14/10/2023
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..............
ළමුන් ලමුන්මය ,ඔවුනට ළමා ලෝකයක් පවතී, සුන්දර අව්‍යාජ සිනහවන් චණ්ඩ රළු මිනිසුන්ගේ හිත පවා මොලොක් කිරීමට සමත්ය,දරුවන් කෙරෙහි උපරිම සෙනෙහස මෙතෙක් කියා නිම කල නොහෙක,
වෛද්‍ය වරයෙකු ලෙස දරුවන් බිලිදුන් සමගත් ගර්භනී මව් වරුන් සමගත් ශ්‍රිලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක සේවය ඇරබීමට ලැබීම ම ලද ඉතා භාගයක් කොට සලකමි,රුසියානු වෛද්‍ය අද්යාපන හමාර කොට ශ්‍රිලංකාවේ ලියාපදිංචි විභාගය අවසන් කල මගේ පළමු තොර ගැනීම මොනරාගල මහ රෝහලයි
රාජ කාරිය දේව කාරියටත් වඩා උතුම්ය, මෙලොව එලිය දකින බිලිඳුන්ගේ පළමු හැඩිම අසා ඇති වාර අනන්තය, රාත්‍රියේද පාන්දරද දිවා කලද ඔවුහු උපත ලබන්නෝය .බඩගිනි දැනුන විට කෑ ගසා හැඩීමටත්, කුස පිරුණු පසු සැපට නිදන්නත් දත්තෝය.
දරුවන් සම්පතකි,දෙමාපියනට මෙන්ම රටට ලෝකයටද සම්පතකි ,ඇතමුන් උපතින්ම උරුම කම් කරන පරිසයය දකින මට සිහිවන්නේ මාලනි බුලත් සිංහල මහත්මිය ගයන කරන ගීතයකි.
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ.
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ.
ශ්‍රිලාන්කින අපි බොහෝ දේ කර්මයට ලඝු කරති, කර්මය වෙනස් කල නොහෙකි බවත් එය පටිසම් දිය යුතු බවත් වරක් මට උතුම් පුජකවරයෙක් අවධාර්ණය කළේය.
රෝහලක් තුල දරුවෙක් බිහි කිරීම සාමුහික කාර්ය මණ්ඩලයක එකමුතුවකි,නායකත්වය ප්‍රසව වෛද්‍ය වරයා විසින් හොබවන අතර වෛද්‍ය හෙද මිඩ් wife සහ සහයක කාර්ය මණ්ඩලයේ එකමුතු ක්‍රියාදාමය බිලිදාගේ ඇඩ්ම මදකට සැනසුම් සුසුමක් එක කලද කාර්යය එතනින් නිම නොවෙයි
,
බිහි වූ දරුවා උරුම කම් කියනුවේ කුමන සමාජ තලයකට යන්න තහවුරු වී හමාරය, දුප්පත්කම ඇත දැරිව පැමිණ ඇත,දෙමාපියන් බොහෝ විට ගොවියෝය, ඇත ගම වල හේන් ගොවිතැනේ යෙදෙන සමාජයේ පහලම තලයට මදක් ඉහලින් සිටි යැයි අනුමාන කල හැක.හිසට නිවසක් ඇත, පහසුකම් ගැන කතා කිරීමට අකමැතිය, නොමැරී ජීවත් වනු ඇත. පාසල් ගමන බොහෝ විට සාමාන්‍ය පෙළ දක්වාය , ගමන බොහෝ විට පොදු ප්‍රවහනයි , තිරෝද රථයක් කුලිය ගෙවා රැගෙන එන්නොද සිටිති,
අලුත් උපන් දරුවා නිවසට රැගෙන යාමට ගමට යාමට තිබෙන එකම බස් රතය අල්ලා ගත යුතුය, හවස් වන විට වන අලිද පාරේ ගැවසෙනු ඇත, මවගේ ඇවිටිල්ල ඉක්මනින් රෝහලෙන් ටිකට් කපා දෙන ලෙසයි , ගිනි අවුවට කර වූ දුබුරු වන හිස කෙස් ඇති පියා වාට්ටුවට මදක් ඔබ්බෙන් රැක සිටි,අප දකින විට මදක්පසකට වී ඉඩ ලබා දෙති . අහිංසකය, ඒ අතර අපෙන් සිදුවන සියුම් අඩු පාඩුව පවා මහා තුරුම්පුවක් කර ගැනීමට මන බලන ඇත්තෝද සිටිති..
බිලිදා සිහිනෙන් සිනාසෙති, ලොකුම අවශ්‍යතාවය මව් කිරිය, රස කරමින් තන උරති, සැපට නිදති. කක්ක චූ දමති, ශ්‍රීලංකාව මෙතකදී මුහුණ දුන් ආර්ථික අවපාතය උපන් නුපන් බිලිදාටද දැනෙනු එත, pampers baby napkin මිලදී ගැනීමට මව්පියන්ට වතකම බොහෝ අඩුය, එතෙමුන් හට ප්‍රමාණවත් නැත.වැඩිමහල් දරුවට පෝෂණය මදිය, අද්‍යාපනය හරි හැටි නොලබෙයි . toys, go cart, remorte cars,නානාප්‍රකාර සෙල්ලම් භාණ්ඩ තිබේනවදත් නොදති .
කොළඹ, අගනුවර තත්වය මීට හාත්පසිම වෙනස්ය. පාලකයනට සහ ඔවුන්ගේ දරුවනට මේ කිසිවක් නොදැනෙයි , කර්මයට ලැඝු කර හමාරය. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බල සිටින මට සිහි වනුයේ රුසියානු රජයි, දරුවන් ඔවූන්ට මහත් වූ සම්පතකි, දියුණු සැප සම්පත් ඇත, මාද සය වසරක් දියුණු රටක කායික හා මානසික සුවය අත් වින්දෙමි.
ලෝකය අප පහු කර බොහෝ දුර ගොසිනි, මෙම තැන සිට km 200ක් 300ක් දුරින් ලෝකයේ ප්‍රධාන නැව් මාර්ග වැටි ඇත,නවීන තාක්ෂනය පටවාගත් විසල නැව් අප පසු කර යාත්‍රා කරනුයේ අපේ පැටව් පොල් අතු පැළක අකුරු කරමින් සිටියදීය, අනේ අපෙනුත් ගන්න, මෙහාටත් එන්න මල් විකුනනන් සේ හෝ air port එකේදී sir please come here යනුවෙන් කෑ ගසා පලක් නොවනු ඇත, පාලකයෝ ණය පිට ණය ගනිති, බදු පිට බදු ගසති,පුටු මාරු කරති.බලය ඔවුන් අතරම රදවා ගනිති , ගොවියා තාමත් දුප්පත්ය, තාක්ෂනයෙන් දුප්පත්ය,පිට රට්ටුන් පොහොර යොදන්නේ ද්‍රෝන තාක්ෂනයෙනි. අපි අලි එලවීමට තව හු කියති, පැල් රකිති, දරුවනට මෙය උරුම කර දෙති,
කිරි දරුවා මව් කිරට හඩති ... මව කිරි දෙති . දැනට ඒ ඇතිය....................
Behind the white coat by Dr.V