Ceylon Ayuwarna Ayurveda

Ceylon Ayuwarna Ayurveda Ayuwarna empowers you to become very healthy balance person in the nature. Let's come to create a "color of life" with Ayuwarna.

අපේ රටේ සිටින රෝගීන්ගේ ආකල්ප ගැන දැඩි කලකිරීමෙන් ලියමි. මම  රටෙන් පිට වී වසර දෙකකට වැඩි කාලයක් ගෙවුණද තවමත් මෙ දුරකතන අන...
12/04/2025

අපේ රටේ සිටින රෝගීන්ගේ ආකල්ප ගැන දැඩි කලකිරීමෙන් ලියමි.
මම රටෙන් පිට වී වසර දෙකකට වැඩි කාලයක් ගෙවුණද තවමත් මෙ දුරකතන අන්කයට එන ඇමතුම් ගැන පුදුම වෙමි. එ අතර සමහර අවන්ක රොගීන් කතා කර ප්‍රතිකාර ගැනීමට ඇසුවද, සමහර රොගීන් ගේ අදහස් ගැන ඇති වන්නේ මහා කලකිරීමකි.
අද මට එක් අයෙක් කතා කර විමසා සිටියේ " ඩොක්ටර් පිට වීමටමොකද කරන්නේ කියාය". ඔහු තුල තිබුනේ පුදුම අසහනකාරී කටහඩකි.
පහුගිය දිනෙක අනුරධපුර රොහලේ සිදු වූ දේ එකවරම මගේ ඔලුවට ආවේ මේ රටේ මිනිසුන්ට S*X education පිලිබද ඇත්තේ කොපමන අල්ප දැනුමක් ද කියාය. මම තවමත් පුලුවන් ලෙස ඇතැම් රොගීන්ට උපදෙස් ලබා දෙන්නේ කිසිදු මුදලක් ගැන නොසිතාය. අප මහජන මුදල් වලින් ඉගෙන රට තුළ නොසිටීම ගැන දුකක් නැතුවාම නොවේ. ඒ නිසා කොතරම් කාර්යබහුල වුවත් හැකි හැම විටම වෙලාව නොබලා රෝගීන්ට පිළිතුරු ලබා දෙමි.
නමුත් එය ද විහිලුවකට ගෙන අසහනකාරී ලෙස හෑසිරෙන ඇතැම් රොගීන් ගැන ඇත්තේ පුදුම කලකිරීමකි. ගනන් කිරීමට අපහසු තරම් දුරකථන අන්ක මා බ්ලොක් කර ඈත. දිනෙන් දින එය වැඩි වෙනවා මිස අඩු වීමක් නැත. පළමුවන ලෝකයේ රටක සිට අපේ රටේ මිනිසුන්ගේ හෑසිරීම පිලිබද ඇත්තේ නොසැහෙන්න කලකිරීමකි.
සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා ෛවදයවරියකට උපදෙස් ලබා දීමට තියා තමන්ගේ private clinic, සහ රෝහල් තුළ තමන්ගේ ආරක්ෂාව සපුරා ගැනීම තමන් තුළ ඇති වගකීමකි. ලෝකය කොතරම් ඉදිරියට ගියද අපේ දූපත්වාසී මිනිසුන්ගේ ආකල්ප දිනෙන් දින පෑරනි වීම ගැන ඇත්තේ කනගාටුවක් සහ දෑඩි කලකිරීමකි.
ඔබගේ දුව පුතා ආරක්ෂාකාරී ලෙස අනාගතයේ රට තුල විසීමට නම් self defensive safety methods ( physically + mentally) ගැන තමන්ගේ දරුවන් දෑනුවත් කිරීම වගකීමක් මෙන්ම යුතුමකම් ලෙසද සලකමි. Medical college වල එය ඉගෙන්වීමට ආරම්ඹ කිරීම කාලෝචිත යෙයි සිතමි.
සමහර දියුණු පළමු ලෝකයේ රට වලද ෛවදයවරුන් නොමැතිව රොගීන් දහස් ගනන් දුක් විදින විට අප වෑනි තුන්වන ලොකයෙ රටකින් බිහිවන ෛවදයවරුන් ප්‍රවෙසම් කර ගෑනීම ඔබෙ වගකීමකි. අප ද මිනිසුන් සහ දිනෙන් දින වන අසන්නට ලැබෙන මෙවන් පුවත් වලින් මා වුව්ද මාගෙ දරුවකු මෙ රට තුළ තිබීම ගෑන දහස් වාරයක් සිතමි. රටෙන් එපිට වුව්ද ඒ ආකල්ප එලෙසින්ම ඇත්නම් කියන්නට ඇත්තේත් එපමණය.
සමහර වචන වෑරදියට සටහන් වී ඇත්නම් ඒ ගෑන සමාව ඉල්ලමි.

Dr. Dinesha Weerapperuma ( BAMS, Pg. Health admin special, CA)

04/02/2023

76 වන නිදහස් සැමරුම ගැන කතා කරන්නට වෙහෙස නොවෙමු...

මහා වංශයේ පටන්, ඉතිහාසයේ අතිශයෝක්තිය සමගින්, පුරසාරම් දොඩමින්, කිසිදා නොලැබුණු දෙයක් සමරන්නට වසරේ දිනයක් වෙන් කර වෙහෙස වන මුග්ධ මිනිසුන් දුටු කල හිනා වෙන්න ද ? අඩන්නද? සිතා ගැනීමට නොහැකිය ...

UNICEF ආයාතනය පවසන විදියට ලංකාවේ මිලියන 7කට ආසන්න මිනිසුන් ප්‍රමාණයකට මානුෂික ආධාර අවශ්‍යව ඇති මොහොතක්...
සංගණන කෙසේ වෙතත් සැබෑවක්..

සමහර මිනිසුන් නිදහසක් නොදැකම ජීවිත වලින් වන්දි ගෙවා හමාරය...

සුද්දා අපේ ආසියාතික රටවල් වල සියලු වටිනා දේ සුද්ද කරගෙන ගොස් නිදහස ලබා දුන්නත්..

අපේ මිනිසුන් ගේ ආකල්පමය වෙනස තාමත් නිදහස් වී නැත..
ජාන වලටම කා වැදී ඇත..

මහා වංශයේ ආරම්භයේ පටන් දුක්බර කවි කතන්දර සමගින් ගලා යන ඉතිහාසය තුළ අපේ රට කොතරම් ආක්‍රමණ වලින් මුදවාගෙන තියෙනවා ද?

දූපතක් විදිහට තියෙන නිසා ආක්‍රමණ , සංක්‍රමණ අපිට නිසි ලෙස පාලනය කර ගන්නට බැරි උනා ද?
කොතන හරි අපිට වැරදිලා...🙄🙄

රැජින නැති උන දුකට ගිය අවුරුද්දේ රාජ්‍ය සහ පෞද්ගලික නිවාඩුත් සැමරූ බව යාන්තමින් මතකය...🤣🤣

අටුවා ටීකා අවශ්‍ය නැත...
අපේ අහිංසක රට කවදා නැගිටියි ද කියා හිතා ගන්නවට වත් බැරිය...

දැනෙන හැගීම සමග..
මේ මොහොතේ..
නොලියා ඉන්නට නොහැකි විය..
🙏🙏

වෛද්‍යතුමිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගත වී ඇති බැවින් මේ දින වල හමුවිය නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමි.071 22...
30/10/2022

වෛද්‍යතුමිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගත වී ඇති බැවින් මේ දින වල හමුවිය නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමි.

071 22 47 466
Whatsapp අංකය ඔස්සේ අවශ්‍ය නම් කතා කළ හැකියි.

https://m.facebook.com/story.php?story_fbid=543563157773063&id=100063581498701
21/10/2022

https://m.facebook.com/story.php?story_fbid=543563157773063&id=100063581498701

සම්පූර්ණ වැඩසටහන නරඹන්න
https://youtu.be/Q0XQybuZlKg
Peo TV නාලිකා අංක 122 න්
www.aksharayatv.com
Dr. Dinesha Weerapperuma

Subscribe Now :- https://bit.ly/3PT3od4
Visit our website :- http://www.aksharayatv.com
Watch Live Webcast :- https://www.aksharayatv.com/TV
Join our page :- https://bit.ly/3wwOWRd
Follow US twitter :- https://bit.ly/3chWLmZ
Follow US Instagram https://www.instagram.com/aksharayatv/
Follow US TikTok : https://bit.ly/3L8ihrj

https://youtu.be/e_dHKAFoGaU
19/09/2022

https://youtu.be/e_dHKAFoGaU

අර්ශස් රෝගයට ආර්යුවේද වෛද්‍ය ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 26 - 08 - 2022The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකා...

Today Morning programme Doctor segment Discussion about how to cure and prevent from the disease of  piles
26/08/2022

Today Morning programme
Doctor segment
Discussion about how to cure and prevent from the disease of piles

17/08/2022

සුව සුබ උදෑසනක් වේවා!!!
#
අලුත් උදෑසන අලුත් සිතුවිල්ලක්..

ජීවිතේ කියන්නේ අභියෝගයක්.ඉතින් අභියෝගයන්ට සීමා නොදමා සීමාවන්ට අභියෝග කරන්න ඔබ ඉගෙන ගතයුතුයි.
පුහුණු,පුරුදු විය යුතුයි.
ඒ වගේම මේ ජීවිතේ කියන්නේ අපූරු ගමනක්.
මේ අපූරු අමාරු ගමන යද්දි විවිධ ප්‍රශ්න එනවා.කලකිරීම් එනවා.හිත් රිදෙනවා.සමහරු මග හරිනවා.තවත් සමහරු අත හරිනවා.

නමුත් අභියෝගය මග නොහැර අත නොහැර සාර්ථකව අවසන් කරන එක තමයි ඔබෙත් මගේත් යුතුකම සහ වගකීම.
ඉතින් කිසිදු දෙයක් ඔබට ඉබේ ලැබෙන්නේ නැති නිසාම අපි
අපේ අරමුණු ,අභිමතාර්ථ ,සිහින,ප්‍රාර්ථනා,ඉලක්ක දිනාගන්න නම් අභියෝගයන්ට අභියෝග කල යුතුමයි...
මන්ද නිසල සයුරක් කිසිදා දක්ශ නාවිකයින් බිහි නොකරන නිසා..ඒ නිසාම අදම,දැන්ම ඔබත් ඔබේ අභියෝගයන්ට අභියෝග කරන්න..

උත්සාහය ,කැපවීම , උනන්දුව ,ඉවසීම ඇති තැන සුන්දර ගමනාන්තයක් ඇති නිසා අභියෝගයන්ට අභියෝග කරමින් ජීවිතේ වෛවර්ණ ගන්වන්නට ආයුවර්ණවත් වන අලුත් උදෑසන මේ පුංචි සිතුවිල්ල ආයුවර්ණ අප ඔබ වෙත ආදරයෙන් ගෙන එනවා..

Very Good morning to all...
Nothing great was ever achieved without enthusiasm ...


15/08/2022

ආයුවර්ණ දින 100 සමගින්...
5 minutes Short Video clips with Ayuwarna
Day 06

LiFe -02
අවදානය සහ අවධානම

ඔබ බලපොරොත්තු වෙනවද කවුරුත් ඔබගේ ජීවිතය ට මග පෙන්වාවි කියා..
ඔබ බලාපොරොත්තු වෙනවා ද කව්රුත් ඔබේ ජීවිතයෙන් ගොඩ යන්න උදව් කරයි කියා..
අර දේ කරන්න..මේ දේ කරන්න කියලා ඔබට උපදෙස් දෙයි කියලා ..
එහෙම වෙනකොට හිතෙනවා ද කවුරුත් ම මට නෑ කියලා ..

එහෙම නම් ඔබ ඔබට අවදානය දීලා නෑ..
දෙවරක් සිතන්න ..
ඔබේ ජීවිතය ඔබට ආස කැමති විදිහට ඉදලා තියෙනවා ද..
කවද්ද අන්තිමට ඔබ එහෙම හිටියේ?
කවද්ද එහෙම නිදහසක් ලැබුණේ ඔබට අන්තිමට ..

ඒ නිදහස සොයා ගැනීම, සීමාවන් තියෙන්නේ ඔබේ අතේමයි..

කවදාවත් විදපු නැති විදිහට ජීවිතය විදින්න..
වේදනාවක් ලබපුම නැති කෙනෙක් විදිහට ලෝකෙට ආදරේ කරන්න..

ඊට කලියෙන් ඔබ ඔබට ආදරය ,ගෞරව කරන්න.
එතකොට ඒ ආදරය ,ගෞරවය පෙරළා ඔබට ලැබේවි..
ඒකයි අවදානය කියලා කියන්නේ ..
ඔබ ඔබේ කාලයට, සපයන සේවාවට, රැකියාව ට, පවුලට අවදානය දෙන්න.

එවිට අවදානමක් නොගෙන ආදරණීය අවදානයක් එක්කම ලස්සන ජීවිතයක් ඔබට ලැබේවි...

You must give self attention to you firstly ...

Get up ..dress up and work..
Make your best performance in your future .

මේ වීඩියෝව ඔබේ දැනුවත් භාවය උදෙසා යි.


අක්ෂරය TV සමගින් ....ළගදීම .... Show...Doctor segment ...
12/08/2022

අක්ෂරය TV සමගින් ....
ළගදීම ....

Show...
Doctor segment ...

12/08/2022

ආයුවර්ණ දින 100 සමගින්...
5 minutes Short Video clips with Ayuwarna
Day 05

LiFe -01
ජීවිතය

මිනිස් මොළය සෑමවිටම ඔබේ ජීවිතය ජීවත් කරවීමට මිස සාර්ථකත්වයට පහසු මාර්ග නොසොයයි..

ජීවිතය අපහසු වූ විට ඔබ එයින් පළා යාම සිදු කරයි.
ඒ නිසා adjust වෙන්න. සාර්ථකත්වයට ගමන් කිරීමට . ලැබුණු අත්දැකීම් වලින් පාඩම් උගෙන ඉදිරියට යන්න.
ඔබට පුලුවන් .
ජය..

Human brain has already adjust for survive .
But you can use it for achieve your targets and being success
Be motivated and updated by yourself always ...
Get a lessons and make your success .

Get up ..dress up and work..
Make your best performance in your future .

මේ වීඩියෝව ඔබේ දැනුවත් භාවය උදෙසා යි.


11/08/2022

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Ayuwarna Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Ayuwarna Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram