18/01/2025
ඇදුම රෝගයේ රෝග ලක්ෂණ
✦ හුස්ම ගැනීමේ අපහසුව
✦ කැස්ස, කිවිසුම් යාම සහ උගුරේ සෙම පැටලීම
✦ පපුවේ හිර ගතිය
✦ හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී ශබ්දයක් මතු වීම
✦ හුස්ම ගැනීමේ අපහසුව නිසා නින්ද නොයෑම
✦ කතා කිරීමේදී අපහසුවක් දැනීම. මේ නිසා බොහෝ ඇදුම රෝගීන් ✦නවත්වමින් කතා කරනු දක්නට ලැබේ
✦තොල් සහ නියපොතු අවපැහැ වීම
✦හෘද ස්පන්දනය වේගවත් වීම.
ඇදුම රෝගීන් පරිස්සම් විය යුත්තේ කොහොමද ?
✦ තමන් ජීවත් වන ස්ථානය, ඇඳ ඇතිරිලි සහ කොට්ටා උර නිරන්තරයෙන් ✦පිරිසිඳුව සහ දුවිලි රහිතව තබා ගන්න.
✦පාන්දර අවදි වීමෙන් සහ රාත්‍රියේ නිදි මැරීමෙන් වලකින්න.
✦දුමෙන්, පින්නෙන්, මීදුමෙන් ආරක්ෂා වන්න.
✦උදෑසන සීතල ආහාර ගැනීමෙන් වැළකීම. – හීල් බත්, කිරි බත්, කුරුම්බා,
තැඹිලි, සාරණ, නිවිති.
✦සැර ආහාර වර්ග ලබා ගැනීමෙන් වලකින්න. – හරක් මස්, එළු මස්, දැල්ලන්,
ඉස්සන්, හුරුල්ලන්.
✦අව්ව ඇති විට පමණක් ස්නානය කිරීම.
✦ජලයේ ගිලී නෑමෙන් වැළකීම.
✦උණු වතුර පානය. උණු වතුරෙන් වාෂ්ප ඇල්ලීම.
✦දුම් පානයෙන් වලකින්න.
✦කිරි පිටි අධික ලෙස පානය නොකරන්න.
✦දුවිලි අධික ස්ථාන වලදී සහ නිවස පිරිසිඳු කරන අවස්ථාවේදී රෙදි කඩකින් නාසය සහ කට වසා ගන්න.
*රෝග තත්ත්වය පරීක්ෂා කර බලා කුමන හේතුවක් නිසා වු ස්වසන අපහසුතාවයක් ද යන්න විමසා බලා සුදුසු ආයුර්වේද ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් වලට යොමුවීම කල යුතුය.
සාත්වික් සිලෝන් වෙල්නස් මඟින් විශේෂඥ ආයුර්දේද ප්‍රතිකාර ස්වසන රෝග සඳහා ලබාගැනීමට පහත දුරකථන අංක අමතන්න
076 845 8604