Dr Tharanga Samarasekara

Dr Tharanga Samarasekara Heal | Serve | Teach | Learn | Travel | Live

24/04/2026

Diabetes can affect anyone, at any stage of life.

Support at home, school, work and during pregnancy makes a real difference.

Listen, learn and show up for those living with diabetes.

23/04/2026

⭕ ANA test එක පොසිටිව් වුනොත් 🙁🙁🙁
===================================

⭕ ANA test එක කියන්නේ (anti nuclear antibodies) සෛල වල න්‍යෂ්ටියේ සමහර සංඝටක වලට එරෙහිව හැදෙන ප්‍රතිදේහ මනින ලේ ටෙස්ට් එකයි.

⭕ මේ ටෙස්ට් එක කරන්න fasting ඉන්න ඕනෙ නෑ

⭕ ANA test එක කරන කොට titre එක්ක කරන එක සාමාන්‍යය දෙයක්.

⭕ මෙම පරීක්ෂණනයේ තිබෙන වැදගත්කම නිසාම නමගිය ඉස්පිරිතාලෙක ලැබ් එකකින් කරගන්න එක ඇඟට ගුණයි. මොකෝ මේ ටෙස්ට් එකේ ප්‍රතිපල නිසා විශේෂඳ වයිද්‍යවරු ගන්න තීරණ නිසා රෝගියෙකුගෙ ආයුශ අපේක්ෂාව පවා වෙනස් වෙන්න පුලුවන්.

⭕ ANA test එක පොසිටිව් වෙන්න පුලුවන් රෝග රැසක් තියනවා. ඒ ඔක්කොම ආතරයිටිස් රෝග නෙවේ.

⭕ SLE රෝගයට අමතරව, Mixed connective tissue disease, Sleroderma, Rheumatoid arthritis, Myositis රෝග වර්ග, Sjogren's, කුඩා දරුවන්ට හැදෙන JIA නම් ආතරයිටිස් එක, සමහර ඖෂධ වලට, සමහර වයිරස් රෝග වලට, සමහර අක්ෂි රෝග, සමහර අක්මාවේ, බඩවැල් වල සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග වලට, සමහර පිලිකා සහ තවත් හේතු වලට ඕක පොසිටිව් වෙන්න පුලුවන්.

⭕ ඒ වගේම ඔය ටෙස්ට් එක හොඳ සෞඛ්‍යයයෙන් ඉන්න පුදගලයිනන්ගෙන් 5%ක් දක්වා ප්‍රමාණයකට පොසිටිව් වෙන්න පුලුවන්.

⭕ ඒක නිසා කවදාවත් රෝග ලක්ශණ නැතුව ආතරයිටිස් රෝග එනවද කියල බලන්න අපි ඔය ටෙස්ට් කරන්නෙ නැහැ.

⭕ රෝගියෙකුගේ ANA titre එක වැඩි වෙනකොට සැලකිය යුතු රෝගයක් තියෙන අවදානම වැඩියි.

⭕ නමුත් ආතරයිටිස් ලෙඩකට ප්‍රතිකාර කරන කොට ලෙඩේ අඩු වෙනවද බලන්න ANA titre එක පාවිච්චි කරන්න බැහැ.

⭕ ඔය ANA test එකේම ANA pattern එකත් homogeneous, nuclear speckled, nuclear dot staining, nucleolar සහ nuclear envelope කියල සඳහන් වෙලා එනවා. ඔය pattern එක අනුව එන්න පුලුවන් රෝගය වෙනස් වුනාට රෝග නිර්ණය වෙන්නෙ රෝග ලක්ශණ අනුවයි.

⭕ හැම ලෙඩාගෙම ANA pattern එක වැදගත් වෙන්නෙ නැහැ. නමුත් සමහර අවස්ථා වලදි ලෙඩේ එන්න පුලුවන් සංකුලතා ගැන අවධානයයෙන් ඉන්න වැදගත් වෙනවා.

⭕ හැබැයි ANA test එක වැඩිපුරම පාවිච්චි වෙන්නෙ SLE රෝග නිර්ණයට.

⭕ ඊට අමතරව කුඩා දරුවන්ට එන JIA (Juvenile idiopathic arthritis) කියන ආතරයිටිස් එකට පරීක්ෂණ කරනකොට ANA test එක, සාමාන්‍යයයෙන් ආතරයිටිස් රෝගීන්ට කරන rheumatoid factor test එකට වඩා වැදගත්.

⭕ 1/80 කියන ලෙවල් එකට වැඩි ප්‍රතිපල පොසිටිව් කියල තමා සලකන්නෙ. යට තියන ඉලක්කම වැඩි වෙනකොට, ප්‍රතිපලයේ තීව්‍රතාව වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් 1/320 කියන ප්‍රතිපලය හොඳ නෑ 1/80 ට සාපේක්ෂව.

⭕ නිකන් ඉන්න බැරි කමට ANA කරගෙන එන ලෙඩ්ඩු එනවා. රෝග ලක්ශණ නැතිනම් අපි ප්‍රතිකාර නියම කරන්නේ නෑ. හැබයි ANA පොසිටිව් වෙලා එන්න පුලුවන් රෝග ලක්ශණ ගැන දැනුවත් කරලා යවනවා. මොකෝ ඔය ලොකු ආතරයිටිස් ලෙඩ එන්න අවුරුදු ගාණකට කලින් ඉඳන් වුනත් සමහර රෝගීන්ගෙ ඔය ටෙස්ට් පොසිටිව් වෙලා තියෙන්න පුලුවන්.

⭕ අනෙක තමා SLE කියල ලෙඩේ අපි හොයාගත්තා කියමුකෝ. ඒක ඇගේ කොච්චර දරුණුවට තියනවද කියල බලන්න ANA titre එක පාවිච්චි කරන්න බෑ. ඒක බලන හොඳම ටෙස්ට් තමා C3, C4 සහ DsDNA කියන ටෙස්ට් දෙක. ඊට අමතරව අනිවාර්යයෙන් මුත්‍රා වල ප්‍රෝටීන පිටවීම බලන urice PCR or ACR ටෙස්ට් එකක් කරන්නම ඕනේ. ESR test එකත් යම්තාක් දුරකට උදව් වෙනවා ලෙඩේ සැර බලන්න.

⭕ ANA positive වෙච්ච ආතරයිටිස් ලෙඩක් තියනවා නම් ඒ සම්බන්ධ විශේෂඳ වයිද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවානම් ඇඟට ගුණයි. මොකෝ ඔය ලෙඩ වලට එන සංකුලතා මාරාන්තික වෙන්න පුලුවන්.

⭕Dr අරුණ කල්දේරා
සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය
MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)
0714844644

19/04/2026

Ask your nutrition professor ' ලිපි මාලාව අංක - 26

ඔබ ආහාර ගන්නා අනුපිළිවෙළ (food intake sequence) මගින් රුධිරගත සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම කෙරෙහි බලපෑමක් ඇතිවේද?

මෙවර කතිකාවත සඳහා මා පාදක කොට ගන්නේ අප ආහාර ගන්නා අනුපිළිවෙල (food intake sequence) එනම්, අප මුලින්ම ආහාරයට ගන්නේ බත් ද, එසේත් නැතහොත් එළවළු හෝ මස්/මාළු ද යන්න මත අපගේ රුධිරගත සීනි මට්ටම, ඉන්සියුලින් සහ ආන්ත්‍ර හෝමෝන (gut hormones) ආශ්‍රිත වෙනස්කම් සිදුවන ආකාරය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයකි. මෙම පර්යේෂණය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Professor Jeyakumar Henry ඇතුළු පර්යේෂක පිරිස විසින්, ආසියානු පුද්ගලයින් යොදා ගනිමින් සිංගප්පූරුවේදී සිදු කරන ලද්දකි. මෙය Q1 කාණ්ඩයට අයත් Clinical Nutrition නම් සඟරාවේ 2020 වසරේ පළ වූවකි.

මෙහිදී ඔවුන්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 50ක් ලැබෙන පරිදි හාල් ග්‍රෑම් 63.2 ක ප්‍රමාණයකින් පිසූ බත් ද, මේදය ඉවත් කළ කුකුල් මස් (chicken breast) ග්‍රෑම් 100ක් ද, කොළ සහිත එළවළු (leafy vegetables) ග්‍රෑම් 180 ක් ද ආහාර වශයෙන් ලබා දෙන ලදී. මෙම පර්යේෂණයේදී ඔවුන් සිදුකර ඇත්තේ, නිරාහාරව පැමිණෙන පර්යේෂණයට බඳුන් වූ පුද්ගලයින් හට උදෑසන ආහාර වේල වශයෙන්, මෙම ආහාර වර්ග තුන ලබා දෙන අනුපිළිවෙල වෙනස් කරමින්, එකම පුද්ගලයන්ගේ රුධිරගත සීනි මට්ටමේ සහ හෝමෝන වල වෙනස්කම් නිරීක්ෂණය කිරීමයි. මෙහිදී ඔවුන් ආහාර වේල් පහක් (test meals) පර්යේෂණයට ලක් කරන ලදී.
*පළමු වන ආහාර වේල (Test meal 1)* - පළමුව එළවළුද දෙවනුව කුකුල් මස් සහ බත්.
*දෙවන ආහාර වේල (Test meal 2)* - කුකුල් මස් පළමුවද, දෙවනුව එළවළු සහ බත්.
*තුන්වන ආහාර වේල (Test meal 3)* - පළමුව එළවළුද, දෙවනුව කුකුල් මස් ද, ඉන් අනතුරුව බත්.
*සිව්වන ආහාර වේල (Test meal 4)* - බත්, එලවළු සහ කුකුල් මස් සියල්ලම එකට මිශ්‍ර කරගනිමින් ආහාරයට ගැනීම.
*පස්වන ආහාර වේල (Test meal 5)* - පළමුව බත් ද, දෙවනුව එළවළු සහ කුකුල් මස්.
මෙහිදී ඔවුන් පර්යේෂණයට බඳුන් වූ පුද්ගලයින්ගේ පැයක් ගතවනතුරු සෑම පැය කාලකටම වරක්ද, ඉන් අනතුරුව සෑම පැය භාගයකට වරක්ද වශයෙන් රුධිරගත සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම මැන ඇති අතර, පැය තුනක් ගතවනතුරු සෑම පැය භාගයකට වරක් රුධිර ගත GLP-1 හෝමෝන මට්ටම ද මැන ඇත.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල වලට අනුව පෙන්වා දෙන පරිදි, අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව, පළමුව එළවළුද දෙවනුව මස් ද අනතුරුව බත්ද යන අනුපිළිවෙලින් ආහාරයට ගත් පුද්ගලයින්ගේ රුධිර ගත සීනි මට්ටම වැඩි වී ඇත්තේ ද, පළමු පැයේදී ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වී ඇත්තේ ද, ඉතා අවම වශයෙනි .

