Counseling and Special Education

Counseling and Special Education We give our services and guidence in Counseling and Special Education.

14/04/2025
28/01/2025

මානසික රෝග අතර ඉතාමත් සංකීර්ණ හා බරපතල තත්වයක් ලෙස සැලකෙන ස්කිසොෆ්‍රීනියාව ගැන අද අපි සවිස්තරාත්මකව කතා කරමු... 🧠

මේ රෝගය ගැන දැනුවත් වීම ඉතා වැදගත්. මක්නිසාද යත් ලෝකයේ ජනගහනයෙන් 1% ක් පමණ මෙම රෝගයෙන් පීඩා විඳින බැවිනි. 🌍

ස්කිසොෆ්‍රීනියාව යනු කුමක්ද? 🤔
ස්කිසොෆ්‍රීනියාව යනු මස්තිෂ්කයේ රසායනික ද්‍රව්‍ය අතර ඇති සමබරතාවය බිඳ වැටීම නිසා ඇතිවන දරුණු මානසික රෝගී තත්වයකි. මෙහිදී මස්තිෂ්කයේ ඇති ඩොපමයින් (Dopamine) සහ සෙරටොනින් (Serotonin) වැනි ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) වල ක්‍රියාකාරීත්වය වෙනස් වීම සිදුවේ. මෙම වෙනස්වීම් නිසා පුද්ගලයාගේ චින්තනය, හැඟීම් හා හැසිරීම් රටාවන් සාමාන්‍ය තත්වයෙන් බරපතල ලෙස වෙනස් වෙයි.

රෝගය ඇතිවන කාලය: ⏰
මෙම රෝගය බොහෝවිට වයස අවුරුදු 16-30 අතර කාලයේදී ආරම්භ වේ. පිරිමි පාර්ශවයේ නම් වයස අවුරුදු 15-25 අතර කාලයේදීත්, කාන්තා පාර්ශවයේ නම් වයස අවුරුදු 25-35 අතර කාලයේදීත් රෝග ලක්ෂණ මතුවීමට පටන් ගනී. 👥

රෝගයට හේතු: 🔍
මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් හඳුනාගෙන තිබේ:

ජානමය හේතු - පවුලේ වෙනත් අයෙකුට මෙම රෝගය තිබීම
පාරිසරික හේතු - මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය
ජීව විද්‍යාත්මක හේතු - මස්තිෂ්කයේ රසායනික වෙනස්කම්
ගර්භණී සමයේ ඇතිවන අහිතකර තත්ත්ව
දරුණු මානසික කම්පන

ප්‍රධාන රෝග ලක්ෂණ: 📋

සංඥාත්මක ලක්ෂණ (Positive Symptoms):

මායා (Hallucinations) - නැති දේවල් පෙනීම, ඇසීම හෝ දැනීම
භ්‍රාන්ති (Delusions) - සත්‍ය නොවන විශ්වාස තදින් දරා සිටීම
අසාමාන්‍ය චර්යාවන්
කතාබහේ අසංවිධානාත්මක බව

නිෂේධාත්මක ලක්ෂණ (Negative Symptoms):

හැඟීම් ප්‍රකාශනයේ අඩුව
කතාබහ අඩුවීම
උනන්දුව අඩුවීම
සමාජ සබඳතා අඩුවීම

සංඥානාත්මක ලක්ෂණ (Cognitive Symptoms):

මතක ශක්තිය දුර්වල වීම
තීරණ ගැනීමේ හැකියාව අඩුවීම
අවධානය යොමු කිරීමේ දුෂ්කරතා

රෝගය හඳුනා ගැනීම: 🏥
රෝගය හඳුනා ගැනීම සඳහා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින්:

රෝග ඉතිහාසය විමසීම
මානසික තත්ත්ව පරීක්ෂණ
ශාරීරික පරීක්ෂණ
මස්තිෂ්ක පරීක්ෂණ (MRI, CT scan)
රුධිර පරීක්ෂණ සිදු කරනු ලැබේ

ප්‍රතිකාර ක්‍රම: 💊

ඖෂධ ප්‍රතිකාර:

First Generation Antipsychotics
Second Generation Antipsychotics
මානසික උද්දීපන නාශක ඖෂධ
කාංසා නාශක ඖෂධ

මනෝ චිකිත්සක ප්‍රතිකාර:

Cognitive Behavioral Therapy (CBT)
සමාජ කුසලතා පුහුණුව
පවුල් උපදේශනය
රැකියා පුහුණුව

පවුලේ සහ සමාජයේ කාර්යභාරය: ❤️

පවුලේ සාමාජිකයින්ගේ වගකීම්:

රෝගියාට ආදරය සහ රැකවරණය දැක්වීම
නිසි පරිදි ඖෂධ ලබා දීම
රෝගියාගේ හැසිරීම් නිරීක්ෂණය
වෛද්‍ය උපදෙස් පිළිපැදීම
රෝගියාට සවන් දීම

සමාජයේ වගකීම්:

රෝගීන් කෙරෙහි ධනාත්මක ආකල්ප පැවතීම
රෝගීන්ට රැකියා අවස්ථා ලබා දීම
සමාජ වටපිටාවට ඇතුළත් කර ගැනීම
අවශ්‍ය උපකාර ලබා දීම

වැළැක්වීමේ ක්‍රම: 🛡️

කල්තියා රෝග ලක්ෂණ හඳුනා ගැනීම
මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
නිසි නින්ද ලබා ගැනීම
ආතතිය අවම කර ගැනීම
නිරන්තර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම

මතක තබා ගත යුතු වැදගත් කරුණු: ⚠️

මෙය සුව කළ හැකි රෝගයකි
ප්‍රතිකාර නිසි පරිදි ලබා ගත යුතුය
පවුලේ සහය ඉතා වැදගත්ය
සමාජ ආකල්ප වෙනස් විය යුතුය
රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය

Article by : Rusiru Galagoda

27/01/2025

දෙමව්පියනි මේ ලිපිය කියවන්න. ඔබේ දරුවා ගැන පොඩ්ඩක් හිතන්න
======================================

එයාගෙ නම ගිලියන්..

අවුරුදු හතක පොඩි එකියක්...
එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්.

අපේ භාශාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නෙ.

ගිලියන් තමන්ගෙ පංතියේදීත් විනාඩි හතරෙන් පහෙන්
නැගිටිනව.. ඇඹරෙනව ..එහාට මෙහාට යනව ..පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ.

මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනව.
ගුරුවරු හැමදාම අවවාද කරනව.. පහදල දෙනව.. දඬුවම් දෙනව... පංතියෙන් එලියට දානව.. දණ ගහල තියෙනව.
කිසි දෙයක් හරි යන්නෙ නැහැ.

සමහර ගුරුවරු..කරුණාවන්ත වෙනව වැඩි වැඩියෙන්.. තෑගි..චොකලට් වගේ දේවල් දෙනව.. ඒත් කිසි දෙයක් හරි යන්නෙ නෑ.

විදුහල්පති ලඟට එක්කන් යනව .. ගෙදර අම්ම තාත්ත එක්ක කතාබහ කරනව.
ඒත් විසඳුමක් නෑ.

ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගියාම ගෙදරින් දඬුවම් විදිනව ..චාරයක් නෑ.. එක තැනක ඉන්න බෑ කියල.

දවසක් පංතිභාර ගුරුතුමිය ගිලියන්ගෙ අම්මව කැඳවනව ඉස්කෝලෙට.
බොහොම කරුණාවෙන් අත අල්ලගෙන කතා කරනව.

ඒ තරම් හොඳ ආරංචියක් නෙමේ තියෙන්නෙ..
කියන්න කණගාටුයි.
අපි හිතන්නෙ ගිලියන්ට තියෙන්නෙ මානසික රෝගයක්.
එයා අධි ක්‍රියාකාරීයි.. ඒ වගේම මානසික ආතතිය හා මානසික ව්‍යාකූල තාවයෙන් (Mentally disorder )පෙලෙනව.
මේක සංකීර්ණ තත්වයක්. අනිවාර්‍යෙන්ම මානසික රෝහලකට යොමු කල යුතුයි ප්‍රථිකාර සඳහා.

ගිලියන්ගෙ අම්මගෙ ඇස් කඳුලින් පිරෙනව.

ඇය ඉස්කෝලෙන් පිටවෙලා යන්න සූදානම් වෙද්දි ඇයව දන්න වියපත් ගුරුවරියක් හමු වෙනව.
මේ ගුරුවරිය අහනව අඬන්න හේතුව.
ගිලියන්ගෙ අම්ම විස්තරේ කියනව.

මං ගිලියන්ව දැක්ක කීප සැරයක්. අපි තව එක දෙයක් උත්සාහ කරල බලමු..
මට පොඩි සැකයක් තියනව.

මේ දෙන්න යනව විදුහල්පති හමුවෙන්න.
ගුරුවරිය විදුහල් පතිගෙන් ඉල්ලනව පොඩි පරීක්ශණයකට ඉඩ දෙන්න කියල.
ඉඩ ලැබෙනව වාසනාවකට.
මේ ගුරුවරිය ගිලියන්ව එක්කන් යනව සංගීත කාමරේට.
විවිධ සංගීත භාන්ඩ වගේම තැටි රෙකෝඩරයකුත් තියනව.
ඇය ගිලියන්ට කියනව විනාඩි දහයක් වාඩි වෙලා ඉන්න මං අම්මත් එක්ක ඉක්මනින් එන්නම් කියල.

ඇය පිට වෙලා ගියාට ..ගිලියන්ගෙ අම්මටයි.. විදුහල්පති හා ගුරුවරු කීප දෙනෙක්ටයි දකින්න පුළුවන් අපේ පුංචි ගිලියන්ව වීදුරු ජනේලය හරහා.

එයා වාඩි වෙලා ඉන්නවද..
නෑ.. නැගිටිනව.. එහාට මෙහාට ඇඹරෙනව. තැටි රෙකෝඩරයේ සද්දෙ වැඩි කරනව. හරි ලස්සන පියානෝ වාදනයක් තැටි රෙකෝඩරය හරහා ඇහෙන්නෙ.
ගිලියන් පටන් ගන්නව අත පය විහිදල මේ සංගීතෙට අනුව නටන්න.

එලියෙ ඉන්න කාණ්ඩෙ පුදුම වෙනව මේ පොඩි කෙල්ල නටන ලස්සන දැක්කම.
හරියට මේ සංගීතය එයාටම හදපු එකක් වගේ. මුලු හදවතම ..අවධානයම නැටුමට යොදවපු ගිලියන් කාමරේ හතර අතට පා වෙනව.

අර වියපත් ගුරුවරිය කියනව.. බලපල්ලා මේ පුංචි එකීට මානසික ලෙඩෙක්ද.. ?
එයා උපතින්ම නැට්ටුවෙක්.
පහුවදා ඉඳල පන්තියේ මුළු දවසම ඉඳන් ඉන්නව වෙනුවට ගිලියන් නැටුම් අංශයට යොමු කරනව.

එදා ගෙදර ආපු ගිලියන්ගෙ මූණ හිනාවෙන් පිරිල.
අම්මේ ඒ පංතියේ අය මට වඩා ලොකු උනාට ඒ අය ඔක්කොම මං වගේ .. හැම තිස්සෙම නටනව.
මේ නම් හරිම ලස්සන ලෝකයක්. එයාගෙ අම්මට උත්තර නෑ.

මේ තමා එංගලන්තයෙන් බිහිවුනු විශිෂ්ඨතම බැලේ රංගන ශිල්පිනිය.
ගිලියන් බාබරා ලින්
[1926 _ 2018]

ඊට අමතරව නම් දරාපු රූපවාහිනී නැටුම් අධ්‍යක්ශකවරියක්.. නිළියක්.
ඒ වගේම රාජකීය පවුලකින් නොආව පලමු පුද්ගලයා ලන්ඩනයේ රංග ශාලාවකට නම දීපු.

පොඩ්ඩකට හිතුවොත් ශිෂ්‍යත්ව විභාගෙ අසමත් වෙච්ච පොඩි එකීට ඔබගේ දෝෂාරෝපණය හමුවේ කොයි තරම් දුක හිතෙන්න ඇද්ද..

ගස් උඩ නගින.. කොල්ලෙක් වගේ දුවන පුංචි එකීට කොයි තරම් සැර දාන්න ඇතිද..
ඉගෙනීමට වේගෙ මදි කියල තමන්ගෙ පොඩි උං රේස් දුවවන අම්මලාට පොඩ්ඩක් හිතන්න පුලුවන් උනොත්....

කවුද දන්නෙ.. ඒ ගිලියන්ද.. සුසන්තිකාද, බීතෝවන්ද, හුසේන් බෝල්ට්ද කියල.

කාටද එහෙම කියන්න පුළුවන්.

වාසනාවකට මේ පුංචි එකීගේ ගමන මානසික රෝහලකින් අවසන් නොවුනේ ,,,,

( උපුටා ගැනීමකි=මුල් කතෘට ස්තුතියි)

Address

Colombo

Telephone

+94775730885

Website

Alerts

Be the first to know and let us send you an email when Counseling and Special Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Counseling and Special Education:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram