
27/02/2024
නිරෝගිමත් සෞඛ්‍යසම්පන්න දිවියක් සඳහා..!
රුධිර ග්ලූකෝස් මට්ටම.
රුධිර ග්ලූකෝස් මට්ටම (රුධිර සීනි මට්ටම) යනු ඕනෑම වේලාවක යමෙකුගේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණයයි. රුධිරයේ සීනි මට්ටම ඉහළ හෝ අඩු මට්ටමක තිබීම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කරයි.
ග්ලුකෝස් ඔබගේ ශරීරයේ, විශේෂයෙන්ම ඔබගේ මොළයේ ශක්තිය නිපදවන ප්‍රධානම අංගයක් වේ. ග්ලුකෝස් ඔබගේ ශරීරයට ඇතුළුවන්නේ ඔබ ගන්නා ආහාර පාන මඟිනුයි. තවත් හෝමෝනයක් වන ඉන්සියුලින් ඔබගේ ශරීරය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා රුධිරයේ සීනි මට්ටම සාමන්‍ය පරාසයක රඳවාගනී. එයින් ඔබගේ දිනපතා සිදුකරන ක්‍රියාකාරකම් නිසිලෙස ඉටුකිරීම සඳහා ශරීරයේ තිබෙන ග්ලුකෝස් ඔබගේ සෛල තුළට ඇතුළුකර ශක්තිය නිපදවයි.
ඔබ දිනපතා ගන්නා කාබෝහයිඩ්‍රේට් සහ සීනි ධාරිතාව සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි.මන්ද එමඟින් ඔබගේ රුධිර සීනි මට්ටම වැඩිවීම සිදුකෙරේ.
*අඩු රුධිර සීනි මට්ටමකින් ද ඔබගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකියි. හයිපෝගලයිසීමියා යන මෙම තත්ත්වය හේතුවෙන් වෙව්ලීම, ක්ලාන්ත ගතිය, අවේලාවේ කුසගිනි වීම සහ කනස්සලු ස්වභාවයෙන් සිටීම වැනි අතුරු ප්‍රතිඵල ගෙනදේ.
*අධි සීනි මට්ටමක් ද ශරීරයට හිතකර නොවේ, එමඟින් යම් ශරීරාංග අහිතකර තත්ත්වයන්ට ගොදුරු වේ. නිසියාකරව අධි රුධිර මට්ටම පාලනය නොකිරීමෙන්, පෙනීම අඩුවීම, ඉක්මන් අසාදන තත්ත්වයන්, වකුගඩු හානි සහ තුවාල හොඳවීම මන්දගාමි වීම ඇති විය හැකියි.
*ප්‍රධාන වශයෙන් රුධිර සීනි පරීක්ෂණ වර්ග කිහිපයකි. එනම් ,
FBS (Fasting blood sugar)
RBS (Random blood sugar)
PPBS (Post prandial blood sugar
HbA1C
*FBS – Fasting Blood Sugar (නිරාහාර රුධිර සීනි පරීක්‍ෂාව)
මෙය නිරාහාරව සිට කරන රුධිර පරීක්ෂාවකි.
සාමාන්‍ය නිරොගී පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි ප්‍රමාණය 70 – 100mg/dl අතර පරාසයක විහිදේ. සාමාන්‍යයෙන් ආහාර ගෙන පැයකට පමණ පසු 120 – 140mg/dl පමණ අගයක් ගනී.
මේ පරීක්ෂණය සදහා සාමාන්‍යයෙන් පැය 08– 12 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය. බොහෝ විට සිදුකෙරෙනුයේ රාත්‍රී ආහාරයෙන් පසු උදෑසන තෙක් නිරාහාරව සිට උදෑසන රුධිර සාම්පලය ලබා දීමයි. නමුත් ජලය පානයට කිසිදු බාධාවක් නැත.
*RBS – Random Blood Sugar (අහඹු රුධිර පරීක්ෂාව)
මෙය දවසෙව් ඕනෑම අවස්ථාවක සිදු කල හැකි රුධ්ර පරීක්ෂණයකි. ආහාර ගත් වේලාව සලකනු නොලැබේ.
*PPBS – Post Prandial Blood Sugar
ආහාර ලබාගෙන පැය 2 කට පසුව රුධිරය ලබාගෙන පරීක්ෂණය සිදු කරයි.
(තොරතුරු - අන්තර්ජාලය මඟින්)
බත්තරමුල්ල නගරයේදී Prime Laboratory මඟින් මෙම සියලු රුධිර පරික්ශණ පහසු මිලකට දැන් ඔබට සිදු කරගත හැකිය.
වැඩි විස්තර සඳහා :- Prime Laboratory and medical services (PVT) Ltd.
011 7 900 484
070 139 8203
246, Kanatta Road, Battaramulla.