වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026

වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 ඉඩෝරයට හසුවණු අහිංසක පැතුමන් වලට සවියක් වෙමින් වාන් දමන්නට...

Medical Students' Buddhist Association of Faculty of Medicine, University of Colombo is Organizing "Wassana Diyawara" 2024 (for 20th time) in Ikkapallama Maha Vidyalaya,Hambanthota.

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠🔰දෙවන දිනය - 2025/09/21 කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධ...
22/09/2025

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠

🔰දෙවන දිනය - 2025/09/21

කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 2025 සැප්තැම්බර් 21 වැනි දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී. මෙදින වැඩසටහන අප වෛද්‍ය පීඨයේ 2021 කණ්ඩායම විසින් මෙහෙයවන ලදී.

වස්සාන දියවර 2025,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
..........................................................................................

💠Wassana Diyawara 2025 – Educational Seminar Series 💠

🔰 Day 02 – 21/09/2025

As part of the annual Wassana Diyawara community service program organized by the Medical Students’ Buddhist Association, the second day of the Educational Seminar Series was successfully held on September 21, 2025, at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota. The programme was facilitated by members of the 2021 batch of the Faculty of Medicine.

Wassana Diyawara 2025
Medical Students’ Buddhist Association
University of Colombo

වස්සාන දියවර 2025පෙරදිග තූර්ය වාදන කණ්ඩායම සදහා සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමකොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගම...
21/09/2025

වස්සාන දියවර 2025
පෙරදිග තූර්ය වාදන කණ්ඩායම සදහා සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීම

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව, හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී දූ දරුවන් වෙනුවෙන් මෙතෙක් පාසලේ අඩුපාඩුවක් ව පැවති පෙරදිග තූර්ය වාදන කණ්ඩායම පිහිටුවීම සදහා අත්‍යවශ්‍ය සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීම විශේෂඥ වෛද්‍ය රංජිත් පතිරණ මැතිතුමා සහ සන්ධ්‍යා පතිරණ මැතිනියගේ වටිනා දායකත්වයෙන් 2025 සැප්තැම්බර් 21 වන දින එම පාසලේදී සිදු කරන ලදී.

මෙම ගැටබෙර, දවුල්, තම්මැට්ටම්, යක්බෙර, කොම්බු, සිම්බල්, බටනලා ඇතුළු පෙරදිග තූර්ය වාදන ඛණ්ඩයට අවශ්‍ය කරන සම්පූර්ණ වාදන භාණ්ඩ කට්ටලය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට විශේෂඥ වෛද්‍ය රංජිත් පතිරණ මැතිතුමා සහ සන්ධ්‍යා පතිරණ මැතිණියත්, එම විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමාත්, වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලයත්, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සහභාගී වන ලදී.

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා තම වටිනා දායකත්වය දැක්වූ විශේෂඥ වෛද්‍ය රංජිත් පතිරණ මැතිතුමා සහ සන්ධ්‍යා පතිරණ මැතිණියට වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ විශේෂ ස්තූතිය පුද කරමු.

වස්සාන දියවර 2025,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

————————————————————

Wassana Diyawara 2025
Musical Instrument Donation Ceremony

In parallel to the Wassana Diyawara 2025; Community Service Program annually organized by the Medical Students’ Buddhist Association of University of Colombo, a special donation ceremony was held on 21st September 2025 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.

On this occasion, a complete set of essential traditional Eastern musical instruments was donated to establish an Eastern music band at the school, which had long faced the absence of such a facility for its students. The generous contribution was made by Consultant Anesthesiologist Dr. Ranjith Pathirana and Mrs. Sandhya Pathirana.

The donated instrument set included Geta Bera, Davul, Thammattama, Yak Bera, Kombu, Cymbals and Flutes, fulfilling the full requirements for an Eastern music band.

The handover ceremony was held with the presence of Dr. Ranjith Pathirana and Mrs. Sandhya Pathirana, together with the Principal and Vice Principal of the school, officials of the Medical Students’ Buddhist Association and the students of the school.

The Medical Students’ Buddhist Association extends its sincere gratitude to Consultant Anesthesiologist Dr. Ranjith Pathirana and Mrs. Sandhya Pathirana for their valuable contribution towards the successful completion of this initiative.

Wassana Diyawara 2025,
Medical Students' Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠🔰පළමුවන වන දිනය - 2025/09/14 කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව ...
16/09/2025

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠

🔰පළමුවන වන දිනය - 2025/09/14

කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 2025 සැප්තැම්බර් 14 වැනි දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී මෙසේ ආරම්භ කරන ලදී. එම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දූ දරුවන් වෙනුවෙන් පළමු දින වැඩසටහන අප වෛද්‍ය පීඨයේ 2020 සහ 2023 කණ්ඩායම් වලින් මෙහෙයවන ලදී.

වස්සාන දියවර 2025,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠Wassana Diyawara 2025 - Educational Seminar Series💠

🔰Day 01 - 14/09/2025

In parallel with the annual Wassana Diyawara community service program organized by the Medical Students’ Buddhist Association, the Educational Seminar Series commenced on September 14, 2025, at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota. The first day’s program, conducted for the students of the school who are preparing for the Ordinary Level examination, was facilitated by members of the 2020 and 2023 batches of the Faculty of Medicine.

Wassana Diyawara 2025,
Medical Students' Buddhist Association,
University of Colombo.

💠 වස්සාන දියවර 2025/2026 💠🔰මෙවර වස්සාන දියවර ව්‍යාපෘතිය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලය...
08/09/2025

💠 වස්සාන දියවර 2025/2026 💠

🔰මෙවර වස්සාන දියවර ව්‍යාපෘතිය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලය තෝරාගත් බව සතුටින් දැනුම් දෙන්නෙමු.

🔰මෙහිදී අප ළමුන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීමට උපකාර ලෙස පවත්වන අධ්‍යාපනික වැඩසටහන් පෙළක් ද,පාසලේ භෞතික සංවර්ධනය හා පාසල් ළමුන්ගේ හා ඒ අවට ජනතාවගේ සොබ්‍ය තත්වය ඉහළ නැංවීම සදහා සොඛ්‍ය කදවුරක්ද පැවැත්වීමට අරමුණු කරගෙන සිටියි.

🔰මේ උතුම් කර්තව්‍ය සදහා ඔබටද එක්වීමට අප මෙලෙස ආරාධනා කර සිටින්නෙමු. !

වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය.
..........................................................................................

💠Wassana Diyawara 2025/2026💠

🔰We are happy to announce that this year’s project will be carried out at H/Mahagalwewa K.V.

🔰Through this initiative, our mission is to nurture both education and well-being, creating a lasting impact for the students and the wider community.

🔰We sincerely value and appreciate your collaboration in making this vision a reality. !

Medical students' Buddhist Association
University of Colombo.

රුදුරු ඉඩෝරයට විරාමයක් පසක් කරමින් පුරා මාස අටක් මුළුල්ලේ ඉක්කපල්ලම ගම්මානයට වස්සානය ගෙන ආ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය...
13/06/2025

රුදුරු ඉඩෝරයට විරාමයක් පසක් කරමින් පුරා මාස අටක් මුළුල්ලේ ඉක්කපල්ලම ගම්මානයට වස්සානය ගෙන ආ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සංවිදානය කරනු ලැබූ වස්සාන දියවර 2024/2025 ප්‍රජා සේවා ව්‍යාපෘතියේ අවසන් දිනය 2025 ජුනි 7 වන දින මෙසේ සනිටුවහන් විය .

අපොස සා/පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලවක් , වෛද්‍ය කඳවුරක් සහ නව හම්බන්තොට ඉක්කපල්ලම කනිෂ්ඨ පාසලට සෞන්දර්ය ඒකකයක් ප්‍රධානය කිරීමකින් සමන්විත වූ ව්‍යපෘතියේ සමාප්ති උත්සවය හම්බන්තොට ඉක්කපල්ලම කනිෂ්ඨ පාසලේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විද්‍යා ජෝති මහාචාර්ය වජිර දිසානායක, විශේෂඥ නිර්වින්දන වෛද්‍ය රංජිත් පතිරණ මහතා සහ එම මැතිණිය සන්ධ්‍යා පතිරණ යන මහත්ම මහත්මීන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විණ.

වස්සාන දියවර 2024/2025 ව්‍යාපෘතිය හරහා අභිනවයෙන් ඉදිකරන ලද සෞන්දර්ය ඒකකය උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර එය සිසුන්ට නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම මාස අටක කටුක ගමන පුරාවට අප සමඟ අත්වැල් පටලාගෙන අතහිත දුන් ඔබ සැමට අපගේ කෘතඥතාව පළ කරමු.
පිපෙන්නට වෙඅර දරන මල් කැකුලු වලට වසන්තය ගෙනදෙමින් නිමා වූ වස්සාන දියවර 2024/2025 ප්‍රයත්නයේ ඵල අනාගත පරම්පරාවන්ට ශක්තියක් ලබා දෙමින් දීප්තිමත් වූ අනාගතයකට මග පාදනු ඇතැයි යන්න අපගේ හෘදයාංගම බලාපොරොත්තුවයි.

වස්සාන දියවර කමිටුව 2024/2025
කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය

ඡායාරූපකරණය - රසෝද් නරසිංහ

Marking a heartfelt pause to a journey through rough and remote terrains, the final day of “Wassana Diyawara 2024/25” a community service project organized by the Colombo Medical Faculty Student Union over the past eight months was commemorated on June 7, 2025, in the village of Ikkapallama, Hambantota.

The project included a series of G.C.E. O/L support seminars, a medical camp, and the donation of a newly built Aesthetic Unit to the Ikkapallama Junior School. The closing ceremony was held at the school premises, graced by the Dean of the Faculty of Medicine, University of Colombo, Professor Vajira Dissanayake, distinguished anesthetist Dr. Ranjith Pathirana, and Mrs. Sandhya Pathirana.

As a highlight of the event, the newly constructed Aesthetic Unit was ceremonially opened and officially handed over for the benefit of the students.

To everyone who walked beside us and offered unwavering support throughout this eight month long challenging journey we express our deepest gratitude.

Just as spring brings life to buds that bloom in silence, we believe that Wassana Diyawara 2024/2025, now come to a close, will continue to empower future generations and pave the way to a brighter tomorrow.

Wassana Diyawara committee 2024/2025
Medical students' Buddhist Association

Photographed by Rasod Narasingha

09/06/2025

වස්සාන දියවර 2024/2025 ව්‍යාපෘතිය හරහා ඉදි කළ අභිනව සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පත් කිරීම.
සිරස News First 2025.06.07 වන දින 10pm වාර්තාකරණය.

17/03/2025
11/03/2025
වස්සාන දියවර 2024 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව - විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2025|02|15කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ...
16/02/2025

වස්සාන දියවර 2024 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව - විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2025|02|15

කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ අවසන් දිනය පෙබරවාරි 15 වැනි දින හම්බන්තොට, ඉක්කපල්ලම කනිෂ්ඨ විද්‍යාලයේ , සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් දූ දරුවන් වෙනුවෙන් පැවැත්වුණා. එදින වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අප වෛද්‍ය පීඨයේ 2019 සහ 2023 කණ්ඩායම් වල සොයුරු සොයුරියන් විසින්.

මේ එදින විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ මතකය සටහන් කිහිපයcක්!

_වස්සාන_දියවර_2024_
_වෛද්‍ය_ශිෂ්‍ය_බෞද්ධ_සංගමය_

Wassana Diyawara 2024 - Exam target paper discussion
15|02|2025

The Colombo Medical Students' Buddhist Association conducted the last academic session of the annual Wassana Diyawara educational conference series, held parallel to the community service program, on february 15th at Ikkapallama Junior School, Hambantota. The session targeted students who are preparing for the Ordinary Level examination.
The event was facilitated by brothers and sisters from 2019 & 2023 batch of our medical faculty.

Here are a few memorable moments from the exam target paper discussion happened yesterday!

_Wassana_Diyawara_2024_
_Colombo_Medical_Students'_Buddhist_Association_

01/02/2025

පිපෙන්නට වෙර දරණ මල් කැකුළු වලට සවියක් වෙන්න!
ඔබත් එන්න, අපත් සමග අත්වැල් බැඳගන්න!

ඉක්කපල්ලම කණිෂ්ඨ විද්‍යාලය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි සිසුන් 371ක් අධ්‍යාපනය හදාරන අඩු වරප්‍රසාද ලත් පාසලක්.

ප්‍රධාන ශාලාවක් නොමැතිවීම, සෞන්දර්ය ඒකකයක් සහ උපකරණ නොමැති වීම, ප්‍රමාණවත් ක්‍රීඩා උපකරණ නොමැති වීම පාසලේ දරුවන් මුහුණ දෙන සම්පත් හිඟතාවයන් කීපයක්.

කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මේ පුංචි මල් කැකුළු වලට සවියක් වීම පිණිස, පාසලට සෞන්දර්ය ඒකකයක් ඉදිකිරීමේ මාහැඟි කර්තව්‍යයට මුල පුරා ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු මුළු මුදල රුපියල් ලක්ෂ 33ක් පමණ වේ.

ඉදිකිරීම් සඳහා ද්‍රව්‍ය හෝ මූල්‍ය ආධාර පරිත්‍යාග කිරීමෙන් මෙම දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට ඔබට ත් දායක විය හැකිය.

බැංකු විස්තර:

ගිණුම් අංකය: 167-1001-0-682735-6
නම: වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය
බැංකුව: මහජන බැංකුව, ටවුන්හෝල් ශාඛාව

ද්‍රව්‍යමය පරිත්‍යාග හෝ විමසීම් සඳහා, අමතන්න:
- ගත්නි ජයසූරිය: 0772949626
- භවන්ත සම්පත්: 0712399867

වස්සාන දියවර 2024
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය

Ikkapallama College, located in Hambantota district, is an underprivileged school with 371 students from impoverished backgrounds. The school faces several resource shortages, including:
- No main hall for activities.
- Lack of an aesthetic unit and equipment.
- Insufficient sports equipment.

The Medical Student Buddhist Association of the Colombo Medical Faculty has embarked on an inspiring mission — the creation of a beautiful and vibrant aesthetic unit for these little flowers. This ambitious project, designed to nurture creativity and joy, comes with an estimated budget of around 3.3 million.

You can contribute to improving the lives of these children and supporting their dreams by donating material or financial aid for the construction.

Bank Details:
Account Number: 167-1001-0-682735-6
Name: Medical Students' Buddhist Association
Bank: People's Bank, Townhall Branch

For material donations or inquiries, contact:
- Gathni Jayasooriya: 0772949626
- Bhawantha Sampath: 0712399867

Wassana Diyawara 2024
Medical Students' Buddhist Association - University of Colombo

Address

25, Kynsey Street, Colombo 08
Colombo

Alerts

Be the first to know and let us send you an email when වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram