Mental Health with Avishka

Mental Health with Avishka Mental Health Advocate | Psychology Explorer

Contact: +94 75 274 1116

24/12/2025
22/12/2025

Self-harm behaviors සහ aggressive behaviors කෙරෙහි, Childhood trauma වල බලපෑම.

පාලනය කරගන්න අපහසු විදිහට, ගැටලු සහගත තත්ත්වයන් ඇතිවන විදිහට, නිතරම ලිංගික දේවල් කෙරෙහි පෙළබීම් (s*xual urges), s*xual t...
21/12/2025

පාලනය කරගන්න අපහසු විදිහට, ගැටලු සහගත තත්ත්වයන් ඇතිවන විදිහට, නිතරම ලිංගික දේවල් කෙරෙහි පෙළබීම් (s*xual urges), s*xual thoughts එනවා නම්, මේ post එක ඔයාට වැදගත් වේවි.

“S*x Addiction” කියන නමින්, Mental disorder එකක් officially තවම නම් කරලා නැති වුණාට, ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) විසින් හඳුන්වාදීලා තියන ICD (International Classification of Diseases) හි මේ s*x addiction වලට අදාළ condition එකක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි, Compulsive S*xual Behavior Disorder (CSBD). Impulse control Disorder එකක් විදිහට තමයි මේ තත්ත්වය හඳුන්වාදීලා තියෙන්නේ.

දැන් අපි බලමු මේ Compulsive S*xual Behavior Disorder, එහෙමත් නැත්නම් මේ, S*x addiction තත්‍ත්වයකදී පුද්ගලයෙකු තුළ ඇතිවෙන්න පුලුවන් ලක්ෂණ මොනවාද කියලා.

🔺 Obsessive S*xual thoughts
ඒ කියන්නේ, තමන්ට පාලනය කරගන්න අපහසු ලෙස නිතර S*xual thoughts, fantasies කල්පනා වීම.

🔺 Repetitive s*xual behaviors
Po*******hy බැලීම, ma******te කිරීම, phone s*x, සහ වෙනත් විවිධ virtual ක්‍රමවේද, ඇතුළු විවිධ s*xual behaviors වල බොහෝ වෙලාවක් / බොහෝ වාර ගණනාවක් නිරත වීම. ඒ හැසිරීම් පාලනය කරගන්න අපහසු වීම.

🔺 දවසේ තමන්ට කරන්න තියන අනෙකුත් වැඩ කටයුතු වලට බාධා ඇතිවීම.
🔺 s*xual activities plan කිරීමට ලොකු කාලයක් ගත කිරීම.
🔺 තමන්ගෙ partner සමඟ, දරුවන් සමඟ, ඇතුළු අනෙකුත් පුද්ගල සබඳතා වල ගැටලු ඇති වීම. ඒ දේවල් හොඳින් පවත්වාගන යන්න අපහසු වීම. (මේ යටතට ප්‍රධාන වශයෙන් තමන්ගෙ partner රැවටීමට ලක්කිරීම සහ වෙනත් ලිංගික සබඳතා කෙරෙහි නිතර යොමුවීම ගන්න පුලුවන්)
🔺 පසුව ඇතිවෙන්න පුලුවන් ගැටලු ගැන නොසිතා විවිධ අවධානම් සහගත s*xual behaviors වලට යොමු වීම

මීට අමතරව තවත් ලක්ෂණ විදිහට,
🔺 මානසික පීඩාකාරී බව
🔺 Guilt, shame සහ Fearful හැඟීම් බොහෝ විට ඇතිවීම
🔺 යහපත් පුද්ගල සබඳතා පවත්වාගන යාමට අපහසු වීම
🔺 තමන්ගෙ studies, රැකියාව, self-caring, ඇතුළු ජීවිතයේ අනෙකුත් වැදගත් දේවල් වල ගැටලු ඇතිවීම

Love, caring, attention, intimacy වැනි දේවල් Physical touch මඟින් පුද්ගලයන් අතර බෙදා ගැනීම / පුද්ගලයන් අතර ප්‍රකාශ කිරීම...
20/12/2025

Love, caring, attention, intimacy වැනි දේවල් Physical touch මඟින් පුද්ගලයන් අතර බෙදා ගැනීම / පුද්ගලයන් අතර ප්‍රකාශ කිරීම, physical affection කියලා හඳුන්වනවා. Hug කිරීම, Kiss කිරීම, cuddle කිරීම, අත් අල්ලාගන සිටීම (holding hands), head stroking (ඔලුව අතගෑම), මෙවැනි දේවල් මේ යටතට ගන්න පුලුවන්.

Physical affection කියන දෙය අපි හිතනවාට වඩා ඉතා වැදගත් දෙයක්. මේ Physical affection කියන දෙය අපේ කුඩා කාලයේදී ලැබෙන අත්දැකීම් ඔස්සේ, අපි තුළ deeply තියන දෙයක්.
අපි ඉපදුනාට පස්සේ, විශේෂයෙන්ම මුල් ළමා වියේදී, දෙමව්පියන් / වැඩිහිටියන් විසින් විසින් සිදුකරන, අපිව වඩාගන සිටීම, cuddle කිරීම, skin-to-skin contact, සියුම් විදිහට අපේ හිස සහ ශරීරය පිරිමැදීම (gentle stroking) වැනි දේවල් මඟින්, love, caring, attention, security, වැනි දේවල් අපි ලබනවා.

අපි කැමති පුද්ගලයන් මඟින් / නිවැරදි පුද්ගලයන් මඟින් ලැබෙන Physical affection එකට පුද්ගලයෙකුගේ Stress, anxiety, තත්ත්වයන් අඩුකරන්න පුලුවන්. ඊට බලපාන මනෝ විද්‍යාත්මක හේතු කාරණා තියනවා.

✅ Physical touch / affection මඟින් අපේ Parasympathetic Nervous System එක active වෙනවා. මේ ඔස්සේ අපේ heart rate අඩුවීම, blood pressure අඩුවීම, feeling of relaxation, වැනි දේවල් අපි තුළ සිදුවෙනවා.

✅ Oxytocin ශ්‍රාවය වීම.
Oxytocin කියන්නේ අපිට හිතකර Hormone එකක්. මේකට Love Hormone කියලත් කියනවා. Physical affection වලදී මේ Oxytocin ශ්‍රාවය වීම ඔස්සේ අපි තුළ safety, trust, bonding වගේ feelings ඇතිවෙනවා.

✅ Cortisol මට්ටම පහළ යාම.
Cortisol කියන්නේ stress hormone එකක්. Stress වුණ තත්ත්වයන් වලදී, anxious වුණ තත්ත්වයන් වලදී, මේ Cortisol අපි තුළ release වෙනවා. මේ Cortisol මට්ටම පහළ යාම කෙරෙහි Physical affection බලපානවා.

✅ Dopamine ශ්‍රාවය වීම.
මේ මඟින් Pleasure එකක් දැනීම, motivation එකක් දැනීම, mood එක ඉහළ යාමක්, stress සහ anxiety අඩුවීමක් සිදුවීම කෙරෙහි හේතු වෙනවා.

(Follow Mental Health with Avishka for more mental health content)

Beyond Counselling 2025 ✨“A Psychotherapeutic Approach Towards Healing”
19/12/2025

Beyond Counselling 2025 ✨

“A Psychotherapeutic Approach Towards Healing”

අපි ඕනෑම කෙනෙක්ට අපේ ජීවිතය තුළ stress එනවා. Stress නැතිව ජීවිතයක් ගත කරන්න බැහැ. අපි බලන්න ඕන stress කොහොමද manage කරගන...
17/12/2025

අපි ඕනෑම කෙනෙක්ට අපේ ජීවිතය තුළ stress එනවා. Stress නැතිව ජීවිතයක් ගත කරන්න බැහැ. අපි බලන්න ඕන stress කොහොමද manage කරගන්නේ කියලා.

විවිධ දේවල් නිසා තමන් stress වෙනවා වගේම, තමන්ට සතුටක් දැනෙන, relief එකක් දැනෙන හොඳ දේවල් අපි කරන්න ඕන.
ඉතින් ඒ වෙනුවෙන් ලේසියෙන් තමන්ට කරන්න පුලුවන් දේවල් ටිකක් තමයි මම මේ කියන්න යන්නේ.

✅ Screen time සීමා කරගැනීම.
විශේෂයෙන්ම රෑ නින්දට විනාඩි 30- 45 ක් පමණ පෙර phone එක use කිරීම නතර කිරීම සහ උදෑසන අවදිවෙලා අවම විනාඩි 30-45 ක් පමණ යනතෙක් phone එක use නොකිරීම.

උදෑසන කාලය තුළ social media වලට time waste කරන්නේ නැතිව,
• Deep work (studying, writing, reading, planning)
• Creative tasks (designing, writing content)
• Practicing self-discipline (exercise, meditation)
වැනි තමන්ට වැදගත් වැඩකටයුතු වලට priority එක ලබාදීම.

