහේ හරි රටකට ගිහින් ඒ රටේ job එකක් කරන එක හෝ settle වෙන්න හිතන එක සම්පූර්ණ මානසික වෙනසක්.

ඉතින් ඔයත් රට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා හිතලා බලන්න මේ දේවල් වලට ඔයා ලෑස්තියි ද කියලා. මේ දේවල් කියන්නේ ඔයාව රට යන එක ගැන අධෛර්යමත් කරන්න නෙවෙයි. ඒත් මේ ඇත්ත දැනගෙන යන එකෙන් ඔයාට ඒකට මනස සූදානම් කරගන්න පුළුවන්. එතකොට රට ගියාට පස්සේ ඔයාව ශොක් වෙන එක අඩු වෙනවා.

1️⃣ තනිකමට මුහුණදෙන්න සූදානම්ද?

රට යන ගොඩක් දෙනෙක්ට යන්න වෙන්නේ තමන්ගේ පවුලේ අයව ලංකාවේ දාලා. ඉතින් පවුලේ අය ළඟ ඉන්නකොට තමන්ට ලැබෙන මානසික සැනසීමත් එයාපෝට් එකෙන්ම දාලා යන්න වෙනවා. ඔයා ගැන හොයන්න කවුරුත් නැති වෙනවා. කෑවද බිව්වද කියලා හොයන්න, අසනීපයක් වුණාම ළඟින් ඉන්න කෙනෙක් ඔයාට නැති වෙනවා. ඉතින් මේ දේවල් වලට තනියම මුහුණ දෙන්නම වෙනවා.

2️⃣ භාෂාව වෙනස් වීමට මුහුණ දෙන්න සූදානම්ද?

"ඕක නම් ඉංග්‍රීසි චුට්ටක් කතා කරලා ගොඩ දාගන්න පුළුවන්" කියලා හිතන්න එපා. බොහොමයක් රටවල office, රජයේ දේවල්, සාමාන්‍ය ජීවිතේදි, ඉංග්‍රීසි භාවිතා වෙන්නේ අඩුවෙන්. ඒ නිසා අනිවාර්‍ය්‍යෙන්ම ඒ රටේ භාෂාව කතා කරන්න පුරුදු වෙන්නම වෙනවා. ඉංග්‍රීසි කතා කරන රටකට ගියත්, එයාලගේ උච්චාරණ විලාසය අල්ලගන්න පවා කාලයක් යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙනසට ඔයා මුහුණ දෙන්නම වෙනවා.

3️⃣ Ego එක පැත්තකින් තියන්න පුළුවන්ද?

"මම ලංකාවෙදි Engineer, Doctor, Manager, Lawyer, Nurse" කියලා අපි හදාගෙන ඉන්න සමාජ තත්ව ඔක්කොම වෙන රටකදි අපිට අතාරින්න වෙනවා. මෙහේදි අපි හැමෝම විදේශිකයෝ. ඒ වගේම ගොඩක් දුරට ජොබ් එක මත සමාජ තත්වය තීරණය වෙන්නේ අඩුවෙන්. ඉතින් ඒ නිසා තමන්ගේ මහන්තත්තකම් ලංකාවෙම දාලා එන්න වෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් "ජොබ් එක ඉස්සරහට දාගෙන ලංකාවේ වගේ රඟන්න නම් බෑ".

4️⃣ නීති අනුගමනය කරන්න ඉවසීමක් තියෙනවද?

ඒ ඒ රටවලට ආවේණික වුණ නීති රීති අනුගමනය කරන්න තරම් ඉවසීමක් ඔයාට තියෙන්න ඕනි. කෙළින්ම ඔෆිස් වලට ගිහින් වැඩ කරගන්නේ නැතුව appointment වලට විතරක් වැඩ කරගන්න වෙන වෙලාවල් තියෙනවා. පෝලිමේ ඉන්න වෙන තැන් වල පෝලිම් පනින්න ඇඳුරුම්කම් වලට shortcut වලින් වැඩේ ගොඩ දාගන්න වගේ වැඩ මේ රටවල් වල කරන්න අමාරුයි. කොටින්ම වාහන එකක් වත් පාරේ නැතත් පාර පනින්න කොළ එළිය පත්තු වෙනකංම ඉන්න වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ තරම් ඉවසීමක් අපිට තියෙන්න වෙනවා.

5️⃣ Work-life එකේ පීඩනය දරාගන්න පුළුවන් ද?

ගොඩක් වෙලාවට 'අයිස් ගහන්න' පුළුවන් ජොබ් ලැබෙන්නේ නෑ. වැඩ නම් වැඩම තමයි. තේ එකක් බොන්න ගිහින් කයිය ගහන්න, වැඩ කරන අය එක්ක පොඩි පොඩි චැට් දාන්න ලැබෙන අවස්ථා හරිම සීමිතයි. භාෂාව හරියට බැරිනම් රැකියාවෙදි මිතුරන් හදාගන්න එක පවා අමාරු වෙන්න පුළුවන්.

6️⃣ කාළගුණ වෙනස් වීම් වලට මුහුණ දෙන්න පුළුවන්ද?

සමහර රටවල winter එකට හිම වැටෙනවා. එළියේ වැඩ කරන අයට, පාන්දර වැඩට යන අයට සීතලත් එක්ක මේ දේවල් දරාගන්න පුළුවන් ද කියලා හිතන්න වෙනවා. ඒ වගේම ගොඩාක් කලින් ඉර බහිනවා. ඉක්මනට කළුවර වෙනවා. එතකොට නවාතැනට යන්න වෙන්නේ ගොඩාක් රෑ වෙලා. සමහර රටවල් සමර් එකට ගොඩාක් රස්නෙයි. රස්නේ තැම්බෙන එකට මුහුණ දෙන්න පුළුවන් ද කියලා හිතන්න ඕනි. ඒ රස්නේ එළියේ වැඩ කරන්න වුණොත්? ඉතින් මේ දේවල් වලට මුහුණ දෙන්නම වෙනවා.

7️⃣ අනිත් අය එක්ක සංසන්දනය කරලා බලන එක නතර කරන්න පුළුවන්ද?

රට එන එක එක පුද්ගලයන්ගේ අරමුණු වෙනස්. ඉතින් සමහරු එන්නෙම සම්පූර්ණ මුදලම ලංකාවට යවන්න බලාගෙන. සමහරු එන්නේ ඒ රටේ settle වෙන්න බලාගෙන. ඉතින් ඒ නිසා අරයා ගෙයක් ගත්තා, අරයා කාර් එකක් ගත්තා, එයා PR ගත්තා, එයා දැන් සිටිසන් වගේ අනිත් කෙනා එක්ක තමන්ව සංසන්ධනය කරන එක නතරකරගන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම නැති වුණොත් තමන් රට එන එකේ අරමුණට තමන්ට යන්න බැරි වෙනවා. ඒ නිසා ඒ සංසන්ධනය කිරීමත් පැත්තකින් තියන්න ඔයාට පුළුවන් වෙන්න ඕනි.

8️⃣ අම්මා තාත්තා, නෑදෑයොන්ගෙන් වෙන් වෙලා ඉන්න එක දරාගන්න පුළුවන්ද?

අම්මලා තාත්තලා දවසින් දවස වයසට යනවා. හදිස්සියේ එයාලා අසනීප වුණත් ඔයාට ඉක්මනට යන්න බෑ. ළඟ ඉන්න යන්න බෑ. ඉතින් එයාලා වයසට යන කාලේ එයාලා එක්ක ඉන්න වෙන්නේ නැති වෙන එකට ඔයා ලෑස්තිද කියලා හිතන්න ඕනි.
නෑදෑයොන්ගේ දේවල් වලට ඔයාට කලින් වගේ ලේසියෙන් සහභාගි වෙන්න බෑ. මගුලකට මළගෙදරකට දානෙකට ඔයාට ලේසියෙන් යන්න බෑ. ආපහු ලංකාවට යන්න ලොකු මුදලක් යනවා. ඒ නිසා ඒක දරාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනි.

9️⃣ දිගුකාලීන සැලසුම් වලට ඔයාට ඉවසීම තියෙනවද?

සාමාන්‍යයෙන් රට එන අපි හැමෝගෙම පළවෙනි අවුරුද්ද ලේසි නැහැ. කොච්චර ලොකු පඩියක ජොබ් එකකට ආවත් මුල් කාලේ settle වෙන්න ලොකු කට්ටක් කන්න වෙනවා. ඒ නිසා ඒ කට්ට කාගෙන දිගුකාලීන සැලසුම් හදන්න තරම් ඉවසීමක් ඔයාට තියෙන්න ඕනි. මුල් කාලේ කට්ට නිසා 'මේක නම් හරියන්නෑ' කියලා දාලා යන්න හිතෙන තරම් ඔයාගේ ඉවසීම අඩුයි නම් රට එන එක ගැන ඔයා දෙසැරයක් හිතන්න වෙනවා.

🔟 ඔයාටම කියලා අලුත් අනන්‍යතාවක් හදාගන්න ලෑස්තිද?

ඒ ඒ රටවලට ආවේණික සංස්කෘතික වෙනස්වීම් වලට ඔයා ලෑස්ති වෙන්න ඕනි. ජර්මනිය වගේ රටක නම් ඉරිදට සද්ද බද්ද කරන්නේ නැතුව ඉන්න එක, පල්ලියේ සද්ද ඇහෙන එක, ඉස්ලාම් ආගම අදහන රටක නම් ඒ ආගමේ ආගමික පාඨ නිතර ඇහෙන එක, වගේ දේවල් දරාගන්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම ඒ ඒ රටවල් වල උච්ඡාරණය හරියට අවබෝධ කරගෙන ඒකට හැඩගැහෙන්න ඕනි. තමන් ඒ ඒ රටට අනුගත වෙලා තමන්ගේ අනන්‍යතාවක් හදාගන්න ඕනි. මේ දේටත් ඔයා සුදානම් වෙන්න ඕනි. එහෙම ඒ රටට අනුගත වුණොත් තමයි ඔයාට ඒ රටේ ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්නේ.

+ ඉතින්… එතකොට ඔයා වෙන රටකට නොයා ඉන්න ඕනිද?
- නෑ.

👉 මේ දේවල් වලට සූදානම් අයට පිටරට ජීවිතේ කියන්නේ අභියෝගාත්මක හොඳ වෙනසක්.
👉 මේ දේවල් වලට සූදානම් නැති අයට පිටරට ජීවිතේ කියන්නේ ජීවිතේ මහ කට්ටක්.

රට යන එක සුදුසු කාටද?

✅ තමන්ගේ Comfort zone එකෙන් එළියට ඇවිත් ගොඩනැගෙන්න කැමති අයට

✅ ඉගෙනගැනීමේ මානසිකත්වයක් තියෙන අයට

✅ තනියම තමන්ගේ දේවල් ගොඩනගාගන්න හැකියාව තියෙන අයට

ඉතින් ඔයත් රට යන්න හිතනවා නම් ඒක හීනයක් කියලා හිතලා යනවට වඩා, ඒක reality එකත් එක්ක mix වුණ අභියෝගයක් කියලා දැනගෙන යන්න.

~ රන්දුනු
දෙසැම්බර් 24, 2025

ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය එකට ජීවත් වන අතරතුර එකිනෙකාගෙන් ඈත් වන බව හරියටම දැන ගන්නේ කොහොමද?  ඔබේ සහකරු හෝ සහකාරිය ඔබෙන්...
20/12/2025

ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය එකට ජීවත් වන අතරතුර එකිනෙකාගෙන් ඈත් වන බව හරියටම දැන ගන්නේ කොහොමද? ඔබේ සහකරු හෝ සහකාරිය ඔබෙන් ඈත් වීමට කලින් අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගන්නේ කෙසේද?
ඒවාට නිසි ක්‍රියාමාර්ග අරගෙන ඔබ දෙදෙනාගේ සමීපත්වය නැවත ගොඩනඟා ගන්නේ කෙසේද යන්න පිලිබදව අද සාකච්චා කරමු.

1️⃣ ඔබ දෙදෙනා අතර ආදරණිය හැගීම්බර කතා බහ අවම වීම.

ගෙදර දොරේ වැඩ, ආර්ථිකය ගැන හෝ යුතුකම් වගකිම් ගැන පමණක් කතා කරයිනම් සහ දෙදෙනාගේ හැඟීම්, අනාගත සිහින හෝ දෙදෙනාගේ බැදීම් ශක්තිමත් කර ගැනීම කතා බහ අවම වන්නේ නම් ඔබ දෙදෙනා ඈත් වීමේ ලක්ෂණ පහල වි ඇත.

2️⃣ දෙදෙනා එකම වහලක් යට එකම කාමරයක එකට සිටින මොහොතක වුවද තනිකමක් දැනීම.

ඔබ එකම කාමරයේ වාඩි වී සිටියත් මානසික වශයෙන් ඔබ දෙදෙනා අතර ශක්තිමත් සම්බන්ධයක් නොමැති බවක් දැනේ.

3️⃣ ආදරය අවම ලෙස ප්‍රකාශ වීම.

සිප වැළඳගැනීම්, ආදරණීය ස්පර්ශයන්, ප්‍රශංසා කිරීම්, අගය කිරීම් අවම වීම. මේ වගේ දේවල් නොකර සිටීමට වෙලාවක් නහැ, කාර්‍ය බහුලයි, දරුවන් හෝ දෙමාපියන් සිටින් නිසා නිදහසක් නැහැ වගේ නිදහසට කරුණු සෙවීමත් දෙදෙනා අතර දුරස්ථබාවය ඇති කරවන සං‍ඥාදකි.

4️⃣ කෝප ගැනීම හෝ ඉවසීම අඩු වීම

ඔබේ සහකරු හෝ සහකාරිය කරන කුඩා දේවල් වලට පවා පෙරට වඩා කේන්ති ගැනීම හෝ ඉවසීමෙන් තොරව කටයුතු කිරීම.
5️⃣ කතා බහෙන් වැළකී සිටීම හෝ මග හැර සිටීම

කතා බහ කිරීම, ලං වී සිටීමට හෝ එකට කාලය ගත කිරීමට වඩා දුරකථනය/රූපවාහිනිය/රැකියාවට හෝ වෙනත් පාර්ශවයල් වෙත අවධානය යොමු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවානම්, කතා බහෙන් වැලකී ඉන්නවනම්, සමීප වෙලා ඉන්න වැඩි කැමත්තක් දක්වන්නෙ නැත්නම් ඔබ දෙදෙනා අතර දුරස්ථබාවය වැඩි වන බවට ලකුණු පහල වී ඇත.

6️⃣ එකිනෙකා ගැන සොයා බැලීම අවම වීම.

සහකරුගේ හෝ සහකාරියගේ දවස කොහොමද, සැප දුක් කොහොමද, ඕනෑ එපා කම් මොනවද, ප්‍රශ්න මොනවද කියලා වැඩිය කතා බහක් නැත්නම් හෝ ලබා දෙන පිළිතුරු ගැන සැලකිලිමත් වීම අවමනම් දෙදෙනා දුරස්ථ වීමේ ලකුණු පහල වී ඇත.

