Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement

Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement Official page for the volunteer group, Colombo Divisional Unit of Sri Lanka Saukyadana Movement.

We are a group of young aid workers mainly focused on providing first-aid and medical camps for various occasions.

"උපුටාගැනීම-මාධ්‍ය නිවේදනයයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නුවරඑළිය ශ්‍රී පාද වන්දනා සමයේ පවතින ශීත දේශගුණික ...
07/01/2025

"උපුටාගැනීම-
මාධ්‍ය නිවේදනයයි

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නුවරඑළිය

ශ්‍රී පාද වන්දනා සමයේ පවතින ශීත දේශගුණික තත්වයෙන් ආරක්ෂා වීම

එළඹ ඇති ශ්‍රී පාද වන්දනා සමයේ පවතින ශීත දේශගුණික තත්වයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් පියවර සහ ශීත දේශගුණික තත්වය වැඩි බලපෑමක් ඇති කල හැකි කණ්ඩායම් පහත දැක්වේ.

*ශීත දේශගුණික තත්වය වැඩි බලපෑමක් ඇති කල හැකි කණ්ඩායම්

1. කුඩා දරුවන්

2. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

3. දීර්ඝ කාලීන රෝග / බෝ නොවන රෝග වලින් පෙළෙන පුද්ගලයින් (හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම ආදිය..)

4.ගර්භණි මව්වරුන්

5. සංචරන අපහසුතා ඇති පුද්ගලයින්

6. ලාංකික දේශගුණික තත්වයන් නුහුරු විදෙස් සංචාරකයින්

*ශීත දේශගුණික තත්වයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළයුතු වැදගත් පියවර

1. ශිත දේශගුණයට ඔරොත්තු දෙන ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න. උදා: උණුසුම ආරක්ෂා කරන ලේයරයක් සහිත ඇඳුම්, හිස් වැසුම්, පාවහන්

2. තෙත් වූ ඇඳුම් ඉක්මනින් ඉවත් කරන්න

3. විජලනයෙන් ආරක්ෂා වීමට නිතර උණුසුම් ජලය පානය කරන්න. මත්පැන් පානයෙන් වළකින්න

4. ක්‍රියාශීලි වන්න. වැඩි කාලයක් එක් ස්ථානයක අසුන්ගෙන සිටීමෙන් වළකින්න

5. ශරීරයේ උණුසුම අඩු වීම (Hypothermia) නිසා ඇතිවන ලක්ෂණ ගැන අවබෝධයෙන් සිටින්න. අධික ලෙස වෙව්ලීම (Shivering), මානසික ව්‍යාකූලත්වය (Confusion), කතා කිරීමේදී ඇතිවන නොපැහැදිලිකම (Slurred speech) ආදිය ගැන සැලකිලිමත් වන්න.

5. යම්කිසි රෝගයකින් පෙළේ නම් ඒ සඳහා නිර්දේශිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් අනිවාර්යයෙන් භාවිතා කරන්න. යම්කිසි රෝගී තත්වයක් උත්සන්න වේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න

6. ඔබගේ වන්දනා ගමන නිසි ලෙස සැලසුම් කරන්න. අපේක්ෂිත කාලගුණික තත්වයන් පිළිබඳ ගමනට පෙර විමසිලිමත් වන්න

7. ශීත දේශගුණික තත්වයෙන් වැඩි බලපෑමක් ඇතිකල හැකි කණ්ඩායම් ගැන වැඩි අවධානයෙන් සිටින්න. එවැනි පුද්ගලයින් කණ්ඩායමක සාමාජිකයින් වශයෙන් ගමන් කිරීම වඩාත් සුදුසුයි.

විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරා
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
නුවර එළිය"

වාර්ශිකව පවත්වන ලබන ලේ දන්දීමේ කඳවුර මෙවර කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කල වගයි. ලේ දන්දීමේ කඳවුරට ...
23/05/2023

වාර්ශිකව පවත්වන ලබන ලේ දන්දීමේ කඳවුර මෙවර කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කල වගයි.
ලේ දන්දීමේ කඳවුරට සමගාමීව කොළඹ ජාතික රෝහල විහාරය මගින් අප වෙත ලබා දුන් ශල්‍ය උපකරණ මහරගම ජාතික පිළිකායතනය "අපේක්ෂා රෝහල" ලේ බැංකුව වෙත පරිත්‍යාග කරන ලදි.

ලේ බැංකුව:- ජාතික පිළිකායතනය "අපේක්ෂා රෝහල" මහරගම
ශාලා පහසුකම්:- කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය (කො.ම.න.ස.)
සංවිධානය:- කොළඹ ප්‍රාදේශීය ඒකකය - ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය
විශේෂ ස්තූතිය:- කොළඹ ජාතික රෝහල විහාරයේ විහාරාධිපති රජවැල්ලේ සුභූතී හිමිපාණන් වහන්සේ,
රසික කේටර්ස් අදිපති රසික සංජීවන මහතා,
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමිය ඇතුළු පාලක මණ්ඩලය සහා මූලස්ථානය කාර්‍යමණ්ඩලය.








ශ්‍රී පාදස්ථාන නල්ලතන්නිය වෛද්‍යධාර සහ ප්‍රථමාධාර කදවුර 2023 පෙබරවාරි මස පොහොය දිනයට සමගාමීව 3,4,5,6 දිනයන්හීදී සාර්ථකව ...
21/02/2023

ශ්‍රී පාදස්ථාන නල්ලතන්නිය වෛද්‍යධාර සහ ප්‍රථමාධාර කදවුර 2023 පෙබරවාරි මස පොහොය දිනයට සමගාමීව 3,4,5,6 දිනයන්හීදී සාර්ථකව පැවැත්වූ වගයි.

වෛද්‍ය සජිත් මංජුල මහතාගේ වෛද්‍ය අධීක්ෂණයෙන් සහ අශෝක ජයලත් මහතාගේ සංවිධාන අධීක්ෂණයෙන් යුතුව තුෂාන් හර්ෂ, හිරුණි හේෂානී, හිරුන් මල්ෂක, නිවන්තනා උමයංගි, රවිදු තාරක, දැහැමි අකාෂි යන ස්වෙච්ඡා ප්‍රථමාධාර කාර්‍යමංඩලයේ සහභාගීත්වය සහ තිලිණ පතිරණ මහතාගේ මූල්‍ය දායකත්වය ඇතුලුව ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ මූලිකත්වය කෘතඥපූර්වකව සිහිපත් කරමු.

තවද ඔබටද මෙවැනි සාර්ථක කඳවුරු පැවැත්වීම සඳහා සහභාගිවීමට/ සහභාගී කරවා ගැනීමට හො මූල්‍යාධාර ලබා දිමට හැකි බැවින් ඒ සඳහා කැමැත්තක් / අවශ්‍යතාවයක්/ හැකියාවක් ඇති අය වැඩි විස්තර සදහා අප අමතන්න.

(සැ.යු. ස්වෙච්ඡා ප්‍රථමාධාර කාර්‍යමංඩල සාමාජිකයෙකු ලෙස ප්‍රථමාධාර වෛද්‍යධාර කඳවුරු සඳහා සහභාගිවීය හැක්කේ ඒකක සාමාජිකත්වය ගෙන නිසි ප්‍රථමාධාර පුහුණුවක් ලබා ගැනීමෙන් අනුතුරුව සුදුසුක්ම්ලත් ප්‍රථමාධාර කරුවකු ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ නිර්දේශය මත පමණි.)

සංවේගයෙන් දැනුම් දීමයි, ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ පාලක මණ්ඩල සාමාජික ජේෂ්ඨ පුහුණු කිරීමේ නිළදාරී එල්. ජී. ජයවීර ම...
02/06/2022

සංවේගයෙන් දැනුම් දීමයි,

ශ්‍රී ලංකා සෞඛ්‍යයදාන ව්‍යාපාරයේ පාලක මණ්ඩල සාමාජික ජේෂ්ඨ පුහුණු කිරීමේ නිළදාරී එල්. ජී. ජයවීර මැතිනිය අභාවප්‍රාප්ත වී ඇත.

ඒ පිළිබඳ කොළඹ ප්‍රාදේශීය ඒකකයේ සාතිශය සංවේගය!!!

දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා තලංගම, කොස්වත්ත, මහින්ද පනාගොඩ මල් ශාලාවේ සිකුරාදා දින (2022.06.03) පෙරවරු 8.30 සිට සෙනසුරාදා දින (2022.06.04) සවස 2.00 දක්වා තැන්පත් කර තබන අතර, එදින සවස 3.00ට ඔරුවල ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකරනු ලැබේ.



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Colombo Divisional Unit - Sri Lanka Saukyadana Movement:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram