13/08/2025
ඔබේ මනසටත් විවේකයක් ඕනේ ද?
අපේ දෛනික ජීවිතය වගකීම්, වගවීම් සහ යුතුකම් මැද්දේ නිරන්තරයෙන් කාර්ය බහුල වෙනවා. මේ අතර මනසටත් විවේකයක් ලබාදීම අත්‍යාවශ්‍යයි. කුඩා විවේකයක් ගන්න, ඔබ ආදරය කරන කාර්යයක් කරන්න හෝ නිශ්ශබ්ද ස්ථානයක නිහඩව සිටින්න. මේ කුඩා ක්‍රියාවන් කිහිපය කිරීම තුලින් ඔබට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වැඩි වේ.