03/08/2025
🌿 මුරුංගා කොළ ~ Moringa oleifera
Family : Moringaceae
Other names : Drumstick tree, Horseradish tree, Miracle tree, Ben oil tree
පුරාණ භාවිතය: ආහාර, ඖෂධ, රූපලාවන්‍ය, ජල පිරිපහදු
Moringa oleifera කියන්නේ වෛද්‍යමය, පෝෂණමය සහ පාරිසරික වශයෙන් වඩාත් වටිනා ශාකයකි.
ඔයාලා දන්නවද, ලංකාවේ සාමාන්‍යයෙන් උයන්න, මැල්ලුම් හදන්න , එක එක කෑමවලට එකතු කරන මුරුංගා කොළ ලෝකය පුරා "miracle tree" කියල හදුන්වන ගසේ කොළ කියලා?
මෙම විශිෂ්ට ශාකය වසර දහස් ගණනක් තිස්සේ සාමාන්‍ය ජීවිතේ වගේම ආයුර්වේදයෙන් පටන්ගෙන ආහාර, රෝග නාශක, ජල පිරිපහදු, රූපලාවණ්‍ය සහ වෛද්‍ය භාවිතයන්ටද දායක වී තිබෙනවා. මේ නිසාම එය "Tree of Life" 🍀ජීවිතයේ ගස 🍀ලෙසත් හඳුන්වනවා.
අද අපි බලමු මුරුංගා කොළ ඔබේ ආහාරයට එකතු කරන්න ඕනෙ හේතු ටික.
💕💕පෝෂණ ගුණයෙන් පිරුණු ශාකයක්
මුරුංගා කොළ කියන්නේ කෙළින්ම කියනවා නම්, පෝෂණ ගබඩාවක්.
එහි ඇති පෝෂණ පදාර්ථ නම් කැල්සියම්, යකඩ, පොටෑසියම්, විටමින් A, C, E, K, B , සින්ක්, මැග්නීසියම් සහ ප්‍රෝටීන්.
එහි මේදය අඩුයි, තන්තු වැඩියි, කැලරි අඩුයි.
ඒ නිසාම බර පාලනයටත්, සෞඛ්‍යවත් ජීර්ණයකටත්, හාස්‍යජනක ප්‍රතිශක්තියකටත් උපකාරී වෙනවා.
💕💕දියවැඩියාව සහ රුධිර සීනි පාලනය
මුරුංගා කොළ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට බලපානවා. මුරුංගා කොළ ලබාදීමෙන් සීනි මට්ටම 10-20%කින් පාලනය වෙන බව පර්යේෂණයකින් හෙළිවී ඇත.
ඒ වගේම ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාත්මක වීම උදව් කරනවා.
💕💕ප්‍රතිශක්තිය වැඩි කිරීම
මුරුංගා කොළ ඇන්ටිඔක්සිඩන්ට් වලින් පිරී ඇති නිසා ඔබේ ශරීරයේ ආරක්ෂක පද්ධතිය සවිබල ගන්වනවා.
විටමින් C, E, වගේ සංයෝග ඔබේ සයිල පටක වලට ආරක්ෂාවක් ලබාදෙයි.
💕💕සමට ලස්සනක් ලබාදීම
මුරුංගා කොළ වල Antibacterial සහ Antifungal ගුණ තියෙනවා.
වියළි සම, රැලි, කුරුලෑ වගේ ගැටළු වලට වාසියි.
විටමින් E තියෙන්නේ සමේ තරුණ බව පවත්වාගන්නයි.
ඒ නිසාම මුරුංගා තෙල්, හා සාර වර්ග රූපලාවණ්‍ය නිෂ්පාදන වලට භාවිතා වෙනවා.
💕💕බඩවැල් සෞඛ්‍යය හා බර පාලනය
තන්තු බොහොමයක් මුරුංගා වල අඩංගු වෙනවා.
තන්තු ආහාර ජීර්ණය හොදින් සිදුකරන අතර වාතය, බඩ පිපීම වගේ ගැටළු අඩු කරනවා.
එත් එක්කම බඩගිනි අඩු කරන නිසා ඔබේ බර පාලනයටත් උදව් වෙනවා.
💕💕ජල පිරිපහදුවටත් හොඳයි
මුරුංගා බීජ වලට ඇති විශේෂ ගුණයක් නම් ජලයෙන් බැක්ටීරියා, suspended particles, හා heavy metals බැඳීම.
විශේෂයෙන් අප්‍රිකාවේ, ඉන්දියාවේ පදිංචි ජනතාව මේක භාවිතා කරනවා ජලය පිරිසිදු කරන්න.
‼️⚠️
* ගර්භනී මව්වරුන් සහ කිරි දෙන අම්මලා — වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කරන්න.
* දියවැඩියා සහ ප්‍රෙශර් බෙහෙත් ගන්න අය — වෛද්‍යවරයෙකුගේ අවසරයක් ගන්න.
🤤😋🥗 මුරුංගා කොළ ආහාරයට එකතු කරමු!
* මැල්ලුමක්
* සූප් එකක්
* හොදි වලට
🔍 විද්‍යාත්මක පර්යේෂණ !
PubMed, Google Scholar - Research Articles
“Moringa oleifera”
ඒ අතරින්,
Journal of Food Science
Journal of Immunology Research
Journal of Ayurveda and Integrative Medicine
මූලිකවම වැදගත් වේ.
ඉතින්,
මුරුංගා කොළ කියන්නේ ඉතාම වටිනා ඖෂධයකි.
එය අඩු වියදමින්, වටින ලාභ ගොඩක් ගෙනෙන, පුළුල් ලෙස භාවිත කල හැකි ස්වාභාවික ශාකයකි.
ඔබේ පවුලේ දිනපතා ආහාරයට මේක එකතු කරලා බලන්න — වෙනසක් දැනෙයි!
මුරුංගා ආහාරයට එකතු කරමු – සෞඛ්‍ය සපිරුණු ජීවිතයකට!!!!!!!
ඉතින්, ඔයාලත් මේකෙන් වටිනා දෙයක් ජීවිතයට එකතු කරගන්න .
අනිත් අයටත් බලන්න Share කරන්න, තවත් අයත් දැනුවත් කරන්න.
මේ වගේ තවත් එදිනෙදා ජීවිතයට ඕනි ආයුර්වේද හා රූපලාවණ්‍ය දැනුම ලබාගන්න මේ Sith Ayur Page එකත් එක්ක දිගටම ඉන්න.
🫶🏻❤️