
10/05/2025
මොකක්ද මේ PTSD කියන්නේ? (Post Traumatic Stress Disorder. )
යම් දරුණු ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දුන් පුද්ගලයකුට ඒ අවස්ථාව පිළිබඳ ඇත්තේ බය හිතන හිත රිදෙන අසරණ හැඟීමකි. ඒ පීඩාකාරී අත්දැකීම හේතු කොටගෙන එම සිදුවීම පිළිබඳව නැවත නැවත මතකයට පැමිණීම මත තමන්ගේ දෛනික කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වීමයි. හදිසි අනතුරු, ත්‍රස්තවාදී ප්‍රහාර, දරුණු රිය අනතුරු, ස්වාභාවික ව්‍යසන, ස්ත්‍රී දුෂණ වලට ලක්වුණු කාන්තාවන් ආදින් ඒ අතර ප්‍රධාන වේ. ඇතැම් අවස්ථාවන්වලදී දරුවන් තුළ අපයෝජන හදිසි අනතුරු, යුද්ධය, හදිසියේ මළ සිරුරක් දැකිම මත මෙම තත්ත්වය ඇතිවිය හැක. මෙහි මූලික ලක්ෂණ ලෙස,
1. බිය
2.රෑට නින්ද නොයාම
3. හිටිහැටියේ තරහ යාම
4.එම සිද්ධිය හීනෙන් පෙනීම
5 හුදකලා විමට බිය විම
ආදීය දැක්විය හැක.
PTSD ඇතිවීම ලැජ්ජාවට කාරණාවක් නොවේ. ඒ සඳහා ප්‍රතිකාර පවතී පවතී.
මනෝ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම මනෝ උපදේශනය මගින් එය අවම කර ගත හැකිය.