7️⃣ සංසන්දනය වැඩි වීම

ඔබ, ඔබ දන්නා හදුනන අය සමඟ ඔබේ සහකරු හෝ සහකාරිය සමග පවත්වන සම්බන්ධතාවය/ ජීවිතය සංසන්දනය කරන විට අතෘප්තිමත් බවක් දැනෙනවා නම් ඔබ දෙදෙනා අතර දුරස්තබාවය වර්ධනය දෙන ලකුණු පහල වී ඇත.

🔆 මෙලෙස දෙදෙනෙක් අතර දුරස්තබාවය වර්ධනය වීම නවතා සමීපත්වය නැවත ගොඩනඟා ගන්න කල යුත්තේ කුමක්ද?

🟨 අවංකව මෘදු ලෙස එකිනෙකා අතර සන්නිවේදනය පවත්වා ගන්න.

අනෙකාට දොස් පැවරීම වෙනුවට, "මට තේරෙනවා, ඒත් අපි මෙහෙම කරමු" වගේ ප්‍රකාශ භාවිතා කරන්න

❌ "ඔයා කවදාවත් මාව ගණන් ගන්නේ නැහැ."

වගේ ප්‍රකාශ කරන්න එපා.

✅ "මට අපි දෙන්නා ඇත් වෙලා වගේ දැනෙනවා, මට අපිව මග හැරෙනවා වගේ දැනෙනවා"

වගේ මෘදු ගැඹුරු ප්‍රකාශ වලින් සංවාද ආරම්භ කරන්න.

🟨 සමීපත්වය, ආදරය සෙනෙහස ගොඩ නගා ගන්න කෙසේ හෝ කාලය වෙන් කරන්න

ඒ සදහා දවසේ කෙටියෙන් වෙලාවක් වුනත් කම් නැත.
අවශ්‍ය වන්නේ ඒ කෙටි වෙලාව තුල දෙදෙනා අතර මානසික සමීප බව ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමයි.
දුරකථනය පැත්තකින් තියලා එකට එක මේසේ ඉදගෙන ආහාර වේලක් ගන්න, දෙදෙනා එක්ව උද්‍යානයක, ගෙවත්තේ හෝ ලස්සන පාරක දෑත් අල්ලාගෙන ටිකක් ඇවිදින්න යන්න, සතිපතා හෝ දෙදෙනාගේ ගැටලු නිරාකරණය කරගන්න කාලය වෙන් කරගන්න. එය පිටතින් රාත්‍රි ආහාර වේලක් ගන්නා අතර තුර හෝ නිවසේම බැල්කනියට වී විවේකයෙන් ඉන්නා මොහොතක හෝ බිරිද සමග එක් වී ආහාර වේලක් සකසන අතර තුර හෝ සිදු කරන්න.

🟨 එකිනෙකා නැවත නැවතත් අවබෝධ කරගන්නට විවෘත කතා බහ සිදු කරන්න.

"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ? ඒ වෙනුවෙන් මට කරන්න පුලුවන් මොනවද?"

" මගේ ආදරය ඔයාට දැනෙනවද?"

" මං අදිනවට පලදිනවට කැමති මොන විදියටද?"

" අද රාත්‍රියෙ මං ඉන්න ඕනෙ කොහොමද ඔයා එක්ක?"

වගේ සංවාද ඔබ දෙදෙනා අතර මනා සම්බන්ධතාවක් ගොඩ නගන අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් කරයො.

🟨 මත ගැටුම් ඉක්මනින් සමථයකට පත් කරගන්න උත්සහ ගන්න.

අමනාපකම් වර්ධනය වීමට ඉඩ නොදෙන්න.

ඔබ යම් ප්‍රමාණයකින් හෝ වැරදි වුවත් සමාව ඉල්ලන්න පුරුදු වෙන්න.

මත ගැටුම් වලින් ජයග්‍රහණය කිරීමට නොව, ඒවා අවබෝධ කරගෙන ඒවා සාමකාමීව සමථයකට පත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

🟨 ආදරය/ සෙනෙහස වර්ධනය වෙන කුඩා දේවල් දෙදෙනා අතරට ගෙන එන්න.

සහකරු හෝ සහකාරිය නිවසින් පිටව යාමට පෙර වැළඳ ගැනීම, වැඩ කරන අතර තුර කාරුණික ආදරණීය පණිවිඩයක් එස් එම් එස් එකක් හෝ වට්සැප් පණිවුඩයක් ලෙස හෝ ඔහුට හෝ ඇයට යවන්න.

" ඔබට ස්තූතියි, අද කෑම එකනම් හඑඉම රසයි, ඔයාට මහන්සිද? මං ඔයා එනකන් බලන් ඉන්නවා, අද රෑට අපි මේවා කමුද?, ඔයා කන්න කැමති මොනවද?, ඔයාට මොනවද ගේන්න ඕනේ "
වගේ කාරුණික වදන් ඔබ සිතනවාට වඩා හොද යහපත් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට හේතු වේවි.

🟨 එකිනෙකාගේ රැකියාවන්ට, ව්‍යාපාර වලට, හෝ හැකියාවන්ට උපරිමයෙන් සහාය වන්න

දෙදෙනා එකිනෙකා පරයා යාමට තරඟ කිරීම හෝ විවේචනය කිරීම වෙනුවට එකිනෙකාගෙ ඉලක්ක දිරිමත් කරන්න අවංකව කැප වෙන්න. එකිනෙකා ලබා ගැනීමට උත්සහ කරන ජයග්‍රහණ තම තමන්ගේ ඒවා ලෙස නොව අපේ ඒවා ලෙස සිතා කටයුතු කරන්න.

🟨 හොදින් සවන් දෙන්න, මානසික වශයෙන් ඔහු හෝ ඇය ගැන සැලකිලිමත් වන්න.

කෙනෙක් කතා කරද්දි එයට බාධා නොකර හෝ විනිශ්චය නොකර හොදින් සවන් දෙන්න. ඔබේ අවස්තාව ආ පසු එය විවාදයක් බවට පත් කර නොගෙන සන්සුන්ව කතා බහ කරන්න. මානසික වශයෙන් ඔහුට හෝ ඇයට සමීප වීමට උත්සහ ගන්න.

🟨 පුද්ගලිකත්වය ආරක්ශා කර ගන්න.

දරුවන්ගෙන්, දෙමාපියන්ගෙන් මොහොතකට හෝ වෙන් වී දෙදෙනාට නිදහසෙ සිටීමට කාලයක් හා ස්ථානයක් වෙන් කරගන්න උත්සහ කරන්න.

🟨 දෙදෙනාට තනිව බේරා ගත නොහැකි ගැටලුවක් ඇත්නම් තෙවන පාර්ශවයකගේ උදව් ලබා ගන්න.

සමහර අඹුසැමි යුවලවල් අතර මානසික ගැටලු, ලිංගික ගැටලු හෝ දෙදෙනාගෙ පවුල් වලින් ඇති කරන ගැටලු තිබෙන්නට පුලුවන්. ලිංගික හෝ මානසික ගැටලු විසදා ගැනීම සදහා අවශ්‍යනම් නොබියව ඒ සදහා සුදුසු වෛද්‍ය වරු හෝ මනෝ උපදේශකවරු හමු වන්න.
පවුල් වලින් ඇති කරන ගැටලු වලට සාර්තකව මූණ දෙන ආකාරය ගැන කලින් ලිපි පල කර ඇත.
ඒවා කියවන්න.

එකිනෙකාගෙන් දුරස් වීම යනු දෙදෙනා අතර ආදරය නැති වී ඇති බවක් අදහස් නොවේ.
බොහෝ විට එයින් අදහස් වන්නේ ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයට දෙදෙනාගෙම අවධානය අවශ්‍ය බවයි.

වෙන්වීමට උත්සහ ගැනීම වෙනුවට නැවත එක් වීමට වරක් හෝ උත්සහ කර බලන්න.

✍️ Janaka Herath
Positive thinking-ධනාත්මකව සිතමු by Janaka Herath

🔥🔥🔥ගින්දර එක්ක සෙල්ලම් කරනකොට සිහිපත් කරන්න පිච්චෙන බව🔥🔥🔥🔥සත්‍යය දකින්න උත්සහා කරන තරමට සිත මහත් ප්‍රථිඵල ගෙන දෙයි මා මි...
18/12/2025

🔥🔥🔥ගින්දර එක්ක සෙල්ලම් කරනකොට සිහිපත් කරන්න පිච්චෙන බව🔥🔥🔥

🔥සත්‍යය දකින්න උත්සහා කරන තරමට සිත මහත් ප්‍රථිඵල ගෙන දෙයි මා මිතුරු මිතුරියගේ විශේෂ දැන ගැනීම පිණිසයිි🔥

☠️☠️☠️මල්ලි, මගේ සල්ලි වගයක් ඔයාගේ එකවුන්ට් එකට දාන්නද? ඔයාට 5000ක් දෙන්නම්." 🤑 මේකට 'හා' කිව්වොත් ඔයා යන්නේ හිරේ! (Money Mule Scam)

ෆේස්බුක් එකෙන් අඳුරගත්ත කෙනෙක්, යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ඔයාට මෙහෙම යෝජනාවක් ගේනවද? "මචං, මට රට ඉඳන් සල්ලි වගයක් එනවා. මගේ එකවුන්ට් එකේ ලිමිට් පැනලා / මට බැංකුවට යන්න බෑ. ඔයාගේ එකවුන්ට් නම්බර් එක දෙන්නකෝ සල්ලි ටික දාගන්න. සල්ලි ආවම මට Cash අරන් දෙන්න. ඔයාට රු. 5000ක් තියාගන්න."

නිකන් ඉඳලා රු. 5000ක් හම්බෙන නිසා ඔයා එක පයින් කැමති වෙනවා. 🛑 පරිස්සම් වෙන්න! ඔයා මේ අහුවුණේ "Money Mule" (මනි මියුල්) කියන භයානක උගුලට.

ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? 👇

🕵️‍♂️ 1. සල්ලි එන්නේ කොහෙන්ද? ඒ ඔයාගේ එකවුන්ට් එකට එන සල්ලි, ඒ යාළුවා හම්බ කරපු සල්ලි නෙවෙයි. ඒවා:

කුඩු විකුණලා ගත්ත සල්ලි (Drug Money).

වෙන කෙනෙක්ගේ එකවුන්ට් එකක් හැක් කරලා හොරකම් කරපු සල්ලි.

ඔන්ලයින් වංචාවකින් ගත්ත සල්ලි.

ජාවාරම්කාරයෝ කවදාවත් එයාලගේ එකවුන්ට් වලට කෙලින්ම මේ සල්ලි ගන්නේ නෑ. එයාලා කරන්නේ ඔයා වගේ අහිංසක අයගේ එකවුන්ට් හරහා මේ කළු සල්ලි සුද්ද කරන එක (Money Laundering).

⚖️ 2. නීතියෙන් ඔයාට මොකද වෙන්නේ? පොලීසිය හෝ CID එක පරීක්ෂණ පටන් ගන්නේ සල්ලි ගියපු පාර (Money Trail) දිගේ. ඒ පාර නවතින්නේ ඔයාගේ එකවුන්ට් එකෙන්. ජාවාරම්කාරයා සල්ලිත් අරන් මාරු වෙලා ඉවරයි. පොලීසිය ඇවිත් කුදලන් යන්නේ ඔයාව.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව මෙය ඉතා බරපතල වැරැද්දක්:

2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (Prevention of Money Laundering Act):

නීතිවිරෝධී මුදල් හුවමාරුවට තමන්ගේ ගිණුම ලබා දීම, ඊට ආධාර අනුබල දීම යටතේ ඔබ වරදකරු වෙනවා.

මෙය ඇප ලබා ගත නොහැකි (Non-bailable) වරදක් විය හැක. ඒ කියන්නේ පරීක්ෂණ ඉවර වෙනකම් මාස ගාණක් රිමාන්ඩ් එකේ ඉන්න වෙනවා.

ඔබේ සහ පවුලේ සියලු දේපළ, බැංකු ගිණුම් තහනම් (Freeze) කරන්න පුළුවන්.

👮‍♂️ 3. "මම දැනගෙන හිටියේ නෑනේ" කියන්න බැරිද? බැහැ! නීතියේ හැටියට "නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ" (Ignorance of the law is no excuse). තමන්ගේ බැංකු ගිණුමට එන මුදල් වල වගකීම ගිණුම් හිමියා සතුයි. ඔයාට ඔප්පු කරන්න බෑ ඔයා මේකට සම්බන්ධ නෑ කියලා, මොකද සල්ලි ආවේ ඔයාගේ නමට.

💡 Life Essential Tip: ඔබේ බැංකු ගිණුම කියන්නේ ඔබේ දත් බුරුසුව වගේ දෙයක්. ඒක තමන්ගේ පාවිච්චියට විතරක් තියාගන්න.

කවුරු හරි "එකවුන්ට් එක දෙන්න, කොමිස් එකක් දෙන්නම්" කිව්වොත් එක හෙළාම බෑ කියන්න.

රුපියල් 5,000 කට ආසාවෙන් ඔබේ මුළු අනාගතයම අඳුරේ දාගන්න එපා.

මේ ගැන නොදන්න යාළුවෙක්ව බේරගන්න මේ පෝස්ට් එක Share කරන්න.

Life Essentials by Yash*tha - මුදල් පරිහරණය සහ ආරක්ෂාව.

අලුයම 3 සිට 5 දක්වා ඔබේ දිවිය උඩු යටිකුරු කරවන විශ්වීය රහසබොහෝ දෙනෙකුට අලුයම 3 සිට 5 දක්වා කාලය යනු තද නින්දේ පසුවන සාමා...
14/12/2025

අලුයම 3 සිට 5 දක්වා ඔබේ දිවිය උඩු යටිකුරු කරවන විශ්වීය රහස

බොහෝ දෙනෙකුට අලුයම 3 සිට 5 දක්වා කාලය යනු තද නින්දේ පසුවන සාමාන්‍ය රාත්‍රී කාලයක් පමණක් වුවද, පෞරාණික ප්‍රඥාවට හා ආධ්‍යාත්මික විද්‍යාවට අනුව මෙය දවසේ පවතින අතිශය බලගතුම කාල පරාසයයි. මෙම කාලය සාමාන්‍ය නින්දකට යට කර දමනවාට වඩා, එය ඔබේ ආත්මීය පිබිදීම සහ ලෞකික ජයග්‍රහණ වෙනුවෙන් ආයෝජනය කළ හැකි රන්වන් අවස්ථාවකි. මෙම නිශ්ශබ්ද හෝරා දෙක තුළ ඔබේ මනස, ශරීරය සහ විශ්වය අතර පවතින්නේ පුදුමාකාර සම්බන්ධතාවයකි. මුළු ලෝකයම නිහඬව පවතින විට අවදි වී සිටීමෙන් ඔබට ඔබේ අභ්‍යන්තර හඬට සවන් දීමටත්, දවස සාර්ථක කර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනඟා ගැනීමටත් හැකි වේ.

මෙම සුවිශේෂී කාල පරාසය ආයුර්වේදය සහ යෝග දර්ශනය තුළ හඳුන්වනු ලබන්නේ බ්‍රහ්ම මුහුර්තය ලෙසයි. මෙය සරලව අර්ථකථනය කරන්නේ නම් "නිර්මාපකයාගේ හෝරාව" ලෙස හැඳින්විය හැකිය. තාක්ෂණිකව ගත් කල හිරු උදාවීමට පැය 1යි විනාඩි 36කට පෙර ආරම්භ වී හිරු උදාවට විනාඩි 48කට පෙර අවසන් වන මෙම කාලය දළ වශයෙන් අලුයම 3:30 සිට 5:30 දක්වා පවතී. මෙම කාලය තුළ පරිසරයේ සහ විශ්වයේ පවතින ශක්තිය හෙවත් ප්‍රාණ ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එම ශක්තිය උරා ගැනීමට මිනිස් මනසට සහ ශරීරයට ඇත්තේ ඉහළ හැකියාවකි. ඔබේ මනස දවස පුරා පවතින කලබලකාරී ස්වභාවයෙන් මිදී ඉතාමත්ම පිරිසිදු, නිශ්චල සහ ධාරණ ශක්තියෙන් ඉහළ මට්ටමකට පත්වන්නේ මෙම යාමයේදීය.

විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව බලන විට මෙම කාලයේදී අපගේ මනස මනෝභාව හෙවත් උපවිඥානය සමඟ ඉතා සමීපව කටයුතු කරයි. දිවා කාලයේදී අපගේ මොළය තර්කානුකූලව සහ වේගවත්ව ක්‍රියා කළද, අලුයම අවදි වන විට මොළය පවතින්නේ ගැඹුරු ඉහිල් තත්ත්වයකයි. මෙම තත්ත්වය තුළ ඔබ සිතන ඕනෑම සිතුවිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් ඉතා පහසුවෙන් ඔබේ යටි සිත තුළ තැන්පත් වේ. ඔබ ඔබේ ජීවිතයට සතුට, ධනය, නිරෝගීකම හෝ සාර්ථකත්වය අපේක්ෂා කරන්නේ නම්, එය දැනටමත් ලැබී ඇතැයි සිතින් මවා ගැනීමටත්, ඒ පිළිබඳව ධනාත්මක ආකල්ප ඇති කර ගැනීමටත් සුදුසුම කාලය මෙයයි. මෙම කාලයේදී ඇති කරගන්නා අරමුණු බීජයක් ලෙස යටි සිතේ රෝපණය වන අතර එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට විශ්වීය ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වීමට පටන් ගනී.

ඇතැම් විට ඔබට අනතුරු ඇඟවීමකින් තොරව අලුයම 3ට පමණ නින්දෙන් ඇහැරෙන අවස්ථා තිබිය හැකිය. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනා බියට පත්වීම හෝ නැවත බලෙන්ම නින්දට යාමට උත්සාහ කිරීම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් සත්‍ය වශයෙන්ම එය විශ්වය විසින් ඔබට ලබා දෙන පණිවිඩයක් විය හැකිය. එවැනි මොහොතක කලබල නොවී, ඔරලෝසුව දෙස නොබලා සන්සුන්ව සිටීම වැදගත්ය. මෙය නින්ද අහිමි වීමක් නොව, ඔබේ ආත්මය උසස් තලයකට පිවිසීමට සූදානම් බවට ලැබෙන සංඥාවකි. එවිට කළ යුත්තේ ඇඳේ පෙරළෙමින් සිටීම නොව, සෙමින් ඇඳෙන් නැගිට දෑස් පියාගෙන ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාසයක හෝ නිහඬ භාවනාවක නිරත වීමයි.

මෙම වටිනා කාලය ඵලදායීව භාවිතා කිරීමට නම් නිවැරදි දින චර්යාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. අවදි වූ වහාම ඇඳෙන් බැස මුහුණ කට සෝදා පිරිසිදු වීමෙන් නින්දේ අලස බව දුරු කර ගත හැකිය. ඉන්පසු ජලය වීදුරුවක් පානය කිරීමෙන් ශරීරය අභ්‍යන්තරව අවදි කර සජලනය කළ යුතුය. අනතුරුව ඔබට පුළුවන් විනාඩි කිහිපයක් භාවනා කිරීමට හෝ ඔබේ ආගමික වතාවත්වල නිරත වීමට. පරිසරයේ ඇති නිශ්ශබ්දතාවය නිසා ඔබේ සිත ඉක්මනින් සමාධිගත කර ගැනීමට හැකි වන අතර සිතුවිලි පාලනය කිරීම පහසු වේ. ඉන්පසුව දවස සැලසුම් කිරීම, කෘතඥතා පූර්වක වීම සහ ජීවිතයේ ඔබට ලැබී ඇති දේවල් ගැන සතුටු වීම තුළින් දවස ඉතා ධනාත්මකව ආරම්භ කිරීමට හැකි වනු ඇත.

බ්‍රහ්ම මුහුර්තයේ අවදි වීම සාර්ථක කර ගැනීමට නම් ඊට පෙර දින රාත්‍රියේ සූදානම ඉතා වැදගත්ය. ඔබට අලුයම 4ට අවදි වීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම රාත්‍රී 9 පමණ වන විට නින්දට යා යුතුය. මන්ද ශරීරයට අවශ්‍ය පැය 7ක හෝ 8ක සුවපහසු නින්ද නොලැබුණහොත් මෙම පුරුද්ද සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවිනි. නින්දට යාමට පැයකට පමණ පෙර ජංගම දුරකථන සහ රූපවාහිනී තිරවලින් ඈත් වීම, සැහැල්ලු පොතක් කියවීම හෝ සන්සුන් සංගීතයකට සවන් දීම මගින් ගැඹුරු නින්දක් ලබා ගත හැකිය. මුලදී මෙම වේලාවට අවදි වීම අපහසු විය හැකි නමුත්, දින 21ක් පුරා එක දිගට මෙම පුරුද්ද පවත්වාගෙන ගියහොත් එය ඔබේ ජීවන රටාවේම කොටසක් බවට පත්වනු ඇත. මෙම වෙනස තුළින් ඔබට පෙර නොවූ විරූ මානසික පැහැදිලිකමක්, ශක්තියක් සහ ජීවිතය ජය ගැනීමේ විශ්වාසයක් ගොඩනැගෙනු ඇත.
උපුටාගැනීමකි.

මේ තාත්තා කියන කතාව බලන්න.රටක් වටින අව්‍යාජ පුදුම සුන්දර මනුස්සයෙක් 🫂" අපි දැන් ඔලුව ඉස්සුවා චුට්ටක්. තාවකාලික කාමරයක් ක...
12/12/2025

මේ තාත්තා කියන කතාව බලන්න.රටක් වටින අව්‍යාජ පුදුම සුන්දර මනුස්සයෙක් 🫂

" අපි දැන් ඔලුව ඉස්සුවා චුට්ටක්. තාවකාලික කාමරයක් කුස්සියක් හදාගෙන දැන් උයාගෙන කන වා. අපි දැන් නැගිටන්න හදන්නේ කුඹුරු කරලා. අපේ ආදායම එතනනේ තියෙන්නේ. මොහොතක්වත් බලන් ඉන්නේ නෑ අපි වැඩ කරනවා. කවුරුත් කරපු දෙයක් නෙවෙයිනේ ඉතින් මේක සොබාදහමේ ද ඩුවමක් "

නියම වලව් පැලැන්තියේ මිනිස්සු. කටක් ඇරලා කියන්න පුලුවන් " මැඩම් " කියලා 👏 දීර්ඝායුෂ
09/12/2025

නියම වලව් පැලැන්තියේ මිනිස්සු. කටක් ඇරලා කියන්න පුලුවන් " මැඩම් " කියලා 👏 දීර්ඝායුෂ

මේ දොස්තර මහත්තයගේ ගෙවල් කෑගල්ලේ රඹුක්කනලු. ගං වතුරට ගෙවල් සම්පූර්ණයෙන්ම යට වෙලා. කාර් එකත් ගන්නම දෙයක් නෑලු. ඒ දවස් ගා...
09/12/2025

මේ දොස්තර මහත්තයගේ ගෙවල් කෑගල්ලේ රඹුක්කනලු. ගං වතුරට ගෙවල් සම්පූර්ණයෙන්ම යට වෙලා. කාර් එකත් ගන්නම දෙයක් නෑලු. ඒ දවස් ගාණක් මේ දොස්තර මහත්තයා මහියංගනයේ මිනිස්සුන්ට බෙහෙත් දීලා. ඒ වෙලාවේ එතන හිටපු මනුස්සයෙක් මේ දොස්තර මහත්තයගෙන් අහලා. " ගෙදර යන්නේ නැද්ද " කියලා. දොස්තර කියලා. " හෙටත් මිනිස්සුන්ට බෙහෙත් දීලාම හවස බස් එකේ කෑගල්ලේ යනවා " කියලා.
මෙවන් උතුම් වෛද්‍යවරුන් තව තවත් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා 👏

09/12/2025

වතුර බොන්නේ පරිස්සමින්
පිරිසිදු වතුර පමණක් පානය කරන්න.
සතුන්ගේ මළ සිරුරු ඇතුලු විෂ රසායනික පවා ජලයට මිශ්‍රව ඇත.
(ක්ලෝරීන් දැමීම හෝ උණු කිරීම ද සාර්ථකයි කියන්න බෑ)

තාම ඉවර නෑ.....🥺
08/12/2025

තාම ඉවර නෑ.....🥺

08/12/2025

ආධාර / උපකාර සහ සහන ලැබීම් සම්බන්ධව ඔබේ අදහස කුමක්ද ?
***********
රටටම විතරක් නෙවෙයි ලෝකේටම පේන්න Share කරමු..!

05/12/2025

අහිංසක මිනිසුන්ගේ ආධාර හොරකම් කරන උන් භංග වේවා..!
භංග වේවා..!
(ශෙයා කරලා දායකවෙන්න හැමෝම)
🙏🙏🙏🙏🙏🙏

05/12/2025

🥺 Plz help: මම කඩුවෙල මවක්. අවුරුදු 8 ලමයෙකුට කලිසම් 2 ටීෂර්ට් 2 පුලුවන්නම් ලබා දෙන්න. හැකි නම් පමනක් ටවල් 1 සහ බෙඩ්ශීට් 1 ලබා දෙන්න 0779290235

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සීත මීදුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category