All Ceylon Medical Officers' Association

All Ceylon Medical Officers' Association The All Ceylon Medical Officers' Association (ACMOA) is a representative organization of medical officers in Sri Lanka.

The ACMOA is dedicated to a healthier, fairer future for healthcare workers and citizens.

04/09/2025

"කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම" යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විදේශගත සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් උදෙසා ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක් වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙනවා.

විදේශගත වීමට සිටින තරුණ තරුණියන්හට විදේශ භාෂා හැදෑරීම සඳහා මූල්‍යාධාර ලබා දීම, භාෂා පුහුණු පාසල්වල සම්පත්දායකයින් වෙත මාසික දීමනාවක් ලබා දීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන නිපුණතා වර්ධනය සඳහා ග්‍රාමීය තරුණ තරුණියන්හට මූල්‍යාධාර ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තයෙහි නියැළෙන නිපුණතා ශ්‍රමිකයින් බිහි කිරීම ආදිය මෙම වැඩපිළිවෙළෙහි අරමුණක් වනවා.

විදුලිබල මණ්ඩල පණත ගැන ප්‍රශ්න තියන අයට.....ජාතික ජනබලවේගයේ එක්සත් රාජධානී ශාඛාව විදුලිබල පණත ගැන ආණ්ඩුව ප්‍රශ්න කරයි! ම...
04/09/2025

විදුලිබල මණ්ඩල පණත ගැන ප්‍රශ්න තියන අයට.....
ජාතික ජනබලවේගයේ එක්සත් රාජධානී ශාඛාව විදුලිබල පණත ගැන ආණ්ඩුව ප්‍රශ්න කරයි! මේ රනිල් ගෙනා එකමද?

SAY NO TO ENERGY PRIVATISATION! Margaret Thatcher privatised our energy in 1986. British Gas was floated on the stock market, accompanied by the famous ‘Tell...

2025.07.22 දින සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ අනෙකුත් අමාත්‍යාං...
23/07/2025

2025.07.22 දින සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය. එහිදී පහත කරුණු ගැන සාකච්ඡා කරන ලදී.

⛔ප්‍රාදේශීය ඖෂධ මිල දී ගැනීමේ (LP) ක්‍රියාවලියේ ඇති වී තිබෙන ගැටලු...

a. ප්‍රාදේශීය ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් රෝහල් පරිපාලනයේ ම නොමැති බවත් ඒ හේතුව නිසා LP ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු නොවන බවත් අමාත්‍යාංශය දැනුවත් කළ අතර, එයට විසඳුමක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය (MSD) මැදිහත් වීම මත දිස්ත්‍රික් /පළාත් මට්ටමෙන් රෝහල් පරිපාලකයින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ ප්‍රධාන ඖෂධවේදීන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු සංවිධානය කිරීමට එකඟ විය.

b. කෙටි කාලීන විසඳුමක් ලෙස රෝහල් හරහා සිදුකරන ප්‍රාදේශීය මිල දී ගැනීම් වෙනුවට වෛද්‍ය සැපයුම් ඒකකය හරහා හදිසි මිල දී ගැනීම් සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට එකඟ විය.

c. පසුගිය දිනෙක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිකුත් කළ ප්‍රාදේශීය ඖෂධ මිල දී ගැනීම් වලට අදාළව නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් අන්දමට රෝහලේ නොමැති සියලුම ඖෂධ සඳහා ආකෘති පත්‍රයක් බැගින් පිරවීමේ අපහසුතාවය පෙන්වා දෙන ලද අතර, එම ආකෘති පත්‍රය පිරවීම රෝහලේ නොමැති ශල්‍ය උපකරණ ගෙන්වා ගැනීමට අවශ්‍ය වන අවස්ථා සඳහා පමණක් සීමා කරමින් එම මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කිරීමට එකඟතාව පළ විය.

⛔විදේශීය පුහුණුව නිම කර නැවත දිවයිනට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් රෝහල් වෙත යොමු කිරීමේ දී මුහුණ දීමට සිදුවන ගැටලු..

මෙහි දී විශේෂඥ වෛද්‍යවරුන් යොමු කළ හැකි පුරප්පාඩු සහිත රෝහල්වල ලැයිස්තුවක් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පල කිරීමටත් එය සතිපතා යාවත්කාලීන කිරීමටත් එකඟතාවය පළ විය.

⛔ස්වස්ථා පද්ධතිය රෝහල් වාට්ටු මට්ටම දක්වා පුළුල් කිරීම..

ඇතැම් රෝහල්වල දැනටමත් ස්වස්ථා පද්ධතිය ශල්‍යාගාර, තොරාගත් සායන දක්වා පුළුල් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත්, එය ඉදිරියේ දී රෝහල් වාට්ටු මට්ටම දක්වා පුළුල් කිරීමේ හැකියාව ගැන සලකා බලන බවත් සඳහන් කරන ලදී.

⛔වෛද්‍යවරුන් සිදු කරන අතිරේක රාජකාරි (ED) සඳහා දීමනාවක් ලබාදීම සහ වෛද්‍යවරුන්ගේ සේවය සඳහා සේවා මුර ක්‍රමයක් (Roster) හඳුන්වා දීම පිළිබඳ සොයා බැලීම..

මෙහිදී රෝගී සත්කාර සේවාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම අරමුණු කර ගනිමින් වෛද්‍යවරුන් සඳහා සේවා මුර රාජකාරී ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවයත්, වෛද්‍යවරුන් සිදුකරන අතිරේක රාජකාරි සඳහා දීමනාවක් (ED Allowance) ලබා දීමටත්, සේවා අවශ්‍යතාවය මත අතිරේකව සේවයේ නියුතු වීමට සිදුවන සම්පූර්ණ කාලයට ගෙවීම් සිදු කිරීමේ අවශ්‍යතාවයත් අප සංගමය විසින් පෙන්වා දෙන ලදී. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය රෝහල් කිහිපයක ආරම්භ කිරීමට එකඟතාවය පළ විය.

වෛද්‍ය ප්‍රගීත් අතාවුද
ප්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

02/07/2025

ශ්‍රීලංකන් ගුවන්සේවයේ, ගුවන් භාණ්ඩ අංශය 2025 “World Air Cargo Awards" සම්මාන උළෙලේදී ආසියාවේ හොඳම භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම “Airline of the Year Asia” අභිශේක ලැබීමට නිර්දේශ වී තිබෙනවා.

02/07/2025

ක්‍රමවත් වැඩපිළිවෙලක් තුලින් මෙම ඖෂධ හිඟය ඉක්මනින් අවසන් කල හැකියි

Request for explanations on medicine management lapses….
02/07/2025

Request for explanations on medicine management lapses….

Good news for PG trainees..
01/07/2025

Good news for PG trainees..

Request for extension of the due date for submission of asset and Liabilities declaration..
27/06/2025

Request for extension of the due date for submission of asset and Liabilities declaration..

Corrected ED Circular
26/06/2025

Corrected ED Circular

Address

949/4, Maradana Road, Colombo 08
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when All Ceylon Medical Officers' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to All Ceylon Medical Officers' Association:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram