10/08/2024
සතුටින් ජීවත් වීමට නම්....😊😊
මිනිසා බොහෝ විට බාහිර සාධක මත යැපෙමින් තම සතුට සොයා ගන්නා ජීවීයෙකි. සතුට යන්නෙහි ජෛව විද්‍යාත්මක සහ අධ්‍යාත්මික පසුබිම අවබෝධ කර ගැනීම තුළින් " සතුට නැමැති රථයෙහි මගියෙකු නොවී එහි රියැදුරු වීමට ඔබටත් හැකිය "
වසර මිලියන ගණනක් පුරා ක්‍රමානුකූලව වෙනස් වූ ( පරිණාමය වූ ) ඔබගේ මොළය එම කාලය පුරාම අත්විඳි බාහිර සාධක අතුරින්
ඔබට යහපතක් වන්නේ මොනවායින්ද , අයහපතක් වන්නේ මොනවායින්ද යන්න මේ වන විට හොඳින් අවබෝධ කරගෙන සිටී.
යහපතක් සිදු වන බාහිර සාධක වෙත වැඩිපුර අප පෙළඹවීමට මොළය තුළ පරිණාමය වී ඇති උපක්‍රමය නම් , සතුට ලෙස අප අත් විඳින ප්‍රසන්න මනෝභාවය එම බාහිර සාධකයන් නිසා ඇතිවන ලෙස රසායනික ක්‍රියාවලියක් මොළයේ ජනිත වීමට සැලැස්වීමයි. එසේම අයහපතක් සිදුවන බාහිර සාධක වෙතින් අප ඉවත් කර අපව ආරක්ෂා කිරීමට පරිනාමය වී ඇති උපක්‍රමය නම් එම සාධක නිසා අසතුට, දුක, වේදනාව ලෙස අප අත් විඳින අප්‍රසන්න මනෝභාවය ඇතිවන ලෙස රසායනික ක්‍රියාවලියක් මොළය තුළ ජනිත වීමට සැලැස්වීමයි.
මේ මගින් අයහපත් දේ මග හරිමින් යහපත් දේ පමණක් හඹා ගොස් තම පැවැත්ම සහ දියුණුව තහවුරු කර ගැනීමේ සොබාදහමේ නීතියට මිනිසා ද යටත් වී ඇත. සරලව දැක්වුවහොත් ....
යහපත් අත්දැකීම් -----> සතුට -----> සතුට ඇති කළ සාධකය නැවත සෙවීම ------> දියුණුව සාර්ථකත්වය ------> සාර්ථකත්වය නිසා ඇති වන සතුට ------> සතුට ලැබුණු දේ නැවත සෙවීම
* මෙහි "සාර්ථකත්වය" නැවතත් සතුට ඇති කරන සාධකයක් ලෙස ක්‍රියා කරන ආකාරය අවබෝධ කරගන්න. මේ හේතුව නිසාම මිනිසා තම තමන්ගේ නිර්වචනයන්ට අනුව යහපත් හෝ අයහපත් මාර්ග ඔස්සේ " සාර්ථකත්වය " හඹා යමින්නේ ඉන් සතුටක් ලැබෙන නිසාය.
අපගේ මොළයේ Limbic Cortex නම් ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් ඇතිවන මෙම සතුට ඇති කරන රසායන ක්‍රියාවලියට හේතුව Dopamin, Serotonin, Endorphin, Oxytocin වැනි හෝමෝන ( Happy Hormones ) වැඩිපුර ශ්‍රාවය වීමයි. ඒවා අඩුවන විට අසතුට , වේදනාව , දුක, විෂාදය ජනිත වන රසායනය ( Chemical Soup) මොළය තුළ ඇති වෙයි.
පංචේන්ද්‍රයන් ඔස්සේ ලැබෙන සුවදායි උත්තේජන මගින් මෙන්ම වෙනත් යහපත් සුවදායී සිතිවිලි කම්පන තරංග වල ශක්තියෙන්ද මෙම රසායන ක්‍රියාවලිය ඇති කළ හැකිය. එනම් ඔබට දැනෙන සෑම හැඟීමක්ම ඔබේ මොළයේ රසායනයට ( සහ දීර්ඝකාලීනව ව්‍යුහයට පවා ) බලපාන අතර " එහි ප්‍රතිලෝමය ද සත්‍යයකි". පළමුව ඇතිවන්නේ රසායනය ද සිතිවිලි කම්පන ද යන්න සෙවීම අපහසුය. නමුත් භෞතික ශරීරය ( පදාර්ථය ) සහ හැඟීම් / සිතිවිලි ( ශක්තිය ) එකට වැඩ කරන ආකාරය තේරුම් ගත්විට ඔබේ මනෝභාවය " හැක් " කිරීම ඔබටම පහසුවෙන් කළ හැකිය. එවිට ඔබට නිතරම සතුටින් සිටීම අමාරු කාර්යයක් නොවේ.
මෙය භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව අතර සොබාදහමේ අපූරු සුසංයෝගයක් නැතහොත් පදාර්ථය සහ ශක්තිය අතර වූ ස්වභාදහමේ අද්විතීය ගනුදෙනුවක්. මෙය සතුට යන මනෝභාවයට පමණක් සීමාවූවක් නොවේ.
මම සරල උදාහරණයකින් මෙය තවදුරටත් පැහැදිලි කරන්නම්. හිරු එළියේ වූ සමහර ශක්තීන් සහ කම්පන සංඛ්‍යාත මගින් ශාක වල ප්‍රභාසංස්ලේෂණය නම් රසායන ප්‍රතික්‍රියාව උත්තේජනය කර ශාක කොළ පැහැයට හරවයි. සතුට "හරිතප්‍රද" නම් එය ඇති කරන සිතිවිලිවල ඇති ශක්තිය " හිරු එළිය" ලෙස සැලකිය හැකි ය. වැදගත් කරුණ නම් , මෙසේ ඇති වන සතුට නමැති තනි සිතිවිල්ල නිසා මොළයටත් මුළු ශරීරයටමත්, භාවාංග සහ උඩු සිතෙහි අනිකුත් සියළු සිතුවිලි වලටත් ඇතිවන ධනාත්මක වෙනස අති ප්‍රබල සහ අද්විතීය එකක් වීමයි. එනම් සතුටින් සිටින විට .....
- මොළය වර්ධනය වෙයි
- නියුරෝන ජාල විකසනය වී මොළයේ යහපත් ව්‍යුහමය වෙනස්කම් සිදුවේ
- මොළය සහ ශරීරය කාර්යක්ෂමව ක්‍රියා කරයි
- නිර්මාණශීලී බව, පරිකල්පන ශක්තිය , අවධානය, මතක ශක්තිය, වැඩිවෙයි.
- ප්‍රතිශක්තිකරණය වැඩි වීම නිසා බෝ වන රෝග වැළඳීම අඩු වෙයි.
- ඉන්ද්‍රිය සහ පද්ධතිවල හෝමෝන ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත වීම නිසා බෝ නොවන රෝග අවදානම අඩු වෙයි. සමස්ත ප්‍රතිඵලයක් ලෙස තරුණ බව දිගු කලක් රැඳෙයි.
* මෙවැනි හාස්කමක් සිදු කළ හැකි " සතුට " ඇති කරන සාධක මොනවාද ?
1- යහපත් මානව සබඳතා ඉන් මුල් තැන ගනී.
මෙය මානවයාගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක්. මානව සබඳතාවකදී ඇතිවන පහත සඳහන් සුවදායී හැඟීම් වල ඇති ශක්තිය මගින් ඉහතින් විස්තර කළ පරිදි මොළයේ Limbic Cortex උත්තේජනය කිරීම මෙයට හේතුවයි. එම හැඟීම් නම් ......
#. තමාට ආදරය කරන කෙනෙකු සිටින බව දැනීම නිසා දැනෙන සුරක්ෂිත / ආරක්ෂිත භාවය ලෙස දැනෙන හැඟීම.
#. ආදරයේ හෝ මානව සබඳතාවයක මූලික සංඝටක ලෙස අනෙකාගෙන් ලැබෙන * නිසි වටිනාකම ලබා දීම * නිසි පිළිගැනීම ( Acceptance ) * අගය කිරිම ( Appreciation ) * සැලකිලිමත් වීම ( Care) * ගරු කිරීම ( Respect ) * තේරුම් ගැනීම ( Understanding ) ආදිය නිසා නිරන්තරයෙන් එය ලබන්නාගේ සිතෙහි ඇතිවන ධනාත්මක සුවදායි සිතුවිලි නිසා.
#. ඉහත සියලුම දේ තවෙකෙකුට ලබාදී ඔවුන් සතුටු වන හැටි දැකීමට තරම් පරිත්‍යාගශීලී වීම නිසා , ඒවා ලබා දෙන්නාගේ සිතෙහි ඇතිවන අධි කම්පන සිතිවිලි නිසා. මූලික මනුෂ්‍ය ස්වභාවයක් නම් ඔවුන් වැඩිපුරම සතුටු වෙන්නේ තමා නිසා වෙනත් අයකු ( විශේෂයෙන් ම තමා ආදරය කරන කෙනෙකු ) සතුටු වනු දැකීමෙන් බව මතක තබා ගන්න.
#. ඉහත සංඝටක නොමැති තැනක "යහපත්" මානව සබඳතාවක් පැවතිය නොහැක. එවැනි සබඳතා විෂ සහිත ඒවාය. ( Toxic relationship ). එහි සංඝටක ලෙස ඇත්තේ ඉහත හැඟීම් වලට ප්‍රතිවිරුද්ධ හැඟීම් ය. එවැනි විෂ සහිත සම්බන්ධතාවල ප්‍රතිඵලය වේදනාව සහ අසතුට පමණි.
**** මේ අනුව අන් අයගේ සිත්වල සතුට සහ දීප්තිය ඇති කිරීම වෙනුවෙන් තනි සිතිවිල්ලක් ලෙස ආදරය සහ ප්‍රේමය වපුරන තැනැත්තා, අන්‍යයන්ගේ වැරදි සොයමින් එය සිදු කිරීමට උත්සාහ කරන ලොව සියලු දෙනාම එක්ව කරන සේවයට වඩා වැඩි යහපතක් ලෝකයට සලසන බව දැන් ඔබට පැහැදිලියි.****
මානව සබඳතා හැරුණු කොට මිනිසාට සතුට ගෙන දෙන සාධක ලැයිස්තුවක් පහත දැක්වේ. පුද්ගල පෞර්ෂත්වය, ජාන සංයුතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස සහ වෙනත් සමාජ පාරිසරික බලපෑම් මත මේ එක් එක් සාධක එක් එක් පුද්ගලයාට වැදගත් වන ආකාරය වෙනස් විය හැකිය. මේ සියලු දෙයින් ද සිදු වනුයේ පංචේන්ද්‍රයන් ඔස්සේ මොළයට ලැබෙන භෞතික සුවදායී උත්තේජන නිසා හෝ සුවදායි හැඟීම් / සිතිවිලි නිසා මොළයේ Limbic Cortex උත්තේජනය වීමයි. ඒ තුළින් happy hormones වැඩිපුර ශ්‍රාවය වීමයි.
2. සුරතල් සතුන් , ශාක , ස්වභාවික පරිසරය සමඟ ඇතිකරගන්නා බැඳීම්. මෙහිදී තවත් ජීවියෙකු සමඟ ඇතිවෙන මානසික බැඳීම නිසා කරුණාව දයාව අනුකම්පාව වැනි යහපත් සිතුවිලි ඇති වේ.
3. අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශ්වාසයෙන් ඒවා සමඟ ඇතිකරගන්නා මානසික බැඳීම්. මානව සබඳතා බොහෝවිට වෙනස්වීම්වලට භාජනය වෙයි. කාලයත් සමඟ එකිනෙකාගේ අගය කළ හැකි , වටිනාකම් ලබා දිය හැකි කරුණු වෙනුවට විවේචනය කළ යුතු , අනුමත කළ නොහැකි අරමුණු එකිනෙකාට පෙනෙන්නට පටන් ගනී. එවිට ඉහතින් විස්තර කළ සංඝටක වල අඩුවීමක් සිදුවේ. එසේ "වෙනස් නොවන" බැඳීමක් සොයන විට ඔවුන්ට හමුවන්නේ දෙවියන් වහන්සේ හෝ අදෘශ්‍යමාන බලවේග පමනයි.
4. සමාජ සේවය, සංගීතය, වෙනත් විනෝදාංශ. මෙහි වෙනත් විනෝදාංශ යටතට සමහරවිට තාවකාලික සතුටක් ලැබුණත් දීර්ඝකාලීන වශයෙන් අයහපතක් සිදුවන , සමාජ විරෝධී , අස්වාභාවික , අධර්මිෂ්ඨ දේවල් ද පැවතිය හැකිය. එසේම නූතන සමාජයේ ඉලෙක්ට්‍රොනික් ඩිජිටල් සංස්කෘතිය සහ අන්තර්ජාලය තුළ මෙවැනි දෑ බහුල බව අමුතුවෙන් කිව යුතු නැත.
5. ව්‍යායාම, යෝගී, භාවනාව, නින්ද. ( මෙහිදී Endorphin ශ්‍රාවය වැඩි වීම හේතුවකි )
6. ලිංගික සතුට, සිප වැළඳ ගැනීම, රෝමෑන්ටික් ආදර සබඳතා වල මුල් අවස්ථාව ( honeymoon period of romantic love ), කුඩා දරුවන් සමග කාලය ගත කිරීම ( මෙහිදී Oxytocin = love hormone ශ්‍රාවය වැඩිවීම හේතුවකි )
7. විනෝද ජනක සහ වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය කලා නිර්මාණ රසවිඳීම , නිතරම සිනාසීම
8. ස්තූතිවන්ත වීම, සමාව දීම, මුදිතාව, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වැනි සියළුම ආගම් / දර්ශන වල උගන්වන අධ්‍යාත්මික ගුණ වගාව ප්‍රගුණ කිරීම .
ජීවිත කාලය තුළදී අප සියලු දෙනා සියලුම දේවල් පාහේ සිදු කරනුයේ අපගේ සතුට වෙනුවෙනි. නමුත් අසමතුලිත පෞරුෂයක් හෝ මානසිකත්වයක් ඇති අය ඉහත සඳහන් සතුට ලැබෙන ඕනෑම දෙයකට අසාමාන්‍ය ලෙස ඇබ්බැහි වීමට ද ඉඩ තිබේ. එසේම මෙම ස්වාභාවික ක්‍රම මගහැර අස්වාභාවික කෙටි ක්‍රම වලින් සතුට සහ සාර්ථකත්වය සොයන අය අද සමාජයේ බහුලයි. ඔවුන්ට යහපත සහ අයහපත තෝරා බේරා ගැනීමට තරම් ජීවිත අවබෝධයක් නොමැති වීම ඊට හේතුවයි. මිනිස්සුන්ට අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍ය වන්නේ මෙම හේතුව නිසාය.
මෙහි අවසාන කරුණ හෙවත් අධ්‍යාත්මික ගුණ වගාව ගැන පසු වදනක් තැබීමට මට අවසර දෙන්න.......
