Dr Chandima

Dr Chandima A Sri Lankan medical doctor who socializes health education through "නොකියූ කතාව".

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මදාරා මධුභාෂීණී සොයුරිය හදිසි රිය අනතුරක් හේතුවෙන් පසුගියදා අප අතරින් සමුගත්තා. වර්ත...
02/09/2025

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මදාරා මධුභාෂීණී සොයුරිය හදිසි රිය අනතුරක් හේතුවෙන් පසුගියදා අප අතරින් සමුගත්තා. වර්තමාන ආර්ථික තත්වයන් හේතුවෙන් නවක වෛද්‍යවරුන් බහුතරයක් රැකියාවට පැමිණෙන්නේ අනාරක්ෂිත නිසි නියාමනයක් නොමැති පොදු ප්‍රවාහන ක්‍රම හරහාය. මෙම රාජ්‍ය සේවකයින් හට ආරක්ෂිතව රැකියාවට පැමිණීමට හැකි වටපිටාවක් සහ පහසුකම් සැලසීම රජය සතු වගකීමකි.

ඔබට නිවන් සුව, මදාරා!

අද දින උපාධි ලබා වෛද්‍ය වෘත්තියට පිය නඟන, ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍යවරු කණ්ඩායමට උණුසුම් ...
28/08/2025

අද දින උපාධි ලබා වෛද්‍ය වෘත්තියට පිය නඟන, ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍යවරු කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! 🩺🎓

විශ්ලේෂණය: ඔයාලා කොච්චර නිදාගන්නවද? 📊ඊයේ මම දාපු පොඩි ප්‍රශ්නේට දීලා තිබ්බ උත්තර මම analyse කරල බැලුවා නිකමට වගේ. 25 දෙන...
19/08/2025

විශ්ලේෂණය: ඔයාලා කොච්චර නිදාගන්නවද? 📊

ඊයේ මම දාපු පොඩි ප්‍රශ්නේට දීලා තිබ්බ උත්තර මම analyse කරල බැලුවා නිකමට වගේ. 25 දෙනෙක් තමන්ගේ sleep schedules කොයි වගේද කියලා post කරලා තිබුනා.

1. දවසකට නිදා ගත්ත සම්පූර්ණ පැය ගණනට (total number of hours slept) අදාළව විශ්ලේෂණය‍

😴 වැඩියෙන්ම නිදාගෙන තිබුනේ Buddhika අයියා - දවසට පැය 13 ක් (නිවාඩු දවස් වල)
😵 අඩුවෙන්ම නිදාගෙන තිබුනේ Priyadarshani - දවසට පැය 3.5 ක් (2025 A/L වලට පාඩම් කරනවා)

දවසකට,
🔴 පැය 6කට අඩුවෙන් → 25.9%
🟢 පැය 6-9 අතර → 62.8%
🟠 පැය 9කට වැඩියෙන් → 11.1%

✅ බෙල් ප්‍රස්ථාරයක් ඇඳල බැලුවම මේ සමාජයේ වැඩි පිරිසක් (62.9%) සාමාන්‍යයෙන් නිදා ගත යුතු පැය ගණන (පැය 6-9) නිදාගෙන තිබෙනවා.

2. නින්දට ගිය වේලාව (onset of sleep) අනුව විශ්ලේෂණය

🌃 වේලාසනින්ම (රෑ 9ට) නින්දට ගිහින් තිබුනේ Nuwan
🌅 වැඩියෙන්ම පරක්කු වෙලා (උදේ 5ට) නින්දට ගිහින් තිබුනේ Ravi

මේ සමාජය සළකා බැලුවාම,
🕘 වේලාසනින් නින්දට යන අය (9 am) → 25%
🕚 සාමාන්‍ය නින්දක් ලබා ගන්න අය (11 pm – 6 am) → 35%
🕐 ටිකක් ප්‍රමාද වෙලා නින්දට යන අය (1–4 am) → 45%
‍⏰ දවසට එක පාරකට වඩා නිදාගන්න අය → 10%

✅ වැඩි පිරිසක් (52.4%) සාමාන්‍යයෙන් නිදා ගත යුතු වෙලාවට (රාත්‍රී 9-11) අතර නින්දට ගිහින් තිබෙනවා.

නිදාගන්න යන වේලාව විවිධ හේතු නිසා වෙනස් වෙනවා. සාමාන්‍ය 8-4 රස්සාවක් (day job) කරන අයට රෑට අඛණ්ඩ නින්දක් ලබාගන්න පුලුවන් උනත්, වෙන රටවල් වලට සේවා සපයන අයට රෑට ඇහැරිලා ඉඳලා, උදේට ඒ නින්ද cover කරගන්න වෙලා තියෙනවා.

අපි ඇත්තටම නිදාගන්න ඕන කොහොමද? 🤔
වෛද්‍ය විද්‍යාත්මකව හරියටම නිදාගන්න කාලසටහන කොයි වගේද? 🧐

ඒ ගැන අපි හෙට කතා කරමු.

වෛද්‍ය චන්දිම ජයසිංහ [19-08-2025]

18/08/2025

අපි හැමෝගෙම නිදාගන්න විදිය වෙනස්.
ඔයා දවසකට පැය කීයක් නිදාගන්නවද?
නිදාගන්නේ කොයි වෙලාවටද? 🛌

1️⃣6️⃣0️⃣0️⃣0️⃣ ට දවස් 10න්!15000 පහු කරලා ඔන්න දවස් 10න් 16000 ත් පහු කළා.කාලීන සෞඛ්‍ය තොරතුරු ගැන මම ලියන ලිපි ‍කියවමි...
17/08/2025

1️⃣6️⃣0️⃣0️⃣0️⃣ ට දවස් 10න්!

15000 පහු කරලා ඔන්න දවස් 10න් 16000 ත් පහු කළා.
කාලීන සෞඛ්‍ය තොරතුරු ගැන මම ලියන ලිපි ‍කියවමින්, අදහස් දක්වමින්, බෙදා ගනිමින් මට ලබා දුන් ස‍හයෝගයට ස්තූතියි! ❤️

ඊලඟට මම කතා කරන්න සුදුසු මාතෘකා මොනවද?

සති අන්තයේ අමතර නින්ද: හෘද රෝග අවදානම 20%කින් අඩු කරයි! 💤අද ඉරිදා, ටිකක් වැඩිපුර නිදාගන්න දවස. අපේ කාර්යබහුල ජීවන රටාවත්...
17/08/2025

සති අන්තයේ අමතර නින්ද: හෘද රෝග අවදානම 20%කින් අඩු කරයි! 💤

අද ඉරිදා, ටිකක් වැඩිපුර නිදාගන්න දවස. අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක සතියේ දවස් පහේම ඇති තරම් නිදාගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට. ඒත්, ඒ මගහැරෙන නින්ද සති අන්තයේ "catch-up" කරගැනීමෙන් ඇත්තටම සෞඛ්‍යමය වාසියක් තියෙනවද? අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයකින් මේකට පුදුම සහගත සහ ඉතාමත්ම වැදගත් පිළිතුරක් ලැබිලා තියෙනවා.

🎯 ප්‍රධානතම සොයාගැනීම:

🔴 European Society of Cardiology Congress 2024 හිදී ඉදිරිපත් කළ නවතම පර්යේෂණයකට අනුව, සති අන්තයේදී මගහැරුණු නින්ද පිරිමහගන්නා පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම 20% කින් පමණ අඩු බව සොයාගෙන තිබෙනවා.
🔴 මෙම අධ්‍යයනය UK Biobank දත්ත ගබඩාවෙන් ලබාගත් 90,000කට අධික පිරිසකගේ දත්ත විශ්ලේෂණය කර සිදුකර තිබෙනවා.
🔴 මෙම ආරක්ෂාකාරී බලපෑම වැඩිපුරම දක්නට ලැබී ඇත්තේ සතියේ දිනවල නිදන්ගත නින්ද නොලැබීමෙන් (chronic sleep deprivation) පෙළෙන පුද්ගලයින් අතරයි.

🔬 මෙම පර්යේෂණය සිදුකළේ කොහොමද?

චීනයේ බීජිං නුවර Fuwai Hospital හි පර්යේෂකයන් වන Yanjun Song සහ Zechen Liu විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනය ඉතා පුළුල් එකක්. ඔවුන් වසර 14ක් පුරාවට පුද්ගලයින් 90,000කගේ සෞඛ්‍ය දත්ත නිරීක්ෂණය කර තිබෙනවා.

මෙහිදී සහභාගී වූවන්, ඔවුන් සති අන්තයේදී, සතියේ දිනවලට සාපේක්ෂව කොපමණ අමතර නින්දක් ලබාගන්නවාද යන්න මත කාණ්ඩ කිහිපයකට බෙදා වෙන් කළා. සමහරු අමතර පැය කිහිපයක් නිදාගන්නා විට, තවත් අය සති අන්ත දෙකේදීම අමතර පැය 16ක් දක්වා නිදාගෙන තිබුණා. ඉන්පසුව ඔවුන්ට හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාවය නිරීක්ෂණය කළා.

💡 මෙය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

පර්යේෂකයන් විශ්වාස කරන විදිහට, සතියේ දිනවල නින්ද අඩුවීම නිසා අපේ හෘද වාහිනී පද්ධතියට (cardiovascular system) ඇතිවන පීඩනය සහ හානිය යම්තාක් දුරට අලුත්වැඩියා කරගැනීමට සති අන්තයේ ලබන අමතර නින්ද උපකාරී වෙනවා.

🟡 පද්ධතියේ අලුත්වැඩියාව: අමතර නින්ද මගින් රුධිර නාලිකා වලට සහ හදවතට "විවේකයක්" සහ "සුවවීමට" අවස්ථාවක් ලැබෙනවා.
🟡 රුධිර පීඩනය පාලනය: නින්ද මගින් රුධිර පීඩනය ස්වභාවිකව නියාමනය කිරීමට උදව් වෙනවා.
🟡 ප්‍රදාහය (Inflammation) අඩු කිරීම: නින්ද නොමැතිකම නිසා සිරුරේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් (inflammation), හෘද රෝග වලට ප්‍රධාන හේතුවක්. සති අන්තයේ නින්ද මගින් මෙය සමනය වෙනවා.

📊 ප්‍රතිඵල වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මෙම අධ්‍යයනයේ වැදගත්ම පණිවිඩය තමයි, කාර්යබහුල ජීවිතයක් ගතකරන අයට පවා තම හෘද සෞඛ්‍යය ගැන යමක් කරන්න පුළුවන් කියන එක.

🟢 වැඩිම ප්‍රතිලාභය: වැඩිම අමතර නින්දක් ලබාගත් කාණ්ඩයට, වසර 14ක කාලයක් තුළ හෘද රෝග වැළඳීමේ අවදානම 19% කින් අඩු වී තිබුණා.
🟢 ඉලක්කගත බලපෑම: සතියේ දින පහේම නිදි මරන අයට මෙම පුරුද්ද ඉතාමත්ම හිතකර බව පැහැදිලිවම පෙනී ගොස් තිබෙනවා.

⚠️ මෙහි ඇති සීමාවන් සහ සැලකිලිමත් විය යුතු කරුණු

ඕනෑම පර්යේෂණයක වගේම මෙහිත් සීමාවන් කිහිපයක් තිබෙනවා. උද්යෝගිමත් වෙන අතරම, මේ කරුණු ගැනත් දැනුවත් වීම වැදගත්.

🟠 සහසම්බන්ධය සහ හේතුඵල වාදය: මෙම අධ්‍යයනයෙන් පෙන්වන්නේ සති අන්තයේ නින්ද සහ හෘද රෝග අවදානම අඩුවීම අතර සම්බන්ධයක් (association) මිස, එය එකම හේතුව (causation) බව නොවේ. සති අන්තයේ හොඳින් නිදාගන්නා පුද්ගලයින් වෙනත් සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරනවා වෙන්න පුළුවන්.
🟠 තවමත් පර්යේෂණ මට්ටමේ සොයාගැනීමක්: මෙම දත්ත තවමත් සම්පූර්ණ peer-reviewed විද්‍යාත්මක සඟරාවක පළවී නැහැ. අවසන් නිගමන වලට එළඹීමට තවදුරටත් දත්ත අවශ්‍ය වෙනවා. ඕනෑම සෞඛ්‍ය පුරුද්දක් වෙනස් කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්.

නවීන ලෝකයේ කාර්යබහුලත්වය නිසා නින්ද කැපකිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. නමුත් මෙම පර්යේෂණයෙන් අපට ලැබෙන පණිවිඩය ඉතාම පැහැදිලියි: අපිට මගහැරෙන නින්ද සති අන්තයේදීවත් පිරිමහගන්න උත්සාහ කිරීම, අපේ වටිනාම ඉන්ද්‍රිය වන හදවත ආරක්ෂා කරගැනීමට ගත හැකි සරල, නමුත් බලවත් පියවරක්.

✅ හොඳම විසඳුම: සති අන්තයේ නින්ද පිරිමහගැනීම හොඳ දෙයක් වුණත්, හොඳම දේ තමයි සෑම දිනකම රාත්‍රියේ ප්‍රමාණවත් (පැය 6-8 අතර), ස්ථාවර නින්දක් (consistent sleep) ලබාගැනීම. "Catch-up sleep" කියන්නේ හානි පාලනයක් (damage control) මිස, පරිපූර්ණ විසඳුමක් නෙවෙයි.

මෙම පර්යේෂණය ගැන ඔයාලගේ අදහස් මොනවාද? ඔයාලත් සති අන්තයේ නිදිමරාගෙන ඉඳලා මගහැරුණු නින්ද පිරිමහගන්න කෙනෙක්ද? අපි කතා කරමු.

තවමත් ඇහැරිලා නැති, ඔයාගේ ඉරිදට වැඩිපුර නිදාගන්න යාලුවා tag කරලා මේ පණිවිඩය share කරන්න.... .එක්කෝ එපා. එයාට තව ටිකක් නිදා ගන්න දෙමු. 🤫

මූලාශ්‍රය: European Society of Cardiology (ESC) Congress 2024 මාධ්‍ය නිවේදනය
https://escardio.org/The-ESC/Press-Office/Press-releases/Catching-up-on-sleep-on-weekends-may-lower-heart-disease-risk-by-up-to-20



වෛද්‍ය ප්‍රවණතා පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

වෛද්‍ය චන්දිම ජයසිංහ [17-08-2025]

🏆 ශ්‍රී ලංකාවේ වටිනාම සෞඛ්‍ය සන්නාම (2025) ගැන ඔබ දන්නවාද?පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමඟ බොහෝ ...
16/08/2025

🏆 ශ්‍රී ලංකාවේ වටිනාම සෞඛ්‍ය සන්නාම (2025) ගැන ඔබ දන්නවාද?

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමඟ බොහෝ ක්ෂේත්‍ර අභියෝගයට ලක්වුණා. නමුත්, මේ අතරින් අපේ රටේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශය, නව්‍යකරණය සහ තාක්ෂණය ආයුධයක් කරගනිමින් නැවත නැගී සිටින ආකාරය ඇත්තෙන්ම විශ්මයජනකයි.

🟢 ඩිජිටල් පරිවර්තනය (Digital Transformation), ඉහළ සායනික ප්‍රමිතිය (Clinical Excellence) සහ රෝගියා කේන්ද්‍ර කරගත් සේවා (Patient-centered services) මගින් පෞද්ගලික රෝහල්වල සන්නාම වටිනාකම (brand value) ඉහළ ගොස් තිබෙනවා.
🟢 AI තාක්ෂණය, ඩිජිටල් සේවා සහ නිවසටම පැමිණෙන සෞඛ්‍ය සේවා (Home Care) වැනි නව ක්‍රම හරහා වැඩි පිරිසකට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.
🟢 ESG (පාරිසරික, සමාජීය, සහ පාලන) මූලධර්ම සහ යහපාලනය ශක්තිමත් කිරීම තුළින් මහජන විශ්වාසය දිනා ගැනීමට මෙම ආයතන සමත් වී තිබෙනවා.
🟢 ඉහළ යන වියදම්, සේවක හිඟය සහ වෙනස් වන රෝගී අවශ්‍යතා වැනි අභියෝග මැද මෙම වර්ධනය සිදුවීම විශේෂත්වයක්.

එම සෞඛ්‍ය සන්නාම පිළිවෙලින්:
1. Asiri Health
2. Lanka Hospitals
3. Nawaloka Hospital
4. Durdans Hospital

මේ රෝහල් වලින් ඔයාලා සේවාවන් ලබා ගෙන තිබෙනවාද? අපි කතා කරමු.
මෙම තොරතුරු තවත් කෙනෙකුට දැනගන්න share කරන්න.

මූලාශ්‍රය: Echelon Magazine



කාලීන වෛද්‍ය ප්‍රවණතා පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

බීල කනවද? කාල බොනවද? 💊තාරුගේ පිටුවේ දාල තිබුන වෛද්‍ය ගැටලුවක් දැකලා ඒකට උත්තරයක් විදියට තමයි මේ පුංචි ලිපිය ලියන්න තීරණය...
14/08/2025

බීල කනවද? කාල බොනවද? 💊

තාරුගේ පිටුවේ දාල තිබුන වෛද්‍ය ගැටලුවක් දැකලා ඒකට උත්තරයක් විදියට තමයි මේ පුංචි ලිපිය ලියන්න තීරණය කළේ.

වෛද්‍යවරයෙක් ඔබට බෙහෙතක් නියම කරන විට 'කෑමට පෙර' හෝ 'කෑමට පසු' ගන්නා ලෙස උපදෙස් දෙනවා ඔබ අසා ඇති. මෙය හුදෙක් නීතියක් පමණක් නොව, ඔබේ ප්‍රතිකාරයේ සාර්ථකත්වයට සෘජුවම බලපාන විද්‍යාත්මක හේතුවක් මත පදනම් වූවක්. අපි මේ පිටුපස ඇති සරල විද්‍යාව සහ එය ඔබේ සුවයට බලපාන ආකාරය ගැන කතා කරමු.

💊▶️🍽️ කෑමට පෙර (හිස් බඩ) බෙහෙත් ගන්නේ ඇයි?

සමහර ඖෂධ වර්ග උපරිම කාර්යක්ෂමතාවක් පෙන්වන්නේ ඔබේ ආමාශය හිස්ව තිබෙන විටයි. ආහාර නොමැති විට, බෙහෙතට කිසිදු බාධාවකින් තොරව රුධිරයට ඇතුළු වී ඉක්මනින් ක්‍රියාත්මක විය හැකියි. ඔබ ආහාර ගත් විට, ඔබේ ආමාශය ආහාර උරාගැනීමේ කාර්යයේ නිරත වෙනවා. එත‍කොට බෙහෙතට ලැබෙන අවධානය අඩුයි.

උදාහරණ:
🔴 සමහර ප්‍රතිජීවක (antibiotics)
🔴 තයිරොයිඩ් ග්‍රන්ථිය සඳහා දෙනු ලබන ඖෂධ

🍽️▶️💊 කෑමට පසු බෙහෙත් ගන්නේ ඇයි?

මෙය වඩාත් සුලභව දකින ක්‍රමයයි. මේ ආකාරයට බෙහෙත් නියම කිරීමට ප්‍රධාන හේතුව වන්නේ බෙහෙත නිසා ආමාශ බිත්තියට වන හානිය සහ දැවිල්ල (gastritis) අවම කිරීමටයි. මෙහිදී ආහාර, බෙහෙත සහ ඔබේ ආමාශ බිත්තිය අතර ආරක්ෂිත කොට්ටයක් (cushion) ලෙස ක්‍රියා කරයි.

උදාහරණ:
🟢 වේදනා නාශක (ibuprofen).
🟢 Steroids වර්ග (prednisolone)

ඒ වගේම සමහර බෙහෙත්, විශේෂයෙන්ම මේදයේ දියවන විටමින් වර්ග (Vitamins A, D, E, K) සහ දිලීර නාශක (antifungal) වැනි ඖෂධ ශරීරයට හරියටම අවශෝෂණය වීමට ආහාරයේ ඇති මේදය අවශ්‍ය වෙනවා.

⚠️ සැලකිලිමත් විය යුතු කරුණු

🟡 කිසිම විටෙක වෛද්‍යවරයාගේ හෝ ඖෂධවේදියාගේ උපදෙස් නොමැතිව බෙහෙත් බොන වේලාව වෙනස් කරන්න එපා.
🟡 සමහර ආහාර/බීම (උදා: මධ්‍යසාර) සමහර බෙහෙත් වර්ග සමඟ ගැටලු ඇති කළ හැකියි. ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

🤦‍♂️ බෙහෙත් බොන්න කලින් අමතක වෙලා කෑම කැවුනොත් මොකද කරන්නේ?

කලබල වෙන්න අවශ්‍ය නෑ.
✅ එම ඖෂධය නිසි වෙලාවට ගත යුතුම එකක් නම් (උදා: antibiotics) මතක් වූ විගස බොන්න පුලුවන්. හැබැයි ඒ බෙහෙතේ ක්‍රියාකාරීත්වය, හිස් බඩ ගන්නවාට වඩා අඩු බව මතක තියා ගන්න.
✅ ඖෂධය ප්‍රමාද කළ හැකි නම්, පැය 1-2ට පසු බඩ හිස් වූ විට ගන්නත් පුලුවන්. නැති නම් ඊලඟ මාත්‍රාව ගන්නත් පුලුවන්.
මේ ගැන විස්තර ඔබේ වෛද්‍යවරයාගෙන් ලබා ගැනීම සුදුසුයි.

ඔබේ වෛද්‍යවරයා බෙහෙත් ගැනීමේ වේලාවක් නියම කරන්නේ හේතුවක් ඇතුවයි. එය ඔබව අපහසුතාවයට පත් කිරීමට නොව, ඔබේ සුවය ඉක්මන් කිරීමට සහ අතුරු ආබාධ අවම කිරීමටයි. මෙවැනි මූලික වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීම ඔබේ ඉක්මන් සුවයට අත්‍යවශ්‍ය සාධකයක්.

ඔයාටත් වැරදිලා බෙහෙත් බොන්න කලින් කෑම කැවිලා තියෙනවාද?

මේ වැදගත් තොරතුර නොදන්නා කෙනෙක්ට දැනගන්න share කරන්න.



මෙවැනි ඔබ නොදත් වෛද්‍ය තොරතුරු දැන ගැනීමට Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

🚨 Data Breach Alert : Ministry of Health - Sri Lanka  🇱🇰 A threat actor on a cybercrime forum is claiming responsibility...
13/08/2025

🚨 Data Breach Alert : Ministry of Health - Sri Lanka 🇱🇰

A threat actor on a cybercrime forum is claiming responsibility for a major data breach targeting the Ministry of Health, Sri Lanka (http://health.gov.lk). The alleged stolen database of 398,769 records in JSON format is reportedly being offered for sale for $300 and ransom is quoted at $3000.

Source: FalconFeeds.io X Feed

තාරුගේ සිද්ධි ලියන Tharu සහෝදරයාගේ බාලාංශේ පොත කියවපු නැති කෙනෙක් නම් ලංකාවේ නැතුව ඇති. ඔන්න පළමු පොත ලියල මාස ගාණක් යන්...
10/08/2025

තාරුගේ සිද්ධි ලියන Tharu සහෝදරයාගේ බාලාංශේ පොත කියවපු නැති කෙනෙක් නම් ලංකාවේ නැතුව ඇති. ඔන්න පළමු පොත ලියල මාස ගාණක් යන්න කලින් දෙවෙනි පොතත් එලියට දාන්න සූදානම් කියලයි ආරංචි.

මේක හැබැයි පළමු පොත වගේ ළමා පොතක් නම් නෙවෙයිලු.
"බාලාංශේ 2 (ටික ටික වැඩිහිටි)" තමයි නම.

පෙර ඇණවුම් සඳහා අගෝස්තු 26 තෙක් මිල රු 1000/= (ඩිලිවරි රු 250යි) ඇණවුම් කිරීමට 0763729883 ට WhatsApp message එකක් දාලා වගේම Grantha.lk හරහා මිලදී ගන්නත් පුලුවන්.

Link: https://grantha.lk/balanshe-2-tika-tika-wedihiti-tharu-rajapaksha-kathru.html

ඊයේ රාත්‍රියේ OpenAI සමාගම විසින් එයාලගේ අලුත්ම සහ දියුණුම GPT-5 model එක එළිදැක්වූවා. Coding, ගණිතය, ලිපි ලිවීම, දෘශ්‍ය...
08/08/2025

ඊයේ රාත්‍රියේ OpenAI සමාගම විසින් එයාලගේ අලුත්ම සහ දියුණුම GPT-5 model එක එළිදැක්වූවා. Coding, ගණිතය, ලිපි ලිවීම, දෘශ්‍ය හැකියාවන් මෙන්ම සෞඛ්‍ය සහ වෛද්‍ය ගැටලු විසඳන්නත් ‍මේ model එක ඉහළම මට්ටමේ කාර්ය සාධනයක් දක්වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඉස්සර වගේ general purpose chat models (සාමාන්‍ය ආකාරයට chat කරන) සහ reasoning models (ටික වේලාවක් කල්පනා කර පිළිතුරු දෙන) GPT-5 වල දකින්නට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට අවස්ථාව අනුව ඉක්මනින් පිළිතුරු දිය යුතු අවස්ථා සහ වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු අවස්ථා හඳුනාගත හැකි ඒකාබද්ධ පද්ධතියක් විදියට මේ අලුත් version එක ක්‍රියා කරනවා.

හොඳම news එක ඔයාල හැමෝටම (including free tier) අද සිට GPT-5 යම් සීමා සහිතව use කරන්න පුලුවන්.

Health related problems වලට ඔයාලා ChatGPT use කරනවද?
ඒ ගැන තවත් තොරතුරු ඊලඟ ලිපියෙන්!



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා පිළිබඳ දැන ගැනීමට Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

වෛද්‍ය චන්දිම ජයසිංහ [08-08-2025]

උපත් අනුපාතය අඩුවන නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අවශ්‍යතාවය අඩු කළ හැකිද? 🤱අපේ රටේ උපත් අනුපාතය පහත වැටීම නිසා ස...
07/08/2025

උපත් අනුපාතය අඩුවන නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අවශ්‍යතාවය අඩු කළ හැකිද? 🤱

අපේ රටේ උපත් අනුපාතය පහත වැටීම නිසා සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකටම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (Public Health Midwife) අවශ්‍ය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පිළිබඳ කතාබහක් මේ වන විට සමාජ මාධ්‍යයන් තුළ ඇතිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ PHM පද්ධතිය - ලෝකයට ආදර්ශයක් බව ඔබ දැන සිටියාද? 🌟

අපේ PHM පද්ධතිය හරහා ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ:
✅ මාතෘ මරණ අනුපාතය = සජීවි උපත් 100,000කට 29 (2021)
✅ ළදරු මරණ අනුපාතය = සජීවි උපත් 1,000කට 5 (2023)

මේ ප්‍රතිඵල ලැබුණේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ආවරණයක් නිසා. ජනගහනය 3,000-5,000කට PHM කෙනෙක් යනු WHO නිර්දේශිත ආදර්ශයක්.

🤱 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ (PHM) සැබෑ කාර්යභාරය මොකක්ද?

PHM කෙනෙකුගේ කාර්යභාරය පූර්ව ප්‍රසව ප්‍රතිකාර සහ ප්‍රසව කටයුතු වලින් අවසන් ‍වන්නේ නෑ. ඔවුන්ගේ සේවය ඊට වඩා වැඩි පරාසයක විහිදී තිබෙනවා.

1. පවුල් සහ ප්‍රජාව සඳහා:
🟠 පවුල් සැලසුම්කරණය: පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව රහස්‍යභාවය සුරකිමින් උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම.
🟠 ප්‍රජා සායන පැවැත්වීම: ඔබේ ප්‍රදේශයේ මව්වරුන් සහ දරුවන් සඳහා වන සෞඛ්‍ය සායන සංවිධානය කිරීම හා පැවැත්වීම.
🟠 සෞඛ්‍ය දැනුවත් කිරීම: නිසි පෝෂණය, සනීපාරක්ෂාව සහ බෝවන රෝග වළක්වා ගැනීම වැනි වැදගත් සෞඛ්‍ය කරුණු පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම.
🟠 ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධීකරණය: ඔබේ ගමේ ප්‍රධාන සෞඛ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම. ප්‍රජාව තුළ පවතින සෞඛ්‍ය ගැටලු හෝ රෝග ව්‍යාප්තියක් ගැන ඇයව දැනුවත් කළ හැකිය.

2. ගර්භණී මව්වරුන් සහ අලුත් උපන් බිළිඳුන් සඳහා:
🟡 ගර්භණී සමයේ සත්කාර: ගර්භණී කාලය පුරාවටම, ආරම්භයේ සිටම අවශ්‍ය සත්කාර, උපදෙස් සහ නියමිත පරීක්ෂාවන් සිදු කිරීම.
🟡 දරු ප්‍රසූතියෙන් පසු සත්කාර: දරු ප්‍රසූතියෙන් පසු, මවගේ සහ දරුවාගේ සුවතාවය තහවුරු කිරීමට නිවසට පැමිණ පරීක්ෂා කිරීම.
🟡 නව බිළිඳාට සහය: මව්කිරි දීම, පෝෂණය සහ නව බිළිඳා රැකබලා ගන්නා ආකාරය පිළිබඳව නිවැරදි මඟ පෙන්වීම ලබා දීම.
🟡 සුරක්ෂිත දරු ප්‍රසූතිය: සුරක්ෂිත, රෝහල්ගත දරු ප්‍රසූතියක් සඳහා මඟ පෙන්වීම සහ හදිසි අවස්ථාවකදී අවශ්‍ය හදිසි සත්කාර ලබා දීම.

3. ළදරුවන් සහ දරුවන් සඳහා (වයස අවුරුදු 5 දක්වා):
🟢 වර්ධනය නිරීක්ෂණය: නියමිත දිනවලදී බර කිරා බැලීම මඟින් ඔබේ දරුවාගේ වර්ධනය සහ සංවර්ධනය නිරීක්ෂණය කිරීම.
🟢 ප්‍රතිශක්තිකරණ එන්නත්: දරුවාට නියමිත කාලයේදී ලබා දිය යුතු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් (වැලක්වීමේ එන්නත්) ලබා දීම තහවුරු කිරීම.
🟢 සෞඛ්‍ය වාර්තා: ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තාව (Child Health Development Record) ලබා දීම සහ එය පවත්වාගෙන යාමට සහය වීම.
🟢 විශේෂ අවධානය: විශේෂ සෞඛ්‍ය අවධානයක් අවශ්‍ය දරුවන් හඳුනාගෙන, දෙමාපියන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම.

🤱 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකටම එක් අයෙකු බැඟින් ඉන්නවාද?

නෑ, මෙය වැරදි ප්‍රකාශයක්. වර්තමානයේ සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකටම PHM කෙනෙකු අනුයුක්ත කර නැහැ. PHM වසම් තීරණය වන්නේ එම ප්‍රදේශයේ සිටින ජනගහනයට අනුවයි. එක් PHM වසමකට, ග්‍රාම සේවා කොට්ඨාශ 2-3ක් අයත් විය හැකි අතර, එම PHM වසම දැනට ආවරණය කරනු ලබන්නේ එක් PHM කෙනෙකු විසිනුයි.

ළමා ‍රෝග ආශ්‍රිතව වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති මම, මිඩ්වයිෆ් කෙනෙකුගේ කාර්යභාරයේ වටිනාකම හොඳින් අත්දැක තිබෙනවා. උපත් අනුපාතය පහත වැටීම, මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවා අවශ්‍යතාවය අඩු වීමක් විදියට සැලකිය නොහැකියි. එය හරියට "වැස්සක් නැති නිසා අපට කුඩ අවශ්‍ය නැහැ" කියනවා වගේ තර්කයක්.

ඔබේ ගමේ midwife ඔබට උදව් කළේ කොහොමද? අපි කතා කරමු.

මේ වැදගත් ලිපිය ඔබේ මිතුරන් අතරත් share කරගන්න.

මූලාශ්‍ර:
World Health Organization (WHO) Maternal and Child Health Guidelines
Ministry of Health - Sri Lanka Reports
Family Health Bureau Statistics



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා පිළිබඳ දැන ගැනීමට Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

වෛද්‍ය චන්දිම ජයසිංහ [07-08-2025]

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr Chandima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

මම ගැන

"නොකියූ කතාව" ලිපි පෙළ හරහා තම වෛද්‍ය සේවය අතරදී මුහුණු දුන් සත්‍ය සිදුවීම් ආශ්‍රිතව වෛද්‍ය විද්‍යාත්මක දැනුම සරලව සමාජ ගත කළ වෛද්‍යවරයෙකි.