✅ ප්‍රමාණවත්, හොඳ නින්දක් ලබා ගැනීම.

✅ Junk foods, sweets සීමා කිරීම. ඔයාගෙ sugar consumption එක වැඩියි නම් ඔයා තුළ depressive symptoms ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළයි.

✅ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම (stay hydrated)

✅ Gym එකකට යාම, යම් sport එකක් කිරීම, jog කිරීම, වැනි තමන්ට exercise එකක් ලබෙන දේවල් කිරීම. එවැනි මොකක් හෝ දෙයක් කරන්න පහසුකම් නැත්නම්, එළියට යන්න time arrange කරගන්න අපහසු නම්, අඩුම තරමේ Home workout හෝ කිරීම.

✅ එක වෙලාවකදී එක වැඩක් කිරීම. Multitasking නොකිරීම.

✅ හිරු එළියට නිරාවරණය වීම (Exposure to sunlight). විශේෂයෙන්ම උදෑසනය කාලයේදී යම් පොඩි වෙලාවක් හෝ.

✅දවසේ ඔයාගෙ වැඩකටයුතු කරන අතරතුර යම් පොඩි time එකක් ගැඹුරින් හුස්ම ගැනීම හෝ යම් Breathing exercise එකක් කිරීම.

✅ තමන්ගෙ partner සමඟ, පවුලේ අය සමඟ, හොඳ යහළුවෙක් සමඟ, යම් වෙලාවක් හොඳ කතාබහක් පැවැත්වීම. ඒ අතරතුර phone එක scroll කර කර සිටීම හෝ වෙන වැඩ කර කර කතා නොකිරීම.

✅ Meditation, Yoga, වැනි ක්‍රියාකාරකම් ජීවිතයට එකතු කරගැනීම.

Daily Mind Dose  #122
15/12/2025

Daily Mind Dose #122

✅ අපේ brain එකෙන් කරන cognitive functions (ex- Memory, attention, learning) exercise කිරීම මඟින් Improve කරගන්න පුලුවන්....
14/12/2025

✅ අපේ brain එකෙන් කරන cognitive functions (ex- Memory, attention, learning) exercise කිරීම මඟින් Improve කරගන්න පුලුවන්.

✅ Neuroplasticity වෙනුවෙන් වැදගත් වීම.
අපේ brain එකට අලුත් neuron connection හඳුනාගැනීමට සහ ගොඩනගාගැනීමට තියන හැකියාව තමයි මේ Neuroplasticity කියන්නේ.
මේ Neuroplasticity ඉතාමත් වැදගත් වෙනවා අපේ learning, memory කෙරෙහි, ඒ වගේම විවිධ Bad habits සහ Negative thinking වෙනස් කරගැනීම, විවිධ මානසික ගැටලු වලින් heal වීම, වැනි දේවල් වලට.

✅ ආතති කළමනාකරණය කරගැනීමට (stress management)

✅ Mood එක හොඳින් පවත්වාගන යාමට

✅ හොඳ නින්දක් ලබාගැනීමට

✅ Self-esteem, self-confidence, ඉහළ යාම

✅ Depression, anxiety, ඇතුළු විවිධ මානසික රෝගී තත්ත්වයන් වල ලක්ෂණ අවම කරගැනීමට සහය වීම

✅ වයසට යාම සමඟ සිදුවන Cognitive decline අඩු කරගැනීමට.
ඒ කියන්නේ වයසට යාම සමඟ thinking, Memory, learning, concentration, decisions making වැනි දේවල් වල ඇතිවන දුර්වලතා සහ ගැටලු අඩු කරගැනීමට.
ඒ වගේම Alzheimer’s disease සහ අනෙකුත් Dementia තත්ත්වයන් ඇතිවීම කෙරෙහි පවතින අවධානම අඩු කරගැනීමට.

11/12/2025

ගංජා භාවිතය සහ Psychosis අවධානම.

TV එකක News බලද්දී, social media වල, බොහෝ සෙයින් Negative දේවල් අහන්න දකින්න තියනවානෙ. දුක හිතෙන දේවල්, තරහා යන දේවල්, බ...
10/12/2025

TV එකක News බලද්දී, social media වල, බොහෝ සෙයින් Negative දේවල් අහන්න දකින්න තියනවානෙ. දුක හිතෙන දේවල්, තරහා යන දේවල්, බියක්, අවිනිශ්චිත බාවයක් දැනෙන දේවල්, කළකිරීමක්, දැනෙන දේවල්, මේ වගේ දේවල් නිතර ඇහෙන්න දකින්න තියනවා.

TV channels, social media, ඇතැම් අවස්ථාවන් වලදී reality එක වෙනස් කරලා පවා, ඇතැම් විට අතිශෝක්තියකින් තමයි සමහර දේවල් වාර්තා කරන්නේ. සමහර අවස්තාවන් වලදී බොරු news පවා හුවමාරු වෙනවා.

ඉතින් මෙවැනි වාතාවරණයකදී දිගින් දිගටම Social media වල ලොකු කාලයක් ගත කිරීම නිසා ඇතිවෙන්න පුලුවන් එක ගැටලුකාරී තත්ත්වයක් ගැන තමයි මම අද මේ ලිපියෙන් ඔයාට කියන්න යන්නේ.
ඒ තමයි Doomscrolling. Doomsurfing කියලත් මේක හඳුන්වනවා.

social media සහ විවිධ news sites වලින් අපිට දෙන Negative සහ distressing News, ඒ ආශ්‍රිත විවිධ posts, articles, videos නිතර බැලීමට, තමන්ටත් නොදැනී නැඹුරුවීමක් / පුරුද්දක්, පුද්ගලයා තුළ ඇතිවීම තමයි මේ Doomscrolling කියලා කියන්නේ.

negative සහ distressing තොරතුරු කෙරෙහි සහ ඒ දේවල් නිතර බැලීමට පෙළඹීමක් ඇතිවෙනවා.
සමහර අවස්ථාවන් වල තමන්ගෙ පාලනයකින් තොරව phone එක අරගන social media වල scroll කරමින් එවැනි දේවල් බලමින් ඉන්නවා. Phone එක තමන් අතට ගත්තේ ඇයි කියලා වත් සමහර වෙලාවට අවබෝධයක් නැහැ.

දැන් අපි බලමු මේ Doomscrolling තත්ත්වය නිසා පුද්ගලයෙක්ට ඇතිවෙන්න පුලුවන් අහිතකර බලපෑම් මොනවාද කියලා.

🔺පුද්ගලයාගේ stress වැඩිවීම
🔺නිතර යම් අවිනිශ්චිත බවක්, බියක් දැනීම
🔺කළබලකාරී බව (restlessness)
🔺පැහැදිලි හේතුවක් නොමැතිව්ව පවා යම් දුකක් දැනීම
🔺බලාපොරොත්තු විරහිත බව (hopelessness)
🔺Motivation අඩු බව.
🔺අවධානය යොමුකිරීමේ සහ මතකය සම්බන්ධව ගැටලු ඇතිවීම ( concentration issues, memory issues)
🔺සමාජ සබඳතා වලින් දුරස් බවක් ඇතිවීම (Social Withdrawal)
🔺තමන්ට කරන්න පුලුවන් දේවල්, හැකියාව තිබෙන දේවල් වත් කරගන්න නොහැකි වීම
🔺කාලය අපතේ යාම සහ වැඩ කල් දැමීම (Time Wasting & Procrastination)
🔺තමන් ගැනම යම් තරහක්, වරදකාරී හැඟීම් ඇතිවීම
🔺නින්ද ආශ්‍රිත ගැටලු ඇතිවීම (Sleep Disturbances)
🔺නුරුස්සනා බව සහ තරහා ගැනීම වැඩි වීම (Increased Aggression and Irritability)
🔺සතුටින් කාලය ගත කිරීමට තිබෙන අවස්ථාවන් මඟහැරීම
🔺බාහිර පුද්ගලයන් ගැන, සමස්ථ ලෝකය ගැන, යම් අවිනිශ්චිත බවක් සහ negative thoughts ඇතිවීම ඉහළ යාම.

අපි දැන් බලමු මේ Doomscrolling තත්ත්වය පාලනය කරගැනීමට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.

✅social media වල, news sites වල notification off කිරීම

✅මේ මොහොතේ තමන්ට කරන්න පුලුවන් දේවල් වලට, හැකියාව පවතින දේවල් වලට අවධානය ලබාදීම. තමන්ගෙ සීමාවේ පවතින දේවල් ගැන අවබෝධ කරගැනීම. තමන්ට control කළ හැකි සහ control කළ නොහැකි දේවල් තේරුම් ගැනීම.
✅තමන්ගෙ ජීවිතයේ තිබෙන ප්‍රශ්න වලට ගන්න පුලුවන් ප්‍රායෝගික විසඳුම් වලට යොමුවීම
✅තමන් යම් ආතතියකින් හෝ යම් negative mentality එකක නම් ඉන්නේ, එවැනි අවස්ථාවන් වල social media භාවිතා නොකිරීම
✅විනෝදාංශ වල නිරත වීම
✅Meditation, Yoga, වැනි mindfulness පවත්වාගන ‍යාමට අදාළ ක්‍රියාකාරකම් වල නිරතවීම
✅Exercises කිරීම
✅හොඳ support system එකක් ගොඩනගා ගැනීම සහ තමන්ගෙ සමීප පුද්ගලයන් සමඟ quality time එකක් ගත කිරීම
✅එළිමහනේ / nature එක සමඟ කාලය ගතකිරීම

පුද්ගලයෙක් S*xual in*******se කිරීමක් අත්විඳින ප්‍රථම අවස්ථාව, S*xual Debut කියලා හඳුන්වනවා. පළමු  s*xual in*******se අත...
09/12/2025

පුද්ගලයෙක් S*xual in*******se කිරීමක් අත්විඳින ප්‍රථම අවස්ථාව, S*xual Debut කියලා හඳුන්වනවා.
පළමු s*xual in*******se අත්දැකීම (s*xual debut) කියන්නේ කෙනෙක්ගේ psychological development එක කෙරෙහි ඉහළ බලපෑමක් සිදුකරන දෙයක්.

S*xual debut සිදුවන වයස, ඒ සම්බන්ධව තිබෙන අවබෝධය, තිබෙන කැමැත්ත, මානසික සූදානම (emotional readiness), වැනි කාරණා ඔස්සේ, psychologically හිතකර හෝ අහිතකර බලපෑම්, s*xual debut මඟින් පුද්ගලයාට ඇතිවෙනවා.

ඒ අනුව පහත සඳහන් අවස්ථාවන් වලදී සිදුවන S*xual debut නිසා, psychologically යම් යම් අහිතකර බලපෑම් පුද්ගලයා තුළ ඇතිවෙන්න පුලුවන්.

🛑 ඉතා අඩු වයසින්, විශේෂයෙන්ම පාසල් යන කාලයේදී s*xual debut සිදුවීම (early s*xual debut).
🛑 බලකිරීම නිසා හෝ පූර්ණ ස්ව කැමැත්ත නොමැතිව සිදුවීම (coerced or unprepared).
🛑 Alcohol, drugs වැනි දේවල් භාවිතා කර සිටි අවස්ථාවක හෝ නිසි අවබෝධයක් නොමැතිව හෝ රැවටීමක් නිසා සිදුවීම.

එවැනි තත්ත්වන් නිසා, පහත සඳහන් විවිධ ගැටලු පුද්ගලයන් තුළ ඇතිවෙන්න පුලුවන්.

🔺තමා ගැන Guilt, shame, ඇතිවීම. දිගින් දිගමට තමා ගැන වරදකාරී හැඟීම් ඇතිවීම නිසා ආතතියට පත්වීම.
🔺Fear, disappointed, uncertainty, sadness, anger, වැනි negative emotions නිතර ඇතිවීම
🔺self-esteem අඩුවීම
🔺Emotional regulation සම්බන්ධව දුර්වලතා
🔺Impulsive behaviors
🔺තමන්ගෙ Self-concept සම්බන්ධව ගැටලු සහ තමා ගැන පැහැදිළි බවක් තමන්ට අඩුබව.
🔺Relationships වල healthy boundaries පවත්වාගන යාමට අපහසු බව
🔺Genuine connection ගොඩනගා ගැනීමට වඩා, තමන්ට දැනෙන යම් තනිකමක්, බියක් නිසා හෝ validation එකක් අපේක්ෂාවෙන් සබධතා වලට යොමුවීම.
🔺පුද්ගලයාගෙ relationship satisfaction කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම සහ strong relationships පවත්වාගන යාමට අපහසු බව.
🔺පුද්ගලයාගෙ S*xual satisfaction කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම.
🔺Depression, anxiety disorders, Eating Disorders, Body Image Problems, Borderline Personality Traits, වැනි දේවල් ඇතිවීම කෙරෙහි අවධානම ඉහළ යාම.

Psychology of s*xual debut ගැන විස්තරාත්මක post එකක් ඉදිරියේදී ඔයාලට අරගන එන්නම්.

Address

Colombo

Telephone

+94752741116

Website

Alerts

Be the first to know and let us send you an email when Mental Health with Avishka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health with Avishka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram