Health News

Health News Health news related to health services in this country and abroad

*2024 ඔක්තෝම්බර් මස 16 වන දින HPV එන්නත ලබාදීමෙන් පසු ඇතිවුණු රෝගී තත්ත්වයක් පිළිබදව වූ මාධ්‍ය වාර්තාව සම්බන්ධවයි.*ශ්‍රී...
18/10/2024

*2024 ඔක්තෝම්බර් මස 16 වන දින HPV එන්නත ලබාදීමෙන් පසු ඇතිවුණු රෝගී තත්ත්වයක් පිළිබදව වූ මාධ්‍ය වාර්තාව සම්බන්ධවයි.*

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නතයි. මෙම එන්නත ආරක්ෂිත හා ඵලදායී වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකර කර ඇත. කෙටි කාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවධානමට සාපේක්ෂව බොහෝ වාසි හා ප්‍රතිලාභ මෙම එන්නතෙන් ලැබේ. ලොව පුරා නව යොවුන් දරුවන් සදහා මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් ආරක්ෂිතව ලබාදී ඇත.

HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබදව අනිසි කැළඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. මෙම සිසුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවේ.

මෙම සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, එ්වාට අනිසි බියක් හෝ කැළඹීමක් ඇතිකර ගත යුතු නොවෙි. එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයන් මෙන්ම මෙවන් අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩසටහන් වල දී දක්නට ලැබේ.

විධිමත් ක්‍රියාදාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සදහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

2017 වසරේ හදුන්වා දුන් HPV එන්නත එදා මෙදා තුර ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පිළිකා සැදීමේ අවදානම අවම කරමින් අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයට උරදෙයි. එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ HPV එන්නතෙන් ලැබෙන ආරක්ෂාව පිළිබදව විශ්වාසය මැනවින් පවත්වාගෙන, නියමිත එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබාදී තම දරුවන්ගේ නිරෝගීභාවය තහවුරු කරගන්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලිය හැකි තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාග...
24/05/2024

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලිය හැකි තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මුලික රෝහලේ රුපියල් මිලියන 50 ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවට ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම මුලික අරමුණ කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්විම සහ යුනිසෙෆ් සංවිධානයේ ආධාර මත තිස්සමහාරාම මුලික රෝහලේ ස්ථාපිත කරන ලද මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය (OXYGEN GENERATION PLANT) මගින් මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 900 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. රෝහලේ අවශ්‍යතාවය මසකට ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 53 ක් පමණ වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සදහා මාසයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර් 250 ක් පමණ වේ. තිස්සමහාරාම මුලික රෝහලට ඔක්සිජන් සිලින්ඩර් සහ Liquid (දියර) ඔක්සිජන් මිලදී ගැනීම මසකට ලක්ෂ 03 ක පමණ වියදමක් දැරීමට මීට පෙර සිදුව තිබුනි.

මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්‍රතිකාර ඒකක සදහා ඔක්සිජන් ලබාදීමේ හැකියාව පවතින අතර, අතිරික්ත ඔක්සිජන් දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ලබාදීමට ද නියමිතය. තිස්සමහාරාම මුලික රෝහල ද ඇතුළුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල, අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මුලික රෝහල, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල ආදී වශයෙන් රෝහල් 05 ක මෙලෙස ඔක්සිජන් උත්පාදක ඒකක මේ වන විට පිහිටුවා ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ තිස්සමහාරාම රෝහලේ ස්ථාපනය කරන ලද මෙම ඔක්සිජන් උත්පාදක ඒකකය තුලින් රෝහලේ සහ දිස්ත්‍රික්කයේ ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලිය හැකි බවයි. රෝහලට අත්‍යාවශ්‍යව ඇති දැඩිසත්කාර ඒකක ගොඩනැගිල්ල සහ ඊට අදාල උපකරණ වලට අදාල ඇස්තමේන්තු සකස් කර දෙන ලෙසත් ලබන වසරේ අයවැය ප්‍රතිපාදන තුල ඊට අදාල කටයුතු සිදු කරන බවයි. එන්ඩොස්කොපි යන්ත්‍රයක් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදෙන බවත්, රෝහලේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 30 ක් සහ පල්දෝරු ක්‍රමය සදහා රුපියල් මිලියන 80 ක් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

මෙම අවස්ථාවට දකුණූ පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රිෂාන්ත ඩබ්ලිව් මහේන්ද්‍ර මහතා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ, තිස්සමහාරාම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.

පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000 ක්  පුහුණුවට බදවා ගැනේ.මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් ...
21/05/2024

පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000 ක් පුහුණුවට බදවා ගැනේ.

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙිපොල මහත්මියගේ සහභාගීත්වයෙන් අද දින (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

2015 / 2016 / 2017 යන වර්ෂවල උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක් වරක දී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවන ලද අතර, ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836 ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට දරු උපත් වලින් 99.9 % ක් සිදුවන්නේ රෝහල්වල බවත්, 1950 ගණන්වල එය සියයට 40 ක් පමණ අගයක් ගත් බවත්, අනෙකුත් දරු උපත් සිදුවූයේ නිවෙස් වල බවයි.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති බවත්, වාත්තීය ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාමේ දී භාෂා හැකියාව අඩුවීම ප්‍රධාන අභීයෝගයක් වී ඇති බවද පැවසීය. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඇති ලොකුම අඩුව භාෂා දැනුම පසුගාමී තත්ත්වයක පැවැතීම බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

අද වන විට සෞඛ්‍ය සේවාවේ විශාල පරිවර්ථනයක් සිදුව ඇති බවත්, ජීවත්වීමේ ආයුකාලය අවුරුදු 73 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පැවැසීය. වසර 100 ක් වැනි දිගු ඉතිහාසයක් ‌පවුල් සෞඛ්‍ය සේවාවට ඇති බවත්, එවැනි සේවාවකට එක්වීමට ලැබීම භාග්‍යයක් බව ද වැඩිදුරටත් පැවැසීය.

අයදුම්කාරිනියන් 2836 ක් කණ්ඩායම් දෙකක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කල අතර, එහි පළමු කණ්ඩායම පුහුණු පාසල්වල පුහුණුව අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

එහි දෙවන කණ්ඩායම මෙම කණ්ඩායම වන අතර, මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භ කරන ලද නව පුහුණු මධ්‍යස්ථා වන ද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථානවල පුහුණුවීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350 ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක් සේවය කරනු ලබයි.

පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් පුහුණුවට බදවා ගැනේ ... මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් ස...
21/05/2024

පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් පුහුණුවට බදවා ගැනේ ...



මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙීපොල, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හෙට දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

2015 / 2016 / 2917 යන වර්ෂවල උසස්පෙළ ඔනෑම විෂය ධාරාවකින් එක් වරකදී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැදවන ලද අතර ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836 ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

කණ්ඩායම් දෙකක් වශයෙන් එම පිරිස පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කල අතර පළමු කණ්ඩායම පුහුණු පාසල්වල පුහුණුව අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

එහි දෙවන කණ්ඩායම මෙම කණ්ඩායම වන අතර මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භකරන ලද නව පුහුණු මධ්‍යස්ථාන වන ද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු වීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350 ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක් සේවය කරනු ලබයි.

රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්ධනය, කළමණාකරනය, විශිෂ්ඨ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙයි.ශ්‍රී ...
21/05/2024

රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්ධනය, කළමණාකරනය, විශිෂ්ඨ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) යන රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් පසුගිය 13 වනදි සිට 20 වනදා දක්වා මෙරට දී සිදු කිරීමට පියවර ගෙන ඇත.

මෙතෙක් සිදු කරන ලද ක්ෂේත්‍ර ඇතුලු අනෙකුත් නිරික්ෂණ වලින් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස එහි අවසන් දිනය වන අද දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ එම අමාත්‍යාංශයේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ගැනිණි.

ඒ අනුව එම නියෝජිත කණ්ඩායම අද දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවී ඒ පිළිබදව විශේෂ සමාලෝචනයක නිරත වන ලදී.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග විශිෂ්ඨ මට්ටමක පවතින බව එම නියෝජිත කණ්ඩායම මෙහිදී පෙන්වා දෙන ලදී. මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ එම රෝග පාළනයට, මර්ධනයට, ඉතා ප්‍රශස්ථ කළමනාකරණයකින් කටයුතු කරන බවත්, මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් මනා කැපවීමේන් එම කටයුතු සිදුකර බවද එම නියෝජිත කණ්ඩායම මෙහිදී අමාත්‍යවරයා හමුවේ කියා සිටියේය.

මෙවැනි විශේෂ සමාලෝචන වල වැදගත්කම මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර මෙරට සෞඛය සේවාවේ ඉදිරි ප්‍රගමනය සදහා ලබා දෙන දායකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, එම නියෝජිත කණ්ඩායමටත් විශේෂ ප්‍රශංසාවක්ද අමාත්‍යවරයා මෙහිදී සිදු කලේය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව, ගුණාත්මකව, කාර්යක්ශම සෞඛ්‍ය සේවාවක් ලෙස පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය, මර්දනය සහ ප්‍රතිකාර සේවා අංශයන් ද ශක්තිමත් කිරිමට ද පියවරගෙන ඇති බවද එමෙන්ම මෙවැනි සමාලෝචන තුලින් රෝග වැළැක්වීම, පාලනය, පවතින උපාය මාර්ග සහ අඩුපාඩු පිළිබද දැනුවත්වීම මෙන්ම අභියෝගවලට මුහුණ දීම ඉහළ නැංවීමට හැකියාව ද ලැබෙන බව අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර, ඇතුලු පිරිසක් සහභාගී වූහ.

නව අධ්‍යක්ෂවරයෙක් යටතේ “විශේෂ තැලසීමියා ජාතික ව්‍යාපාරයක්” කඩිනමින් ආරම්භ කිරීමටත්, ජාතික තැලසීමියා කවුක්සිලයද යලි සක්‍ර...
21/05/2024

නව අධ්‍යක්ෂවරයෙක් යටතේ “විශේෂ තැලසීමියා ජාතික ව්‍යාපාරයක්” කඩිනමින් ආරම්භ කිරීමටත්, ජාතික තැලසීමියා කවුක්සිලයද යලි සක්‍රීය කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

තැලසීමියා රෝගයට ජාතික වශයෙන් ගෙනයන ව්‍යාපාරයක් නොමැති හෙයින් නව අධ්‍යක්ෂවරයෙක් යටතේ තැලසීමියා පිළිබද විශේෂ ජාතික ව්‍යාපාරයක් කඩිනමින් ආරම්භකරන බවත් , ජාතික තැලසීමියා කවුක්සිලයද නැවත සක්‍රීය කරමින් ප්‍රතිකාර ‍හා පාළන කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව අවධාරණය කරන ලද්දේ ජාත්‍යන්තර තැලසීමියා දිනයට සමගාමීව සංවිධානය කරතිබූ ජාතික උත්සවයට සහභාගි වෙමිනි. මෙම ජාතික සැමරුම් උත්සවය ලංකා තැලසීමියා සංවීධානය මගින් සංවිධානය කර තිබූ අතර එය පසුගිය දින කුරුනෑගල Bluesky හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියාසිටියේ....

තැලසීමියා රෝග ප්‍රතිකාර හා අනෙකුත් කටයුතු සදහා මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යම් මුදලක් වාර්ෂිකව වෙන් කලත් ඒ සදහා නිශ්චිත ක්‍රමවත්, වැඩපිලිවෙලක් තවමත් සකස් වී නොමැති බවය. එබැවින් ඉදිරියේදී මැලේරියා මර්ධන ව්‍යාපාරය වැනි ඇති කරනු ලබන නව ව්‍යාපාරය මගින් තැලසීමියා රෝග ප්‍රතිකාර, පාලන, ජනතාව දැනුම්වත් කිරීම වැනි කටයුතු ඇතුලුව අනෙකුත් කටයුතු විධිමත්ව, ගුණාත්මකව පවත්වාගෙන යාමට හැකියාව ඉන් ලැබෙන බවද කීය.

2010 වර්ෂයේදී ජාතික තැලසීමියා කවුන්සිලය ස්ථාපිත කලමුත් මේ වනවිට එහි සක්‍රීයතාවයයේ යම් පසුගාමීත්වයක් පෙන්නුම් කරන හෙයින් එය කඩිනමින් සක්‍රීය කරමින් මෙරට තැලසීමියා රෝගී ප්‍රතිකාර හා සත්කාර කටයුතු ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවත්, ඒ සදහා සියලුම තැලසීමියා ඒකක වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, රුධිරය සම්භන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, පෙර සම්භන්ධ වී සිටි ආකාරයෙන්ම නැවතත් සම්භන්ධ වන ලෙසට ලේකම්වරයා ඉල්ලීමක්ද කර සිටියේය.

ඇට මිදුළු බද්ධ කිරීම (Bone marrow transplant) මේවන විට කොළඹ ළමා රෝහලේ කාමර දෙකක් තුල ක්‍රියාත්මක වන බවත්, එයින් මාසයකට රෝගීන් දෙදෙනෙකුගේ බද්ධ කිරීම් සිදුකරන බවත් පෙන්වා දුන් ලේකම්වරයා කියා සිටියේ, මේ වසර තුළදී යාපනය ශික්ෂණ රෝහලෙත්, මහනුවර ජාතික රෝහලෙත් ඇට මිදුලු බද්ධ කිරීම සදහා (Bone marrow transplant) එම ඒකක දෙක ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සූදානම් කර ඇති බවය. එම ඒකක ආරම්භ කිරීමත් සමග බද්ධ කිරීම් ප්‍රමාණය වාර්ෂිකව 40ක්,50ක්, දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද පැවසීය.



එමෙන්ම හලාවත, කිරිබත්ගොඩ, අනුරාධපුරය, කුරුණෑගල, බදුල්ල යන තැලසීමියා ඒකක වල රෝගීන් ලියාපදිංචි ලේඛණ කඩිනමින් ආරම්භ කලයුතු අවශ්‍යතාවය පෙන්වා දුන් ඒ මහතා, සෑම පළාතකම ස්ථාන හදුනාගෙන නව මධ්‍යස්ථානය 4ක් හෝ 5ක් ආරම්භ කිරීම තම ආප්ක්ෂාව බවද කීවේය.

ජාත්‍යන්තර තැලසීමියා දිනය සෑම වසරකම මැයි මස 08 දිනට යෙදී ඇත. තැලසීමියා යනු ජානමය වෙනසක් මගින් හීමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සෑම වර්ෂයකම කාලීන මාතෘකාවක් යටතේ මෙම දිනය සමරණු ලබන අතර 2024 වර්ෂයේ තේමාව වශයෙන් “ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැලද ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය” යන්න යොදාගෙන ඇත..

වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ ළමුන් 2000 කට ආසන්න පිරිසක් තැලසීමියා රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම සැමරුම් ජාතික උත්සවය සදහා රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මෙන්ම මහර නව යොවුන් හා වැඩිහිටි තැලසීමියා ඒකකයේ නිරිමාතෘ, මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, ලංකා තැලසීමියා සංවීධානයේ සභාපති මධූෂ කුමාර, ලේකම් භාග්‍යා චන්ද්‍රරත්න, කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජයතිලක, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියන්ගනී, විශේෂඥ වෛද්‍යවරුන් වන රෝහණ දයාරත්න, රංජනී එදිරිසූරිය, මානෙල් රත්නායක යන මහත්ම මහත්මීන්ද, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන්ද විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්.රෝග පාලනය,  මර්දනය, කළමණාකරණය සාධනීය මට්ටමක පවතින බව සෞඛ්‍ය ලේකම්...
17/05/2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්.

රෝග පාලනය, මර්දනය, කළමණාකරණය සාධනීය මට්ටමක පවතින බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කරන ලදි.

ඒ අනුව දින 03 ක් පුරා ක්ෂේත්‍ර නිරික්ෂණය කිරීමෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස අද (17) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.

මෙහිදී ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ඉතා විශිෂ්ට මනා කළමණාකරණයකින් සහ සාධනීය මට්ටමක පවතින බව එම නියෝජිත පිරිස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පෙන්වා දෙන ලදි.

මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස වෙත පෙන්වා දෙන ලද්දේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි. ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය, මර්දනය සහ ප්‍රතිකාර සේවා අංශයන් ද ශක්තිමත් කිරිමට ද පියවරගෙන ඇති බව පෙන්වා දෙන ලදි.

මෙවැනි සමාලෝචන තුලින් රෝග වැළැක්වීම, පාලනය, පවතින උපාය මාර්ග සහ අඩුපාඩු පිළිබද දැනුවත්වීම මෙන්ම අභියෝගවලට මුහුණ දීම ඉහළ නැංවීමට හැකියාව ද ලැබෙන බව පෙන්වා දෙන ලදි.

15/04/2024

උත්සව සමයේ සියලු රෝහල්වල රෝගී සත්කාර සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර.

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

උත්සව සමයේ හදිසි අනතුරු, ආහාර විෂවීම් මෙන්ම බෝ නොවන රෝගවලට (දියවැඩියාව, හෘද වස්තුව ආශ්‍රීත රෝග) ගොදුරුවන ප්‍රමාණය ඉහල යාම සාමාන්‍ය තත්ත්වයකි.

එමනිසා මෙම රෝගීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර සේවාවන් පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇත.

එමෙන්ම හදිසි ප්‍රතිකාර සේවාවන් වලදී අත්‍යවශ්‍ය ගිලන් රථ සේවාවන් ද පැය විසි හතර පුරාම විශේෂ අවධානය යටතේ මෙහෙයවීමට ද කටයුතු යොදා තිබේ.

උත්සව සමයේ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව් වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා වන මාර්ගෝපදේශ මාලාවක් ද පසුගියදා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වනු ලැබීය.

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයට අති නවීන තාක්ෂණයෙන් යුක් CT Scan (128-Slice) යන්ත්‍රයක්.කොළඹ ජාතික රෝහලේ ස්නා...
12/04/2024

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයට අති නවීන තාක්ෂණයෙන් යුක් CT Scan (128-Slice) යන්ත්‍රයක්.

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී ඇත.

මෙම 128-Slice CT Scan යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමගින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි. රෝගියාගේ අපහසුතාවයන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතරම ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ද මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය මගින් ලබාදෙයි.

රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොලයට හා සුසුම්නාවට හානි සිදු වු රෝගීන්ට, මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදුවන ලේ ගැලීම් සදහා ශල්‍ය කර්ම සිදු කල යුතු රෝගීන්ට, රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදුවන මොලයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ ශල්‍යකර්ම සිදු කල යුතු රෝගීන්ට මෙන්ම මොලය හා සුසුම්නාව සම්බන්ධ ශල්‍යකර්ම වලට යොමු කල යුතු රෝගීන්ගේ ශල්‍යකර්මයට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්ථා ලබා ගැනීමට මෙම සීටී ස්කෑන් යන්ත්‍රය භාවිතා කරනු ලබයි.

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10 කින්, දැඩි සත්කාර ඒකක 10 කින්, අධි නිරීක්ෂණ ඒකක 02 කින් සමන්විත වන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 200 කට අධික වන අතර, අති නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල වලින් මෙම අංශය සමන්විත වේ.

මෙරට රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය මෙය වන අතර (Helipad) හෙලිකොප්ටර් ගොඩබැමේ පහසුකම් වලින් ද මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය මාතෘ  රෝහල වන ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනපති අතින් සුව සේවාවට එක්වේ..... දකු...
27/03/2024

ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය මාතෘ රෝහල වන ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනපති අතින් සුව සේවාවට එක්වේ.....

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අග්‍රගන්‍ය මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට ඒක්කර ලීම අද දින (27) පෙරවරුවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ජර්මානු ජනරජය, හෙල්මුට් කෝල් ගාල්ල මාතෘ රෝහල් පදනම සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය සහයෝගීතාවයෙන් අභිනවයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල මහල් හයකින්ද වාට්ටු 14 කින්ද යුක්තය. මෙහි ඇදන් ධාරිතාවය 600 කි. නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විත ශල්‍යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 ක් සහ විශේෂිත ළමා ඒකක වලින් සමන්විත මෙම රෝහල දකුණු පලාතේ ඉදිකෙරුණු ප්‍රථම මාතෘ රෝහල වන අතර මෙරට විශාලතම මාතෘ රෝහල වේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මුට් කෝල් මහතා තීරණය කල අතර හෙල්මුට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රධානයක් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක සුනාමියෙන් වසරකට පසු එනම් 2005 දෙසැම්බර් 26 දින මුල් ගල තබන ලදී.

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ මෙම ව්‍යාපෘතිය ඇනහිටි අතර 2012 වර්ෂයේදී නැවත මෙහි ඉදිකිරීම් ආරම්භකර ඇති අතර ඒ සදහා ජර්මනියේ KFW (ජර්මන් සංවර්ධන බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුමක් මගින් යූරෝ මිලියන 28 ක සහන මුදල් මේ සදහා වෙන් කිරිනි. 2018 වර්ෂයේදී දී KFW බැංකුව සමඟ යුරෝ මිලියන 13 ක් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කල නමුත්. පසුව එම යුරෝ මිලියන 13 ප්‍රදානයක් බවට පරිවර්තනය විය.

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා 2023.10.24 දින නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු වරින් වර මෙහි නිරීක්ෂණ චාරිකා සිදුකරමින් ඉදිකරීම් කටයුතු පිළිබදව විමසමින්, පවතින ගැටලු වලට විසදුම් ලබා දෙමින්, මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගන්නා ලද අතර එම ප්‍රයත්නයේ ප්‍රථිපලයක් ලෙස අද දින මෙම රෝහල ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක්කෙරිණි.

M.H. ඔමාර් අක්මා සත්කාරක මධ්‍යස්ථානය ජනපති අතින් සුව සේවාවට එක්වේ.M.H. ඔමාර් පදනම  මගින් රුපියල් බිලියන 2.5ක මූල්‍ය පරිත...
27/03/2024

M.H. ඔමාර් අක්මා සත්කාරක මධ්‍යස්ථානය ජනපති අතින් සුව සේවාවට එක්වේ.

M.H. ඔමාර් පදනම මගින් රුපියල් බිලියන 2.5ක මූල්‍ය පරිත්‍යාගයකින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලට හා රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධව ඉදිකරන ලද M.H. ඔමාර් අක්මා ප්‍රතිකාර මධ්‍යස්ථානය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (26) පස්වරුවේ සුව සත්කාර සේවාව සදහා එක් කරන ලදී.
අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම නවීන පහසුකම් වලින් සමන්විත මෙම අක්මා සත්කාරක මධ්‍යස්ථානය බ්‍රැන්ඩෙක්ස් ඇගලුම් ක්ෂේත්‍රයේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ප්‍රවීණයෙකු වන M.H. ඔමාර් මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද්දකි.
අක්මා රෝග වලින් පෙලෙන වැඩිහිටියන්ට සහ ළමයින්ට බාධාවකින් තොරව සුව සේවා සත්කාර සේවාව දීමේ අරමුණින් 2020 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද අක්මා බද්ධ කිරීමේ මධ්‍යස්ථානය කොවිඩ් අර්බුදය හේතුවෙන් හා මූල්‍යමය ගැටලු හේතුවෙන් ඉදිකිරීම් තාවකාලිව ඇණහිට ඇත. ඒ පිළිබදව M.H. ඔමාර් මහතා දැනුවත් කිරීමෙන් පසු මාස 14 ක් වැනි කාළයක් තුළදී මෙම ව්‍යාපෘතිය නිම කිරීම සදහා රුපියල් බිලියන 2.5 ක මුදලක් ලබා දෙන ලදී.

Address

Colombo
2222

Website

Alerts

Be the first to know and let us send you an email when Health News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram