28/12/2025
ආදරය ගැන මේ ටිකත් දැනගෙන ආදරය කරන්න.
🩷 ආදරයේදී වචන වලට වඩා ක්‍රියාවට අවධානය දෙන්න.
ඇයි දන්නවද එහෙම කියන්නෙ? වචන වලින් මහා ලොකු අදරයක් දැන්නුවට සමහරු ඒක ක්‍රියාවට නංවන්න අසමත්. බොහෝවිට කපටි මිනිසුන් ආදරය කරනකොට වචනයි ක්‍රියාවයි ගැළපෙන්නෙ නැහැ. ඒ හින්ද වචන වලට නොරැවටී ඔවුන් ඔබ වෙනුවෙන් කරන කැපකිරීම් ගැන අවධානයෙන් ඉන්න.
🩷 හැමෝම එක විදිහට ආදරේ කරන්නෙ නැහැ.
ඔබට ආදරණීයව දැනෙන දේවල් අනෙකාට එතරම් නොදැනෙන්න පුලුවන්. ඒකෙම අනිත් පැත්තත් වෙන්න පුලුවන්. ඒ කෙනාට ආදරණීයව දැනෙන දේවල් ඔබට ආදරණීයව නොදැනෙන්න පුලුවන්. එහෙම වුනා කියල එතන ආදරය නැහැ කියල තකසේරු කරන්න පුලුවන් ද? ඒ කෙනාගෙ ආදරය ඉක්මණින් තක්සේරු කරන්න යන්න එපා. එහෙම වුනොත් අපිට සමහර හොඳ මිනිස්සු සදාකාලිකවම මගහැරෙන්න පුලුවන්.
🩷 සැරින් සැරේ දෙන ලොකු වටිනාකම් සහිත අවස්ථා වලට වඩා, අඛණ්ඩව ආදරය කිරීම වැදගත්.
ඉඳහිට දෙන වටිනා තෑගි හෝ අත්දැකීම් වලට වඩා වටින්නෙ, නිරතුරුවම ආදරයෙන් සොයාබැලීම. නිරතුරුවම හිතින් බැඳී සිටීම.
🩷 කායිකව කෙතරම් බැඳී සිටියත් ඒකෙන් කියවෙන්නෙ නෑ එතන emotional safety එකක් තියෙනවා කියල.
S*x කලත්, එකට ජීවත් වුනත්, යන යන තැන ළඟින්ම ගියත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ පුද්ගලයා ඔබට මානසිකව කොයිතරම් හයියක් වෙනවද කියල. මානසිකව ඔබව ආරක්ෂා කරන්න ළඟින් ඉන්නම ඕනෙ නෑ. කායිකව එකතුවීමක් අවශ්‍යත් නෑ. ඒක යම් යම් අවස්ථාවලදී සැතපුම් ගානක් දුර හිටියත් ඉබේම දැනෙන්න ඕනෙ දෙයක්.
🩷 ආදරය කියන දේ ඇතුලෙ මනුස්සයෙකුට ආරක්ෂාවක් දැනෙන්න ඕනේ. ඒ තුල ව්‍යාකූලත්වයක් නොදැනිය යුතුයි.
"මොකක්ද මේ වෙන්නෙ? ",
"ඇත්තටම මම වැරදිද එතකොට?",
"ඉස්සරහට මොනව වෙයිද මේ සම්බන්ධෙට? "
"එයා මාව අතාරීද?"
ආදී හැඟීම් නිතර හටගන්වනසුළු බැඳීමක් නම් හැකි ඉක්මනින් එතනින් ඉවත් වෙන්න. නියම ආදරයක් ඇතුලෙ මනුස්සයෙකුට චිත්තවේගීයව ආරක්ෂාව සොයමින් වෙහෙස වීමට අවශ්‍ය නැහැ. එය නිරායාසයෙන් ඔබ ළඟ පැහැදිලිව දැනෙන්න, පෙනෙන්න පටන් ගන්නවා.
Anjali Budawatta Jayawardana
(Counseling psychologist)
MA,MSc,PGD,BA,HND,Dip.