17/09/2025
👁ඇස් ලෙඩ එසේත් නැතිනම් රෝස පැහැති ඇස් ඉතා ඉක්මනින් බහුලව
පැතිරෙන රෝගී තත්වයකි .මෙය වෛද්‍ය විද්‍යාත්මකව අක්ෂි පටල ප්‍රදාහය (Conjunctivitis )
නමින් හදුන්වනවා .
◻️Conjunctivitis කියන්නේ ඇසේ සුදුපාට කොටස අවරණය වෙලා
තියෙන ඉතා තුනී පටලයක් ඒ වගේම ඇස ආවරනය කරන
ඇසිපිය ඇතුලතින්ද මෙම තුනී පටලය පිහිටලා තියෙනව .
♦️මෙම තුනී පටලය වෛරස් හෝ බැක්ටීරියා හේතුවෙන් ආසාදනයට ලක්වීම නිසා රෝස ඇස් ඇතිවෙනව .
මෙම අක්ෂි පටල ප්‍රදාහයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ
ඇස රතු -රෝස පැහැයට හැරීමයි.
එමනිසා මෙය රෝස ඇස් (pink eye ) නමින් හදුන්වනවා .
මෙහිදී ඇසට අතුළුවන වෛරසයට හෝ බැක්ටීරියාවට විරුද්ධව
ඇසෙහි ඇතිවන ප්‍රතික්‍රියා හෙවත් ප්‍රදාහ තත්වය නිසා
ඇසෙහි සුදු පැහැ කොටසේ ඇතුළතින් ඇති රුධිර නාලිකා
විස්තාරණය වන අතර එමගින් ඇස රතු -රෝස පැහැයකට
හැරෙනවා .
🔶ආරම්භයේදී ඇසක පමණක් මෙය දක්නට ලැබුනද,
පහසුවෙන්ම මෙය ඇස් දෙකටම බලපෑ හැකි .
මෙම අක්ෂි පටල ප්‍රදාහ තත්වයේ රෝග ලක්ෂණ
🔘අතර ඇසින් කදුළු ගැලීම (වෛරස් අසාධනවල ඇතිවේ )
🔘ඇසෙහි කදුළු ඇලෙන සුළු ස්වභාවයක් ගැනීම (බැක්ටීරියා අසාධන වලදී )
🔘ඇස කසන ස්වභාවයක් ගැනීම .
🔘ඇහි පිල්ලම ඉදිමුණු ස්වභාවයක් ගැනීම ඒ අතර වේ .
➡සාමානයෙන් ඇස් පෙනීමකට මෙයින් බාධාවක් නොවන අතර
පිරිසිදු රෙදි කැබැල්ලකින් උණුසුම් සම්පීඩනයක් යෙදීම .
➡කෘතීම කදුළු දැමීම මගින් මෙම රෝගී තත්වය මැඩ පවත්වා ගත හැක.
🔴නමුත් ඇස් රත් පැහැ වීමක් සමග ඇසෙහි දරුණු වේදනාවක් ,
ආලෝකයට අධික සංවේදීබවක් ,
ඇස් පෙනීමේ දුර්වලතාවයක් වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත්
අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය .
විශේෂයෙන් අලුත උපන් දරුවන්ගේ මෙසේ රෝස ඇස් ඇතිවුවහොත්
කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය .
රෝග නිවාරණය
👁නිසි සනීපාරක්ෂාව පවත්වා ගැනීම .
👁ඇස් නිතරම ඇගිලි තුඩුවලින් පිරිමැදීම වැලැකීම .
👁පිරිසිදු ඇද ඇතිරිලි, තුවා භාවිතා කිරීම.
👁පිහිනීමෙන් වැලකීම.
👁අක්ෂි කාච භාවිතා කරන්නේනම් රෝග ලක්ෂණ ඉවත්වනතුරු
ඒවායින් වැලැකීම .
👁Conjunctivitis දරුණු නම්, නිසි වෛද්‍ය උපදෙස් පරිදි
ප්‍රතිජීවක / ප්‍රතිවෛරස් අක්ෂි බිංදු නියමිත කාල සීමාව / මාත්‍රාව
අනුව අනුගමනය කිරීම .
මෙම රෝගී තත්වයන් ඔබට තිබේනම් දැන්ම
නෙත්රූ අයිකෙයා බොරලැස්ගමුව ශාඛාවෙන් ⬇️⬇️
👨⚕වෛද්‍ය හමුවක් වෙන්කරවා ගන්න .
🤙නෙත්රු අයි කෙයා | බොරලැස්ගමුව -0112 150 977