Mental Health with Avishka

Mental Health with Avishka Mental Health Advocate | Psychology Explorer

Contact: +94 75 274 1116

Daily Mind Dose  #155
24/04/2026

Daily Mind Dose #155

23/04/2026

Relationship එකක් පටන් ගන්න කළින්, Heal වෙන්න ඕනද?

Daily Mind Dose  #154
23/04/2026

Daily Mind Dose #154

22/04/2026

පාලනය කරගන්න බැරි පීඩාකාරී සිතුවිලි එන OCD.

Daily Mind Dose  #153
22/04/2026

Daily Mind Dose #153

21/04/2026

ඔයාගෙත් Attention, Motivation, Self-esteem, අඩු වෙලාද?

Daily Mind Dose  #152
21/04/2026

Daily Mind Dose #152

අපේ Brain එකේ තියනවා Serotonin කියලා chemical එකක් (neurotransmitter එකක්). ඉතින් මෙන්න මේ Serotonin කියන neurotransmitt...
20/04/2026

අපේ Brain එකේ තියනවා Serotonin කියලා chemical එකක් (neurotransmitter එකක්). ඉතින් මෙන්න මේ Serotonin කියන neurotransmitter එක තමයි අපේ happy chemical එක කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ.

මේ Serotonin, අපේ mood, attention, memory, learning, emotional regulation, ඒ වගේම අපේ නින්ද, ආහාර රුචිය (appetite), Sexual function, වැනි ගොඩක් දේවල් කෙරෙහි ඉතාමත් වැදගත් වෙනවා.

ඉතින් අපි තුළ හොඳ Serotonin level එකක් පවත්වාගන යාම වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කිහිපයක් අද දැනගමු.

01. පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම සහ Junk foods, sweets, ඇතුළු විවිධ අහිතකර ආහාර පාන වර්ග හැකිතරම් අවම කිරීම.

(Eggs, chicken, Cheese, yogurt, Salmon සහ අනෙකුත් fatty fish, bananas, avocado, spinach, Nuts, seeds, Leafy greens වැනි ආහාර එදිනෙදා අහාර රටාවට එකතු කරගැනීම මේ යටතේ ගොඩක් වැදගත්)

02. Exercise කිරීම.
03. උදෑසන හිරු එළියට නිරාවරණය වීම (Sunlight Exposure) සහ Nature එක සමඟ යම් කාලයක් ගත කිරීම.
04. ප්‍රමාණවත්, හොඳ නින්දක් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම.
05. Gratitude practice කිරීම, Journaling කිරීම.
06. Meditation, Yoga, වැනි දේවල් කිරීම සහ Mindfulness නිතර පුරුදු කිරීම.
07. Quality මානව සබඳතා ජීවිතයට ගොඩනගා ගැනීම
08. කාලයක් තිස්සේ මානසිකව පීඩා විදින යම් ප්‍රශ්න තියනවා නම්, ඒ දේවල් වලට නිසි විසඳුම් ලබා ගැනීම.

Daily Mind Dose  #151
20/04/2026

Daily Mind Dose #151

මානසික රෝග කියන්නේ සියදිවි නසාගැනීම් කෙරෙහි බලපාන එක හේතුවක්. ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි Depression.Depression වලදී පහත...
19/04/2026

මානසික රෝග කියන්නේ සියදිවි නසාගැනීම් කෙරෙහි බලපාන එක හේතුවක්. ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි Depression.
Depression වලදී පහත සඳහන් ලක්ෂණ පුද්ගලයෙක් තුළ ඇතිවෙන්න පුලුවන්.

🔺පාලනය කරගන්න අපහසු දුකක් නිතරම දැනීම
🔺හිස්බවක්, බලාපොරොත්තු විරහිත බවක්, තනිකමක්, නිතර දැනීම
🔺කිසිම දෙයක් සම්බන්ධව කැමැත්තක්, සතුටක් නොමැති බව
🔺නින්ද නොයාම. හෝ නිතරම නිදාගන්න යොමුවීම
🔺කෑම සම්බන්ධව රුචියක් නොමැති බව. හෝ නිතරම විවිධ දේවල් කන්න සිතීම
🔺අවධානය යොමුකීරිම, මතකය, තීරණ ගැනීම, වැනි දේවල් සම්බන්ධව දුර්වලතා/ ගැටලු තිබීම
🔺වැඩකටයුතු කරගැනීමට උනන්දුවක් (Motivation) සහ තමන්ට ශක්තියක් නොමැති බව.
🔺තමන් ගැන වරදකාරී බවක්, වටිනාකමක් නැති බවක්, තමන්ටම නිතර බැණ ගැනීමක් නිතර දැනීම
🔺ජීවිතය අහිමි කරගැනීම, මරණය, හෝ වෙනත් තමන්ට හානි කරගැනීම් ගැන නිතර කල්පනා වීම හෝ ඊට විවිධ උත්සාහයන් දැරීම.

ඔයා දන්නවාද? ඔයාට ඒ හිතෙන දේවල්, දැනෙන දේවල්, ඒ ඇත්ත දේවල් නෙවෙයි.
ඔයාගෙ brain එක දැන් ටිකක් ලෙඩ වෙලා තියෙන්නේ. ඒ නිසයි ඔයා තුළ මම ඒ සඳහන් කරපු ලක්ෂණ තිබෙන්නේ. ඔයා හොඳ වුණාම ඒ වගේ දේවල් ඔයාට හිතෙන්නේ සහ දැනෙන්නේ නැහැ.

ඉතින් ඒ මම සඳහන් කරපු ලක්ෂණ ඔයාට නිතරම දැනෙනවා නම්, විශේෂයෙන්ම අවසානයට කියපු ලක්ෂණය තියනවා නම්, ඔයා ඉක්මනින් යන්න මනෝ වෛද්‍යවරයෙක් (Psychiatrist කෙනෙක්) ළඟට. ගිහින් කියන්න ඔයා ඉන්න තත්ත්වය.
ඒ වගේම, කාලයක් තිස්සේ මානසිකව පීඩා විදින දේවල් තිබෙනවා නම්, යන්න ගිහින් කතා කරන්න therapist කෙනෙක් එක්ක හෝ counsellor කෙනෙක් එක්ක.

තනිවම suffer කරමින් ඉදලා, මේ ඔක්කොම දාලා යන්න ඕන කෙනෙක් නෙවෙයි ඔයා..
ඔයාට පුලුවන් ඔයාව වෙනස් කරගන්න. ඒ නිසා ඒ වෙනුවෙන් උදව් ලබාගන්න.

❗ඔයාට ජීවත් වුණා ඇති හිතෙනවා නම්, ලොකු ප්‍රශ්නයක් ඇවිත් කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැහැ වගේ නම්, තමන්ව control කරගන්න තේරෙන්නේ නැහැ වගේ නම්, ඒ ඕනෑම හදිසි අවස්තාවකදී ඔයාට පුලුවන් පහත තියන ඕනෑම අංකයකට කතා කරන්න.
1926 - National Mental Health Helpline (24/7)
1375 - Lanka Life Line (24/7)
1333 - CCC Line (24/7)
070 730 8308 - Sri Lanka Sumithrayo

Daily Mind Dose  #150
19/04/2026

Daily Mind Dose #150

Daily Mind Dose  #149
18/04/2026

Daily Mind Dose #149

Address

Colombo

Telephone

+94752741116

Website

Alerts

Be the first to know and let us send you an email when Mental Health with Avishka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health with Avishka:

Share