පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

  • Home
  • Sri Lanka
  • Colombo
  • පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න අභිමානණීය සේවයක පුනරාගමනය
(2)

ඇමරිකාවේ තහනම් කළ ලංකාවේ අනුමත කෘත්‍රිම ආහාර වර්ණකයක්.! 🤔තයිරොයිඩ් ග්රන්ථියේ පිළිකා සඳහා හේතුවන බව තහවුරු වීම නිසාවෙන් අ...
27/08/2025

ඇමරිකාවේ තහනම් කළ ලංකාවේ අනුමත කෘත්‍රිම ආහාර වර්ණකයක්.! 🤔

තයිරොයිඩ් ග්රන්ථියේ පිළිකා සඳහා හේතුවන බව තහවුරු වීම නිසාවෙන් අමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) එරිත්රොසීන් (Erythrosine) නමැති ආහාර වර්ණකය 2025 වර්ෂයේ ජනවාරි මස 15 දින තහනම් කළ අතර, එම තහනම 2028 ජනවාරි සිට පූර්ණ ලෙස ක්රියාත්මක වෙන්නට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ අනුමත කෘත්‍රිම ආහාර වර්ණකයක් වන, එරිත්‍රොසීන් කියල කියන්නේ ආහාරවලට දීප්තිමත් රතු පැහැයක් ලබා දෙන, ඛනිජ තෙල් වලින් ලබාගනු ලබන කෘත්‍රිම ආහාර වර්ණකයක් වන අතර E අංකය 127 න් ද හැඳින් වෙයි.

තහනමට හේතුව...

මීයන් තුළ තයිරොයිඩ් පිළිකාවලට සහ තයිරොයිඩ් ග්රන්ථියේ ආබාධ වලට මෙම වර්ණකයේ ඍජු සම්බන්ධයක් පවතින බවට විද්‍යාත්මක අධ්‍යයනවලින් තහවුරු වීම නිසාවෙන් සහ ළමුන් තුළ හැසිරීම් සහ ස්නායු ක්‍රියාකාරිත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සැලකිලිමත් වීමෙන් පසුව මෙම තහනම ක්‍රියාත්මක කරන ලදී. ඇමරිකාව 1990 දී මෙම වර්ණකය රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා තහනම් කර තිබිණ. 2025 ජනවාරි 15: FDA විසින් රට පුරා ආහාර සහ ඖෂධ නිෂ්පාදන වලින් මෙම වර්ණකය නිල වශයෙන් තහනම් කරන ලදී. යුරෝපා සංගමයේ රටවල්, නවසීලන්තය සහ ඕස්ට්රේලියාව යන රටවල් ද මෙම වර්ණකය මෙයට පෙර තහනම් කර තිබූ රවල් අතරට අයත් වෙයි.
https://www.fda.gov/industry/color-additives/fdc-red-no-3

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක

ප්ලාස්ටික්වලින් දූෂිත වගාබිම්, භෝගවලට විස එකතු කරන බවත්, පෝෂණ සංයුතිය දුර්වල කරන බවත් සොයා ගැනේ.  පොලිතීන් ප්ලාස්ටික් වල...
17/08/2025

ප්ලාස්ටික්වලින් දූෂිත වගාබිම්, භෝගවලට විස එකතු කරන බවත්, පෝෂණ සංයුතිය දුර්වල කරන බවත් සොයා ගැනේ.

පොලිතීන් ප්ලාස්ටික් වලින් වගා බිම් දූෂණය වෙමින් පැවතීමේ ආදීනව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුණු කාරණාවක්. වගා බිම්වල සහ වගා බිම් ආශ්‍රිතව පොලිතීන් ප්ලාස්ටික් අඩංගු කසල ප්ලිස්සීම මේවන විට සාමාන්‍යකරණය වෙච්චි සුලභ කාරණාවක්. නුවරඑළිය , වැලිමඩ ප්රදේශවල අර්තාපල් වගා බිම් වටේට පොලිතීන් වලින් ආවරණය කිරීම කාලයක් තිස්සේ සුලභව සිදු කෙරෙන ක්රියාවක්. සමහර වගා බිම්වල පොලිතීන් වසුන් යෙදීමද සිදුකරනු ලබනවා. වගාබිම්වලට යොදනු ලබන කෘෂිරසායනික ද්රව්‍ය ඇසුරුම් (ප්ලාස්ටික්, බෝතල්, කෑන්, පොලිතීන් ඇසුරුම්, පොලිසැක් බෑග් /පොහොර මලු යනාදිය) වගා බිමේම අතහැර දැමීම හෝ වාරි ඇලවල්වලට දැමීම සුලභව සිදු වේ.

මේ කාරණාවේ බරපතළකම ගැන දැන් දැන් කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළිදරව් වන කරුණු කාරණා එච්චර සුභ නෑ.

වගා බිම් ආශ්‍රිතව එකතුවන පොලිතීන් ප්ලාස්ටික්වලින් ප්ලාස්ටික්වල අන්තර්ගත, තැලේට් සංයෝග, බිස්ෆීනෝල් ඒ, බෙන්සීන් සංයෝග, බැරලෝහ වගේ ප්ලාස්ටික් විස ආකලන ද්රව්‍ය (plastic additives, Di(2-ethylhexyl) phthalate (DEHP), Bisphenol A (BPA) and Benzophenone (BP) ) පරිසරයට එකතු වෙනවා.
පොලිතීන් ප්ලාස්ටික් කුඩා අංශුවලට බිඳ වැටෙනවා. එහෙම බිද වැටෙන මයික්රො සහ නැනෝ ප්ලාස්ටික් අංශු තවත් අතකින් පසට සහ ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. වගා බිම් ආශ්‍රිතව මේවා පිලිස්සීමේදී ද පසට සහ වායුගෝලයට ප්ලාස්ටික් විස වර්ග සහ මයික්රො / නැනෝප්ලාස්ටික් එකතුවෙනවා. මේ එකතුවෙන විස බොහෝ ප්රමාණයක් ඒවායින් දූෂිත වගාබිම්වල වගා කෙරෙන ආහාර භෝගවලට වාතයෙන් සහ පසෙන් අවශෝෂණය කර ගන්නා බව අනාවරණය වෙලා තියෙනවා.

විශේෂයෙන් මණුෂ්‍ය සෞඛ්‍යට සහ පරිසරයට වඩාත් බලපෑම් කරන ප්ලාස්ටිසයිසර්ස් කියල ඇමරිකන් එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් හඳුනාගෙන තියෙන පෙර කී ප්ල්ස්ටිසයිසර්ස් වලින් ලොකු හානියක් වෙන්නට පුළුවන් කියල තමයි විද්‍යාඥයින් කියන්නේ. (Plastic additives such as DEHP, BPA and BP have been classified as an environmental contaminant by the USEPA due to its mutagenic, teratogenic, and cancer-causing effects).
මේකී විද්‍යාත්මක අනාවරණයන් ගැන පුළුල් සයන්ටිෆික් රිවිවු එකක් පහත ලිංක් එකෙන් කියවා ගන්න පුලුවන්.

https://www.sciencedirect.com/science/article/pii/S0013935123015293

ශාකවල එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලිනුත් මනුෂ්‍ය සෞඛ්‍යයට බරපතල ඍණ බලපෑම් ඇති වෙන්නට පුලුවන් කියල විද්‍යාඥයින් අනතුරු අඟවලා තියෙනවා. ආහාර භෝගවලට පසෙන් සහ වායුගෝලයෙන් අවශෝෂණය කෙරෙන ප්ලාස්ටික් ක්ෂද්ර අංශු, භෝගවල පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයට බාධා කරණ බවත්, පාංශු ව්‍යහයට සහ පාංශු සෞඛ්‍යයට බලපෑම් කරණ බවත්, එම හේතු නිසාවෙන් ශාකවල පරිවෘත්තීය ක්‍රියාවලීන් වෙනස් කිරීමෙන් ශාකවල පෝෂණයට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවත් පැවසෙනවා. මෙම බලපෑම් පෝෂක ඌනතාවයන්ට, වර්ධනය අඩුවීමට සහ බෝගවල පෝෂණ අගයට පවා බලපෑම් කරනු ලබනවා.
ප්ලාස්ටික් අංශු සහ සමහර ප්ලාස්ටික්වල තියෙන විස සංගටක (උදාහරණ තැලේට් සංගටක) ශාකවල ප්රභාසංශ්ලේෂණ ක්රියාවලියට බාධා කරන අතර, එය ශාක වර්ධනයට සහ ශාකවල ගුණාත්මක ආහාර නිෂ්පාදන ක්රියාවලිය දුර්වල කරනු ලබනවා.

https://www.sciencedirect.com/science/article/abs/pii/S0929139322002967 #:~:text=This%20study%20highlights%20that%20(1,soil%20pollutants%20adversely%20affected%20crops.

මෑතකදී විද්‍යාඥයින් අනාවරණය කරගෙන තියෙන තවත් භයානක කාරණාවක්ද මෙහි විශේෂයෙන් සඳහන් කරන්න ඕන. පාංශු මයික්රොප්ලාස්ටික් සංයුතිය පසෙහි ක්ෂුද්‍රජීවීන්ගේ ක්රියාකාරිත්වය අවුල් කරන බවත්, ආසනික් වගේ බැරලෝහ අවශෝෂණය වේගවත් කරන හානිකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්රියාකාරිත්වය වැඩි දියුණු කරන බවත් මේ නිසා භෝගවලට බැරලෝහ අවශෝෂණය ප්රවර්ධනය කෙරෙන බවත් සොයාගෙන තිබෙනවා.

https://www.sciencedirect.com/science/article/pii/S0147651321000105 #:~:text=In%20uncontaminated%20soil%2C%20the%20soil,than%20that%20with%20no%20microplastics.&text=res%20image%20(1MB)-,Fig.,CK%20means%20no%20microplastics%20added.

ප්ලාස්ටික් පොලිතීන් වගා බිම්වලට සහ වාරි ජලයට එකතුවීමේ භයානක ආදීනව ගැන කෙරුණු විද්‍යාත්මක අනාවරණයන් මහ ගොඩක් අන්තර්ජාලයෙන් ඔබට කියවා ගන්න පුලුවන්. ඒවා පාරිසරික විස තත්වයන්, ආහාර සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ නව අභියෝග සහ මානයන් අප වෙත ගෙන එනු ලබනවා.

ගැමුණු සාලිය පෙරේරා .
- මහජන සෞඛ්‍ය පරීක්ෂක - දෙහිවල ගල්කිස්ස මහානගර සභාව.

Copied

ප්ලාස්ටික් කේතලේ වතුරෙන් හදපු තේ කෝප්පෙක මයික්රොප්ලාස්ටික් මිලියන දෙකක්..! ☠️💀  ප්ලාස්ටික් කෙට්ල් එකේ බොයිල් කරපු වතුරේ ...
04/08/2025

ප්ලාස්ටික් කේතලේ වතුරෙන් හදපු තේ කෝප්පෙක මයික්රොප්ලාස්ටික් මිලියන දෙකක්..! ☠️💀
ප්ලාස්ටික් කෙට්ල් එකේ බොයිල් කරපු වතුරේ එහෙම නැතිනම් ප්ලාස්ටික් ජග් එකක හීටරයක් ගහල බොයිල් කරපු වතුර ලීටරයක මයික්රොප්ලාස්ටික් මිලියන 10ක් විතර තියෙනවා කියල තමයි මේ ගැන හොයල බලල තියෙන විද්‍යාඥයින් කියන්නේ. ඒ කියන්නේ එහෙම බොයිල් කරපු වතුරෙන් හදපු තේ කෝප්පයක මයික්රොප්ලාස්ටික් මිලියන දෙකකට වැඩිය තියෙනවා. තවත් විද්‍යාත්මක අනාවරණයකට අනුව, ටී බෑග් එකක් උණු වතුරට දාලා හදා ගන්නා තේ එකකට මයික්රොප්ලාස්ටික් මිලියන ගාණක් එකතු වෙනවා කියල කියැවෙනවා. පුරුද්දක් විදියට එහෙම තේ බොන කෙනෙකුගේ කාලයක් යනකොට ලේවල දුවන්නේ රුධිර සෛලවලට වඩා ප්ලාස්ටික් කෑලි.

බොහෝ දෙනෙකු ලේසියට පහසුවට මේ අවදානම් සහගත වැඩේ කරනවා. සමහරු තේ හදන්නෙත් ප්ලාස්ටික් ජෝගුවල. සමහරු ප්ලාස්ටික් බෝතල්වල උණුවතුර දාගෙනත් යනවා, පස්සේ කූල් වෙනවනේ කියල හිතාගෙන. සමහරු උණුවෙන්ම තේ බොන්නෙත් , තේ එකට සීනි දාලා දිය කරන්නෙත් ප්ලාස්ටික් හැඳිවලින්. අවදානම් සහගතයි කියල විද්‍යාඥයින් කියල තියෙන දේවල් එක්ක සෙල්ලම් නොකර ඉන්න එක තමයි වඩා හොඳ. උණුවතුර උණු කරන්න හොඳම විකල්පය, ලෝහමය කේතල්. සුදු යකඩ කෙට්ල් එකක්නම් වඩා හොඳයි. සුදු යකඩ ඉලෙක්ට්රික් කේතලයක වුනත් ඒකේ ලිඩ් එකේ යට පැත්තත් සුදු යකඩද කියල බලන්න. සමහර බ්රෑන්ඩ්ස්වල ලිඩ් එකේ යට පැත්ත ප්ලාස්ටික්.

https://pubmed.ncbi.nlm.nih.gov/34986566/

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.

31/07/2025
2025/07/26 දින කුරුණෑගල නගරයේ බස් නැවතුම්පොළ තුළ බුලත් කෙල ගසන පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදිඔවුන් 2025/08/01 ...
30/07/2025

2025/07/26 දින කුරුණෑගල නගරයේ බස් නැවතුම්පොළ තුළ බුලත් කෙල ගසන පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි
ඔවුන් 2025/08/01 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්බන්ධ වු නිළධාරීන්
ම.සෞ.ප. යු.ජි.සි.ජයම්පති
ම.සෞ.ප. සමන් ජයසිංහ

කූඨ ජාවාරම්කාරයන් මේ අංකයෙන් අමතා ඔබ ආයතනයෙන් මුදල් ගැරීමට ඉඩ ඇත .රැවටෙන්න එපා.අද පස්වරුවේ ඇමතුම් ලබාදී ඇත.මහජන සෞඛ්‍ය ප...
30/07/2025

කූඨ ජාවාරම්කාරයන් මේ අංකයෙන් අමතා ඔබ ආයතනයෙන් මුදල් ගැරීමට ඉඩ ඇත .රැවටෙන්න එපා.අද පස්වරුවේ ඇමතුම් ලබාදී ඇත.මහජන සෞඛ්‍ය පරීක්ශකවරයා / phi මහත්තයා ලෙස අමතයි.රැවටෙන්න එපා.

Fine- 75000/=Compensation paid for the accident- 60000/=
24/07/2025

Fine- 75000/=
Compensation paid for the accident- 60000/=

පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ උණතාවය. 😭ගර්භණී කාලයේදී මවක් යකඩ පෝෂකය නිසි ලෙස ලබා ගැනීම මාතෘ සෞඛ්‍යයට මෙන්ම ඉප...
21/07/2025

පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ උණතාවය. 😭

ගර්භණී කාලයේදී මවක් යකඩ පෝෂකය නිසි ලෙස ලබා ගැනීම මාතෘ සෞඛ්‍යයට මෙන්ම ඉපදෙන්න ඉන්න දරුවාගේ වර්ධනයට සහ සෞඛ්‍ය තත්වය සඳහා තීරණාත්මක බලපෑමක් කරන බව කවුරුත් දන්නා කාරණාවක් වෙයි.

ක්ෂීරපායී කළලයේ ලිංගිකත්වය තීරණය කරන කාල වකවානුවේදී ගර්භණී මවකගේ යකඩ ඌනතාවය ගර්භාෂය තුළ වර්ධනය වන පිරිමි කළලයක පිරිමිභාවය තීරණය කරන "Y" ක්රෝමසෝමයේ "Sry" නමින් හඳුන්වන ජානයට බලපෑම් ඇති කරන බවත්, එමගින් පිරිමි කළලයක් ගැහැණු කළලයක් බවට පත් කෙරෙන බවත් නවතම විද්‍යාත්මක අධ්‍යයනවලින් ⁣අනාවරණය වී තිබෙනවා. වසර 8ක් තිස්සේ සිදු කර තිබෙන මෙකී පර්යේෂණවල කම්පන සහගත වාර්තාව ලෝ ප්රකට "නේචර්" සඟරාවේ 2025 ජුනි මාසේ පල කෙරී තිබෙන අතර, මේ පිළිබඳව ලෝ පුරා විද්‍යාඥයින්ගේ, වෛද්‍යවරුන්ගේ සහ පෝෂණවේදීන්ගේ දැඩි කතාබට මේ වන විට ලක් වී තිබෙනවා.
* පහල ලිංක් එකට ගිහින් ඒ පර්යේෂණ වාර්තාව කියවා ගන්න.

https://www.nature.com/articles/s41586-025-09063-2

* ලංකාවේ අප බියට පත් විය යුතු යකඩ උණතාවය .

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාතික සමීක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ, යකඩ සහ ෆෝලික් අම්ල අතිරේකය ලබා දීම වැඩි වශයෙන් ආවරණය කර තිබියදී සහ ආහාර පුරුදු වැඩි දියුණු කරගැනීම සඳහා වන දැණුම්වත් කිරීම් වැඩි වශයෙන් සිදු කර තිබියදීත්, ශ්‍රී ලංකාවේ මවුවරු අතර ගර්භණී සමයේදී රක්තහීනතාවයේ සහ යකඩ ඌණතාවයේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර නොමැති බව ය. ශ්‍රී ලංකාවේ ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් පිළිබඳ ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයේ දත්ත පෙන්නුම් කරන්නේ ගර්භණී කාන්තාවන්ගෙන් 31.8% ක් රක්ත හීනතාවය සඳහා හේතුවන සියලු හේතු නිසාවෙන් රක්තහීනතාවයෙන් පෙළෙන බව ය. කෙසේ වෙතත්, මව්වරුන්ගෙන් 19% ක් ⁣ඍජුවම යකඩ ඌනතාවයෙන් පෙළෙන බවත්, 9% ක් පමණ උග්ර යකඩ ඌණතාවයෙන් (යකඩ උණතා රක්ත හීනතාවය) පෙළෙන බවත් හෙළි වී තිබෙනවා. සමීක්ෂණ වලින් වැඩි දුරටත් පෙන්නුම් කරන්නේ ගර්භණී මව්වරුන්ගෙන් 95.7% කට පූර්ව ප්‍රසව සායනවලදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් යකඩ සහ ෆෝලික් අම්ල අතිරේක ලබා දුන්නද , ගර්භනී කාලය පුරාම යකඩ පෙති ලබාගෙන ඇත්තේ ඔවුන්ගෙන් 21%ක් පමණක් බව ය.

* අදාල ජාතික පෝෂණ සමීක්ෂණ වාර්තාව පහත ලිංක් එකෙන් කියවා ගන්න.
https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://nutrition.health.gov.lk/wp-content/uploads/2020/11/National-Strategy-for-Prevention-and-Control-of-Micronutrient-Deficiencies-in-Sri-Lanka-2017-2022.pdf&ved=2ahUKEwiUpb-DoMuOAxUM1zgGHUrNGM0QFnoECD4QAQ&usg=AOvVaw2bGug6tl4aN6ELoaERfKLi

මවකට ලැබෙන නීරෝගී දරුවෙක් යනු , ලිංග භේදයකින් තොරව භාග්‍යයකි. වාසනාවකි. රටකට වටිනා සම්පතකි. එහෙත් යකඩ ඌණතාවය සහිත මවකට දරුවෙක් ඉපදීම ඛේදවාචකයක්. මක් නිසාද යත් ඒ උපදින දරුවා උපතින්ම දෘශ්‍ය සහ අදෘශ්‍ය ආබාධ සහිතව ඉපදී අඩු ඵලදායිතාවයක් සහිතව අනාගතයට ගමන් කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන නිසාවෙනි. මේ තත්වය ඉතා කණගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඇතැම් මවුවරු මේ කාරණාව ගැන ඒ හැටි සැළකිල්ලට ගන්නේ නැති බවත්, මුදල් හදල් යහමින් තිබෙන බොහෝ උදවිය පවා ⁣ආහාර හා පෝෂණය ගැන සැලකිලිමත් වීමක් සිදු නොකරන බවත් පෙනී යයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සහ දිළිඳුකම රක්තහීනතාවය සහ පෝෂණ ගැටලු කෙරෙහි ඍජු සහ තීරණාත්මක බලපෑමක් එල්ල කරන අතර, මෑත කාලයේ සිදුවුණු ආර්ථික බංකොලොත්භාවය, ඊට පෙර සිදු කර ති⁣බෙන ඉහත සමීක්ෂණ වලින් හෙළි කරනු ලබන පෝෂණ තත්වයන් මේ වන විට බරපතළ ලෙස වෙනස් කර තිබෙන්නට ද පුළුවන් බව අප අවධානයට ගත යුතුව තිබෙන තවත් වැදගත් කාරණාවක් වෙයි.

කොයික කොහොම වුනත් , මවක් වෙන්නට පෙර සිටම දරුවෙකු, නව යෞවනියක, තරුණියක , මවක සහ ගැහැණියක දක්වා ස්ත්‍රියකගේ ජීවිතයේ සෑම අවදියකදීම තමන්ගේ පෝෂණය පිළිබඳ සැළකිය යුතු අවධානයකින් ජීවත් වීම අවශ්‍යයෙන්ම සිදු කළ යුත්තක් බව අවධාරණයෙන් පැවසිය යුතු වෙනවා. ඒ වගේම රටක තිරසර හෙටක් ගැන සිහින දකින සියළු පාර්ශවයන්ගේ මානවවාදී මැදිහත්වීම මෙකී කම්පන සහගත තත්වයන් වෙනස් කිරීමේ නිර්ව්‍යාජ උවමනාවේ දිසාවට වහ වහා යොමු විය යුතුව තිබෙනවා.
🧡🧡🧡

- ගැමුණු සාලිය පෙරේරා.
මජන සෞඛ්‍ය පරීක්ෂක .
දෙහිවල ගල්කිස්ස මහානගර සභාව .

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram