29/04/2026
මෙන්න සුපිරි හැකරා
මේ රූපයේ ඉන්නේ හම්සා බෙන්ඩල්ලාඩ්ජි කියන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා.
මෙයා ට්‍රෝජන් හෝස් වර්ගයේ පරිගණක වෛරසයක් භාවිතයෙන් ලෝකය පුරා බැංකු 217 ක් හැක් කරලා තියෙනවා.
එමඟින් ඔහු බිලියන 4 ක මුදලක් සොරාගෙන තියෙනවා.හැබැයි පුදුමයට කාරණය කියන්නේ මෙයා මේ හොරකම් කරපු සල්ලි ඔක්කොම දිළිඳු අප්‍රිකානු රටවලට බෙදා දීලා තියෙනවා.
කොහොමහරි මෙයා ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත් වෙලා කරපු වරදට මරණ දඬුවම හිමි වෙලා තියෙනවා.
Photo එකේ පේනවා ඇති මරණ දඬුවමට නියම වෙලා බන්ධනාගාරයට ඔහුව ගෙනියද්දි ඔහුගේ මුහුණේ තිබ්බ හිනාව.මරණය පෙනී පෙනීත් හිනාවෙන්න ආත්ම ශක්තියක් තියෙන්න ඇත්තේ තමන් වරදක් කරත් කලේ හොඳ චේතනාවකින් නිසා වෙන්න ඇති.
මේ සිද්දිය නිසා මෙයා සිනාසෙන හැකර් කියලා හඳුන්වනවා.මෙයා මැරුවා කියලත් තොරතුරු සංසරණය වුණත් නිළ වශයෙන් සඳහන් වෙන්නේ මිනිස්සු ගොඩක් මෙයා වෙනුවෙන් කතා කරපු නිසා තාමත් ඔහු සිර ගෙදර ඉන්නවා කියලයි.