Helio Life Care

Helio Life Care Holistic health is a form of healing that looks at the whole person: body, mind, and spirit.

By considering human body as one harmonious system, we can achieve to the optimal health of person by balancing body, mind and spirit.

 #ආහාරපිරමිඩ         උඩු යටිකුරු වුන ආහාර පිරමිඩයවසර ගනනක් පුරා අප  විසින් රෝගීන්ට කියාදෙන ලද ආහාර රටාව, කුඩා කල සිට අප ...
08/01/2026

#ආහාරපිරමිඩ
උඩු යටිකුරු වුන ආහාර පිරමිඩය

වසර ගනනක් පුරා අප විසින් රෝගීන්ට කියාදෙන ලද ආහාර රටාව, කුඩා කල සිට අප ඉගෙන ගත් දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය. එනිසාම, සමහර රෝගීන් මෙන්ම අපට වඩා ඉහල මට්ටමින් සිටි සමහර වෛද්‍යවරුන් පවා එය පිළිගැනීමට අකමැති විය.

Commn site වල published නොවුන පර්‍යේෂණ දත්ත (research articles ) සහ අපි විසින්ම කාලයක් පුරුදු පුහුණු කරමින් ලබාගත් අත්දැකීම් ඇසුරෙන් අප වෙත පැමිණි රෝගීන්ට ලබාදුන් අහාර රටාව වෙනස් කිරීමේ උපදෙස් පිළිගත් සියලුම රෝගීන්, ඔවුන් එතෙක් භාවිතා කල ඖෂධ, අඩුකිරීම හෝ නැවැත්වීම දක්වා ප්‍රගතියක් ලබා ගත්හ.

ඔවුන් බලාපොරොත්තු නොවූ තරමටම ඔවුන්ගේ සෞඛ්‍යය මට්ටම හා ශරීර ශක්තිය ඉහල ගියේය .

එය සරළවම පිෂ්ටය සහිත ආහාර අවම කිරීම හා ස්වභාවික ආහාර පරිභෝජනය ඉහළ දැමීම හරහා පමණක් සිදුකළ ආහාර රටාවේ වෙනසක් විය.

කෙසේ වෙතත් මේ වන විට ඇමරිකාව මෙතෙක් කල් ප්‍රකාශයට පත්කර තිබූ ඔවුන්ගේ ආහාර ප්‍රතිපත්තිය සංශෝධනය කරමින්, මෙතෙක් කල් අප විසින් කියන ලද ආහාර රටාව නිවරදි බව පිළිගෙන ඇත.

ඔවුන් විසින් ප්‍රකාශ කරන ඔනෑම දෙයක්, විමංසා නුවණින් තොරව පිළිගන්නා උගතුන් බහුතරයක් සිටින අප වැනි රටකට මෙය ඉතාමත් වැදගත් තොරතුරකි.

මන්ද යත් ඔවුන්ට දැන්වත් අහිංසක මිනිසුන්ට නිවරදි දේ කියා දිය හැකිය.

මෙය හුදෙක් මෙවැන්නක් සිදුව ඇතිබව දැනුවත් කිරීම සදහා පල කරන අතර, මිනිසුන්ටද ලොකු රටකින් මෙය ප්‍රකාශ කල හෙයින්, මෙය පිළිනොපැදීමට හේතු වූ ඇගට පණනැති ගතිය, මුහුණ ඇදීගොස් කැතවන ගතිය, ශක්තිය මදි ගතිය වැනි අපහසුතා ඇති නොවනු ඇතැයි විශ්වාස කරමු.

ඍණාත්මක බවෙන් මිදෙන්න, තත්පර 17 නියමය පිළිපදින්නතත්පර 17 නියමය කියන්නේ මොකක්ද?මෙය ආකර්ෂණ නීතිය (Law of Attraction) නැමති...
06/01/2026

ඍණාත්මක බවෙන් මිදෙන්න, තත්පර 17 නියමය පිළිපදින්න

තත්පර 17 නියමය කියන්නේ මොකක්ද?

මෙය ආකර්ෂණ නීතිය (Law of Attraction) නැමති සංකල්පයකට අයත් අදහසකි .

👉 එකම සිතුවිල්ලක් තත්පර 17ක් දිගටම සිතනකොට,
එය ශක්තිමත් වෙන්න පටන් ගන්නවා.

👉 තවත් තත්පර 17ක්, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තත්පර 34ක් (17+17 = 34) එම සිතුවිල්ල තබාගත්තොත්,
එම වර්ගයේ තවත් එවැනිම සිතුවිලි හා හැඟීම් ආකර්ෂණය කරගන්නවා.

නෙගටිව් (ඍණාත්මක) සිතුවිලි වලට මෙය බලපාන්නේ කොහොමද?

ඍණාත්මක සිතුවිල්ලක් තත්පර 17ක් තබාගත්තොත්,

👉 තවත් එවැනිම ඍණාත්මක සිතුවිලි එයට එකතු වෙයි.
භීතිය, කනස්සල්ල, කෝපය, දුක වගේ හැඟීම් වැඩි වෙයි.

එම තත්ත්වය දිගටම තියෙනවා නම්,

👉 මනසට, හැසිරීමට, ශරීරයට උවද බලපාන්න පුළුවන්.

මෙය වැදගත් වෙන්නේ ඇයි?

ඍණාත්මක සිතුවිලි එකවරම අපට හානි කරන්නේ නැහැ.

👉 අපි ඒවා දිගටම පෝෂණය කළාමයි ඒවා ශක්තිමත් වෙන්නේ.

👉එයින් මිදීමේ ප්‍රධාන රහස වන්නේ,
තත්පර 17ට කලින් ඒ සිතුවිල්ල නවත්තන එක.

තත්පර 17ට කලින් ඍණාත්මක සිතුවිලි නවත්වන්නේ කොහොමද ?

අපිට හිතලා හෝ බලෙන් සිතිවිලි නවත්වන්න බැහැ. සිතිවිලි වල ස්වභාවය තමයි ඉබේම ඇතිවෙලා , නැතිවෙලා යන එක.
නමුත් අපි ඒවට දෙන වටිනාකම අඩුනම්, ඒවා නැවත නැවතත් පෝෂණය වෙන්නේ නෑ.

පහත ක්‍රමවේදයන් හරහා ඔබට එය සිදුකල හැකියි.

✔ ගැඹුරු හුස්ම වාර කීපයක් ගන්න
✔ අවධානය වෙනත් දෙයකට මාරු කරන්න
(ඔබ දැකින දේවල් 3ක් නම් කරන්න)
✔ සරල වාක්‍යයක් කියන්න:
“දැන් මම ආරක්ෂිතයි”
“මට මේක කළ හැකියි”
✔ ශරීරය චලනය කරන්න – නැගිටින්න, දිග ඇදෙන්න, ටිකක් ඇවිදින්න

මතක් තියාගන්න , මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඇග හදාගන්න මාසගනන් ජිම් එකට ගිහින් workout කරනවා වගේ දිනපතා පුරුදු කිරීම මගින් ඔබගේ මොළයේ පරිපථ වෙනස් කරගත යුතුයි .

👉 ඍණාත්මක සිතුවිලි
ඉක්මනින් බිඳ දමන එක
CBT, mindfulness, counseling වැනි ක්‍රමවලත් බහුලව භාවිතා වෙනවා .

31/12/2025
23/12/2025

චීනකටු ප්‍රතිකාරය, මිග්‍රේන් (ඉරුවාරදය) සදහා ඉතාමත් ආරක්ෂිත සහ ප්‍රතිඵල සහිත ප්‍රතිකාර ක්‍රමයකි.

එය, ඔබගේ ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතියේ (හෝමෝන) ක්‍රියාකාරිත්වය යාමනය කර, ශරීරයේ සමබරතාවය ඇතිකරමින් ස්වභාවිකවම මෙම රෝගී තත්වය සුව කරයි.

මිග්‍රේන් වේදනාව පරදා ජීවිතය සතුටින් විදින්න අදම අපගේ ප්‍රතිකාර සදහා අමතන්න.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ #මිග්‍රේන්​ #ඉරුවාරදය​ #වේදනාව​ #චීනකටුප්‍රතිකාර​ #හීලියෝලිෆ්කෙයා

21/12/2025

එදා එයා බය වෙලා "ඔව්" කිව්වා නම්, අද අපි කවුරුත් මේ පොළොවේ නෑ... ලෝක විනාශය තනි අතින් නතර කළ නිහඬ වීරයා! ⚓☢️🌍

අපි හිතන්නේ ලෝකයේ වීරයෝ කියන්නේ ෆිල්ම් වල ඉන්න සුපර් මෑන්ලා, බැට්මෑන්ලා කියලා. ඒත් ඇත්තම වීරයෝ ඉන්නේ තිරයෙන් පිටුපස, කරුවල කාමරවල. 1962 ඔක්තෝබර් 27 වෙනිදා කියන්නේ මුළු ලෝකයම විනාශයේ අද්දරටම ගිය දවසක්. ඇමරිකාවයි රුසියාවයි අතර න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න තිබුණ ඒ මොහොතේ, අපි කවුරුත් නොදන්නවා වුණාට ඔබේ සහ මගේ ජීවිත තීරණය වුණේ මහ මුහුද යට තිබුණ, රස්නයෙන් සහ බයෙන් පිරුණු එක පුංචි සබ්මැරීනයක් ඇතුලේ. කියුබාව අසල මුහුදේ හිරවෙලා තිබුණ රුසියානු B-59 සබ්මැරීනය වටකරගෙන ඇමරිකානු නැව් වලින් දිගින් දිගටම බෝම්බ දාන්න පටන් ගත්තේ ඔවුන්ව උඩට මතු කරගන්න. ඒ වෙලාවේ සබ්මැරීනය ඇතුලේ තත්ත්වය අපායක් වගේ. ඒසී (AC) වැඩ කළේ නෑ, උෂ්ණත්වය සෙල්සියස් 50 පැනලා, හුස්ම ගන්න බැරි තරම් කාබන් ඩයොක්සයිඩ් පිරිලා, නාවිකයෝ සිහිය නැතුව ඇදගෙන වැටෙන මරණීය වාතාවරණයක් එතන තිබුණේ.

සබ්මැරීනයේ ප්‍රධාන කැප්ටන් වුණ "වැලන්ටින් සවිට්ස්කි" හිතුවේ උඩ ලෝකයේ යුද්ධය පටන් අරන් කියලා. මොකද දවස් ගාණකින් මොස්කව් වලින් කිසිම පණිවිඩයක් නෑ, වටේටම බෝම්බ පිපිරෙනවා. කැප්ටන්ට යකා නැග්ගා. එයා තීරණය කළා තමන් මැරෙන්න කලින් හතුරන්ව විනාශ කරන්න. "අපි මැරෙන්න කලින් උන්ව ඉවර කරමු! න්‍යෂ්ටික ටෝපිඩෝව (Nuclear Torpedo) ලෝඩ් කරපන්! අපි ඔක්කොම යමු, හැබැයි උන්වත් අරගෙනම යමු!" කියලා එයා අණ දුන්නා. මේ ටෝපිඩෝව හිරෝෂිමා බෝම්බය වගේ බලවත් එකක්. මේක ගැහුවා නම් ඇමරිකානු නැව් ඔක්කොම විනාශ වෙනවා, ඊට පස්සේ ඇමරිකාව රුසියාවට ගහනවා, ඊට පස්සේ... ලෝකයම අළු ගොඩක් වෙනවා.

මේක හරියට නූල් පොටකින් ජීවිතේ බේරුණා වගේ වෙලාවක්. රුසියානු නීතියට අනුව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න නම්, සබ්මැරීනයේ ඉන්න ප්‍රධානම නිලධාරීන් තුන්දෙනාගේම කැමැත්ත ඕන වුණා. කැප්ටන් "ඔව්" කිව්වා. දේශපාලන නිලධාරියාත් "ඔව්" කිව්වා. මුළු ලෝකෙම විනාශ කරන්න තව ඕන වුණේ එකම එක "ඔව්" කියන වචනය විතරයි. හැමෝම බලාගෙන හිටියේ තුන්වෙනි නිලධාරියා දිහා. ඒ තමයි වසීලි ආකිපොව් (Vasili Arkhipov). මුළු සබ්මැරීනයම යුද්ධයට ලෑස්ති වෙද්දි, වසීලි තනි වුණා. හැබැයි එයා බය වුණේ නෑ. එයා කැප්ටන්ගේ මූණටම කිව්වා "නෑ! මම මේකට ඉඩ දෙන්නේ නෑ!" කියලා. කැප්ටන් කෑගැහුවා, රණ්ඩු වුණා, තර්ජනය කළා. ඒත් වසීලි හෙලවුණේ නෑ. "මේක යුද්ධයක් නෙවෙයි, මේක අනතුරු ඇඟවීමක් විතරයි. අපි උඩට යන්න ඕන, සාකච්ඡා කරන්න ඕන" කියලා එයා තර්ක කළා.

විනාඩි ගාණක් තිස්සේ ඇතුලේ තිබුණ ඒ බිහිසුණු වාදයෙන් අන්තිමට වසීලි දිනුවා. සබ්මැරීනය වතුරෙන් උඩට ආවා. න්‍යෂ්ටික ටෝපිඩෝව පත්තු වුණේ නෑ. යුද්ධය නතර වුණා. නිකමට හිතන්න... එදා ඒ පීඩනය අස්සේ වසීලි පොඩ්ඩක් හරි බය වෙලා, එහෙමත් නැත්නම් කේන්ති ගිහින් "හා යවමු" කියලා කිව්වා නම්, අද 2025 වෙද්දි අපි කවුරුත් මේ පොළොවේ නෑ. ලංකාව තියා ලෝකයක්වත් නෑ. මේ වීරයා මැරෙනකම්ම ලෝකෙට තමන් කරපු දේ ගැන කෑගහලා කිව්වේ නෑ.

මේ මහා වීරයාගේ අවසානය හරිම වේදනාකාරීයි. වසීලි ආකිපොව් 1998 අගෝස්තු 19 වෙනිදා මෙලොව හැර ගියේ වයස අවුරුදු 72 දී. ඔහු මිය ගියේ වකුගඩු පිළිකාවක් (Kidney Cancer) නිසා. දෛවයේ සරදම කියන්නේ, ඒ පිළිකාව ඔහුට හැදුණේ නිකම්ම නෙවෙයි. කියුබානු අර්බුදයට අවුරුද්දකට කලින් (1961 දී), K-19 කියන තවත් සබ්මැරීනයක ඇතිවුණ දරුණු විකිරණ කාන්දුවකින් (Radiation leak) තමන්ගේ සෙබළුන්ව බේරගන්න මැදිහත් වුණ වෙලාවේ, ඔහුගේ ඇඟට ඇතුළු වුණ විෂ විකිරණ තමයි අවුරුදු ගාණක් තිස්සේ ඇතුළෙන් ඔහුව දිය කරලා මැරුවේ.

ලෝකය බේරාගන්න තමන්ගේ ජීවිතේම දිය කරපු මේ මිනිසා මිය යනකොට, ලෝකයේ කවුරුත්ම දැනගෙන හිටියේ නෑ එදා 1962 දී න්‍යෂ්ටික යුද්ධය නතර කළේ මෙන්න මේ මනුස්සයා කියලා.

2002 දී ඒ රහස ලෝකෙට හෙළි වෙනකොට, අපිට ජීවිතය දුන්න වීරයා සදහටම දෑස් පියාගෙන ඉවරයි. අදටත් ඔහුව හඳුන්වන්නේ "ලෝකය බේරාගත් මිනිසා" (The Man Who Saved the World) කියලා. අද ඔබ නිදහසේ හුස්ම ගන්නේ, එදා ඒ මිනිසා ගත්තු තීරණය නිසයි!

වසීලි ආකිපොව් අපිට උගන්නන පාඩම හරිම ගැඹුරුයි. ලෝකෙම ඔයාට විරුද්ධ වුණත්, වටේ ඉන්න හැමෝම 'ලේසියට' වැරදි දේ තෝරගත්තත්, ඔයාගේ හෘද සාක්ෂිය කියනවා නම් 'මේක තමයි හරි දේ' කියලා... ඒ වෙනුවෙන් තනියම හිටගන්න කවදාවත් බය වෙන්න එපා.

සමහරවිට ඒ වෙලාවට ඔයා තනිවෙයි. හැමෝම ඔයාට බනීවි. පිස්සෙක් කියාවි. හැබැයි මතක තියාගන්න, ඉතිහාසය වෙනස් කළේ රැල්ලට ගියපු අය නෙවෙයි, රැල්ලට එරෙහිව පීනපු මිනිස්සු.

අපේ රටේ, අපේ සමාජයේ, අපේ ඔෆිස් එකේ වුණත් 'වැරැද්ද' රජ වෙද්දි, කොන්ද කෙලින් තියාගෙන 'මේක වැරදියි' කියලා කියන්න පුළුවන් එක මිනිහෙක් හරි ඉන්නවා නම්, එතන ලොකු වෙනසක් කරන්න පුළුවන්.

ලෝකෙම 'ඔව්' කියද්දි, හරි දේ වෙනුවෙන් 'නෑ' කියන්න පුළුවන්කම තමයි පිරිමියෙක් සතු විය යුතු නියම පෞරුෂය. මොකද රෑට නිදාගන්න ඇඳට ගියාම 'මම කාටවත් බයේ මගේ ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ' කියලා දැනෙන ඒ සැනසීම, කෝටි ගාණක් දුන්නත් කඩෙන් ගන්න බෑ!"

"තනිවෙන්න බය වෙන්න එපා... සිංහයෝ කොහොමත් ඇවිදින්නේ තනියම!" 🦁🔥

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#නොකීකතා

19/12/2025
18/12/2025

Managing diabetes is not only about tablets.
With proper diet guidance, lifestyle changes, and supportive acupuncture, many patients experience better sugar control and overall well-being.

✔ Helps improve insulin sensitivity
✔ Supports stress reduction
✔ May assist in gradual medication review under medical supervision

📍Holistic diabetic care starts here
📲 Book your consultation today















17/12/2025

Mental stress is not a weakness.
It’s your mind asking for care, balance, and healing.
You don’t have to handle it alone 💚

Address

No. 110/3 Udumulla Road, Mulleriyawa 10620
Colombo

Alerts

Be the first to know and let us send you an email when Helio Life Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Helio Life Care:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram