Sri lanka Mid wife

Sri lanka Mid wife Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri lanka Mid wife, Medical and health, බදුල්ල, Colombo.

පෝෂණ මාසය ආරම්භ කිරීමට පෙර සියළුම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ Growth  monitoring equipment භාවිතා කිරීමේ දැනුම අද දින ...
13/02/2024

පෝෂණ මාසය ආරම්භ කිරීමට පෙර සියළුම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ Growth monitoring equipment භාවිතා කිරීමේ දැනුම අද දින නැවත යාවත්කාලින කරන ලද අතර පෝෂණ මාසය තුළ කලාපයේ දරුවන් ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ නිවරදිම දත්ත ලබා දීමට අප විසින් කටයුතු කරනු ලැබේ

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැතී අමතර ආහාර වැඩසටහන.🙏🙏🙏
13/02/2024

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැතී අමතර ආහාර වැඩසටහන.🙏🙏🙏

03/02/2024
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.බොහොමයක් කාන්තාවන් සඳහා, අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය (Intrauter...
03/02/2024

අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.

බොහොමයක් කාන්තාවන් සඳහා, අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය (Intrauterine device or IUD), ආරක්ෂිත සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. එය සෙන්ටිමීටර් 2.5 කට ආසන්න ප්‍රමාණයේ, T අකුරේ හැඩය ගත් තඹ සහ ප්ලාස්ටික් මිශ්‍ර නැවෙන සුළු, කුඩා උපකරණයකි. ලූපය තුළ හෝමෝන කිසිවක් අඩංගු නොවේ. වෛද්‍යවරයෙක් විසින්, එය ගර්භාෂය තුළ තැන්පත් කෙරේ. මෙම ලූපය තැන්පත් කිරීමේ ක්‍රියාවලිය මද අපහසුතාවයක් ඇතිකල හැක. ගර්භාෂයේ තැන්පත් කල පසු, ලූපය ගර්භාෂ කුහරය තුළ සිරවී පවතින අතර, අඟල් 1-2 ක් පමණ දිගට, ගර්භාෂයේ සිට යෝනි මාර්ගය තුළට සිහින් නූල්පට දෙකක් එල්ලී පවතිනු ඇත.

🎇ලූපය තැන්පත් කල යුතු කාලය කුමක්ද?
ඔසප්වීම ආරම්භ වී, මුල් දින 12 ඇතුලත ලූපය තැන්පත් කල යුතුවේ. නැතහොත්, දරු ප්‍රසූතියකින් සති 6 කට පසුව ලූපය තැන්පත් කරගැනීම සුදුසු වේ.

🎇ලූපය ක්‍රියාකාරී වන්නේ කෙසේද?
ලූපය මගින්, ශුක්‍රාණු ඩිම්බය වෙත ලඟාවීම වළක්වන බැවින්, සංසේචනය වීම (Fertilisation) වැළකේ. යම් හෙයකින්, ඩිම්බයක් සංසේචනය වුවහොත්, එය ගර්භාෂය තුළ අධිරෝපණය (Implantation) වීමද වළකයි. එයට අමතරව, ලූපයේ අඩංගු තඹ මගින්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ගැබ් ගැනීමක් වැළැක්වීමට උත්තේජනය කෙරේ. ලූපය භාවිතා කරන විට, ගැබ් ගැනීමට ඇති හැකියාව 2% ක් පමණ වේ. එක් ලූපයක් වසර 10 ක කාලයක් භාවිතා කල හැකි අතර, වසර 10 ක කාලය අවසානයේදී, නැවත අලුත් ලූපයක් තැන්පත් කරගත යුතුවේ. ලූපය ඉවත්කල විගස, නැවත සාඵල්‍යතාවය ඇතිවේ.

🎇ලූපය භාවිතා කිරීමේ ඇති වාසි මොනවාද?
* මින් පෙර, ගර්භණී නොවුන කාන්තාවකට පවා භාවිතා කලහැකි වීම.
* ලිංගිකව එක්වීමට බාධාවක් නොමැත.
* එක් වරක් තැන්පත් කිරීමෙන් පසු, වසර 10 ක කාලයක් ක්‍රියාකාරීව පවතී.
* තැන්පත් කල වහාම ක්‍රියාකාරී වන සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වීම.
* දිනපතා පවුල් සැලසුම් පෙත්තක් ගැනීමට අපහසු අයට, පහසුවෙන් භාවිතා කල හැක.
* මව්කිරි දෙන අතරතුර වුවද භාවිතා කල හැක.
* ඉවත් කල වහාම, සාඵල්‍යතාවය නැවත ඇතිවීම.
* වෙනත් ඖෂධ සමග අන්තර්ක්‍රියා (Interaction) නොකිරීම.

🎇ලූපය භාවිතා කිරීමේ ඇති අවාසි සහ අතුරු ආබාධ මොනවාද?
* ලූපය තැන්පත් කිරීමට සහ ඉවත් කිරීමට වෛද්‍යවරයෙකුගේ සහාය අවශ්‍ය වීම.
* ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually transmitted diseases or STDs) වලින් ආරක්ෂාවක් නොලැබීම.

ඔබ  ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී ර...
09/06/2023

ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හදුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබදවයි.

සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,
1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,
suwasawana@health.gov.lk ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,
1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.

සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මිඩ්වයිෆ් සහ ගමේ ක්ලිනික් එකමේ දවස් වල මම ඉතිං ළදරු, මව් සමූහ ගොඩකට ජොයින් උනා - දැනුම උදෙසා.ඒවායේ සෑහෙන්න මිඩ්වයිෆ්ලා ඉ...
02/06/2023

මිඩ්වයිෆ් සහ ගමේ ක්ලිනික් එක

මේ දවස් වල මම ඉතිං ළදරු, මව් සමූහ ගොඩකට ජොයින් උනා - දැනුම උදෙසා.

ඒවායේ සෑහෙන්න මිඩ්වයිෆ්ලා ඉන්නවා ළමයෙක් හම්බවීමෙන් සුදුසුකම් ලැබූ. ඒ උපදෙස් නම් අනේ මන්දා 🤭

නොමිලේ, රජයෙන් මාතෲ සායන, සුදුසුකම් ලත් මිඩ්වයිෆ්ලා හැම ගමකටම දීලා තියෙනකොට, මේ සමූහ වලින් ප්‍රශ්න අහල කට්ටිය උත්තර දෙනකම් බලං ඉන්නවා දරුවෙක්ගේ ලෙඩකට.

ඉස්සර මම සැර මිඩ්වයිෆ්ලා ගැන අහලා තිබ්බට පහුගිය අවුරුදු 12 තුළ මම අපේ පවුලේ අත්දැකීම් වලින් දැකපු දෙයක් තමයි, දැන් ඉන්න බහුතරයක් ගමේ මිඩ්වයිෆ්ලා පුදුම උපකාරශීලී වගේම හෙණම අප්ඩේට්. විශේශෙන්ම අම්මලාගේ මානසිකත්වය, දරුවන්ගේ මානසික සුවය ගැන පුදුම උනන්දුවක්. MOH වලින් කරන සැසි, උපදේශනය සේවා මුකුත් නොබලා, මේ වගේ සංවේදී කාරණා වලදී සමූහයක උපදෙස් පතන එක නම් පුදුම අපරාධයක් !

මම සියලුම වෛද්‍ය හමු සහ සියල්ල පෞද්ගලිකව කරත්, ගමේ ක්ලිනික් එකට ගියේ ඒ විශ්වාසෙට.

කොටින්ම මගේ විදේශීය සැමියාණෝ කොර වෙලා ඒ සේවයට 🤭. එයාගේ රටේ ළදරු මරණ වැඩී. සෞඛ්‍ය පෞද්ගලීකකරණය කරපු රටක් !

ක්ලිනික් ඉවර වෙලා කීයක් ගෙවන්න ඕනද අහපුවම මම ෆ්‍රී කිව්වා ! ඒ මදිවට අපිට කිරි පැකට් එකක්, කෙසෙල් සහ බිස්කට් දුන්නා සස්සන නංගෙක් ඇවිත් 🤭. දානයක් වෙන්න ඇති😘.

ත්‍ර්‍රී පෝශ දීලා, ලේ - මුත්‍රා බලලා, යකඩ, කැල්සියම් , ෆෝලික් ඇසිඩ් නොමිලේම දීල, ඩොක්ටර් කෙනෙකුත් බලලා, ඒ මදිවට

අපේ පවුලේ දරු ප්‍රසූති ඉතිහාසය,සැමියාණෝගේ පවුලේ රටාව, මගේ රැකියාවේ ස්වභාවය, ඔය ඔක්කොම නිවිහැනහිල්ලේ අහලා, ලියලා, ගෙදරට ඇවිල්ලා - පුදුම අවධානයක් ඒක.

දැනුවත්කිරීමේ සැසි !
කොටින්ම පරිස්සම් වෙන හැටි !

මම දැකපු පුදුමාකාර සේවයක් මේ ලංකාවේ තියෙන !

වෘත්තීමය සුදුසුකම් තියෙන අය ඉන්න සමූහ තියෙනවා !
හැබැයි ගොඩ වෙද්දූ, ගෙදර වින්නඹුලාගෙන දරුවාගේ දේවල් අහලා කාළය කාගෙන, අවධානමක් ගන්න කිසිම හේතුවක් නෑ මේ රටේ නම් !

90% ක ඉඩක් තියෙනවා සුහද කාර්‍යක්ෂම ළදරු හා ගර්භණී උපදෙස් සඳහා !

රස්සාව කරල කාල ඇඳල  මේ රටේ ඉන්න තත්වයක් නැත්නම් කොමත් මේ රටේ ඉතුරු වෙන්නෙ පාර්ලිමේන්තුවෙ පප්පල ටිකයි ලෙඩ්ඩු ට්කයි විතරය...
01/06/2023

රස්සාව කරල කාල ඇඳල මේ රටේ ඉන්න තත්වයක් නැත්නම් කොමත් මේ රටේ ඉතුරු වෙන්නෙ පාර්ලිමේන්තුවෙ පප්පල ටිකයි ලෙඩ්ඩු ට්කයි විතරයි.

උතුම් රැකියාවක්
31/05/2023

උතුම් රැකියාවක්

Address

බදුල්ල
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka Mid wife posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram