17/03/2024
රන් මාළුවෙකු විදිහට හිතන්න පුරුදුවෙමුද ?
Gold fish mindset.
ව්‍යවසායිකාවක් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න Janelle Bruland නැමැති කාන්තාව සුභවාදී මානසිකත්වය ගැන පළකල ලිපියක හරි අපූරු අදහසක් තිබුනා.
ඇය එක චරිතයක් ගෙන එනවා. ඒ තමයි Ted lasso නැමැති netflix කතාමාලාවේ එන ted lasso කියන ඇමරිකානූ පාපන්දු පුහුණුකරුවෙක්ගෙ චරිතය. ඒ චරිතය තුලින් අපි යමක් සුභවාදී ව දකින්නෙ කොහොමද කියන එක හරි අපුරුවට ගෙන එනවා.
ටෙඩ් ලස්සො, ඔහු තමන් යටතේ පුහුණුවෙන පාපන්දු ක්‍රීඩකයින්ට සෑම වෙලාවකම goldfish ලෙස සිතන්න පුහුණුකරනවා. ඔහු පවසන පරිදි gold fish මාළුවා තමයි මේ පෘතුවියේ සතුටින්ම ඉන්න සත්ත්වයා. ඔබ දන්නවද ඇයි කියලා? මොකද ඒ මාළුන්ට තියෙන්නෙ තත්පර 10 ක් වැනි හරිම කෙටිකාලීන මතකයක්.
ටෙඩ් ලස්සො මෙන්ම ඔහුගේ කණ්ඩායමද ජයාග්‍රණ, පරජයන් රැසකට මුහුණදෙන අතරෙ ඔහු සැම විටම ක්‍රීඩකයන්ගේ අවධානය හොද මට්ටමක තියාගන්න goldfish ලෙස හිතන්න පුරුදුකලා.
ක්‍රීඩකයෙක් තරගයකදී, පරණ අත්දැකීම්, හිත් රිදීම්, පරාජයන් එක්ක අවධානය දීලා ක්‍රීඩා කරද්දි එම තරගය ජයග්‍රහණ කරන්න මේ මොහොතේ තියන අවධානය මග හැරෙනවා. මොකද මං කලින් මේ විදිහට සෙල්ලම් කලත් ජයග්‍රණය කරන්න බැරි වුණා කියන සිතුවිල්ලත් එක්කනම් ඔබ ඊළග තරගය සදහා යන්නේ ඔබේ අවධානය 100% ඔබේ තරගයට දෙන්නෙ නැහැ. ඔබටත් පුළුවන් නම් තමන් නියැලී සිටින දෙයට ඔබේ සම්පූර්ණ අවධානය දීලා වැඩකරන්න, ධනාත්මක්ව මේ මොහොතේ සිතන්න පුරුදු කරන්න.
අපේ ජීවිතවලටත් goldfish mindset එක ආරෝපණය කරගන්න හැකියාවක් තියවද?
අපේ ජීවිතය ඇතුලෙත් අපි පසුගිය මතකයන්, හිත් රිදීම්, අතපසුවීම් සහ දුක්බර අතීතයත් එක්කනම් ජීවත්වෙන්නෙ මේ මොහොතෙ සතුටින් ඉන්න එක ඔබෙන් ගිලිහී යන්න පුළුවන්. මේ මොහොතෙට ඔබ ලබාදෙන අවධානය මග හැරෙන්න පුළුවන්.
වෘත්තීමය වගේම තම සබදතාවලදීත් අපිට මේ විදිහටද ධනාත්මක්ව හිතන්න පුරුදු කළොත් ඔබට ජීවීතයේ එන කුමන අභියෝගත්මක අවස්ථාවක්දි වුනත් ඔබට ධනාත්මක්ව හිතලා ජයග්‍රහණ කරා ළගාවෙන එක පහසුවක් වෙනවා.
ජීවීතේ අපි හිතන විදිහටම සර්ව සම්පූර්ණ විදිහට ගෙවන්න අපිට බැහැ. කඩාවැටීම් වගේම ජයග්‍රහණ එක්ක, ඒ සියළු ජයග්‍රහණ සමරණ ඕනි වගේම පරජයවීම් තුළද පාඩම් ඉගෙන ගෙන ඉස්සරහට යන්න වෙනවා.
සුභවාදීව හිතමු. ❤
Dr. Shanika Sewwandi
Janelle Bruland ගේ ලිපිය 👇
https://www.thesuccess.life/blog/The%20Optimistic%20Mindset:%20How%20to%20Think%20Like%20a%20Goldfish%20and%20Transform%20Your%20Life