PhysioTreat

PhysioTreat Life free of pain

31/05/2024
🔴 අංශභාගයට තවම හරි ප්‍රතිකාරයක් නැද්ද🔴 ඔබේ මුදලත් කාලයත් ඉතුරු කරගෙන හරි ප්‍රතිකාරයක් කරගන්න ඔබත් කැමතිද අංශභාගය නැත්නම්...
03/04/2024

🔴 අංශභාගයට තවම හරි ප්‍රතිකාරයක් නැද්ද
🔴 ඔබේ මුදලත් කාලයත් ඉතුරු කරගෙන හරි ප්‍රතිකාරයක් කරගන්න ඔබත් කැමතිද

අංශභාගය නැත්නම් Stroke එකක් ඇති වෙන්නෙ අපේ මොලයේ රුධිර සැපයුමට සිදුවෙන බාධාවක් නිසා බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙහෙම අංශභාගය ඇති වෙන්න ප්‍රධාන ක්‍රියා 2 ක් බලපානවා
1. අභ්‍යන්තර රුධිර නාලයක් අවහිර වෙලා මොලයේ යම් ප්‍රදේශයකට රුධිරය නොලැබීම.
2. මොලයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම.
මේ දෙකෙන්ම අවසාන ප්‍රතිඵලය වෙන්නෙ මොලයේ කොටසක් මි ය යාම. ඉතින් මේ විදිහට මොලයට සිදුවන හානිය අනුව තමයි රෝග ලක්ෂණ ඇති වෙන්නෙ හෝ සමහර විට ම රණ යට වුනත් පත් වෙන්නෙ.

මේ විදිහට මොලයේ කොටසක් හානි වුනාට පස්සෙ ඒ කොටසෙන් කරපු කාර්යය/ Function එක අපේ ශරීරයට කරගන්න බැරි වෙනවා. එහෙම වුනත් අපේ මොලය කැමති නෑ එහෙම ශරීරයේ කොටසක් අමතක කරලා දාන්න. ඉතින් මෙහම දෙයක් වුනාට පස්සෙ මොලයේ තවත් කොටසක් බලාගෙන ඉන්නවා ඒ නැතිවුණ Function එක නැවත බාරගන්න. හැබැයි මෙහෙම බලාගෙන ඉන්නෙ මාස 6 ක් වගේ කාලයක්.

ඉතින් මේ මාස 6 ඇතුලත මොලයට මේ අලුත් Function එකකට හැඩ හැහෙන එක තනියම කරගන්න බෑ. ඉතින් භෞතචිකිත්සක ප්‍රතිකාර වලින් කරන්නෙ මොලයට මේ Function එක පුරුදු කරන එක. ඒක මොලය අලුතෙන් Program කරනව වගේ වැඩක්.
ඉතින් මේ පුරුදු කරන එක පුලුවන් තරම් ඉක්මනට පටන් ගන්න ඕනෙ කියන එක කියන්න ඕනෙ නෑනෙ.

සාමාන්‍යයෙන් Stroke Recovery ඒ කියන්නෙ අංශභාගය සුවවීම පියවර 7 කට බෙදලා තියෙනවා. (Brunnstrom Stages of Stroke Recovery)

Stage 1: Flaccidity - පේශි වල ලිහිල් බව/ තද ගතිය නැති වීම
Stage 2: Spasticity Appears - පේශි වල තද ගතියක් ඇති වීම ආරම්භ වීම
Stage 3: Increased Spasticity - පේශි වල තද ගතිය වැඩි වීම
Stage 4: Decreased Spasticity - පේශි වල තද ගතිය අඩු වීම
Stage 5: Complex Movement Returns - සංකීර්ණ චලනයන් නැවත් ඇති වීම
Stage 6: Spasticity Disappears - පේශි වල තද ගතිය ඉවත් වීම
Stage 7: Normal Function Returns - සාමාන්‍ය ක්‍රියාකාරිත්වය නැවත ඇති වීම

ඉතින් අංශභාග ප්‍රතිකාර වලදි මුලින්ම මේ කියන Stage එක හරියට හොයාගන්න ඕනෙ. ඊට පස්සෙ තමයි ප්‍රතිකාර කරන්න ඕනෙ. එහෙම ප්‍රතිකාර කලොත් අංශභාගය සාර්ථකව බොහෝ දුරට සුව කරගන්න පුලුවන්. ඉතින් මේකට කරන්න ඕනෙ පුලුවන් තරම් ඉක්මනට නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කරන එක. එහෙම කලොත් මේ Stages ටික ඉක්මනටම පසුකරන්න පුලුවන් වගේම මේ මැද Stage එකක නතර වෙන එකත් වලක්වාගන්න පුලුවන්.

අංශභාගය සදහා සාර්ථකම ප්‍රතිකාරය විදිහට ලෝකයම පිලිගන්න ප්‍රතිකාරය භෞතචිකිත්සාව වුනත් අංශභාගය හැදුන ගමන් ලංකාවේ ගොඩක් අයට මතක් වෙන්නෙ පාරම්පරික හෝ වෙනත් ප්‍රතිකාර. ඒකටත් තෝරගන්නෙ හරි දැනුමක් හෝ සුදුසුකමක් නැති කෙනෙක්.

ඉතින් මෙහෙම ප්‍රතිකාර කරලා ප්‍රතිඵලයක් නෑ කියල තේරුනාට පස්සෙ තමයි භෞතචිකිත්සක ප්‍රතිකාර මතක් වෙන්නෙ. එහෙම වෙනකොට අර මුලින් කියපු මාස 6 ක කාලය පහු වෙලා ඉවරයි වගේම ප්‍රශ්නයත් ගොඩක් සංකීර්ණ වෙලා ඉවරයි. මෙහෙම අපි ලගට එන රෝගීන්ට අංශභාගයට ප්‍රතිකාර කරන්න කලින් අර කලින් කරපු ප්‍රතිකාර වල අතුරු ආබාධ වලට ප්‍රතිකාර කරන්න වෙනවා. ඒකෙන් වෙන්නෙ ප්‍රතිකාර වල සාර්ථකත්වය අඩු වෙන එක සහ තමන් සදාකාලික ආබාධිතයෙක් වෙන එක විතරයි.

ඉතින් ඒ කියන්නෙ මාස 6 න් පස්සෙ හරි වෙනත් ප්‍රතිකාර කලාට පස්සෙ හරි භෞතචිකිත්සක ප්‍රතිකාර කරන එක තේරුමක් නැද්ද?
නෑ එහෙම නෙවෙයි, මාස 6 නෙවෙයි අවුරුද්දක් ගියත් හරි ප්‍රතිකාරයක් කලොත් බොහෝ දුරට ප්‍රතිඵල ගන්න පුලුවන්. හැබැයි මේකට අර මුලින් කියපු මාස 6 ඇතුලත ප්‍රතිකාර කරනවට වඩා වැඩි කාලයක් ගතවෙනවා. ඉතිං ඒ හින්දා තමයි ඕනෑම කෙනෙකුට තමන්ගේ ගෙදර ඉදන් තනියම කරන්න පුලුවන් ප්‍රතිකාර වැඩසටහනක් අපි හදලා දෙන්නෙ

මේ ගැන තවත් විස්තර සහ ප්‍රතිකාර ගැන දැනගන්න පහල තියෙන අංකයට Whatsapp හෝ සාමාන්‍ය ඇමතුමක් ලබාගෙන පුලුවන්
0711849222

#අංශභාගය/ #අඝාතය

 #සයටීකා_/_Sciatica ⭕ ඔබටත් කොන්දේ වේදනාවක් තියේද???⭕ කකුල දිගේ වේදනාවක්, හිරි ගතියක් යනවා වගේ දැනෙනව ද???⭕ ඇවිදින විට අ...
21/03/2024

#සයටීකා_/_Sciatica

⭕ ඔබටත් කොන්දේ වේදනාවක් තියේද???
⭕ කකුල දිගේ වේදනාවක්, හිරි ගතියක් යනවා වගේ දැනෙනව ද???
⭕ ඇවිදින විට අපහසුතාවයක් දැනෙනවද??
⭕ කොතරම් වේදනා නාශක ගත්තත් සුවයක් නැද්ද???

🔴🔴 ඔබ දන්නවද ???
මේම රෝග ලක්ෂණ සයටිකා (sciatica )රෝගයේ රෝග ලක්ෂණ බව??😮😮

🔴 මොකක්ද ??මේ Sciatica කියන්නේ ???😮😮

වත්මන් සමාජයේ බාල, මහළු සෑම දෙනෙක් අතරේම දක්‌නට ලැබෙන රෝගී තත්ත්වයක්‌ ලෙස සයටිකා හැදින්විය හැකිය. ඔබ දැනටමත් දන්නවා ඇති අපේ ශරීරයේ සයටික් නමින් ස්නායුවක් පවතින බව. මෙය අපේ ශරීරයේ ඇති විශාලම ස්නයුවයි. මෙම ස්නායුව අපගේ කොන්දේ පහළම පිහිටි කශේරුකා මට්ටම් වලින් පටන් ගන්නා අතර (L4, L5, S1, S2) එය පාදවල පහල කෙලවර දක්වාම ගමන් කරයි. ඉතින් මෙන්න මේ සයටික් ස්නායුව මාංශ පේෂි තුලින් ගමන් කරන විට යම් කිසි විදියකින් තේරපීමකට, ලක් වීම නිසා ඇති වන වේදනාකාරී තත්වයක් ලෙස සයටීක හැදින් විය හැක.....

🔴 මොනවද මේ සයටිකා/Sciatica හි රෝග ලක්ෂණ???
මෙහි ප්‍රධන රෝග ලක්ෂණ ලෙස...
📌️ කොන්දේ පහල පිටුපස කොටසේ වේදනාවයි.. බොහෝ විට මෙම වේදනාව කොන්ද ප්‍රදේශයේ සිට හෝ තට්ටම් ප්‍රදේශයේ සිට කකුලේ පාද දක්වා ගමන් කරයි.....
📌️ දන හිස නමන විට අපහසුතාවයක් දැනීම
📌️ බලපෑමට ලක්වන කකුල දුර්වල වීම හෝ හිරිවැටීම....
📌️ කොන්දේ පහල කොටස, තට්ටම් ප්‍රදේශය , පාදයේ දෑනිම් අඩු වීම
📌️ පාදයේ චලන පරාසය අඩු වීම....
📌️ දිගු වේලාවක් සිටගෙන සිටින විට කකුල දිගේ ඇතිවන වේදනාව හෝ දිගු වේලාවක් වාඩි වී සිටින විට ඇති වන අපහසුතාව.....
📌️ කැස්ස, කිවිසුම් යාම, ඉදිරියට හා පිටුපසට නැමෙන විට, ඔබගේ කකුල ඉහලට ඔසවන විට වේදනා වැඩිවීම

🔴 මොනවද මේ සයටිකා/Sciatica තත්වයට හේතු....
සයටිකා තත්වය ඇතිවීමට බලපා හේතු රාශියක්ම බලපානවා.. ඒ අතරින් කිහිපයක් මෙලස දැක් විය හැකිය...

📌️ පිරිෆෝර්මිස් සින්ඩ්‍රෝමය/Piriformis Syndrome:
මෙහිදි සිදු වන්නේ තට්ටමට ඇතුලතින් පිහිටින පිරිෆොර්මිස් (piriformis ) නම් මංශ පේශිය මගින් සයටික් ස්නායුව තෙරපීමකට ලක් වීමයි. ඒසේ තෙරපීමට හේතු වන්නේ දීර්ඝ කාලයක් දිගුවේලාවක් වාඩි වීසිටින රැකියාවක නිරත වීම, පුරුද්දක් ලෙස ඔබගේ මුදල් පසුම්බිය පිටු පස සාක්කුවේ දමා වඩි වීම දැක්විය හැකිය....

📌️ හර්නියාකරණය වූ අන්තර් කශේරුකා මඩල / herniation of the disk
අපගේ කොදු ඇට පේලියේ කොදු ඇට දෙකක් අතර අන්තර් කාශේරුම මඩල නම් තැටියක් පවතින බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතින් කාලයත් සමග මෙම තැටියේ ඇතිවන දුර්වල වීමත් (weakness )සමග එය කොදු ඇට අතරින් ඉදිරියට ඇදී ඒම සිදු වෙයි (herniation ).. මෙය හර්නීකරණය ලෙස හදුන්වන අතර එමගින් ඒ ඉදිරියට නෙරා එන කොටස මගින් සයටික් ස්නායුව (sciatic nerve) මත අමතර තෙරපීමට ලක්වීම සිදුවෙයි, මේ නිස සයටිකා තත්වය ඇතිවේ....

📌️ Spondylolithesis /ස්පොන්ඩිලොලිස්ටේෂස්:
ස්පොන්ඩිලොලිස්ටේෂස් යනු කශේරුකා එකක් මතින් අනික ලිස්සා යාමයි. එමගින් එසේ ලිස්සායන අස්ථි කොටස මගින් ස්නායු තෙරපීමකට ලක්වෙයි...

📌️ අධික තරබාරුකම:
අධික තරබාරුකම නිසා කොඳු ඇට පෙළට අමතර ආතතියක් ඇති වේ. මේ නිසා සයටික් ස්නායුව සම්පීඩනය විය හැකිය.

📌️ ගර්භණීබවය
වඩා සුලභ නොවුනත් සමහර කාන්තාවන් ගර්භණී සමයේදී සයටිකා වේදනාව අත්විඳිති.

📌️ රැකියාව
අධික බරක් ඔසවා තැබීම හෝ උසුලාගෙන යාම, කොන්දේ පිටුපස නැවත නැවත පීඩාවට ලක්වීම හෝ රිය පැදවීම දිගු කාලීනව ඉදගෙන සිටීමේ රැකියාවක් කිරීම වැනි දෑ නිසා සයටිකා ඇතිවීමේ වීමේ අවදානම වැඩි වේ.

📌️ දියවැඩියාව/ Diabetes
දීර්ඝ කාලයක් පවතින දියවැඩියා තත්වය ස්නායු හානි විමට (diabetic neuropathy ) බලපායි එය සයටිකා වලට හේතු විය හැක.

🔴 කොහොමද මෙම රෝගි තත්වය හදුනා ගන්නේ...

ඔබේ රෝග ඉතිහාසය සහ ඔබේ රෝග ලක්ෂණ සාකච්ඡා කිරීමෙන් පසු වෛද්‍යවරයා ඔබට ශාරීරික පරීක්‍ෂණයක් සිදුකරනු ඇත. ඊට අමතරව වෛද්‍යවරයා රෝග තහවුරු කිරීම සදහා Xray, MRI, CT scan, EMG වැනි පරීක්ෂණ සිදු කරනු ලබයි. එහි පරීක්ෂණ ප්‍රතිඵල මත හා බාහිර රෝග ලක්ෂණ මත ඔබ සයටිකා රෝගියෙක්ද , නැද්ද යන වග තීරණය කරයි....

🔴 මොනවාද මේ සදහ පවතින වෛද්‍ය ප්‍රතිකාර .....
වෛද්‍යවරයාට ඔබේ සයටිකා වේදනාව සඳහා ඖෂධ නියම කළ හැකිය ඊට අමතරව ස්ටෙරොයිඩ් එන්නත් කිරීම සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් බලපෑමට ලක් වූ සයටිකා ස්නායු මූලයට කෝටිකොස්ටෙරොයිඩ් එන්නත් නියම කිරීම සිදු කරයි ...

🔴🔴 මොනවාද මේ සදහා ඇති භෞත චිකිත්සක ප්‍රතිකාර ....

ශල්‍යකර්මයකට නොයා මෙම රෝගී තත්වය සුවකල හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භෞත චිකිත්සාව හැදින්විය හැකිය. මෙහිදී භෞත චිකිත්සකවරයා විසින් ඔබගේ වේදනාව පාලනය කීරීම හා පුනරුත්ථාපන ව්‍යායම (rehabilitation exercises ) හදුන්වා දෙනා අතර එමගින් සාමාන්‍ය සංචලතාව (mobility ) නැවත ලබා ගැනීමට සහ ඔබේ ඉරියව්ව (posture) නිවැරදි කර මාංශ පේශි ශක්තිමත් (muscle strengthening ) කිරීමත් අනාගතයේ ඇතිවන හානි වළක්වා ගැනීමට උපකාරී වේ. මේ සදහා අපි විවිධ ප්‍රතිකාර ක්‍රම රාශියක්ම භාවිතා කරයි...
තාප ප‍්‍රතිකාර (Heat therapy )
📌️ විද්‍යුත් ප්‍රතිකාර (elecro therapy )
📌️ ධ්වනි තරංග ප්‍රතිකාර (ultrasound )
📌️ මාංශ පේශී ශක්තිමත් කිරිමේල් ව්‍යායාම (strengthening exercises )
📌️ මාංශ පේශී ඇදීමේ ව්‍යායාම ( streching exercises )
📌️ ස්නායූ ඇදීමේ ව්‍යායම (nerve gliding exercises )
ඉන් කිහිපයකි . මෙහිදි අපි ඖෂධ භවිතයක් සිදු නොකරන අතර සියලුම ප්‍රතිකාර ක්‍රම භෞතික ප්‍රතිකාර ක්‍රම වෙයි. ඒම නිස කිසිදු අතුරු ආබාධක් ඔබට සිදු නොවෙයි. ඔබ මෙම රෝගයේ කුමන අවස්ථාවක සිටියත් අපි ඔවව සුව කරන්නෙමු.ඔබත් මෙම රෝගයෙන් දීර්ඝ කාලයක් පුරාවට පීඩා විඳිනවා නම් අදම ඔබගේ භෞතචිකිත්සක වරයා මුන ගැසි ප්‍රතිකාර වෙත යොමු වන්න....

ඔබට අවශ්‍ය සියළුම භෞතචික්ස්සක ප්‍රතිකාර ඔබගේ නිවසේදී ලබාදීමට (homevisit ) අප සූදානම්😊... ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේහි ලියාපදිංචි භෞත චිකිත්සක වරුන් විසින් සියලු ප්‍රතිකාර ලබා දෙනු ලබයි.
දැන්ම ප්‍රතිකාර සදහා දිනයක් 📅 හා වේලාවක් ⏳ වෙන්කර ගැනීමට 📞අමතන්න...

☎ 0778518754 / 0712097754
(කොලඹ සහ මාතර අවට පමනි)

Chamara Gamage
BSc(Hons) in Physiotherapy
(Physiotherapist,
Sri Lankan Medical Council Registered)
University of Peradeniya
SLMC Reg No : 1527

Follow our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j

🔴 ඔබටත් පහත සදහන් රෝග ලක්ෂණ තිබේද? * සන්ධිවල වේදනාව / ඉදිමීම* චලනය කිරීමේදී සන්ධිවල ශබ්දයක් ඇතිවීම* සන්ධි චලනය කිරීමේදී ...
28/02/2024

🔴 ඔබටත් පහත සදහන් රෝග ලක්ෂණ තිබේද?

* සන්ධිවල වේදනාව / ඉදිමීම
* චලනය කිරීමේදී සන්ධිවල ශබ්දයක් ඇතිවීම
* සන්ධි චලනය කිරීමේදී ඇතිවන වේදනාව

📌 මෙම රෝග ලක්ෂණ බොහෝවිට දනහිස, අතේ මැණික් කටුව හා ඇඟිලි වල ද , පාදයේ වලලුකර හා ඇඟිලි වල ද, වැලමිට, උරහිස් සන්දිය, උකුල් සන්දිය ආශ්‍රිතව හා ඇතැම් විට කොඳුඇට පේළිය ආශ්‍රිතව ද මෙම රෝග තත්වය ඇතිවිය හැක.

📌 ආතරයිටිස් රෝගයේ ප්‍රභේද කිහිපහක් ඇති අතර ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis), රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis) ඒ අතරින් ප්‍රධාන වේ.

📌 මෙම ආතරයිටිස් රෝග තත්වය මූලික අවස්ථාවේදීම නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සාර්ථකව සුවකල හැකි අතර නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවී දිගින් දිගටම වේදනා නාශක ඖෂධ භාවිතා කිරීමෙන් සහ නිසි සුදුසුකම් නොලත් පුද්ගලයන්ගේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර නිසා සන්දි වල ඇදවීම/ විකෘතිතා ඇතිවීම සිදුවීමත්, රෝගය උග්‍ර වී අසාධ්‍ය බවට පත්වීමත් සිදුවිය හැක.

📌 නමුත් මෙවැනි තත්ත්වයකදී වුවත් නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිය.

🔴 100% අතුරු ආබාධ වලින් තොර භෞතචිකිත්සක ප්‍රතිකාර ඔබගේ නිවසටම පැමිණ සිදුකරනු ලබයි.
🔴 ඖෂධ භාවිතයක් නොමැති නිසා අතුරු ආබාධ නොමැත.
🔴 සති 2 - 3 වැනි කෙටි කාලයකින් ප්‍රතිඵල.
🔴 රෝගී තත්ත්වය අනුව සම්පූර්ණ සුවය හෝ පාලනය කල හැකිය.

ඔබත් ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගැනීමට දැන්ම අපව අමතන්න.....
☎️ 0711849222

Follow our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j

hospital hospital

📌️ඔබටත් භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය ද???📌️කොලඹ ප්‍රදේශ  අවට ඔබ සඳහා අවශ්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර නිවසේදීම ලබා දීමට අප ස...
22/02/2024

📌️ඔබටත් භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය ද???
📌️කොලඹ ප්‍රදේශ අවට ඔබ සඳහා අවශ්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර නිවසේදීම ලබා දීමට අප සූදානම් ....
📌පළපුරුදු භෞතචිකිත්සකවරුන් විසින් ප්‍රතිකාර සිදු කරන අතර ⭕ 100%ක් අතුරු ආබාධ වලින් තොර නවීන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි.
📌️ඔබත් ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගැනීමට දැන්ම අපව අමතන්න.....
☎️ 0711849222 / 0712097754

Follow our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j

📌️ hospital hospital

අන්ප්‍රෙන්ඩ් වෙන්න එපා..🥲🥲 මාව හොයන් එන්න මං සනීප කරලා දෙන්නම්🌹🌹  ❤❤
21/02/2024

අන්ප්‍රෙන්ඩ් වෙන්න එපා..🥲🥲 මාව හොයන් එන්න මං සනීප කරලා දෙන්නම්🌹🌹

❤❤

📌️ඔබටත් භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය ද???📌️ගාල්ල, මාතර, ප්‍රදේශ  අවට ඔබ සඳහා අවශ්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර නිවසේදීම ලබා ද...
09/02/2024

📌️ඔබටත් භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය ද???
📌️ගාල්ල, මාතර, ප්‍රදේශ අවට ඔබ සඳහා අවශ්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර නිවසේදීම ලබා දීමට අප සූදානම් ....
📌පළපුරුදු භෞතචිකිත්සකවරුන් විසින් ප්‍රතිකාර සිදු කරන අතර ⭕ 100%ක් අතුරු ආබාධ වලින් තොර නවීන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි.
📌️ඔබත් ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගැනීමට දැන්ම අපව අමතන්න.......

Subscribe our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j

Chamara Gamage
B.Sc (Hon's) in Physiotherapy
University of Peradeniya
☎️ 0778518754 / 0712097754

📌️

⭕  දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන වේදනාවකින් ඔබ පීඩා විදින්නෙක්ද? ⭕ ඔබගේ ශරීරයේත් හිස,බෙල්ල, කොන්ද, අතපය වැනි ස්ථාන වල වේද...
30/01/2024

⭕ දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන වේදනාවකින් ඔබ පීඩා විදින්නෙක්ද?
⭕ ඔබගේ ශරීරයේත් හිස,බෙල්ල, කොන්ද, අතපය වැනි ස්ථාන වල වේදනාවන් දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවාද? එය පහත පෙන්වා ඇති ආකාරයට පැතිර යන වේදනාවක්ද?
⭕ පහත රූපවල රතු පැහැයෙන් දිස්වන ආකාරයට ඔබේ වේදනාව පැතිර යාමක් හෝ එම ස්ථානවල වේදනාව ඇතිවීමට හේතුව ලෙස දක්වා ඇති කතිර සලකුණු බලපානු ලබයි. එම ලක්ෂ්‍ය ප්‍රේරක ලක්ෂ්‍ය (trigger points) ලෙස හඳුන්වයි. මාංශ පේශි වල සෑදෙන මෙම trigger points මාංශ පේශිය මතුපිටින් අල්ලා පරීක්ෂා කිරීමේදි ( Palpation) ගැටිති/knots ආකාරයට හඳුනාගත හැකි වේ.
⭕ මෙලෙස ඇතිවන වේදනාවට විසදුම ලෙස ඔබත් වේදනා නාශකයක් ආලේප කරා විය හැකියි, නමුත් පසු කලෙක එම වේදනාව නැවතත් තිබුනාටත් වඩා උග්‍ර ලෙස දැනෙන බවක් ඔබ අත්දැක තිබෙනවා ද? බොහෝවිට මෙලෙස නැවත නැවතත් වේදනාව පැමිණෙන හේතුවවත් සොයාගැනීමට නොහැකි වේ. මෙය බොහොවිට ප්‍රේරක ලක්ෂ්‍ය ( Trigger points ) නිසා ඇතිවන වේදනාවක් විය හැකිය.
⭕ මෙම trigger points නිසා,
📌️ අධික වේදනාව
📌️ කටුවක් ඇනීම් වැනි වේදනාව ( Pins and needle prick sensation )
📌️ දැවිල්ල වැනි වේදනාව ( Burning pain)
📌️ හිරිවැටීම වැනි වේදනාව ( Numbness )
📌️ වේදනාව අවට ප්‍රදේශ වලට පැතිරීම ( Radiating pain )
වැනි විවිධ ආකාර ලෙස වේදනාව ඇතිවේ.

⭕ මෙවැනි ප්‍රේරක ලක්ෂ්‍ය ( trigger points ) ඇති වීමට හේතු ලෙස කායික හා මානසික හේතු රාශියක් බලපායි.
📌️ වයසට යාම.
📌️ වැරදි ඉරියව්
📌️ ව්‍යායාම නොමැතිකම
📌️ අනතුරකින්,වැටීමකින් ඇති වූ අස්ථි බිදීම් හා මාංශපේශී තැලීම / මාංශපේශී ඉරීයාම හෝ ආතතියට ලක්වීම.
📌️ මාංශපේශී අධික ලෙස භාවිතා කිරීම, අධික ලෙස විඩාවට පත්වීම,
📌️ අධික බර ඉසිලීම.
📌️ නිධන්ගත හෝ මානසික ආතති තත්වයන්
උදා- කාංසාව(Anxiety ),මානසික අවපීඩනය(Depression )
📌️ විටමින් ඌණතාවය( විටමින් C,D,B,ෆෝලික් ඇසිඩ් )
📌️ යකඩ ඌණතාවය
📌️ නින්දට බාධා ඇතිවීම
📌️ සන්ධි ආශ්‍රිත සංකූලතා

⭕ මෙවැනි වේදනාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී, මෙම ප්‍රේරක ලක්ෂ්‍ය මත භෞතචිකිත්සකවරයා ඇගිලි වලින් යොදන පීඩනයට අනුලෝමව සමානුපාතික නොවන ප්‍රතිචාරයක් සමගින් රෝගියා ඇඹරෙමින් කෑ ගසයි (jumping sign), එලෙසම පීඩනය යොදන ස්ථානයේ සිට වේදනාව පැතිරීමක් පෙන්නුම් කරයි. එලෙසම මේ ආකාරයේ ගැටිති / ප්‍රේරක ලක්ෂ්‍ය ( Trigger points ) ඇතිවීම මාංශ පේශීන් යහපත් සෞඛ්‍ය තත්වයේ නොමැති බවට සලකුණක් ද වේ.

⭕ ප්‍රේරක ලක්ෂ්‍ය වර්ග කීපයකි. මෙය කාණ්ඩ කීපයක් යටතේ වර්ග කල හැකිය.
📌 Primary/central trigger points
📌 Secondary/satellite trigger points
📌 Active trigger points
📌 Inactive/late trigger points
📌 Diffuse trigger points
📌 Attachment trigger points
📌 Ligamentous trigger points
😣😩 ඔබත් මේ ආකාරයේ නිදන්ගතව පවතින වේදනාවකින් පීඩා විදින්නෙක් ද?
⭕ නිවැරදි රෝග විනිශ්චයකින් පසුව භෞතචිකිත්සකවරයා ඔබගේ වේදනාවට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සිදු කරයි. 100%ක් අතුරු ආබාධ වලින් තොර ප්‍රතිකාර ක්‍රම මගින් ඔබේ වේදනාව සුව කිරීමේ හැකියාව භෞතචිකිත්සකවරයා සතුය.

ඔබට අවශ්‍ය සියලුම භෞතචිකිත්සක ප්‍රතිකාර හා උපදෙස් සදහා අපව අමතන්න...
මාතර, ගාල්ල , ප්‍රදේශ අවට නිවසටම පැමින (home visit ) ප්‍රතිකාර කරනු ලැබේ....
Chamara Gamage
B.Sc physiotherapy
University of peradeniya
0778518754/ 0712097754

Subscribe our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j




මූලාශ්‍ර - https://www.physio-pedia.com/Trigger_Points
images - http://www.triggerpoints.net

හෘදයාබාධ වලට මූලිකවම හේතුවන්නේ කොලෙස්ටරෝල් ය කොලෙස්‌ටරෝල්  කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හම...
27/01/2024

හෘදයාබාධ වලට මූලිකවම හේතුවන්නේ කොලෙස්ටරෝල් ය

කොලෙස්‌ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝනාල මූලික සංඝටකය වන්නේ කොලෙස්‌ටරෝල් ය.

කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින්ලැබේ

ඔබේ කොලෙස්ටරෝල් මට්ටම දැනගත යුත්තේ කෙසේද?

වයස අවුරුදු 30 ක් හෝ එයට වඩා වැඩි සෑම අයෙක්ම අවම වශයෙන් අවුරුදු 3 කට වරක් වත්, lipid profile පරීක්ෂනය කල යුතුය රුධිර සාම්පලය ගත යුත්තේ ආහාර පාන ගැනීමෙන් වැළකී පැය 12-14 ක කාලයකට පසුවය.

කොලෙස්ටරෝල් පරීක්ෂාව
සාමාන්‍ය රුධිර පරීක්ෂාවක දී ලබා ගන්නා Lipid Profile වාර්තාවක අඩංගු වන කොටස් නම්
Total Cholesterol
-HDL - හොඳ කොලෙස්ටරෝල්
-LDL - නරක කොලෙස්ටරෝල්
-Triglycrides - මේද අම්ල

🥑LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටරෝල්)
LDL අක්මාවේ සිට තෙල් අනිකුත් අවයව දක්වා ගෙන ගොස් තැන්පත් කිරීම් සිදු කරයි .ශරීරය තරබාරු කමට, හෘදයාබාධ අංශභාග වැනි රෝග තත්ත්වලට මූලික හේතුව LDL කොලෙස්ට්‍රෝල්ය.

🥑HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් කියා හදුන්වයි. එමගින් අනෙකුත් අවයව වල සිට තෙල් අක්මාව වෙත ගෙන එනු ලබයි. ඒ හරහා ශරීරයේ තෙල් තැන්පත් වීම අවම කරයි.

🔥කොලෙස්ටරොල් රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වේ. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානය පටුවේ..

🍓හෘදයේ ධමනියක් අවහිර වුවහොත්, හෘදයාබාධයක් ( Heart Attack)
🍓මොළයේ රුධිර වාහිනියක් අවහිර වුවහොත් අංශභාගය ( අඝාතය , Stork)
🍓පාදවල රුධිර වාහිනී අවහිර වුවහොත් ගමන් කරන විට පේශී වල වේදනාව (
Intermittent Claudication) හෝ ඇඟිලි කුණු වීමට පුළුවන.( Gngrene).
🍓වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල විය හැකිය

🔥ඇයි හැමෝටම කොලොස්ටරෝල් ප්‍රශ්නයක් නොවන්නේ ?
කොලෙස්ටරෝල් තැන්පැන්පත් වීමට බලපාන ප්‍රධානම හේතුව අධික LDL ප්‍රමාණයයි. නමුත් ,

🍓දියවැඩියාව
🍓අධික රුධිර පීඩනය
🍓දුම්පානය
🍓ව්‍යායාම මඳිකම
🍓ජානමය තත්ත්වයන් සෘජුවම කොලෙස්ටරෝල් තැන්පත් වීමට බලපායී .
🙏🙏 කොලෙස්ටරෝල් සාමාන්‍ය අගයන් ..

LDL< 130 mg/dL
HDL> 45 mg/dL
Triglycrides < 150 mg/dL
Total Chorelrol < 230 mg/dL
🍓වයසක අයට සහ ව්‍යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති අයට , ඉහත අගයන්ට වඩා අඩු කොලෙස්ටරෝල් ඉලක්කයන් පවත්වා ගැනීමට වෛද්‍යවරු උපදෙස් දෙති .එබැවින් කොලෙස්ටරෝල් වාර්තා බලා තමාම ප්‍රතිකාර නොගත යුතුය

🔥කොලෙස්ට‍රෝල් අඩු කර ගන්නේ කෙලෙස ද?

කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකීමෙන් සහ ව්‍යායාම මඟින් තරමක් දුරට කොලෙස්ටරෝල් අඩු කර ගත හැක. නමුත් බොහෝ විට ඖෂධ ගැනීම අවශ්‍ය වේ. ව්‍යායාමවලින් සිදු වන වැදගත්ම දෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වීම ය.

🔥කොලෙස්ටරෝල් ඖෂධ කොපමණ කාලයක් ගත යුතු ද?

ඖෂධ මඟින් සිදු කරන්නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීම ය.එය සිදු වන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීම දීර්ඝ කාලීනව සිදු කළ යුතු දෙයකි.එම නිසා ඖෂධ දීර්ඝ කාලීනව ගත යුතු ය.

🔥කොලෙස්ටරෝල්වලට බොන බෙහෙත් නිසා අක්මාව හෝ වකුගඩු නරක් විය හැකි ද?

එය බොරු මිත්‍යාවකි. ඖෂධ නොගත හොත්, රෝගී තත්ත්වයන් නිසා මිය යෑමට පුළුවන. මරණයට වඩා අතුරු අබාධවලට බිය වීම විහිලුවකි...

🔥නරක කොලෙස්ටරෝල් බහුල ආහාර

🚫බදින ලද ආහාර🍟🍟🍟🍟🍟

බදින ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත හා ට්‍රාන්ස් මේද දෙකම ඉහළ වන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්‍රයිඩ් චිකන් සහ ඩෝනට්ස් වැනි බදින ලද ආහාර සඳහා මේ උදාහරණ වේ. ඔබේ ආහාර බදිනවා වෙනුවට, ඒවා පිලිස්සීම හෝ ග්‍රිල් කිරීමට හෝ උත්සාහ කරන්න. මෙය ඔබගේ සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණය අඩුකර ඔබගේ ආහාර සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වේ.

🚫 සැකසූ මස්🍟🍟🍟🍟🍟

බේකන්, සොසේජස් සහ හැම් වැනි සැකසූ මස් බොහෝ විට සංතෘප්ත මේදය සහ සෝඩියම්වලින් ඉහළ මට්ටමක පවතින අතර, මේ දෙකම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සැකසූ මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් ආහාර වැනි සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

🚫 අධික මේද සහිත කිරි නිෂ්පාදන🍟🍟🍟🍟🍟

චීස්, හෙවික්‍රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සංතෘප්ත මේදයෙන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. අධික මේද සහිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවා වෙනුවට, අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. එනම්, මුදවපු කිරි හෝ අඩු මේද යෝගට් වැනි දේයි.

🚫 බේක් කළ ආහාර🍟🍟🍟🍟🍟

කුකීස්, පේස්ට්‍රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද දෙකම පිරී පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකිය. මෙම බේක් කරන ලද ආහාර වෙනුවට, සම්පූර්ණ තිරිඟු පිටි, පලතුරු යුෂ සහ ස්වාභාවික රසකාරක වැනි විකල්ප අමුද්‍රව්‍ය භාවිත කරමින් සෞඛ්‍ය සම්පන්න විකල්පයන් නිවෙසේදීම සාදා ගැනීමට උත්සාහ කරන්න.

🚫 ක්ෂණික ආහාර🍟🍟🍟🍟🍟

ක්ෂණික ආහාරවල බොහෝ විට අධික කොලෙස්ටරෝල් මට්ටමට දායක විය හැකි සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද අධික වේ. ඒ නිසා ඒ වෙනුවට, සරල ප්‍රෝටීන් සහිත සලාදයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන්වලින් සැකසූ සැන්ඩ්විච් එකක් වැනි දෙයකින් ඔබේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරන්න.

🚫 රතු මස්🍟🍟🍟🍟🍟

haරක් මස් සහ බැටළු මස් වැනි රතු මස්වල බොහෝ විට සංතෘප්ත මේදය අධිකවන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. මීට අමතරව, රතු මස් බොහෝ විට අධික උෂ්ණත්වවලදී පිසිනු ලබන අතර, හෘද රෝග සඳහා දායක විය හැකි හානිකර සංයෝග නිපදවිය හැකිය. රතු මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

තෙල්🍟🍟🍟🍟🍟
ආහාර පිසීමේදී virgin පොල්තෙල්, virgin ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේද බහුල තෙල් භාවිත කිරීමට උත්සාහ කරන්න.

බිත්තර කහ මදය🍟🍟🍟🍟🍟
බිත්තර කහ මදය අධික කොලෙස්ටරෝල් පැවතියද එහි ඇති න්සයිම හා ප්‍රෝටීන මගින් අහිතකර භාවය අඩු කරයි. එම නිසා භාවිතය සුදුසුය.

🚫ස්නැක්ස් ෆුඩ්ස්🍟🍟🍟🍟🍟
චිප්ස් සහ පොප්කෝන් වැනි කෙටි ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද ඉහළ ය. මෙම සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කරනවා වෙනුවට, නැවුම් පලතුරු, එළවළු හෝ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

🚫සීනි සහිත බීම🍟🍟🍟🍟🍟
සෝඩා සහ පලතුරු යුෂ වැනි සීනි සහිත බීම බොහෝ විට සීනි සහ කැලරි අධිකවන අතර එය බර වැඩි වීමට සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සීනි සහිත බීම වෙනුවට, පිපාසය සඳහා ජලය, පැණිරස නොකළ තේ හෝ පලතුරු යුෂ පානය කිරීමට උත්සාහ කරන්න.

----------------------------------------------------------------------------------------------
🔥ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

👉 සන්තෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය, සහ කොලෙස්ටරෝල් වැඩිපුර ඇති ආහාර පරිභෝජනය අවම කරන්න.
👉 දියවන තන්තු (Soluble fibres) බහුල ආහාර වැඩිපුර ගන්න.
👉 ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩිකරන්න.
👉 ශරීරයේ බර වැඩි නම්, අඩු කරගන්න.
👉 දුම්පානයෙන් වළකින්න.
👉 මත්පැන් භාවිතයෙන් වළකින්න.
👉 වෛද්‍ය උපදෙස් අනුව, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.


🔥කොලෙස්ටරෝල් වලින් මිදීමට වෙනස් විය යුතු ආහාර රටාව

සංතෘප්ත මේදය❌❌🚫🚫
මස් වල තෙල් අඩංගු කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ,වැනි සත්ත්වමය ආහාර වල මෙන්ම, පොල් තෙල් සහ පාම් තෙල් වැනි ශාඛ තෙල් වලද, සංතෘප්ත මේදය බහුලව ඇත.

ට්‍රාන්ස් මේදය🚫🚫❌❌
ට්‍රාන්ස් මේදය මගින්, සංතෘප්ත මේදය සේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. ට්‍රාන්ස් මේදය, හයිඩ්‍රජනීකරණය වූ ශාඛ තෙල් වල බහුලව අඩංගු වේ. සකසන ලද ආහාර (Processed food), කෙටි ආහාර (Short eats), ක්ෂණික ආහාර (Instant food), ඇතැම් මස් වර්ග, මාගරින්, කිරි ආහාර, බිස්කට්, කේක්, බනිස් වර්ග, පාන්, වෙනත් බේකරි කෑම වර්ග, සහ හයිඩ්‍රජනීකරණය වූ තෙල් වලින් බදින ලද ආහාර වල ට්‍රාන්ස් මේදය බහුලව ඇත.

අසංතෘප්ත මේදය (Unsaturated fat)✅✅
මෙය හිතකර මේදය වර්ගයකි. අසංතෘප්ත මේදය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්, ඒක-අසංතෘප්ත මේදය (Mono-unsaturated fat) සහ බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) වශයෙනි. මේවා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීමට උපකාරී වේ. ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, රටකජු තෙල්, රටකජු, කජු, බඩ ඉරිඟු, සෝයා බෝංචි, අලිගැටපේර, තල, සූරියකාන්ත ඇට, සහ මේදය අඩංගු ලොකු මාළු වැනි ආහාර වල අසංතෘප්ත මේදය බහුලව ඇත.

දියවන තන්තු✅✅
දියවන තන්තු, එළවළු, පළතුරු, රනිල භෝග, කුරුට්ට සහිත ධාන්‍ය, සහ එවැනි ධාන්‍ය වලින් සාදන ලද ආහාර වල බහුලව පවතී. දියවන තන්තු මගින් ආහාරයේ ඇති කොලෙස්ටරෝල් ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන අතර, රුධිරයේ ඇති LDL මට්ටම පහත හෙලයි.

ස්ටැනෝල් සහ ස්ටෙරෝල්✅✅
එළවළු සහ පළතුරු වල බහුලව ඇත. මේවා ආහාරයේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය අඩුකරන අතර, රුධිරයේ LDL මට්ටම අඩුකරයි.

🔥ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වන්නේ ඇයි?

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම, ශරීරයේ බර පාලනයට මෙන්ම, රුධිරයේ ඇති LDL මට්ටම අඩුකිරීමට ද වැදගත් වේ. එය රුධිරයේ ඇති HDL මට්ටම වැඩිකරන අතර, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩුකරයි. දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත්, සතියකට අවම වශයෙන් දින 5 ක් වත් බැගින්, මධ්‍යම-තීව්‍රතාවයකින් යුතු වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, නර්ථනය, වත්තේ වැඩකිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍ය වේ.

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගත යුත්තේ ඇයි?

බර අධික වීම හෝ තරබාරු වීම, ඔබගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ LDL මට්ටම වැඩිකිරීමට හේතුවන අතර, HDL මට්ටම අඩුකරයි. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්, 24.9 ත් අතර පවත්වා ගත යුතුවේ.

🔥කොලෙස්ටරෝල් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
කොලෙස්ට්‍රෝල් පෙති ව්ද්‍ය්වරයෙකුගේ අනුමැතියකින් තොරව භාවිතා නොකරන්න. අනවශ්‍ය මාත්‍රාවන් අක්මාවට අහිතකරය.
ව්‍යායාම්, ක්‍රියාශීලි දිවි පෙවත හා ආහාර වෙනස ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනු ඇත.

👉 කායික රෝග විශේෂඥ වෛද්‍ය‍ය වෙලගෙදර

(මුහුනු පොතෙන් උපුටා ගැනීමකි)
(Credit goes to original owner ❤)

(මෙවැනි වටිනා තොරතුරු සදාහ අපගේ පිටුව follow කරන්න)

Join our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j

Text  neck⭕ ඔබත් ජංගම දුරකථන📱 භාවිතයට ඇබ්බැහි වූ කෙනෙක් ද???⭕ දැනටමත් හිසේ කැක්කුමක්💥 ,බෙල්ලේ කැක්කුමක්💥 දැනෙනවාද????⭕ එ...
25/01/2024

Text neck
⭕ ඔබත් ජංගම දුරකථන📱 භාවිතයට ඇබ්බැහි වූ කෙනෙක් ද???
⭕ දැනටමත් හිසේ කැක්කුමක්💥 ,බෙල්ලේ කැක්කුමක්💥 දැනෙනවාද????
⭕ එසේ නම් මේ ලිපිය 📝 ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වු ඔබ සදහායි....

📝 මොකද්ද මේ text neck කියන්නේ....
වර්ථමානය වන විට තාක්ෂණයේ දියුණුවත් සමග මුළු ලෝකයම smart වෙමින් පවති. මේ නිසා ජංගම දුරකථන (smart phone), ජංගම ටැබ්ලට් (smart tab) , අනෙකුත් smart device බාහිවිතය ඉහල ගොස් ඇත.
📝 ජංගම දුරකථන (Smart Phone) සහ අනෙකුත් smart උපාංග අධික ලෙස භාවිතා කිරීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස text neck හඳුන්වන්නට පුලුවනි.
📝 දිගු වේලාවක් එකම ඉරියව්වෙන් හිස ඉදිරියට දිගු කර බෙල්ල නමාගෙන ගත කිරීම නිසා බෙල්ල, කොඳු ඇට පේළිය හා ඒ ආශ්‍රිත සන්ධි සහ මාංශ පේෂීන් මත දිගින් දිගටම අසාමාන්‍ය ආතතියක් ඇති කරයි. මෙය අතුරු ආබාධ රාශියකට මුලික හේතුව වෙයි.මෙම තත්වය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් තුළ සුලභ වන අතර ළමුන් හා නව යොවුන් වියේ දරුවන් අතර වැඩිවීමක් දක්නට ලැබේ ...

⭕ මොනවද මෙහි රෝග ලක්ෂණ ....

📌️ මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ය වේදනාවයි (Pain)
බෙල්ල, උරහිස ප්‍රදේශය හා කොන්දේ ඉහල ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන අපහසුකාරී කැක්කුමක් ලෙස හෝ එක් ස්ථානයක (trigger points ) ඇතිවන තියුනු වේදනාවක් ලෙස එය අත්විදියි. තියුනු තත්වයකදී එක් අතක හෝ අත් දෙකෙහිම පහලට ඇදීයන වේදනාවක් ඇතිවිය හැක. එමෙන්ම සමහර අවස්ථා වලදි කනෙහි කැක්කුමක්ද ඇති විය හැක..

📌️ බෙල්ලේ තද ගතිය (stiff neck)
දිගු වේලාවක් ජංගම දුරකථන භාවිතයෙන් පසුව බෙල්ලේ ඇතිවන වේදනාව සහ බෙල්ලේ සහ හිස හැරවීමට ඇතිවන අපහසුව. මේ නිසා බෙල්ලේ චලන පරාසය අඩු වීමද සිදුවේ...

📌️ හිසේ කැක්කුම (Headache)
බෙල්ල හා උරහිස ආශ්‍රිත මාංශපේෂීන්ගේ තදවීම හේතුවෙන් ඇතිවියහැකි හිසේ කැක්කුම (Tension type Headache).

📌️ හිස ඉදිරියට නෙරාගිය ඉරියව්ව (forward protrusion of the neck)
බොහෝ කාලයක් වැරදි ඉරියව් බාවිතයෙන් හිස, බෙල්ල, උරහිස හා කොන්ද ආශ්‍රිත මාංශපේෂීන්ගේ අසමතුලිතතාවයක් ඇතිවිය හැක. මේ හේතුවෙන් නිවැරදි ඍජු ඉරියව් පවත්වාගෙනයාමට අපහසුවේ. එම නිසා පසු කාලීනව කොන්දේ කැක්කුම , ඇවීදීමේ වෙනස්කම් (gait pattern change) ඇති විය හැකිය...
📌️ එක් අතක් හෝ අත් දෙකම හරහා ගමන් කරන හිරි ගතිය
තියුණු අවස්ථා වලදි අත හරහා වේදනවක් ගමන් කිරිමට අමතරව හිරි ගතියක් ද ගමන් කරයි. මේ සමගම අතෙහි මංෂපේශි පන නැති වීම වැනි සංවේදනාද දැනෙයි..

⭕ කොහොමද මේ රෝගි තත්වය හදුනා ගන්නේ...
ඔබත් ඉහත රෝගී ලක්ෂයන්ගෙන් පෙලෙන්නේ නම් නිසි සුදුසුකම් සහිත භෞතචික්ස්සකවරයකු හෝ වෛද්‍යවරකු මුන ගැසෙන්න. සූක්ෂම නිරීක්ෂණයෙන් හා භාහිර රෝගි ලක්ෂණ මගින් මෙම රෝගී තත්වය හදුනා ගත හැකිය...

⭕ මෙම රෝගී තත්වය වලක්වා ගැනීමට ඇති උපක්‍රම මොනවාද ???

📌️ පහසුම ක්‍රමය වන්නේ ජංගම දුරකථන හා ටැබ් වැනි උපාංග භාවිතය අඩුකිරීම, ඒ සදහ නිසි ඉරියව් භාවිතා කිරීම, හිස හා ජංගම දුරකථනය අතර නිසි දුරක් පවත්වාගෙන භාවිතයයි.

📌️ දිගුවේලාවක් එකම ඉරියවිවෙන් සිටිනවිට අතර මැද විවේකයන් ලබාගැනීම.

📌️ සිරුරේ නම්‍යතාවය හා ශක්තිය පවත්වාගෙනයාමට දිනපතා ව්‍යායාමවල නිරතවීම..

⭕ මේ සදහා ඇති භෞතචික්ස්සක ප්‍රතිකාර මොනවාද ???
මෙම රෝගය කිසිදු ඖෂධක් භාවිතා නොකර භෞතචිකිත්සාව ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කර ගත හැකිය.. ඒ සදහා භෞතචිකිත්සක වරුන් විසින් නවීන ප්‍රතිකාර ක්‍රම රැසක්ම භාවිත කරයි... . ඒවා නම්
📌️ තාප ප‍්‍රතිකාර (Heat therapy )
📌️ විද්‍යුත් ප්‍රතිකාර (elecro therapy )
📌️ Cup treatments
📌️ Dry kneading
📌️ ධ්වනි තරංග ප්‍රතිකාර (ultrasound )
📌️ මාංශ පේශී ශක්තිමත් කිරිමේල් ව්‍යායාම (strengthening exercises )
📌️ මාංශ පේශී ඇදීමේ ව්‍යායාම ( streching exercises )
ඉන් කිහිපයකි . මෙහිදි අපි ඖෂධ භවිතයක් සිදු නොකරන අතර සියලුම ප්‍රතිකාර ක්‍රම භෞතික ප්‍රතිකාර ක්‍රම වෙයි. ඒම නිස කිසිදු අතුරු ආබාධක් ඔබට සිදු නොවෙයි. ඔබ මෙම රෝගයේ කුමන අවස්ථාවක සිටියත් අපි ඔවව සුව කරන්නෙමු.ඔබත් මෙම රෝගයෙන් දීර්ඝ කාලයක් පුරාවට පීඩා විඳිනවා නම් අදම ඔබගේ භෞතචිකිත්සක වරයා මුන ගැසි ප්‍රතිකාර වෙත යොමු වන්න....

☎️ ඔබට අවශ්‍ය සියලුම භෞතචිකිත්සක ප්‍රතිකාර හා උපදෙස් සදහා අපව අමතන්න...
මාතර, ගාල්ල , ප්‍රදේශ අවට නිවසටම පැමින (home visit ) ප්‍රතිකාර කරනු ලැබේ....
Chamara Gamage
B.Sc physiotherapy
University of peradeniya
0778518754/ 0712097754

Join our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j


මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග...
22/09/2023

මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.

ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.

මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකුහට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා. වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.
උපුටා ගැනීමකි.

Join our whatapp channel 👇👇👇
https://whatsapp.com/channel/0029Va9fZ2Y9hXFAOdNZpB1j

Address

Colombo

Telephone

+94778518754

Website

Alerts

Be the first to know and let us send you an email when PhysioTreat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to PhysioTreat:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram