Iru Astro

Iru Astro Iru Astro is Sri Lanka Best Astrology service institute. now you can check your horoscope while stay at home.

tarot card reading මගින් ඔබගේ අනාගතය  දැනගන්න.
27/07/2025

tarot card reading මගින් ඔබගේ අනාගතය දැනගන්න.

16/06/2025

ඔබගේ උපන් වේලාව අනුව හදහන බලාගන්න.

16/06/2025

හදිසි ධනලාභ ලැබෙන යෝග

හිහැටියේ විශාල ධනවතුන් බවට පත්වී ඇති ඇතැම් පුද්ගලයන් පිළිබඳව විවිධ තොරතුරු ඔබ අසා තිබෙන්නට පුළුවන. එම පුද්ගලයන් ලක්‍ෂපතියත් හෝ කෝටිපතියත් වී ඇත්තේ අත්ත දුගී දුප්පත් තත්වයේ සිට වීමට පුළුවන. යම් පුද්ගලයෙකුගේ ජම්ම පත්‍රය ගැන සොයා බැලීමේදී හදිසි ධන ලාභ ගැන බැලිය යුත්තේ ප්‍රධාන වශයෙන් දෙවැන්නෙන් සහ එකොළොස් වැන්නෙන්ය. දෙවැන්න ධනස්ථාය වන අතර එකොළොස්වැන්න අයස්ථානයයි. බොහෝ ධනයෝග යෙදී ඇත්තේ දෙවැන්න හා එකොළොස්වැන්න සමිබන්ධ කරගෙනය. යම් පුද්ගලයෙකුට හදිසි ධන ලාභයක් ලැබී විශාල ධනවතෙක් වීමට භාග්‍ය ඇත්දැයි සොයා බැලිමේදී කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතුය. දෙවනුව එම ධනය ලැබෙන්නේ කුමන ආකාරයෙන් දැයි දැනගත යුතුය.

හදිසි ධන ලාභයක් ඇතැයි පවසන විටම ජම්මියා අසනු ලබන්නේ ස්විප් දිනුමක් ඇදේද ? නැතහොත් මැණික් ලැබේද ? යනුවෙනි. ස්විප් ටිකට් එකක් ඇඳී ධනවතෙක් වීමට බොහෝ දෙනා ආශා කරණුයේ අඩු මුදලක් වැය කොට කිසිඳු මහන්සියකින් තොරව විශාල මුදලක් එකවරම ලැබීම නිසාත් වෙනත් ක්‍රමයක් ගැන සිතිම අපහසු නිසාත් විය හැකිය. එහෙත් රේස් දැමීම සඳහාත් ස්විප් ගැනිම සඳහාත් වියදම් කළ මුදල එකතු කලේ නම් ඊට වඩා ධනවතකු වීමට තිබු බව සිතනුයේ පසුවය. විශාල ධනවතුන් බවට පත්වී ඇති බොහෝ දෙනෙක් ස්විප් දිනුම් දිනුම් ඇදීමෙන් හෝ මැණික් ලැබීමෙන් පමණක් නොව වෙතත් විවිධ ක්‍රම වලින් ධනවතුන් බවට පත්වී ඇත. පුද්ගලික ව්‍යාපාරයන් තුළින් බොහෝ දෙනෙකු ධනවතුන් බවට පත්වී ඇත්තාවූ අවස්ථා එමටය. එහෙත් සෑම පුද්ගලයෙකුටම එකම දේ නොව ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වය්‍යාපාරයන් මෙන්ම ධන උපයන මාර්ගයන් ඇති බවද සැලකිය යුතුය. ධනයෝග ගැන සොයා බැලීමේදී ජම්මියාගේ ඥාන ශක්තිය ගැන සැලිකිලිමත් විය යුතුය. යම්කිසි ධනයක් ඉපයීමේ මෙන්ම ඒවා නිසිලෙස පරිහරණය කිරීමේ හැකියාව ඇති අයෙක්ද යනුවෙන් දැන ගැනීමටය. ධනවතෙක් වීමට උප්පත්ති ග්‍රහචාරය බලවත් විය යුතුය. එසේම ධනයෝග කාරක ග්‍රහයින්ගේ දශා විදශාවන්ද ලබා තිබිය යුතුය. ඇතැම් පුද්ගලයින්ගේ ග්‍රහචාරය ඉතාම බලවත්ය. නමුත් කිසිඳු සුභ පලයක් ගෙන දෙන්නේ නැත. මෙසේ බලවත් ග්‍රහචාරයක් පැවතියේ නමුත් ඒවා පලදෙන කාලයත් ආත්ම ගණනකින් පසු හෝ ඉදිරියට ඒමටද පුළුවන. ධනය ලැබෙන යෝග මෙන්ම ඒවා ලැබෙන ක්‍රම හා කාලයන් පිළිබඳවද සැලකිලිමත් විය යුත්තේ එම නිසාය.

දෑත් ඔබේ හඳහන ගෙන පරීක්ෂා කර බලන්න. ලග්නය කුමක් වුවත් අයස්ථානය හා ධනස්ථානය අධිපතින් බලවත්ව සිට එම ග්‍රහයින්ගේ දශා විදශාවන් ලැබ තිබේ නම් ඔබට හදිසි ධනලාභ ලැබීමේ භාග්‍ය එළඹ ඇත. දෙවැන්න හා එකොළොස්වැන්නාධිපතින් පරිවර්ථනය වී සිටීමද විශේෂ ධනයෝගයකි. නවවැන්නාධිපතියා පස්වැන්නෙත් පස්වැන්නාධිපතියා නවවැන්නෙත් සිට ග්‍රහයින්ගේ පලදෙන කාල පැමිණ ඇත්නම් ඔබට හදිසි ධනලාභ ලැබීම පහසුය. දසවැන්නාධිපතියා පස්වැන්නෙත් හතරවැන්නාධිපතියා දසවැන්නේත් සිටියදී ඔවුහු නවවැන්නාධිපතියා විසින් දකිනු ලැබීමද ධනයෝගයකි. ලග්නය හතර පහ දහය අධිපති ග්‍රහයන් බල ඇතිව තවය අධිපතියාගේ දෘෂ්ඨි ලැබීම තවත් ධනයෝගයකි. මේෂ ලග්න කාරකයාට දහයේ කුජ ශුක්‍ර යෝග තිබීම ධනවතෙක් වීමේ භාග්‍ය කියාපායි.

කටක ලග්න කාරකයාට දසවැන්නේ කුජ ශුක්‍ර යෝගය හෝ ශුක්‍ර සිට කුජගේ දෘෂ්ඨිය ලැබීම ධනයෝගයකි. මකර හා මිථුන ලග්න හිමියන්ට සිකුරු පහේ ස්වක්ෂේත්‍රවී සෙනසුරු එකොළහේ සිටීම ධනයෝගයක්වේ. කන්‍යා ලග්නයෙන් හෝ තුලා ලග්නයෙන් ඉපදී සෙනසුරු පහේ සිට බුධ එකොළහේ සිටිමද ධනයෝගයක්වේ. රව් පස්වැන්නේ ස්වක්ෂේත්‍රවී ගුරු එකොළොස්වැන්නේ සිටීමෙන් මේෂ ලග්න හිමියාටද ධනයෝගයක් සෑදේ. පස්වැන්නේ ගුරු ස්වක්ෂේත්‍රවී එකොළොස් වැන්නේ බුධ හා කුජ යෙදීම සිංහ හා වෘශ්චික ලග්න හිමියන්ට පමණක් යෙදෙන ධනයෝගයකි. ලග්නයේ කුජ ස්වක්ෂේත්‍රවී බුධ ශුක්‍ර ශනි යෙදීම මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ට යෙදෙන ධනයෝගයකි. ලග්නයේ කුජ ගුරු චන්ද්‍ර යෙදීම කටක ලග්න හිමියාට ද ධනයෝගයකි.

රවි ගුරු කුජ ලග්නයේ යෙදීම සිංහ ලග්න හිමියාටද යෙදෙන ධනයෝගයකි. සිකුරු ස්වක්ෂේත්‍රවී ලග්න ගතවී සිටියදී බුධ ශනි යෙදීම හෝ දෘෂ්ඨි ලැබීම වාෂභ හා තුලා ලග්න හිමියන්ට යෙදෙන ධනයෝගයකි. පුරාණාචාර්ය වරයන් විසින් මෙසේ ධනයෝග සඳහන් කර ඇති නමුත් තම කේන්ද්‍රයට අනුව ඒවා පලදෙන කාලයත් තීරණය කරගත යුතුය. ඉහත සඳහන් ධනයෝග යෙදීඇති නමුත් එම ග්‍රහයින් විසිදෙවන දේර්කාණාධිපතියා වී දුබල වී ඇත්නම් හෝ විසිදෙවන දේර්කාණාධිපතියා අයස්ථාන ගතව නැත්නම් ධනස්ථාන ගතව සිටි නම් එයින්ද ප්‍රයෝජනය ලබා ගැනීමට නොහැකිය. ධන යෝගකාරක ග්‍රහයින්ගේ දශා විදශාවන් ලැබ තිබියදී උප්පත්තියේදී සඳු සිටින රාශියට ගෝචර ගමතින් සුභ ග්‍රහයින්ගේ බලවත් දෘෂ්ඨි ලැබීමත් හේතු කොටගෙන ඔබට විශාල ධනවතෙක් වීමේ භාග්‍ය එළෙබෙනු ඇත.

07/06/2025

දික්කසාද වැඩිවීමට විසඳුමක්: කේන්දර පරීක්ෂාව!

මෑතකාලීනව දික්කසාද වීම් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව රහසක් නොවේ. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ විවාහ වන දෙදෙනා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය හා අදහස් ගැලපීම අඩු වීමයි. බොහෝ විට විවාහය සිදුවන තුරු එකිනෙකා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වීම මෙයට තවත් හේතුවකි.

මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් ලෙස, විවාහ වීමට පෙර අදාළ පුද්ගලයාගේ කේන්දරය පරීක්ෂා කිරීම මගින් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ, චරිත ලක්ෂණ සහ අනාගතය වැනි කරුණු 80% කට ආසන්න ප්‍රමාණයකින් දැනගත හැකියි. මෙය ඔබට නිරවුල් සහ සාර්ථක විවාහ ජීවිතයක් ගොඩනගා ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.
ඔබත් ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට කැමති නම්, කේන්දර පරීක්ෂාවක් සිදු කර ගැනීම ගැන සලකා බලන්න.

දැන් හඳහන බලාගන්න එක එක්කෙනා ගාවට ගිහින් රස්තියාදු වුන කාලෙ ඉවරයි! #ඉන්දියානු  #වේද ක්‍රම මාර්ගයෙන් විස්තරාත්මකව ඔබේ මුළ...
06/06/2025

දැන් හඳහන බලාගන්න එක එක්කෙනා ගාවට ගිහින් රස්තියාදු වුන කාලෙ ඉවරයි!
#ඉන්දියානු #වේද ක්‍රම මාර්ගයෙන් විස්තරාත්මකව ඔබේ මුළු ජීවිත කාලයම පිළිබඳ සහ ඉදිරි අවුරුදු 25ක් ගැන අනාවැකි සහිත සම්පුර්ණ වාර්ථාව දුරකථනට ගෙන්වාගන්න!!

https://play.google.com/store/apps/details?id=com.imagineidea.astroprolk&pcampaignid=web_share

විවාහය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න එක. මේ ගමන සතුටින්, සාමයෙන් යන්න නම් දෙන්නාගේ හිතත්, ගතිගුණත්...
14/05/2025

විවාහය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න එක. මේ ගමන සතුටින්, සාමයෙන් යන්න නම් දෙන්නාගේ හිතත්, ගතිගුණත් ගැලපෙන්න ඕනේ. ඒ වගේම, අනාගතයේදී එන ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් දෙන්නා ශක්තිමත් වෙලා ඉන්න ඕනේ.
අපේ පැරණි අය විවාහයකට කලින් පොරොන්දම් බලනවා කියලා ඔයාලා අහලා ඇතිනේ. ඒ වගේම තමයි මේ භාව කේන්දර පරීක්ෂාව කියන්නෙත්. මේකෙන් කරන්නේ මනාලයාගේ සහ මනාලියගේ කේන්දරවල තියෙන ඇතැම් කොටු හෙවත් "භාව" පරීක්ෂා කරන එකයි.
දැන් ඔයාලට හිතෙයි මේ "භාව" කියන්නේ මොනවද කියලා. සරලව කිව්වොත්, කේන්දරයක එක එක කොටුවකින් ජීවිතයේ එක එක පැත්තක් ගැන කියැවෙනවා. උදාහරණයක් විදියට:
* 7 වන භාවය: මේකෙන් කියන්නේ විවාහය සහ සහකරු හෝ සහකාරිය ගැන. මේ භාවය හොඳින් පිහිටලා තියෙනවා නම්, හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙන්නත්, විවාහ ජීවිතය සතුටින් ගත කරන්නත් පුළුවන් කියලයි කියන්නේ.
* 8 වන භාවය: මේකෙන් කියන්නේ ජීවිතයේ එන දුක් කරදර, අසනීප සහ වෙනත් බාධා ගැන. මේ භාවය දුර්වල නම්, විවාහ ජීවිතයේදී අනපේක්ෂිත ප්‍රශ්න එන්න පුළුවන්.
* 2 වන භාවය: මේකෙන් කියන්නේ පවුල, ධනය සහ කතාව ගැන. මේ භාවය හොඳ නම්, පවුලක සතුට, ආර්ථික ස්ථාවරත්වය සහ හොඳ සන්නිවේදනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඔය වගේ තවත් ගොඩක් භාව තියෙනවා. මේ හැම භාවයකින්ම ජීවිතයේ එක එක පැත්ත ගැන යම් යම් දේවල් කියනවා. ඉතින්, විවාහයකට කලින් මේ භාව දෙකේ කේන්දරවල කොහොමද පිහිටලා තියෙන්නේ කියලා බැලුවොත්, දෙන්නාගේ අනාගත විවාහ ජීවිතය ගැන යම් අදහසක් ගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, මේ භාවවලට බලපාන ග්‍රහයන්ගේ පිහිටීමත් වැදගත්. සමහර ග්‍රහයන් යම් යම් භාවවලට ආවම හොඳ ප්‍රතිඵල දෙනවා. තවත් සමහර ග්‍රහයන් ආවම අසුබ ප්‍රතිඵල දෙන්න පුළුවන්. මේ නිසා, විවාහයට කලින් මේ හැම දෙයක්ම හොඳට පරීක්ෂා කර බැලීමෙන්, අනාගතයේදී එන්න පුළුවන් ප්‍රශ්න ගැන කලින්ම දැනගෙන ඒවාට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න පුළුවන්.
හිතන්නකෝ, දෙන්නගෙම 7 වන භාවය දුර්වල නම්, ඒ කියන්නේ විවාහ ජීවිතයේ ප්‍රශ්න එන්න පුළුවන් කියන එක. එතකොට ජ්‍යොතිෂවේදියා ඒකට කරන්න පුළුවන් පිළියම් ගැන කියයි. ඒ වගේම, දෙන්නගෙම කේන්දරවල හොඳ භාව පිහිටලා තියෙනවා නම්, ඒක විවාහ ජීවිතයට ලොකු ශක්තියක් වෙනවා.
ඒ නිසා තමයි විවාහයකට කලින් පොරොන්දම් බලනවා වගේම, භාව කේන්දර පරීක්ෂාවත් වැදගත් වෙන්නේ. මේකෙන් දෙන්නාගේ අනාගත ජීවිතය ගැන මූලික අවබෝධයක් ගන්න පුළුවන්. ඒ දැනුමෙන් පස්සේ, දෙන්නට තීරණයක් ගන්න පුළුවන් තමන්ගේ ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ නිසා, ඔයාලත් විවාහයක් ගැන හිතනවා නම්, පළපුරුදු ජ්‍යොතිෂවේදියෙක් හමුවෙලා භාව කේන්දර පරීක්ෂාව කරගන්න එක හොඳ දෙයක් වේවි!
-----------------------------------------------------------------
ඔබගේ කේන්දරයට අනුව අනාගතය ගැන දැන ගැනීමට අප‌ෙගේ APP එක "Install" කර.

ඔබ‌ගේ උපන් දිනය උපන්වේලාව සහ ඔබගේ අල්ලේ ජායාරූපයක් ලබා දෙන්න.

ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය සමඟ ඔබ කෙතරම් ගැළපේද? ජීවිතයේ වැදගත්ම තීරණ වලින් එකක් තමයි විවාහය. ආදරය, විශ්වාසය වගේම දෙදෙනා...
13/05/2025

ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය සමඟ ඔබ කෙතරම් ගැළපේද?

ජීවිතයේ වැදගත්ම තීරණ වලින් එකක් තමයි විවාහය. ආදරය, විශ්වාසය වගේම දෙදෙනාගේ එකඟතාවයත් සාර්ථක විවාහයකට අත්‍යවශ්‍යයි. ඉතින්, ඔබ තෝරාගන්නා සහකරු හෝ සහකාරිය ඔබට කොතරම් දුරට ගැළපේවිද කියලා දැනගන්න ක්‍රමයක් තමයි පොරොන්දම් බැලීම.

ඇත්තටම මේ පොරොන්දම් බැලීම කියන්නේ මොකක්ද? සරලව කිව්වොත්, විවාහ අපේක්ෂිත මනාලයාගේ සහ මනාලියගේ උපන් වේලාව අනුව සකස් කරන ලද කේන්දර සටහන් පරීක්ෂා කර බලා ඔවුන් දෙදෙනාගේ ගතිගුණ, ජීවන රටාවන් සහ අනාගතය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමයි.

මේක හරියට දෙන්නෙක් එකට ගමනක් යන්න කලින් වාහනයේ තත්ත්වයත්, පාරේ තත්ත්වයත් ගැන බලනවා වගේ දෙයක්. ලංකාවේ නම් මේ පොරොන්දම් බැලීම කියන්නේ බොහොම පැරණි සම්ප්‍රදායක්. අපේ වැඩිහිටියෝ විවාහයක් ගැන කතාබහ කරනකොට මුලින්ම බලන්නේ මේ පොරොන්දම් ගැලපෙනවද කියලයි. ඒකට හේතුව තමයි, පොරොන්දම් බැලීමෙන් දෙන්නෙක්ගේ අතර තියෙන ගැළපීම් සහ නොගැළපීම් ගැන මූලික අදහසක් ගන්න පුළුවන් වීම.

හිතන්නකෝ, ඔබ හරිම සන්සුන් කෙනෙක්. හැබැයි ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය හරිම ඉක්මන්කාරී කෙනෙක් නම්, දෙන්නාගේ අදහස් ගැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කලින්ම දැනගත්තොත්, ඒකට මුහුණ දෙන්න මානසිකව ලෑස්ති වෙන්නත්, එකිනෙකා තේරුම් අරගෙන ජීවත් වෙන්නත් පුළුවන්.

පොරොන්දම් බැලීමේදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරනවා. ඒ අතරින් වැදගත්ම දේ තමයි පොරොන්දම් දහය. මේවායින් එකිනෙකාගේ ආර්ථික තත්ත්වය, ගතිගුණ, සම්බන්ධතාවයේ ශක්තිය, ලිංගික ගැළපීම, චිත්තාකර්ෂණය වගේ විවිධ දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම, දෙන්නාගේ කේන්දරවල තියෙන ග්‍රහ පිහිටීම් අනුව අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්න සහ ඒවාට මුහුණ දෙන ආකාරය ගැනත් යම් අදහසක් ලබාගන්න පුළුවන්.

විශේෂයෙන්ම නාඩි පොරොන්දම කියන්නේ හරිම වැදගත් දෙයක්. ඒකෙන් දෙන්නාගේ ශාරීරික සහ ජානමය ගැළපීම ගැන අදහසක් එනවා කියලයි ජ්‍යොතිෂ්‍යයේ කියන්නේ.
ඇත්තටම මේ පොරොන්දම් සියයට සියයක් නිවැරදිම දේවල් කියයි කියලා කාටවත්ම සහතික වෙන්න බෑ. මොකද, ජීවිතය කියන්නේ අනපේක්ෂිත දේවල්වලින් පිරුණු ගමනක්. හැබැයි, පොරොන්දම් බැලීමෙන් අපිට මූලික අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම, යම් යම් අඩුපාඩු තියෙනවා නම්, ඒකට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙන්නත් පුළුවන්.
ඉතින්, ඔබත් ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය ගැන දැනගන්න කැමති නම්, පළපුරුදු ජ්‍යොතිෂවේදියෙක් හමුවෙලා පොරොන්දම් බලන එක හොඳ අදහසක්. ඒකෙන් ඔබේ විවාහ ජීවිතය ගැන හොඳ මඟ පෙන්වීමක් ලැබෙයි. මතක තියාගන්න, ආදරයයි, අවබෝධයයි, විශ්වාසයයි කියන මේ හැමදේමත් එක්ක පොරොන්දම් ගැලපීමත් එකතු වුණොත්, ඔබේ විවාහ ජීවිතය සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි!

✨ ඔබේ ජීවිතය ගැන හරියටම දැනගන්න ඔබේ කෙන්දරය පරික්ෂා කර ගන්න!ඔබේ වර්තමානයේ සහ අනාගතයේ සුබ දිනවලට මෙන්ම ඔබේ වර්තමානයේ සහ අ...
23/03/2025

✨ ඔබේ ජීවිතය ගැන හරියටම දැනගන්න ඔබේ කෙන්දරය පරික්ෂා කර ගන්න!

ඔබේ වර්තමානයේ සහ අනාගතයේ සුබ දිනවලට මෙන්ම ඔබේ වර්තමානයේ සහ අනාගතයේ අසුබ දිනවලටත් සූදානම් වෙන්න අදම අපගේ විශ්වසනීය හඳහන් පරික්ෂාවට සම්බන්ධ වන්න.

⭕අපගේ හඳහන් පරික්ෂාවේ අඩංගු කරුණු
✔ඔබේ ගති ලක්ෂණ
✔රැකියාව
✔අධ්යාපනය
✔විවාහය
✔දේපල හා වාහන
✔උරුමය හා වාසනාව
✔අනාගතයේ සිදුවිය හැකි විශේෂ සිදුවීම්
✔විශේෂ යෝග හා දෝෂ
✔අවුරුදු 20 ක විශේෂ ඵල

විශේෂ අඩු කළ මිල රු.500☀️
ඉක්මන් කරන්න .මෙම දීමනාව සීමිතයි

17/07/2024
17/07/2024

විශ්වය ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇති සැලැස්ම කුමක්ද?
එය සොයා බැලීමට මෙ හොදම වෙලාවයි.!

යෞවන වියට පා තැබූවන්ට කායික හා මානසික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අවශ්‍යතාව නිතැතින්ම තම හදවත් තුළ ඇතිවේ. ඒ සඳහා තමාට පරිබාහිර...
26/01/2024

යෞවන වියට පා තැබූවන්ට කායික හා මානසික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අවශ්‍යතාව නිතැතින්ම තම හදවත් තුළ ඇතිවේ. ඒ සඳහා තමාට පරිබාහිර වූ පුද්ගලයන් සමග සබඳතා පවත්වා ගැනීමේ දී ඉතා සමීපතමයකු හා ළංවීමේ අවශ්‍යතාව මතුවේ. සාමාන්‍යයෙන් මෙම විරුද්ධ ලිංගිකයෙකු සමග ඇති කරන්නා වූ බැඳීම දෙදෙනාගේ එකඟතාව මත නීත්‍යානුකූල ගිවිසුමක් ලෙස සමාජගත කරයි. විවාහය නමින් හඳුන්වන්නා වූ මෙම සංසිද්ධිය ජන්ම කේන්ද්‍රයෙහි 7 වැනි භාවය තුළින් නිවේදනය කරයි.
එසේ නම් ඔබ විවාහ වීමට පෙර ඔබට ලැබෙන සහකාරිය හෝ සහකරු ස්ථිර අදහස් ඇති අයෙක්ද? තමාගේ තත්ත්වයට ගැළපේද? ගතිගුණ කෙසේද? සාර්ථක විවාහයක් ගත කිරීමට හැකිවේද? යනාදී කරුණු පිළිබඳ හොඳින් කල්පනා කර බලා තීන්දු තීරණ ගැනීම නුවණට හුරුවේ.
කේන්ද්‍ර කොටුවේ හත්වැන්නෙන් නියෝජනය වන්නා වූ විවාහය, විවාහ සතුට, සහකරු හෝ සහකාරිය ආදර සම්බන්ධතා ආදී කරුණු ගණනාවකට කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. 7 වැනි රාශිය ජන්ම පත්‍රයක විවාහය, විවාහ සහකරු සහකාරිය සහ විවාහ ජීවිතයට අදාළ සතුට ආදිය පිළිබඳ කරුණු පෙන්නුම් කරයි.
හත්වැනි භාවය පිළිබඳ කරුණු සලකා බැලීමේදී ප්‍රධාන කරුණු 3 වන්නේ.
1. රාශිය/භාවය
2. එහි අධිපති
3. කාරක ග්‍රහයා වන සිකුරුය.
හත්වැන්නේ පිහිටි ග්‍රහයන් සහ 7 වැන්නට බලපෑම් ඇතිකරන වෙනත් ග්‍රහයන් දෙවනුව සැලකිල්ලට ගත යුතු කරුණු වේ. සිකුරු බලවත් වී 7 වැනි භාවය හා සම්බන්ධ වීම සහ හත අධිපති සමග සිකුරු සංයෝග වීම විවාහය පිළිබඳ අපේක්ෂා මල්ඵල ගන්වයි.
සිකුරු මිත්‍ර හෝ තමාගේ රාශියක් වී 7 වැන්නේ සිටීම 7 වැන්නට සිකුරුගේ දෘෂ්ටිය ලැබීම, ගුරු 11 වැන්නේ තැන්පත් වී සිකුරු දැකීම, සිකුරුගේ දායකත්වය වඩාත් ඵල ගැන්වෙන අවස්ථාවයි. විශේෂයෙන් 11 වැන්නේ වූ ගුරුගේ දෘෂ්ඨිය විවාහයෙන් පසු යුගදිවියේ ආර්ථික හා සමාජීය සමෘද්ධිය සඳහා යහපත් පසුබිමක් නිර්මාණය කිරීමට හේතුවේ.
හත්වැන්න විවාහ සහකරු හෝ සහකාරිය නිවේදනය කරන භාවයයි. එහි සිකුරු අයහපත් ලෙස නියෝජනය වීම විවාහයට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන් පුරුෂ කේන්ද්‍රයක සිකුරු ග්‍රහයා පීඩිතව හත්වැන්නේ සිටීම භාර්යාවට හානි කරන පිහිටීමක් වේ.
එමෙන්ම සිකුරු ග්‍රහයා දුෂ්ඨ රාශිගතව එනම් 6, 8, 12 යන භාවයක තැන්පත් වීම වැන්දඹු යෝගයක් ලෙස සැලකේ. 7 වැන්නේ බුධ සිකුරු සංයෝගය විවාහ සතුටට බාධාවකි. හතේ පිහිටි ශනිට ගුරුගේ දෘෂ්ටි ලැබීම අනුව විවාහයේ ස්ථාවර බව ඇති වුවද අභ්‍යන්තර අර්බුද එකිනෙකා නුරුස්සනා ස්වභාවය ඇතිවේ.
විවාහය බුද්ධියට වඩා සතුට වේදනාව ආදී හැඟීම් තුළ දෝලනය වන ලෞකිකත්වය හා නැඹුරු වූ බැඳීමකි. ගුරු 7 වැන්නේ වූ විට මෙම අවස්ථා දෙකෙහි සමබරතාව රඳවා තබා ගැනීමට අසීරු වේ. ස්ත්‍රී කේන්ද්‍රයක කුජ අයහපත් ලෙස 7 වැන්නේ යෙදීම තුළින් සහකරුට අසහනශීලී ජීවිතයක් ගත කිරීමට සිදුවේ. එමෙන්ම ශනි 7 වැනි භාවයට පාපී ග්‍රහයන් සමග සංයෝග වීම හා දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධ වූ විට විවාහයේ සතුට හා සැනසීම නැතිව යයි.
සඳු 7 වැන්නේ වී රාහු කේතු කුජ වැනි පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත්වීම හෝ සංයෝග වීම විවාහ ජීවිතයකට අහිතකර වන අතර සඳු 7 වැනි භාවය හීන වීම සහ සතුරු රාශි ගත වීම ද විවාහයට හානිදායක වේ. රාහු 7 වැන්නේ වීම ද අහිතකර වේ.
විශේෂයෙන් ස්ත්‍රී කේන්ද්‍රයක රාහු 7 වැන්නේ සිටීම අහිතකරය. රාහු විසින් ඇතිකරන්නාවූ අවිනිශ්චිත මානසිකත්වය තුළ යුගදිවියේ සම්බන්ධතාව බිඳී ගොස් යුගදිවිය කෙරෙහි ප්‍රබල කලකිරීමක් සහ එපාවීමක් දෙදෙනා තුළ ඇති කළ හැකිය. හත අධිපති බුධ වී පාපී ග්‍රහයෙකු සමග 6, 8 යන භාවයක සිටී නම් අඹු සැමියන් අතර නිතර ගැටුම් ඇති කරයි.
විවාහයෙහි ශුභ අශුභ තීරණ කිරීමෙහිලා හත්වැන්නාධිපතිද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. හත අධිපතියා යහපත් භාවයක යහපත් ආකාරයට තැන්පත් වූ විට ජන්මියාට විවාහ ජීවිතයේ සැපත හා සතුට හිමි වේ. හත අධිපතියා පීඩා වී අශුභ තත්ත්වයක් ඇතිවීම දෙදෙනා වෙන්වීම, අයහපත් දුෂ්කර ජීවිතය සහ වෙනත් සම්බන්ධතා ඇතිවීම වැනි තත්ත්වයක් ඇති විය හැක. කේන්ද්‍රයක 7 වැන්නාධිපති ග්‍රහයා පාප පීඩා නොවී යහපත්වද ශුභ දෘෂ්ටි ලැබීම ද ශුභ ග්‍රහයන්ට මැදිව සිටීම ද යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට හේතුවේ.
යම් ජන්මියෙකුගේ 7 වැන්නාධිපතියා බලවත්ව සිටියදී ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීම සංයෝග වීම හේතු කොටගෙන එම ජන්මියාට යහපත් සහකාරියක හෝ සහකරුවකු ලැබෙනු ඇත. හත අධිපති ගුරු විසින් දකින සහකරු හෝ සහකාරිය අධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පිරුණු කෙනෙක් බව කියා පායි.
විවාහයේදී වැදගත් සාධකයක් වශයෙන් සලකන්නා වූ හත අධිපති ශුභදායක අන්දමින් සිටීම ශුභදායක වනවා මෙන්ම දුර්වල නිවේදකත්වය එම භාවයේ කාරකත්වයට අනිටු බලපෑම් ගෙන එනු ඇත. ඒ අනුව 7 අධිපති 6, 8 සහ 12 වැනි දුෂ්ට ස්ථානයක නැත්තේ වීම එම භාවාධිපතියෙකුගේ දෘෂ්ටියට ලක්වීම සංයෝග වීම සතුරු රාශි ගත වීම නීච වීම අස්ථ භාවයට පත්වීම යන කරුණු වලින් කුමන හෝ තත්ත්වයකට යටත්වීම, හත්වැන්නෙන් නිවේදනය වන විවාහයට මොනයම් හෝ අනිටු බලපෑමක් ඇති කරයි.
මිනිසාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසාත් කායික හා මානසික සතුට උදෙසාත් විවාහය නමැති බැඳීම ඉතා වැදගත් වේ. එය ඉවසීමෙන් හා ඉතා සංයමයෙන් භුක්ති විඳි යුතු අතර නිවැරදි තීරණ ගැනීම ද අත්‍යාවශ්‍ය වේ. මෙහිදී සෘෂිවරුන් විසින් ලොවට කියා දුන් ජ්‍යොතිෂය නම් වූ මා හැඟි ශාස්ත්‍රය ඒ සඳහා මහඟු පිටුවහලක් වනු ඇත.

Address


Alerts

Be the first to know and let us send you an email when Iru Astro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share