21/10/2025
ලිංගික අප්‍රාණිකත්වය යනු කුමක්ද?
1.විටෙක ප්‍රාණවත් වුවත්, අවශ්‍ය විට ප්‍රාණවත් නොවේ නම්
2.ප්‍රාණවත් වුවත් එය ලිංගික ක්‍රියාවලිය අවසන් වන තෙක් පවත්වාගත නොහැකි නම්
3.ප්‍රාණවත් බව කෙසේවත් ලබාගත නොහැකි නම්
ඔබ ලිංගික අප්‍රාණිකත්වය යන රෝගයෙන් පෙළෙන අයෙකි.
එය ඇතිවීමට බලපාන හේතූන් මොනවාද?
ප්‍රධාන ආකාර 3ක් යටතේ දැක්විය හැකි අතර
1.රුධිර නාල ආශ්‍රිත ගැටළුවක් නිසා
2.ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටළුවක් නිසා
3.හෝමෝනමය අසමතුලිතතාවයක් නිසා මෙය ඇතිවිය හැක.
ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන ඇබ්බැහි හා පුරුදු
1.දුම් බීම
2.අධික ලෙස මත්පැන් පානය
3.විවිධ නිෂ්පාදන වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ගැනීම
3.තහනම් ඖෂධ භාවිතය
4.අධි ස්ථ්‍යුල්‍ය
5.ක්‍රියාශීලීත්වය මද බව
ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන රෝග හා තත්ව මොනවාද?
1.දියවැඩියාව / මධුමේහය
2.හෘදය හා රුධිර නාලිකා ආශ්‍රිත රෝග
3.අධි රුධිර පීඩනය
4.කාලීන වකුගඩු රෝග
5.මොළය හා සුෂුම්නාව ආශ්‍රිත රෝග
6.Peyronie's disease
7.පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත ශල්‍යකර්ම හා පිලිකා තත්ව සඳහා කරනු ලබන විකිරණ ප්‍රතිකාර නිසා
8.මුත්‍රාශය ආශ්‍රිත ශල්‍යකර්ම නිසා
ලිංගික අප්‍රාණිකත්වය අතුරු ආබාධයන් ලෙස ඇතිවන ඖෂධ මොනවාද?
1. අධි රුධිර පීඩනය සඳහා භාවිතාකරන බටහිර ඖෂධ නිසා
2.පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිලිකා තත්ව සඳහා දෙන බටහිර ඖෂධ
3.විශාදය (depression )සඳහා භාවිතාකරන බටහිර ඖෂධ
4.වේදනා නාශක ඖෂධ
5.ආහාර රුචිය අඩු කරන ඖෂධ
6.තුවාල සඳහා ගන්නා දීර්ඝ කාලීන ඖෂධ
ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරන මානසික හේතු
1.ලිංගික කර්තව්‍ය සඳහා ඇති බිය
2.අනිසි කම්පනය
3.විශාදය
4.ලිංගික කර්තව්‍ය ගැන දක්වන සැකය
5.ආත්ම ශක්තිය මද බව
6.ආතතිය ( සමාජ වටපිටාව නිසා හෝ ලිංගික කාර්යය මුල්කොට ඇතිවන)
මේ සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ඇති අතර උපදේශන සේවාවක්ද සහිතව එය ලබා ගැනීම වඩාත් සාර්ථක ලෙස රෝගය සුව කරගත හැක.
✍ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122
🌐 www.rooayu.com
WhatsApp ☎: 070 327 2436
#ලිංගික_අප්‍රාණිකත්වය #ලිංගික_බෙලහීනතාව #ලිංගික_ගැටලු #ලිංගිකගැටලු #පවුල්සැලසුම්