28/09/2023
මේ දිනවල පවතින වැසිබර කාලගුණය නිසා ඔබත් යම් සෙම් රෝගයකින් පීඩා විදිනවාද?
එම නිසා ගේ දොර වැඩපල ,රැකියාවේ වැඩපල , පාඩම් වැඩපල මග ඇණහිටලා තිබේද ?
🦋නිතර නිතර කිවිසුම් යෑම
🦋නාසයෙන් සොටු දියර ගැලීම
🦋නාසය සෙම වලින් සිරවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා
🦋හතිය
🦋නාසය ,උගුර ,කන හා ඇස් නිතරම කැසීම
🦋හිසේ බර ගතිය
🦋හිසේ වේදනාව
🦋මද උණ
මේ දිනවල මේ රෝග ලක්ෂණ වලින් පෙලෙන්නේ නම් ඔබටත් පීනස රෝගය වැළඳ තිබිය හැකී.
ආයුර්වේදයට අනුව පීනස රෝගය නාසා රෝග වලින් එකක් වේ. එහිදී කඵ වාත දෝෂවල විශමතාවයක් ඇතිවේ.
ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින් ඉතාමත් පහසුවෙන් මෙම රෝග තාවය වැළදේ.
මේ සඳහා හේතු ලෙස
🌼වාත, කඵ දෝෂය ( සෙම) කෝපවන ආහාර ගැනීම එනම් සීත , පැණි රස, තෙල් සහිත , ඉතා මාංශල ආහාර ගැනීම
🌼අපිරිසිදු වාතය ආග්‍රහණය කිරීම
🌼දුම කුණු දූවිලි වලට නිරාවරණය වීම 🌼අධික ආර්ද්‍රතාවයට හෝ වැස්සට නිරාවරණය වීම
🌼විරුද්ද ආහාර ගැනීම හාආහාර දිරවීමේ දුර්වලතා දැක්විය හැකිය.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගයට කඩිනම් සාර්ථක ප්‍රතිඵල පවතී. ඊට අභ්‍යන්තර ඖෂධ මෙන්ම නස්‍ය කර්ම, දූම ,වාශ්ප ස්වේද කර්ම දැක්විය හැක.
අමතරව සීතල ජල පානය ,මෙන්ම ස්නානය , නිදි වැරීම ,වැස්සට තෙමීම ,සෙම කෝප වන ආහාර ගැනීම ,මධ්‍යසාර පානය,මානසික ආත්තිය ඉහත රෝගය උත්සන්න කරයි .
දීර්ඝ කාලයක් ගතවීමෙන් නාසයේ මස්දලු ඇතිවීම ,රස හා ගඳ නොදැනී යාම , නාසයෙන් ලේ පිටවීම, කනෙන් ස්‍රාව ගැලීම, නාසය ඇද වීම, දුශ්ට පීනස ඇතිවීම දැක්විය හැකිය.
සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරුන් යටතේ පලපුරුදු හෙද නිලධාරීන් විසින් දැන් ඔබට අප ආයතනයේ දී මෙම ප්‍රතිකාරය සිදුකර ගත හැක.
හිතායු.. සුඛායු.. දීර්ඝායු..
නො.27/2, රුක්මල්ගම, කොට්ටාව, පන්නිපිටිය
දු.ක 011 2 898 333 / 011 2 899008
ක්ෂණික ඇමතුම් 077 7 990 509
Establishment of a Medical and Channeling Center that caters to the two main traditions of medicine.