තවද වැඩිම රුධිර ගත සීනි ප්‍රමාණයක් සහ වැඩිම ඉන්සියුලින්ම ප්‍රමාණයක් ශ්‍රාවය වී ඇති බවට නිරීක්ෂණය කොට ඇත්තේ, පළමුව බත් ද ඉන් අනතුරුව එළවළු සහ මස් ද යන අනු පිළිවෙලින් ආහාරයට ගත් පුද්ගලයින්ගේය.*
මෙහිදී රුධිරගත GLP-1 හෝමෝන මට්ටම ද මැන ඇත. GLP-1 හෝමෝනය මගින් ආහාර රුචිය අඩු කරන අතර, මෑත කාලීනව බර අඩුකිරීම සඳහා හඳුන්වා දී ඇති GLP-1 Analogues ඖෂධ වල ද, අඩංගු වන්නේ මෙම GLP-1 හෝමෝනය හා අනුරූපී රසායනික ද්‍රව්‍යයකි. ඔවුන් පෙන්වා දී ඇති පරිදි, මෙම *රුධිර ගත GLP-1 හෝමෝනය, වැඩිපුරම ශ්‍රාවය වී ඇත්තේ පළමුව එළවළුද දෙවනුව මස් ද අනතුරුව බත් ද යන අනුපිළිවෙලින් ආහාර ආහාරයට ගත් පුද්ගලයින්ගේ ය.

එබැවින් සාරාංශයක් ලෙස ගත් කළ ප්‍රකාශ කළ හැක්කේ, ආහාර ගැනීමේදී, පළමුව එළවළුද දෙවනුව මස් ද අනතුරුව බත්ද යන අනුපිළිවෙලින් ආහාරයට ගැනීමෙන්, රුධිරගත සීනි මට්ටම මෙන්ම රුධිරගත ඉන්සියුලින් මට්ටම ද ඉහළ යාම අවම අගයක පවත්වා ගත හැකි බවයි.

මහාචාර්ය රනිල් ජයවර්ධන

2026.04.18

https://pubmed.ncbi.nlm.nih.gov/31053510/

16/04/2026

සතූන්ට Brake නැත. Brake ඇත්තේ ඔබටය!
Animals don't have brakes. You have brakes!

සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

06/04/2026

Novo Nordisk’s icodec-abae is now approved in the US for type 2 diabetes only, after a prior rejection partly due to concerns about hypoglycemia in type 1 diabetes. https://mdsc.pe/47sOMNe

"May the resurrection of Jesus Christ fill your heart with hope, faith, and the promise of eternal life. Wishing you a b...
05/04/2026

"May the resurrection of Jesus Christ fill your heart with hope, faith, and the promise of eternal life. Wishing you a blessed and meaningful Easter!"

27/03/2026

ඩොක්ටර් ගාවට යන්න දවස් තුන හතරකට කලින් ඉඳන් පැණි රස කන එක නවත්තලා, බතුත් අඩුවෙන් කාලා,තව කරවිල එහෙමත් කාලා, ලේ චෙක් කරලා (Fasting Blood Sugar) රිපෝට් එක අරන් ඩොක්ටර් ගාවට යන අය අපේ අතර ඕන තරම් ඉන්නවා නේද?

රිපෝට් එකේ සීනි මට්ටම ගොඩක් අඩුවෙන් තියෙනවා දැක්කම ඩොක්ටර් කියයි "ආ... දැන් නම් සීනි ගොඩක් කන්ට්‍රෝල්, නියමයි!" කියලා. එහෙම හිතාගෙන හරිම ආඩම්බරෙන් රිපෝට් එක පෙන්නුවම, සමහර දොස්තර මහත්වරු කියනවා "අපි මේකත් එක්කම HbA1c (ඒ-වන්-සී) පරීක්ෂණයකුත් කරලා බලමු" කියලා.

ඔන්න ඔය HbA1c රිපෝට් එක ආවම තමයි අර දවස් තුනේ කරපු 'හොර ඩයට්' එක මාට්ටු වෙන්නේ! 😅

අද අපි කතා කරන්නේ දියවැඩියා රෝගීන්ට වගේම, දියවැඩියාව හැදෙන්න අවදානමක් තියෙන අයටත් ගොඩක් වැදගත් වෙන මේ HbA1c පරීක්ෂණය ගැනයි. හරියටම දැනගමු ඇයි මේක මේ තරම් වැදගත් කියලා. 👇

🤔 ඇයි උදේට බලන සීනි (FBS) රිපෝට් එක විතරක් මදිද?
උදේ කෑම නොකා බලන Fasting Blood Sugar (FBS) පරීක්ෂණයෙන් පෙන්නන්නේ, හරියටම ලේ ගන්න ඒ මොහොතේ ඔයාගේ ඇඟේ සීනි කොච්චර තියෙනවද කියන එක විතරයි.

ඒක හරියට ඉස්කෝලේ එක දවසක දෙන 'සප්‍රයිස් ටෙස්ට්' (Pop quiz) එකක් වගේ. එදාට විතරක් හොඳට පාඩම් කරන් ගියොත් ලකුණු ගන්න පුළුවන්. ඒ වගේ තමයි, දවස් දෙක තුනක් පරිස්සම් වුණොත් මේ රිපෝට් එක හොඳට එන්න පුළුවන්. හැබැයි අනිත් දවස් වලට සීනි කොහොම තිබ්බද කියලා මේකෙන් හොයන්න බෑ.

🩸 එතකොට මොකක්ද මේ HbA1c (Hemoglobin A1c) කියන්නේ?
මේක හරියට ඔයාගේ 'වාර අවසාන රිපෝට් කාඩ් එක' වගේ. පසුගිය මාස 3ක කාලය පුරාවටම ඔයාගේ ඇඟේ සීනි මට්ටම සාමාන්‍යයෙන් කොහොමද තිබුණේ කියලා මේකෙන් හරියටම පෙන්නනවා. දවස් දෙකක් ඩයට් කළාට මේ රිපෝට් එක රවට්ටන්න බෑ!

මේක වෙන්නේ කොහොමද? අපේ ලේ වල තියෙන රතු රුධිර සෛල (Red Blood Cells) වල 'හිමොග්ලොබින්' (Hemoglobin) කියලා ප්‍රෝටීනයක් තියෙනවා. මේ රතු රුධිර සෛලයක් අපේ ඇඟේ ජීවත් වෙන්නේ දින 120ක් විතර. අපේ ලේ වල සීනි වැඩි වෙනකොට, ඒ සීනි ගිහින් අර හිමොග්ලොබින් වල ඇලෙනවා (Glycation).

ඔයා දිගටම පැණි රස, පිටි කෑම කනකොට ලේ වල සීනි වැඩිවෙලා හිමොග්ලොබින් වලට ඇලෙන සීනි ප්‍රමාණයත් වැඩි වෙනවා. HbA1c පරීක්ෂණයෙන් කරන්නේ, අන්න ඒ විදිහට සීනි ඇලිලා තියෙන හිමොග්ලොබින් ප්‍රතිශතය (%) කොච්චරද කියලා මනින එකයි.

📊 මේ රිපෝට් එකේ අගයන්ගෙන් කියවෙන්නේ මොකක්ද?
මේ රිපෝට් එක එන්නේ ප්‍රතිශතයක් (%) විදිහට. සාමාන්‍යයෙන් මේක කියවන්නේ මෙහෙමයි:

👉 නිරෝගී කෙනෙක්ගේ (Normal): 5.7% ට වඩා අඩුයි.
👉 දියවැඩියාව හැදීමේ අවදානම (Prediabetes): 5.7% ත් 6.4% ත් අතර. (මේ තත්ත්වයේ ඉන්නවා නම්, කෑම පාලනය කරලා ව්‍යායාම කළොත් දියවැඩියාව හැදෙන එක වළක්වාගන්න පුළුවන්!)
👉 දියවැඩියාව (Diabetes): 6.5% හෝ ඊට වැඩියි.

දියවැඩියාව තියෙන කෙනෙක්ගේ ඉලක්කය මොකක්ද?
ගොඩක් වෙලාවට දියවැඩියා රෝගියෙක් තමන්ගේ HbA1c අගය 7% ට අඩුවෙන් තියාගන්න එක තමයි වෛද්‍යවරුන්ගේ ඉලක්කය වෙන්නේ. හැබැයි මේ ඉලක්කය වයස සහ වෙනත් රෝගාබාධ අනුව දොස්තර මහත්තයා විසින් වෙනස් කරන්න පුළුවන්.

⚠️ ඇයි මේ HbA1c අගය පාලනය කරගන්න එක මෙච්චර වැදගත්?
දියවැඩියාව කියන්නේ ඇඟට නොදැනීම අපේ ඇඟේ තියෙන වැදගත් අවයව විනාශ කරන නිහඬ මාරයෙක්.

HbA1c අගය දිගටම 7% ට වඩා වැඩියෙන් තියෙනවා කියන්නේ, ඔයාගේ ඇඟේ ලේ වල මාස ගාණක් තිස්සේ අධික සීනි ප්‍රමාණයක් කැරකෙනවා කියන එක. මේ සීනි වලින් ඔයාගේ ඇස් වල පෙනීම නැති කරන්න, වකුගඩු නරක් කරන්න, ස්නායු දුර්වල කරන්න (කකුල් හිරිවැටීම) වගේම හාට් ඇටෑක් එකක් ගේන්න වුණත් පුළුවන්.

වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා, ඔයාගේ HbA1c අගය 1% කින් හරි අඩු කරගන්න පුළුවන් නම්, මේ භයානක සංකූලතා හැදෙන්න තියෙන අවදානම ගොඩක් ලොකු ප්‍රතිශතයකින් අඩු වෙනවා කියලා.

📌 අවසාන වශයෙන්, මේ ටික මතක තියාගන්න (Take-Home Message)
දොස්තර මහත්තයා රවට්ටන්න දවස් දෙකක් ඩයට් කළාට වැඩක් නෑ, HbA1c එකෙන් ඇත්තම තත්ත්වය අහුවෙනවා. රවට්ටන්නේ දොස්තරව නෙවෙයි, තමන්වමයි!

ඔබට දියවැඩියාව තිබුණත් නැතත්, අවුරුද්දකට සැරයක්වත් මේ පරීක්ෂණය කරගන්න එක ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත්.

මේ පරීක්ෂණය කරන්න බඩගින්නේ (Fasting) ඉන්න අවශ්‍ය නෑ. දවසේ ඕනෑම වෙලාවක කරන්න පුළුවන්.

HbA1c අගය වැඩි වෙලා නම්, බය වෙන්න එපා. හරියට බෙහෙත් පාවිච්චි කරලා, පිෂ්ඨය සහ සීනි කෑම අඩු කරලා, දවසට විනාඩි 30ක්වත් ව්‍යායාම කළොත් මේ අගය ලස්සනට පාලනය කරගන්න පුළුවන්.

ඔබේ දියවැඩියා තත්ත්වය පාලනය කරගැනීමට මේ තොරතුරු ලොකු උදව්වක් වේවි කියලා හිතනවා.

මේ වටිනා තොරතුරු තවත් කෙනෙක්ගේ ජීවිතයක් නිරෝගී කරන්න හේතු වෙන්න පුළුවන්. 👉 පෝස්ට් එක Share කරන්න!

ඔබ අවසන් වරට රුධිරයේ සීනි පරීක්ෂා කළේ කවදාද?

#දියවැඩියාව #සීනිමට්ටම #සෞඛ්‍ය #දැනුවත්වෙමු

Collaboration with South Asian Expertise! Sharing regional knowledge and experiences!!
26/03/2026

Collaboration with South Asian Expertise! Sharing regional knowledge and experiences!!

24/03/2026

20 minutes of daily physical activity is linked to lower risk of disease, improved mental health, and lower rates of depression. Head outside for a walk and step into better health.

Eid Mubarak! May You and Your Family Blessed with Peace, Happiness, and Prosperity!
21/03/2026

Eid Mubarak! May You and Your Family Blessed with Peace, Happiness, and Prosperity!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr Tharanga Samarasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share