ඔබගේ විශ්වාසය සහ භක්තිය ඇත්තේ නවීන විද්‍යාව සහ සොබාදහමේ නීතියට හෝ වෙනයම් ආගමික ඉගැන්වීමකට විය හැකියි. නමුත් ඔබගේ භෞතික ශරීරය සහ එහි ඇති රසායනික ක්‍රියාවලීන් හුදෙක් "පදාර්ථය" පමණක් නියෝජනය කරන බවත් , ඉන් ඔබ්බට ගිය විශ්වයේ පවතින "ශක්තිය" නියෝජනය කරන ඔබගේ සිතිවිලි කම්පන තරංග නැමැති ශක්ති කොටසක් හෙවත් එය නියෝජනය කරන ජීවීයෙක් ඔබ සතුව පවතින බවත් අවබෝධ කරගන්න. මෙම දෙකොටසම එක්ව ක්‍රියාත්මක වුවත්, සිතුවිලි ශක්තියට ඔබ සිතනවාට වඩා විශාල වැඩ කොටසක් ඔබගේ සතුට සහ ජීවිතයේ අන් සියලු දේ වෙනුවෙන් කළ හැකි බව තේරුම් ගන්න. එය පරිණාමයෙන් ඔබට උරුම වී ඇති භෞතික සහ රසායනික ශරීරයේ ක්‍රියාකාරීත්වය අතික්‍රමණය කළ හැකි ශක්තියකි.
* ඔබ බුදු දහම භක්තියෙන් විශ්වාස කරන්නෙකු නම්, තෘෂ්ණාවට අනුව දස අකුසල් තුළ අනුසෝතගාමීව ජීවත් වීම "භෞතික සහ රසායනික ජීවියා " නියෝජනය කරන බවත් , නික්ලේශීව දස කුසල් තුළ පටිසෝතගාමීව ජීවත් වීම " සිතිවිලි ශක්තියේ ජීවියා " නියෝජනය කරන බවත් ඔබට වැටහේවි.
* ඔබ කිතු දහම භක්තියෙන් විශ්වාස කරන්නෙක් නම් ,
එහි ඉගැන්වෙන " මාංශයෙන් ජීවත්වීම " යනු ඉහත භෞතික සහ රසායනික ජීවියා බවත් " ආත්මයෙන් ජීවත්වීම " යනු සිතිවිලි ශක්තිය නියෝජනය කරන ජීවියා බවත් ඔබට වැටහේවි.
* ඔබ ඉස්ලාම් දහම භක්තියෙන් විශ්වාස කරන්නෙකු නම් එහි ඉගැන්වෙන " HARAM - හරාම් " යනු භෞතික සහ රසායනික ජීවියා බවත් , " HALAL - හලාල් " යනු සිතිවිලි ශක්තිය නියෝජනය කරන ජීවියා බවත් ඔබට වැටහේවි.
ලොව පවතින අනෙකුත් බොහෝ ආගමික / දාර්ශනික ඉගැන්වීම් සියල්ලකම පාහේ මෙම ද්වි - භාවයේ යථාර්ථය (Dualism) උගන්වයි. ගැටලුව ඇත්තේ දර්ශනයේ නොව එය නිවැරදිව තේරුම් නොගන්නා මිනිස්සුන් තුලයි. අවබෝධයෙන් සහ සතුටින් ජීවත් වන්න ...!!😊😇
වෛද්‍ය. ච්රන්ත ජීවන්.
01.07.2021 (One of my old articles)
--------------------------------------------------------------
Chirajeewa - YouTube
Chirajeewa YouTube
Chirajeewa Medical Service Pvt. Ltd.
Chira jeewa
Chira jeewa
Chira Jeewa
Chira Jeewa
Healthbook.lk
Health Promotion Bureau
Healthy Life Clinic
Ministry of Health - Srilanka